Buscar

Páginas

සිංහල උපසිරසත් එක්කම ෆිල්ම් බාන්න.

මේ දවස්වල කෝඩුකාරයට බ්ලොග් එක පැත්තෙවත් එන්න වෙලාවක් නෑ.කෝඩුකාරය මීට මාස පහ හයකට විතර කලින් පටන් ගත්තනෙ web designing courses එකක්.එන 17 වෙනිද ඒක ඉවර වෙනව.ඉතින් අපේ අන්තිම ප්‍රොජෙක්ට් එක විදිහට අපිට වෙබ් සයිට් එකක් හදන්න තියනව HTML වලින්.ඉතින් මේ දවස් වල නිදිමරාගෙන ඒක හදනව.ඒත් ඉතින් මම කොහොමද මගේ බ්ලොග් යාළුවො ටික අමතක කරන්නෙ.ඒක කිසා මම හිතුව කොච්චර වැඩ තිබුනත් අද බ්ලොග් එකට මොනවහරි ලියන්න ඕනෙ කියල.ආ......මට කියන්න අමතක වුනා.අර යාපනේ ට්‍රිප් එක ගැන ලියන පෝස්ට් එකේ ඉතුරු කොටස් ටික ලියන එක ඒ ට්‍රිප් එකේ ෆොටෝස් ටික හම්බවෙනකම් පොඩ්ඩක් පස්සට දාන්න වෙනව.මම කල්පනා කලේ දැන් මොකක් ගැනද ලියන්නෙ කියල.......මොනවත් කම්පනාවට එන්නෙම නෑනෙ.ආ....ඔන්න එකක් මතක් වුනා.මේකනම් ඉතින් කතාවක් එහෙම නෙමෙයි හොඳේ...
අපි කවුරුත් කැමතියිනෙ ෆිල්ම් බලන්න.ඒත් අපි ඊටත් වඩා කැමතියිනෙ සිංහල උපසිරසත් එක්කම ෆිල්ම් බලන්න.මේක ඉතින් ලංකාවනෙ.ඔන්න ඉතින් ඒක නිසා කෝඩුකාරය අද අරගෙන ආවෙ සිංහල උපසිරසත් එක්කම ෆිල්ම් බාන්න පුලුවන් සයිට් එකක් ගැන.ගොඩක් අය දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට කියන එක අපේ යුතුකමනේ.හරි හරි....වැඩි කතා ඕන නැහැ.මෙන්න සයිට් එක.මේකෙ නම තමයි..........
බයිස්කෝප් සිංහලෙන්

පට්ට සයිට් එකක්.මමත් ෆිල්ම් බාන්නෙ මේ සයිට් එකෙන් තමයි.ගිහිල්ලම බලන්න.එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් හම්බවෙමු................

යාපනේ TRIP එක (1කොටස.....)



අම්මෝ.............trip එක ගිහිල්ල ආවට ලැප් එක on කරල පොඩ්ඩක් සින්ඩියට එබෙන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.යාපනේ trip එක ගැන කියන්නනම් ගොඩාක් දේවල් තියනවා.ඒත් මේ වෙලාවෙ කෝඩුකාරයා ඉන්නෙ පුදුම දුකකින්.ඒක අඬලවත් පිටකරන්න බැරි දුකක්.මට මතතකයි දවසක් Gold Fish අයිය ලිව්ව අපෝ,මූ හෙන බොළඳයිනේ කියල post එකක්.එදා ඒ එකට ක්මෙන්ට් දාපු මමත් එයාට කිවුවෙ "අඬන්න හිතෙන වෙලාවට කෑගහල අඬපන්.අඬන වෙලාවට බොළදයි කියන එවුන් කවද හරි තේරුම්ගනියි අඬන එක බොළද කමක් නෙමෙයි කියල."
එදා එයාට ඒ දේ කියපු මට අද කෑගහල අඬන්න බැරි තත්වයක් උදාවෙලා තියනවා.ඒත් මම මේ දුක් වෙන්නෙ ඒ තරම් දෙයකට නෙමෙයි.මම දුක් වෙන්නෙ සතුටින් ගෙවුන දවස් ටිකක් ඉවර වුන නිසා,ට්‍රිප් එකේදි හම්බවුන යාලුවන්ගෙන් වෙන්වෙන්න වුන නිසා,ආයිමත් මට තනිවුනු ජීවිතයක් ගතකරන්න සිද්ධවෙන නිසා.මම ඇත්තටම අද දුක් වෙනව...ගොඩාක් දුක් වෙනවා.දැන් ඔයාල හිතයි කෝඩුකාරය හරින බොළද එකෙක්නේ......කියල.ඇත්තටම කිවුවොත් කෝඩුකාරයගෙ හිත තාම බොළදයි,පොඩි දේටත් සැලෙනවා.ඒත් මට ඒ වැරැද්ද තාම හදාගන්න බෑ.

හරි,හරි.දැන් ඒ කතාවලින් වැඩක් නෑ.දැන් ගිය දේ ගියා.දැන් මම ඔයාලට අපි ගිය trip එක ගැන කියන්නම්.හැබැයි කියන්න වෙන්නෙ trip එකේ වෙච්ච රස සිදුවීම් කීපයක් විතරයි.අනේ.......මට trip එක යන දවසෙ ලොකුම ලොකු අතපසුවීමක් වුනා.මට cam එක ගෙනියන්න බැරි වුනා.......මේ වුනාට මම පුලුවන් විදිහට මගේ ෆෝන් එකෙනුයි,මගේ ෆ්‍රෙන්ඩ්ස්ල ගෙනාපු කැමරා දෙක තුනකිනුයි Photos ගත්ත.ඒවත් මම ඊළඟ post එකට දාන්න්නම්.දැන් ඉතින් මේ පෝස්ට් එක ටිකක් දිග වැඩියි කියල හිතෙන නිසා මෙතනින් ඉවර කරන්නම්.ඊළඟ ලිපියෙන් තව කතා ටිකක් එක්ක හමුවෙමු.
ආ.............ඔන්න සිතුවම් අයිය අහල තිබුන එක ගිහිල්ල ගෙනාවෙ මොනවද කියල.ඔන්න ඔක්කොටම ගෙනාව දොදොල්........පහල තියනවා.ඕන එකෙක් අරගෙන කන එකයි ඇත්තෙ.

වෙන්වෙලා යන්න කාලය හරි...........



වෙන්වෙලා යන්න කාලය හරි.......හැබැයි දවස් 6කට විතරයි.ඔන්න ඉතින් කාලෙකට පස්සෙ කෝඩුකාරයට Trip එකක් යන්න සෙට් වෙලා.යන්න තියෙන්නෙ හෙට තමයි.යන්නෙ යාපනේ.......ගොඩක් තැන්වල යන්න හිතාගෙන ඉන්නව.ඒ එක්කම ඔයාලට හොඳ ෆොටෝස් ටිකකුත් ගේන්න පුලුවන් වෙයි කියල හිතනවා.යාපනේ ගිහිල්ල ආයිත් එන්නෙ 22වෙනිදා.එතකම් ඉතින් සින්ඩියට එබෙන්නයි,කෝඩුකාරයාගේ අඩවියට post දාන්නයි බැරිවෙනව.ඒ වගේම මගේ කෝඩුකාර යාළුවන්ගෙ බ්ලොග් වලට එබෙන්නයි,comment දාන්නයිත් බැරිවෙනව. දුකයි තමයි.ඒත් මොනව කරන්නද?කමක් නෑ.......වැඩි දවසක් නෑනෙ,ඒක නිසා හිත හදාගෙන යනව.
එහෙනම් කට්ටියටම සුභ දවස් 6ක් ගතකරන්න ලැබේවා.........කියල කෝඩුකාරය හද පතුලෙන්ම,අපේ words වලින් කියනවනම් බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනව.එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු...................

ඉස්කෝලෙ ජොලි වැඩක්....................



මම දැන් මේ කියන්න හදන්නෙ අපෙ ස්කෝලෙ වෙච්ච පොඩි සීන් එකක්.අපේ ස්කෝලෙ ඉන්නව පොරක් සි** කියල.මිනිහ තමයි අපේ සෙක්ශන් එකටම ඉන්න පිස්සුම පොර.ඌ කියන කතා වලට අපේ මිස්ල එහෙම බඩ අල්ලන් හිනාවෙන්නෙ.ඕනම කෙනෙක්ව හිනාගස්සන්න පුලුවන් හැකියාවක් මිනිහට තියනවා.ඌත් ඉතින් ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.හැබැයි ඉතින් ඌ පිස්සු කෙලිය කියල ඉගෙනගන්නෙ නැතුව ඉන්න එකෙකුත් නෙමෙයි.මාර බ්‍රයිට් කේස් එකක්.ඒ වගේම තමයි හැකියාවත්.ඕන වැඩකට ඔට්ටුයි.
ඔන්න ඉතින් දවසක් මූ කෙල්ලො ටිකක් ඉන්න තැනක මූ වටේට කැරකි කැරකි ඇම්බැක්කෙත් නැති කැටයම් වගයක් දානව.අපිත් ඉතින් බලාගෙන හිටිය මූ මොකද කරන්නෙ කියල.ඔහොම ටිකක් වෙලා ඉන්නකොට එකපාරටම බරාස්.............ගාල සද්දයක් ඇහුන.බලනකොට ඌගෙ කලිසම ඉරිල ගිහිල්ල පොට් එකෙන්ම.දැන් ඉතින් මූවත් දියවෙලා යන සයිස් එකට වටෙන්ම හොඳවැයින් හූ සංග්‍රහයක් මූට හම්බවේව.අපිටත් ඉතින් ඌගෙ පරම මිත්‍රයො හැටියට බලාගෙන ඉන්න බෑනෙ.කට්ටියත් එක්ක එකතුවෙලා වටකරගත්ත මූව.වටකරගෙන ශේප් එකේ මූව ටොයිලට් එකට අරගෙන ගියා.දැන් ඉතින් මොනව කියල කරන්නැයි.එකෙක් කිවුව "ඉක්මනට කලිසම ගලෝපන්"කියල.මූත් ඉතින් කිසි ගානක් නැතුව එතනම කලිසම බිමට අතඇරිය.ඊට පස්සෙ කොල්ලො දෙන්නෙක් කලිසමත් අරගෙන එලියට ගියා මහගෙන එන්න.උන් දෙන්න ආපහු කලිසම අරගෙන එනකනුත් මූ ටොයිලට් එක ඇතුලෙ ජො* පිටින් ෆැශන් ශෝ එකක් දානව.කොහොමහරි ඉතින් මූට ආපහු පන්තියට එක්කන් යනකොට පීරියඩ් දෙක තුනක් ගිහිල්ල.
අන්තිමට ඔන්න ඔහොමලු වුනේ...............................

Happy Birthday To You

ඔන්න ඉතින් අද දවස කෝඩුකාරයට ටිකක් විතර වැදගත් දවසක්.ඒ කියන්නෙ මේ කෝඩුකාරයටත් ඉන්නවනෙ සහෝදරයෙක් කියල එකෙක්.අන්න ඒ සහෝදරය හෙවත් මගේ මල්ලියගෙ උපන්දිනේ තියෙන්නෙ අද.ඉතින් මටත් කියල මල්ලිල දහ දොලොස් දෙනෙක් ඉන්න එකක් ඈ........ඉන්නෙත් එකයි නිසා ඒක තවත් අවුරුද්දකින් වයසට යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් මේ පෝස්ට් එක දාන්න ඕන කියල මට හිතුන.ඔන්න ඉතින් ඒකත් කලා.මෙන්න පහල තියනව Google images shop එකෙන් අරගත්තු කේක් එකක්.කන එවුන් කාපල්ල...............


මෙහෙ ගෑනු ළමයි එහෙම නැද්ද?

ඔන්න ඉතින් දවසක් කෝඩුකාරයගෙ යාළුවෙක් කුරුණෑගල පැත්තෙ තියන ගමකට ගියා.ගියෙ කෝඩුකාරයගෙ වැඩකට.දැන් ඉතින් මූ එහෙට ගිහිල්ල කරන්න ඕන වැඩෙත් කරගෙන එහෙන් එන්න පිටත්වෙලා.(දැන් ඉතින් අහන්න එපා මොකක්ද වැඩේ කියල....ඇත්තටම ගියෙ අපේ වීඩියෝ එකකට හරියන location එකක් බලන්න.)කොහොමහරි මූ එන්න පිටත් වෙනකොට හොඳටම රෑ වෙලාලු.ඉතින් එච්චර රෑ වෙලා එන්න බැරි නිසා අහල පහල තියන ගෙදරක නැවතිලා ඊළඟ දවසෙ එන්න කියල හිතාගෙන ගියාලු නවතින්න තැනක් හොයන්න.ඔන්න හම්බවුනු පළවෙනි ගෙදරට මූ ගිහිල්ල දොරට තට්ටු කළාලු.
දොර ඇරියෙ ටිකක් මැදි වයසෙ ගෑනු කෙනෙක්ලු.ඊට පස්සෙ කෝඩුකාරයගෙ යාළුව කිවුවලු "මම මේ අපේ වීඩියෝ එකකට හරියන තැනක් හොයාගෙන කොළඹ ඉඳල ආවෙ,වැඩේ ඉවර වෙනකොට හොඳටම රෑ වුනා.ඉතින් මට අද රෑ මෙහෙ නවාතැන් ගන්න පුලුවන්ද?"කියල.ඒතකොට මේ ගෑනු කෙනා කියනවලු"අනේ මහත්තයෝ අපෙ ගෙදර ඉන්නෙ මමයි මගෙ ගෑනු දරුවො දෙන්නයි විතරයි.ඉතින් ගෑනු තුන්දෙනෙක් විතරක් ඉන්න ගෙදරක මහත්තයව නවත්තගන්නෙ කොහොමද?"කියල.ඊට පස්සෙ ඉතින් මූත් "හරි කමක් නෑ"කියල තව ඉස්සරහට ඇවිදගෙන ගියාලු.ටික දුර යනකොට තව ගෙයක් හම්බවුනාලු.ඉතින් බොහොම අමාරුවෙන් ඒ ගෙදරටත් ගිහිල්ල දොරට තට්ටු කලහම දොර ඇරියෙ හෙනම හෙන නාකි මෑන් කෙනෙක්ලු.ඉතින් දැන් මෙයා ඇහුවුවලු "සීයෙ,මම මේ කොළඹ ඉඳල වැඩකට ආපු ගමන්.වැඩේ ඉවරවෙනකොට හුඟක් රෑ වුනා.ඉතින් මට අදට විතරක් මෙහෙ නවතින්න පුලුවන්ද?" කියල.එතකොට සීය කියනවලු "අනේ කොලුවො,මේ ගෙදර ඉන්නෙ මේ නාකි මමයි,මෙගෙ කෙලි පොඩිත්තයි විතරයි.එහෙව් එකේ මහත්තයව මේ රෑ මෙහෙ නවත්තගත්තොත් ගම්මුන්ගෙන් හොඳ කතන්දර ටිකක අහගන්න පුලුවන් වෙයි.ඒක නිසා සමාවෙන්ඩ මහත්තයො මෙහෙනම් නවතින්න තැනක් දෙන්න විදිහක් නෑ"කියල.අනේ ඉතින්,මක් කොරන්නැයි?මහන්සි නොබල තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට දැක්කලු තව ගෙයක්.ඒ ගෙදරටත් ගිහිල්ල දොරට තට්ටු කලාම දොර ඇරියෙ හොඳ ලස්සන තරුණ කෙල්ලෙක්ලු.

ඉතින් මූ මම වැඩකට කොළඹ ඉඳල ආවෙ කියල ආයිත් අර සුපුරුදු රෙකෝඩින් එක දැම්මලු.විස්තරේ කියල ඉවර වෙනකොටම මේ කෙල්ල දඩා...ං ගාල දොර වහල.ඔන්න ඉතින් දැන්නම් මුගෙ රතු කට්ට පැනල.ඇයි ඉතින් දැන් මුගෙ වචන කොච්චර නාස්ති වෙලාද?යන යන හැම ගෙදරටම එකම වචන ටික කියන්න එපායැ.මූ හිතාගතත්ලු ඊළඟට හම්බවෙන ගෙදරට ගිහිල්ල මුලු විස්තරේම කියන්නෙ නෑ.විස්තරේ සාරාංශෙ විතරක් කියනව කියල.අනික ඉතින් මූ යන යන හැම ගෙදරම නවතින්න දෙන්න බෑ කියල කියන්නෙ ගෑනු ලමයි ඉන්නව කියලනෙ.
කමක් නෑ,තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනව කියල හිතාගෙන ඉස්සරහට යනකොට හම්බවුනාලු ටිකක ලොකු ගෙදරක්.ගෙදර දොරට තට්ටු කලාම ටිකක් හැඩි දැඩි,උස මහත,තරුන කොල්ලෙක් දොර ඇරියලු.ඉතින් දැන් මූ මුලු විස්තරේම කියන්නෙ නැ කියල හිතල කිවුවලු මෙන්න මෙහෙම."අයියේ,මෙහෙ ගැනු ළමයි එහෙම නැද්ද?"එහෙම කිවුවෙ හැම තැනම ගැනු ළමයි නිසා නවාතැන් දෙන්න බෑ කියපු නිසයි.ඊට පස්සෙ අර මිනිහ අහනවලු."මොකටද මහත්තයෝ ගෑනු ළමයි?" කියල.මූත් ඉතින් වචන නාස්ති කරගන්න බැරි නිසා කිවුවලු "නෑ අයියෙ,මට අද රෑට නිදාගන්න" කියල.දැන් මූට පේනවලු අර මිනිහගෙ මූන රතුවේගන එනව.ටිකකින් මේ මනුස්සය කිවුවලු "පොඩ්ඩක් ඉන්න මහත්තයෝ මම ඇතුලට ගිහිල්ල එන්නම්"කියල ඇතුලට ගියාලු.දැන් කෝඩුකාරයගෙ යාලුවට හරිම සතුටුයිලු.අයි ඉතින් අර මනුස්සය නවාතැන් දෙන්න කැමති වෙලා ඇතුලට ගියා කියලලු මූ හිතුවෙ.මෙන්න බොලේ......ඇතුලට ගිය මිනිහ තඩි පොල්ලකුත් උස්සගෙන එනවලු මූට කෙළින්න.මූත් ඉතින් අනිත් පැත්තට හැරිල දිවුවලු දිවිල්ලක්.......අර ගේ පේන්නෙ නැති තරම් ඈතට දුවල දුවල ගිහින් මූ කල්පනා කලාලු ඇයි මේ යකා මට ගහන්න ආවෙ,මම කිවුවෙ මෙහෙ ගෑනු ලමයි නැද්ද කියල විතරනේ.ඊට පස්සෙ ඌ මොකටද කියල ඇහුවහම මම කිවුවෙ නෑ මට අද නිදාගන්න කියල විතරනේ.ඈ..................මොකක් කිවුව...........මූට සීන් එක මීටර් වුනේ එතකොට තමයි.

මම ඔට්ටුවක් අල්ලනව,මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනවාමයි.....(අවසාන කොටස)

ඔන්න ඉතින් කසුන් ඔට්ටුවක් ඇල්ලුවනෙ මැනේජර් මහත්තයත් එක්ක.ඒ කොටස කියෙවුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ල ඒක කියවල එන්නකො.............



කොහොමහරි කසුන් ඔට්ටුව දැම්මට පස්සෙ මැනේජර් ඒකට කැමති වුනානෙ.
ඊට පස්සෙ මැනේජර් ඊළඟ දවසෙ උදේම ගිහිල්ල බැලුව අර කිවුව වගේ ගෙඩියක් ඇවිල්ල තියනවද කියල.එහෙම එකක්නම් ඇවිල්ල තිබ්බෙ නෑ.ඒ මුලු සතියෙම බැලුව.ඒත් නෑ.....දැන් මැනේජර්ට හරිම සතුටුයි.දැන් රුපියල් 10000ක් හම්බවෙනවනෙ.ඔන්න ඉතින් අන්තිම දවසත් ආව.ඉතින් මැනේජර් උදේම ගිහිල්ල බැලුව කිවුව විදිහට ගෙඩියක් ඇවිල්ල තියනවද කියල.ගෙඩියක් ඇවිල්ල නෑ.
ඊට පස්සෙ ඉතින් මැනේජර් බොහොම සතුටින් බැංකුවට ගියා.ගිහිල්ල කසුන් එනකම් බලාගෙන හිටිය.ඔන්න ඉතින් උදේ 10ට විතර කසුන් එනව තව යාලුවෙකුත් එක්ක.එයාල කැබින් එක ඇතුලට ආව ගමන් මැනේජර් හරිම සතුටින් කිවුව "ඔයා ඔට්ටුව පරාදයි.කෝ මගෙ සල්ලි දෙන්න" කියල.ඊට පස්සෙ කසුන් කිවුව "නෑ.......වෙන්න බෑ.මටනම් මේක විශ්වාස කරන්න බෑ.ඔයාට පුලුවන්නම් ඔප්පුකරල පෙන්නන්න........."කියල.
ඉතින් දැන් මැනේජර්ට සල්ලිගන්නත් ඕන නිසා කලිසම ගලවල කසුන්ට ගෙඩියක් ඇවිල්ල නෑ කියල පෙන්නුව.
ඔන්න දැන් කසුන් එයත් එක්ක ආව අනිත් යාලුවට කියනව මෙන්න මෙහෙම."ආ...........මම උඹට කිවුව නේද?ඔන්න....ඔන්න මම ඔට්ටුව දිනුම්.මට මගෙ රුපියල් 20000 දියන්."
දැන් ඉතින් මැනේජර්ට නිකන් මඤ්ඤන් වගේලු.බලනකොට මොකද වෙලාතියෙන්නෙ.
කසුන් ගිහිල්ල තව යාලුවෙක් එක්ක ඔට්ටුවක් දාල මෙන්න මේ බැංකුවේ මැනේජර් මට පු* පෙන්නනව කිවුව කියල.ඔට්ටුව දාල තියෙන්නෙ රුපියල් 20000කට.ඔන්න ඉතින් කසුන් යාලුවත් එක්ක දාපු ඔට්ටුව පරාද වෙලා රුපියල් 10000ක් ගත්ත.



කොහොමද කසුන්ගෙ ටිකිරි මොලේ..........




මොකද කියන්නෙ යාලුවනේ "අල්ලමුද ඔට්ටුවක්?......."

මම ඔට්ටුවක් අල්ලනව,මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනවාමයි.....

අද නිවාඩු දවසක් වුනාට දවස තිස්සෙම එක එක තැන්වල ගිහිල්ල ඇවිල්ල මාර මහන්සියි.ඒ වුනාට නිවාඩු දවසක් වෙලත් බ්ලොග් එක පැත්තට ආවෙ නැත්තම් නිකං කෑවෙ නෑ වගේ තමයි.ඒක නිසා මතක් වෙච්ච කතාවක් දාන්න හිතුන.


දවසක් බැංකුවක මැනේජර් කෙනෙක් බැංකුවේ මුදල් බැර පරීක්ෂා කරනකොට දැක්කලු එක අවුරුදු 17ක විතර කොල්ලෙකුගෙ එකවුන්ට් එකේ සතියකට සැරයක්වත් අනිවාර්‍යයෙන්ම රුපියල් 10000ක් දාල තියනවලු.ඉතින් මැනේජර් එතන හිටපු පියන් කෙනෙකුට කිවුවලු "මේ ළමය ආයිත් ආවොත් එහෙම මගේ කැබින් එකට එවන්න" කියල.
ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙම මේ ලමය සල්ලි දාන්න බැංකුවට ආවලු.එතකොටම පියන් කිවුවලු "අන්න මැනේජර් මහත්තය ඔයාට කැබින් එකට කතාකලා" කියල.මේ ළමයත් කිසි ගානක් නැතුව කැබින් එකට ගියාම මෙන්න මේ වගේ දෙබසක්ලු දෙන්න අතර ඇති වුනේ.දෙබස ඔයාලට කියන්න ලේසිවෙන්න මම අර ළමයගෙ නමට කසුන් කියල ආදේශක නමක් පාවිච්චි කරනව.

මැනේජර්:"ආ ඔයා නේද අර සතියකට සැරයක් රුපියල් 10000ක් පොතට දාන ළමය?"

කසුන්:"ඔව් සර්,ඒ මම තමයි."

මැනේජර්:"අපිට බොහොම සතුටුයි ඔය ළමය ගැන.ඔය වයසෙ තරුණ ළමයි ඉතුරු කරනව බොහොම අඩුයි.ඒ අතින් අපි බොහොම සතුටු වෙනව ඔය ළමය ගැන."

මැනේජර්:"ඇත්තටම ඔයා කොහොමද ඔයතරම් ගානක් සතියකට පොතට දාන්නෙ?"

කසුන්:"මම ඔට්ටු අල්ලනව සර්."

මැනේජර්:"ඔට්ටු අල්ලනව!ඒ මොනවටද?"

කසුන්:"මොකද කියන්නෙ සර්,සරුත් අල්ලමුද ඔට්ටුවක්?"

මැනේජර්:"හරි,මම කැමත්යි,මොකක්ද ඔට්ටුව?"

කසුන්:"මම රුපියල් 10000ක් ඔට්ටු අල්ලනව.හරියටම තව සතියක් යනකොට මැනේජර් මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනව,එහෙම ආවොත් මැනේජර් මහත්තය මට රුපියල් 10000ක් දෙන්න ඕනෙ.නැත්නම් මම ඔයාට රුපියල් 10000ක් දෙනව.ඔට්ටුද?"

මැනේජර්:"හරි,මම ඔට්ටුයි."

කසුන්ගෙ ඔට්ටුව හරියයිද කියල බලන්න හෙටත් කෝඩුකාරයාගෙ අඩවිය පැත්තට ඇවිල්ල යන්න එන්න.ඔයාලට හිතෙන දෙයක් Comment කරල යන්න.ඔයාලගෙ අදහස් මට මහමෙරක් තරම් වටිනව.

"මහත්තයෝ.......කලිසම පහලට දාන්නකො"



සමහර කට්ටිය මේ Post එක දැම්ම කියල මට බනියිද දන්නෙ නෑ.මම මේක ලියන්නෙ වෙනත් ආගමකට අපහාස කරන්න එහෙම නෙමෙයි හොඳද....මේක නිකන් කතාවක් විතරයි.
අසංගයි,හිමාලියි යාළු වෙලා අවුරුදු දෙකක් විතර වුනා.දෙන්න ආගම් දෙකක වුනත් දෙන්නගෙ තිබුන ආදරය නිසා දෙමවුපියන් මේකට අකමැති වුනේ නෑ.කොහොමහරි අන්තිමට දෙමවුපියන්ගේ ආශිර්වාදයත් එක්ක මේ දෙන්නගෙ මංගල උත්සවයට සියලුම වැඩකටයුතු සූදානම් වුනා.අසංග ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් නිසා මංගල්‍ය ලෑස්ති කලේ ක්‍රිස්තියානි දේවස්ථානයක.කොහොමහරි මේ දෙන්නගෙ මංගල උත්සවයට කලින් දවසෙ රෑ හොඳටම වැස්ස.ඔන්න ඉතින් ඊලඟ දවසෙ,ඒ කියන්නෙ Weddin එක දවසෙ අසංග පල්ලියට යන්න කියල කාර් එකට නැගල ටික දුරක් එනකොට තමයි දැක්කෙ පල්ලියට යන පාර ඊයෙ වැහැපු වැස්සට හොඳටම යටවෙලා.පල්ලිය පේන දුර.ඉතින් කාර් එකට මෙතනින් එහාට යන්න බැරි නිසා අසංග කාර් එකෙන් බැහැල කලිසම දනහිස් දෙක ගාවටම නවාගත්ත.නවාගෙන පුලුවන් තරම් ඇඳුම වතුරෙන් බේරගෙන පල්ලියට ගියා.දන් මෙයා යනකොටත් කට්ටිය ඔක්කොම ඇවිල්ල.හිමාලිත් ඉන්නවා ලස්සනට ඇඳගෙන ඉස්සරහින්ම.ඉතින් අසංගත් ගියගමන්ම පල්ලියේ ෆාදර් බයිබලය එහෙම අතට අරගෙන කියවන්න පටන්ගත්ත.කියවගෙන යනකොට සැරින් සැරේ ෆාදර් අසංග දිහා අමුතු විදිහට බලනව.දෙතුන් සැරයක් මෙහෙම බලනකොට අසංගටත් තේරුනා ෆාදර් අමුතු බැල්මක් දානව කියල.ඉතින් අසංග අනිත් අයට නොදැනෙන විදිහට ඇහුව "ඇයි ෆාදර් අමුතු විදිහකට බැලුවෙ" කියල.ඒතකොට ෆාදර් කියනව "මහත්තයෝ කලිසම පහලට දාන්න" කියල.අසංගගෙ මූන රතුවුනා.අසංගටත් කරගන්න දෙයක් නැති නිසා හිනාවෙලා නිකන් හිටිය.ෆාදර් ආයිමත් කියනව "මහත්තයෝ කලිසම පහලට දාන්න" කියල.අසංගට දැන් ටිකක් තද වෙලා.ඇයි ඉතින් මල පනින්නෙ නැද්ද ලොකු සෙනගක් ඉස්සරහ මෙහෙම කියනකොට.කමක් නෑ...තව පොඩ්ඩක් ඉවසනව කියල අසංග හිතාගත්ත.දැන් ඔන්න ආයිත් ෆාදර් බයිබලය කියවගෙන යනව.තව ටිකකින් ෆාදර් ආයිමත් කියනව "මහත්තයෝ එක සැරයක් කිවුවහම කලිසම පහලට දාන්නකො" කියල.දැන්නම් අසංගට හොඳටම මල පැන්න.ඔන්න ඉතින් මූ ගත්තු කටටම කියපි"මේක මාර වැඩක්නෙ,මටවත් නැති හදිස්සියක්නෙ ෆාදර්ට තියෙන්නෙ"කියල.
ඔන්න ඉතින් ෆාදර් හොඳක් කරන්න ගිහිල්ල අහගත්ත දේ.........................
(සමහර කට්ටියට තාම නිකන් මඤ්ඤං වගේ ඇති.....කමක් නෑ.....තේරෙන්නෙ නැති අයට කියන්නම්.හදිස්සියට දුවගෙන එනකොට නවාගත්ත කලිසම් කකුල් දෙක පහලට දාන්න කියලයි ෆාදර් කිවුවෙ.)

අඩෝ සිරිපාලය..... තෝ මම කතාකලාම............



මේක මේ අපේ සර් කෙනෙක් මට කියපු කතාවක්.සමහර අය නම් අහලත් ඇති.කමක් නෑ....කියවලම බලන්න.මෙන්න මේකයි කතාව.
ඔන්න දවසක් ශ්‍රී ලංකාවෙ බීච් එකක හිටපු සුද්දෙකුට ඕන උනාලු බෝට්ටුවක යන්න.ඉතින් සුද්ද එතන හිටපු මිනිහෙකුට දන්න සිංහල ටික ගැටගහල බොහොම අමාරුවෙන් ටිකක් ඈත යන බෝට්ටුවක් පෙන්නල කිව්වලු "මට අර බෝට්ටුවේ යන්න ඕනෙ කියල.ඉතින් අර සිංහල මිනිහ ඈත යන බෝට්ටුවට කෑගහල කිව්වලු "සිරිපාලයෝ...........මෙන්න මේ මහත්තයට උඹේ ඔය බෝට්ටුවේ යන්න ඕනෙලු.ඉක්මනට මේ පැත්තට වරෙන්" කියල.ඒත් ඉතින් බෝට්ටුවේ හිටිය සිරිපාලට මේක ඇහුනෙ නෑලු.
දැන් ඉතින් සුද්දට එකපාරටම හිතුනලු, ඒ සිංහල මිනිහට කොච්චර සාමාන්‍ය දැනීම තියනවද කියල බලන්න.සුද්ද උගෙ අතේ තිබුන දෙනෙතිය(අර ඇස් දෙකම තියල දුර බලන එක.ඕකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල මට මතක නෑ.)දීල කිවුවලු මේකෙන් බලලවත් බෝට්ටුවේ ඉන්න එකාට කතා කරපන් කියල.ඉතින් ඒ සිංහල මිනිහ බැලුවලු මොකද්ද යකෝ මේ භාන්ඩෙ කියල.කොහොම හරි සිංහල මිනිහ මේක ඇහැට තියල බැකුව.ඔන්න ඉතින් දැන් මේ යකාට හරි පුදුමයි.ඈත හිටපු සිරිපාලය ඉක්මනට ලඟට ඇවිල්ල කියලලු මූ හිතුවෙ.ඔන්න ඉතින් මූ හෙමිහිට කියනවලු,
"අඩෝ සිරිපාලය......... තෝ මම කතාකලාම ඇහෙන්නෑ වගේ ගියා නේද?"..............

කෝඩුකාරයට ජොලියක් ගිහිල්ලා.............!!!!!!!!



අද කෝඩුකාරයට හෙන Happy...!මොකද දන්නවද ඒ...?අද ඉඳල කෝඩුකාරය සති 3ක් විතර නිවාඩු ගත්ත.දැන් ඉතින් ඒ මොනවටද කියල අහන්න එපා....මොනවට හරි නිවාඩු ගත්ත.ඉතින් මේ සති ටිකේ කරන්න කියල විශේෂ වැඩක්නම් නෑ.කෝඩුකාරයගෙ ජීවිතේ වැදගත්ම Exam එකක් තව මාස 4කින්,5කින් විතර තියනව.ඒකට පුලුවන් තරම් පාඩම් කරන්න කියල තමයි දැනට හිතාගෙන ඉන්නෙ.ඒහෙමයි කියල බ්ලොග් එකට සෙට් නොවී ඉන්නයැ.....?එහෙම හරියන්නෙ නෑනෙ ........මම දැන් ටිකකට කලින් හිතාගත්ත මේ දවස් ටිකට පුලුවන් තරම් බ්ලොග් එකට ලියන්න ඕනෙ කියල.හැබැයි ඉතින් Exam එකේ වැඩත් පොඩ්ඩක් හරි බලන්න ඕනෙ.නැත්නම් ඉතින් කෝඩුකාරයගෙ මව්තුමිය මේ අහිංසක කෝඩුකාරයට කොසු ඉදල් දික්කරන් එන්න පටන් ගනියි.
පාළුව තනිකම මට වද දෙන විට කෙලෙසද මා එය ඉවසන්නේ කියල හිතුන වෙලාවක තමයි මේ ලිපිය ලිවුවෙ.කිසි රහක්නම් නැතුව ඇති.දැන් ඉතින් මේක කියවල "මොකක්ද බොල මේ ලියපු හරුපෙ?" කියල මට බනින්නනම් එපා හොඳේ.මම ඉතින් තාම බ්ලොගයට කෝඩුකාරයනේ.................

කුජීතයි..අජූතයි..ඛේදජනකයි...(මොනවද?)ලසියගෙ මූන......



ආයිබෝවන්ඩ කිවුව ඔක්කෝටම.ඔන්න ඉතින් මේ අවිහිංසක,පවිත්‍ර,දේශහිතකාමී,කාටත් උදව් උපකාර කරන,නිර්මල,පිවිතුරු(වැඩිද මන්දා......)කෝඩුකාරයා දැන් ලෑස්ති වෙන්නෙ මීට අවුරුදු කීපයකට කලින් මගේ යාළුවෙකුට වෙච්ච කතාවක් කියන්නයි.
මීට අවුරුදු කීපයකට කලින් අපේ ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එක කාලෙ තමයි අපිට මේ දේ වුනේ.හරියටම කිවුවොත් ස්පෝර්ට් මීට් එකට දවස් දෙකකට කලින්.ඔය දවස්වල අපේ හිටපු මුලු සෙට් එකම ස්පෝර්ට් මීට් එකට බැහැලම වැඩ කලා.ඔය දවස් දෙන තුන ඇතුලත මම අපේ හවුස් එකේ කැප්ටන් වෙලා හිටිය අයියත් එක්ක ගොඩක් ෆිට් වුනා.එයා අපිට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් ඩිලාන් කියල අයිය කෙනෙක්.එයාට මම ගැන පුදුම විශ්වාසයක් තිබුන.(දැන් කියන්න එපා විශ්වාස කරන්නම මිනිහ කියල.මේ ඇත්තම තමයි බොලව් කියන්නෙ.)මට මතක විදියට ඒ අවුරුද්දෙ අපි හදන්න හිතාගෙන හිටියෙ(ස්පෝර්ට් මීට් එකේ අන්තිම දවසට හදන හවුස් එක ගැන තමයි මේ කියනෙ.) බත බුලතින් සපිරි ගැමි ගෙයක්.ඔන්න ඉතින් දැන් අපි මේ ගෙදර හදන්න පටන් අරගත්ත.අපි හිතාගෙන හිටියෙ මේ ගෙදර බිත්ති මැටි වලින් හදන්න.ඔන්න ඉතින් අපි දැන් පණ දාගෙන මැටි අනනව.අනල අනල කොහොමහරි බිත්ති ටිකත් හදාගත්ත.
අම්මට උඩු.....කෝ යකෝ වහලෙට දාන්න පොල් අතු.දැන් ඉන්න කෙල්ලො පොල් අතු වියනව තියා වියපු පොල් අත්තක් දැකලවත් තියන එකක් ඈ.............ඔන්න ඉතින් මාර පුරශ්නෙ.දැන් ඉතින් ඔක්කොම ප්‍රභූවරුන් ටික වටවෙලා මේකට පොල් අතු වෙනුවට දාන්නන දෙයක් හිතුව.එකෙක් කිවුව පොල් අතු වෙනුවට පිදුරු දාමු කියල.වෙන කරන්න දෙයක් නැති නිසා කට්ටිය ඒකට කැමති වුනා.දැන් හොයහන්කො පිදුරු.ඔන්න ඉතින් කෝඩුකාරයාගෙ මොලයට ස්ථානෝචිත ප්‍රඥාව පහළ වුනා.කාලෙකින් හොඳ බලු වැඩක් කරන්නත් බැරිවුන නිසා අද රෑට ගිහිල්ල කුඹුරකින් වේලිච්ච ගොයම් ටියක් කපාගමු කියල මමනම් කිවුවෙ නා.කිවුවෙ මගෙ කට...
කොහොමහරි එදා රෑට යන්න සෙට් වෙලා හිටියෙ ඩිලාන් අයියයි,ලසිත අයියයි(එයා තමයි හවුස් එකේ උප කැප්ටන්.),මමයි.ස්පෝර්ට් මීට් තියන දවස් ටිකේම අපි ඉස්කෝලෙ නැවතිලා හිටපු නිසා ගෙදරින් ප්‍රශ්නයක් වුනෙත් නෑ.ඔන්න අපි තුන්දෙනා රෑ 11.30ට විතර ඉස්කෝලෙ තාප්පෙන් එලියට පැන්න.(දැන් අහන්න එපා ගේට්ටුවක් තියෙද්දි තාප්පෙන් පැන්න කැසිල්ලටද කියල.)ඇයි යකෝ......ඒ දවස් වල අපි නයිට් ගැහුවෙ තනියම කියලද බොලා හිතුවෙ.නා.........ඒ දවස් ටිකේම අපෙ හවුස් එකේ සර්ලත් හිටිය.උන්ට අහුනොවෙන්න තමයි අපි තාප්පෙන් පැන්නෙ.කොහොමහරි දැන් ඔන්න ඉස්කෝලෙට ලඟින්ම තිබුන කකුඹුර තිබුනෙත් කිලෝමීටර් 2ක් විතර දුරින්.රෑ ගිය නිසා එච්චර ගානක් නෑ.මහන්සි නෑනෙ.ඇවිදගෙන,ඇවිදගෙන,ඇවිදගෙන කුඹුරටම ගියා.ගිහිල්ල මාර ගේමක් දීල ගොයම් ගස් ටිකත් කපාගත්ත.අහල පහල පේන තෙක්මානෙකවත් ගෙයක් නැති නිසා ප්‍රශ්නයක් වුනේ නෑ.ඔන්න ඉතින් ගොයම් ටිකරගෙන නියර දිගේ ඇවිල්ල මමයි,ඩිලාන් අයියයි
පාරට ආව.අපි දෙන්න පාරට අඩිය තියනවත් එක්කම දඩෝ............ං ගාල සද්දයක් ඇහුන.හැරිල බැලින්නම් ලසිතය ගොයම් ටිකත් එක්ක බිම ඇදගෙන වැටිල.ඌව ගොඩට ගන්න මිෂන් එකට අපි දෙන්නට මාර වෙලාවක් ගියෙ ඌ ඒ වෙනකොටත් හොඳටම මඩේ එරිල හිටපු නිසා.ගොඩට අරන් බැලින්නම් මුගෙ කකුළෙන් හොඳටම ලේ එනව.දැන් ඉතින් මක් කොරන්නැයි.කපාගත්තු ගොයම් ටික එතනම තියල ඉස්කෝලෙ හිටපු එකෙක්ට කෝල් එකක් දුන්න තව දෙන්නෙක් එක්ක ඇවිල්ල ගොයම් ටික අරගෙන පලයන් කියල.අපි දෙන්න ලසිතයවත් අරගෙන ගියා හොස්පිටල් එකට.
හොස්පිටල් එකට ගිහිල්ල බෙහෙත් දානගමන් දොස්තර අහපි "මොනාවෙලාද කකුළ තුවාල වුනේ"කියල.දැන් ඉතින් මූගෙ ප්‍රශ්නෙටත් උත්තර දියන්කො.මම ඩිලාන්ගෙ මූන බැලුවෙ.
"ආ......ඩොක්ටර්,අපේ ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එක අනිද්ද තියනවා.අපි House එක හද හද ඉන්න ගමන් මූව වහලෙකට නැග්ගුව උළු කෑල්ලක් ගලවගෙන වරෙන් කියල.මූ වහලෙ උඩට නැග්ගට පස්සෙ ඉස්කෝලෙට එහා වත්තෙ තියන ගෙදර,ලයිට් එකක් දාල තියනව දැකල.ඒ කාමරේ කෙල්ලෙක් ඉඳල.මූට තියන කැසිල්ලට ඒ කාමරේට එබිකං කරන්න ගිහිල්ල වහලෙ කඩාගෙන බිමට වැටුන.....,කොහෙද ඉතින්,මුන්ට කෙල්ලෙක් දැක්කහම ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙනවනෙ......"කියල ගත්ත කටටම කිසි ගානක් නැතුව කියල ඇරිය.මම ඒ වෙලාවෙ නිකමට වගේ ලසිතයගෙ මූන බැලුව.අයියෝ................ඒක දිහා බලන්න බෑ.කුජීතයි.....අජූතයි.....ඛේදජනකයි.....

මට ඒ වෙලාවෙ හිතුන,මගේ වාසනාවකටද කොහෙද පිදුරු ගේන වෙලාවෙ මාව වැටුනෙ නැත්තෙ කියල.නිකමට හරි මාව වැටුනනම් මටත් ඉතින් ඔය කතාව ඔය විදිහටම අහගන්න තිබ්බ.............

කෝඩුකාරයා අලුත් වෙලා..............

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ කෝඩුකරයා අලුත් වෙලා......ඉර පායනවා...හඳ පායනවා......ඉරට හොරෙන්,හඳට හොරෙන් කාලය පැන යනවා........ලෝකෙත් කැරකෙනවා....ඉතින් අපිත් එකම විදිහට ඉඳල හරියන්නෙ නැහැනේ.ඔන්න ඉතින් අපිත් Template එක එහෙම මාරු කරල ටිකක් අලුත් වෙන්න හිතුව....

අමතක නොවෙන වන්දනාවක්.................


මේ සිද්ධිය වුනේ කාලෙකට කලින්.වැඩි කතා ඕන නැහැනෙ.මෙන්න මෙහෙමයි සිද්ධිය වුනේ.
මීට ටික දවසකට කලින් අපි ගියා Trip එකක්..අපි ගියෙ අනුරාධපුරේ.අපි ඉතින් පුරුද්දට මුල් තැන දෙන උදවිය නිසා පාන්දර පහට යන්න හිටපු ගමන පාන්දර හයයි කාල විතර වෙනකොට යන්න පිටත් වුනා.ඔන්න ඉතින් ගමන යන්න පිටත් වුන වෙලාවෙ ඉඳල අපේ කොල්ලො කෙල්ලො ටිකගෙ කටවල් සින්දු වලින් පිරිල ඉතිරිලා ගිහිල්ල තිබුනෙ.කොහොමින් කොහොම හරි අපි දවල් වෙනකොට අනුරාධපුරේට ආව.අපේ නවාතැන තිබුනෙ ශ්‍රී මහා බෝධිය ගාවමයි.ඉතින් අපි එතන ඉඳල හවස් වෙනකොට වඳින්න ඕනතැන් වන්දනා කරගෙන එහෙම ආපහු අපේ නවාතැනට ආව.
ඔන්න ඉතින් ඊළඟ දවසෙ තමයි හොඳම වැඩේ...ඔන්න අපි එදා පාන්දරින්ම මිහින්තලේ යන්න පිටත් වුනා.අපි ගියේ උදේට කෑමත් අරගෙන.උදේ කෑමට තිබුනෙ කඩල...මොකක් කිවුව,කඩල....(කඩලා..... නෙමෙයි බොල, කඩල.මම කියන්නෙ අපි කන කඩල ගැන )ඉතින් අපි මිහින්තලේ ගලටත් නැගල ආයිත් ආවට පස්සෙ උදේ කෑම කන්න ගන්නකොට තමයි තේරුනේ කඩල එකෙන් අමුතු සුවඳක් එනව..........හැබැයි ඉතින් ඒ එන්නෙ එච්චර හොඳ සුවඳක් නෙමෙයි කියල අපිට තේරුනා.අනිත් අය ඉතින් අපි කියන ඒව අහන්නෙ නෑනෙ.(අපේ ඉතින් රැවුල නෑනෙ.)නිකන් ලෙඩ හදාගන්නෙ මොටද කියල මමයි,අපේ හිටපු අයියල දෙන්නෙකුයි,අක්කල දෙනෙකුයි ගිහිල්ල ලඟ තිබුනු කඩේකින් උදේ කෑම කාල ආව.හැබැයි අපිත් එක්ක ගිය අනිත් ඔක්කොම අපි කියන ඒව අහන්නෙ නැතුව අර කඩල ටික තමයි කාල තිබුනෙ.
ඔන්න ඉතින් හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලු.අපි ඉතින් වෑන් එකට නැගල ටික දුරක් යනකොට කඩල එකේ අකුසල කර්මෙ ආනන්ථරිය පාපකර්මයක් විදිහට පළදෙන්න පටන් අරන්.මුලින්ම වඩේ සෙට් වුනේ අපිත් එක්ක ගිය චූටි බබෙකුට.ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳල අපිට එක දිගට විනාඩි 10ක් යන්න වෙන්නෙ නැහැ,ආයිත් වෑන් එක නවත්තන්න වෙනව.අපිට ඉතින් හරි ජොළි.අපි කට්ටිය ඉතින් වෑන් ඒක නවත්තන නවත්තන සැරේට යන්න තියන හැම වන්දනාවකම යනව.(අපි කියල කිවුවෙ උදේ කෑම කඩෙන් කාපු අයට )අනිත් අයට ඉතින් ගෙදර යනකන්ම යන්න වුනේ ටොයිලට් වන්දනාවෙ තමයි.........

ඔන්න ඕකයි කියන්නෙ වයසින් බාල වුනත් කෙනෙක් දීපු අවවාද පිළිගන්න ඕන කියන්නෙ.......ඕන කියල තියෙන්න මම නෙමෙයි,බුදුහාමුදුරුවෝ...........