Buscar

Páginas

යාපනේ TRIP එක (1කොටස.....)



අම්මෝ.............trip එක ගිහිල්ල ආවට ලැප් එක on කරල පොඩ්ඩක් සින්ඩියට එබෙන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.යාපනේ trip එක ගැන කියන්නනම් ගොඩාක් දේවල් තියනවා.ඒත් මේ වෙලාවෙ කෝඩුකාරයා ඉන්නෙ පුදුම දුකකින්.ඒක අඬලවත් පිටකරන්න බැරි දුකක්.මට මතතකයි දවසක් Gold Fish අයිය ලිව්ව අපෝ,මූ හෙන බොළඳයිනේ කියල post එකක්.එදා ඒ එකට ක්මෙන්ට් දාපු මමත් එයාට කිවුවෙ "අඬන්න හිතෙන වෙලාවට කෑගහල අඬපන්.අඬන වෙලාවට බොළදයි කියන එවුන් කවද හරි තේරුම්ගනියි අඬන එක බොළද කමක් නෙමෙයි කියල."
එදා එයාට ඒ දේ කියපු මට අද කෑගහල අඬන්න බැරි තත්වයක් උදාවෙලා තියනවා.ඒත් මම මේ දුක් වෙන්නෙ ඒ තරම් දෙයකට නෙමෙයි.මම දුක් වෙන්නෙ සතුටින් ගෙවුන දවස් ටිකක් ඉවර වුන නිසා,ට්‍රිප් එකේදි හම්බවුන යාලුවන්ගෙන් වෙන්වෙන්න වුන නිසා,ආයිමත් මට තනිවුනු ජීවිතයක් ගතකරන්න සිද්ධවෙන නිසා.මම ඇත්තටම අද දුක් වෙනව...ගොඩාක් දුක් වෙනවා.දැන් ඔයාල හිතයි කෝඩුකාරය හරින බොළද එකෙක්නේ......කියල.ඇත්තටම කිවුවොත් කෝඩුකාරයගෙ හිත තාම බොළදයි,පොඩි දේටත් සැලෙනවා.ඒත් මට ඒ වැරැද්ද තාම හදාගන්න බෑ.

හරි,හරි.දැන් ඒ කතාවලින් වැඩක් නෑ.දැන් ගිය දේ ගියා.දැන් මම ඔයාලට අපි ගිය trip එක ගැන කියන්නම්.හැබැයි කියන්න වෙන්නෙ trip එකේ වෙච්ච රස සිදුවීම් කීපයක් විතරයි.අනේ.......මට trip එක යන දවසෙ ලොකුම ලොකු අතපසුවීමක් වුනා.මට cam එක ගෙනියන්න බැරි වුනා.......මේ වුනාට මම පුලුවන් විදිහට මගේ ෆෝන් එකෙනුයි,මගේ ෆ්‍රෙන්ඩ්ස්ල ගෙනාපු කැමරා දෙක තුනකිනුයි Photos ගත්ත.ඒවත් මම ඊළඟ post එකට දාන්න්නම්.දැන් ඉතින් මේ පෝස්ට් එක ටිකක් දිග වැඩියි කියල හිතෙන නිසා මෙතනින් ඉවර කරන්නම්.ඊළඟ ලිපියෙන් තව කතා ටිකක් එක්ක හමුවෙමු.
ආ.............ඔන්න සිතුවම් අයිය අහල තිබුන එක ගිහිල්ල ගෙනාවෙ මොනවද කියල.ඔන්න ඔක්කොටම ගෙනාව දොදොල්........පහල තියනවා.ඕන එකෙක් අරගෙන කන එකයි ඇත්තෙ.

2 comments:

දේව් ගේ අඩවිය

කොඩු කාර කමට හිත සැලුනට කමක් නැ... බනින්නම වෙනවා,,,, ඔහොම දොදොල් එක තියලා කුබි අස්සේ රිගලා තිබුනොත් අපිට වෙනවා නඩුම දාන්න....
කොඩු කාරයො.... තාම ජැෆ්නා යන්න බැරි උනානේ මට... ෆොටෝ ටිකත් දාන්නකෝ

පොඩි උපදෙසක් දෙන්නම් කැමතිනම් පිලිගන්න :
කමෙන්ට් මොඩරේට් කරන්න, මම ඔයාගේ පරන ලිපි වලට අද කමෙන්ට් කලා.. එත් කවදා හරි ඔයා ආයේ පරන ලිපිය බැලුවොත් මිසක් ඔයා ඒක දක්කින්නේ නැ.. ඒත් මොඩරේට් කරලා තියනකොට මොන ලිපියට කමෙන්ට් එකක් දැම්මත් ඔයාට ඒක බලලාම පබ්ලිශ් කරන්න පුලුවන්

බ්ලොග් ලියලා ඔයගේ බ්ලොග් එක ෆලෝ කරනකොට කමෙන්ට් කරනකොට ඔයා සතු‍ටු වෙනවා වගේම තව ඒක වැඩි කරගන්න ඔයා අනිත් අය ලියන බ්ලොග් එක්කත් ඉන්න

ජයවේවා

කෝඩුකාරයා

ඔන්න ඔහොම අවවාදත් දෙන්න එපැයි.තැන්කූ මචෝ......මමත් පුලුවන් තරම් සින්ඩියේ බ්ලොග් එක්ක ඉන්න try කරනවා......ඒත් ඉතින් මට පොල්ලට හිටින්නෙ time එක තමයි බන්..............