Buscar

Páginas

කුජීතයි..අජූතයි..ඛේදජනකයි...(මොනවද?)ලසියගෙ මූන......



ආයිබෝවන්ඩ කිවුව ඔක්කෝටම.ඔන්න ඉතින් මේ අවිහිංසක,පවිත්‍ර,දේශහිතකාමී,කාටත් උදව් උපකාර කරන,නිර්මල,පිවිතුරු(වැඩිද මන්දා......)කෝඩුකාරයා දැන් ලෑස්ති වෙන්නෙ මීට අවුරුදු කීපයකට කලින් මගේ යාළුවෙකුට වෙච්ච කතාවක් කියන්නයි.
මීට අවුරුදු කීපයකට කලින් අපේ ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එක කාලෙ තමයි අපිට මේ දේ වුනේ.හරියටම කිවුවොත් ස්පෝර්ට් මීට් එකට දවස් දෙකකට කලින්.ඔය දවස්වල අපේ හිටපු මුලු සෙට් එකම ස්පෝර්ට් මීට් එකට බැහැලම වැඩ කලා.ඔය දවස් දෙන තුන ඇතුලත මම අපේ හවුස් එකේ කැප්ටන් වෙලා හිටිය අයියත් එක්ක ගොඩක් ෆිට් වුනා.එයා අපිට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් ඩිලාන් කියල අයිය කෙනෙක්.එයාට මම ගැන පුදුම විශ්වාසයක් තිබුන.(දැන් කියන්න එපා විශ්වාස කරන්නම මිනිහ කියල.මේ ඇත්තම තමයි බොලව් කියන්නෙ.)මට මතක විදියට ඒ අවුරුද්දෙ අපි හදන්න හිතාගෙන හිටියෙ(ස්පෝර්ට් මීට් එකේ අන්තිම දවසට හදන හවුස් එක ගැන තමයි මේ කියනෙ.) බත බුලතින් සපිරි ගැමි ගෙයක්.ඔන්න ඉතින් දැන් අපි මේ ගෙදර හදන්න පටන් අරගත්ත.අපි හිතාගෙන හිටියෙ මේ ගෙදර බිත්ති මැටි වලින් හදන්න.ඔන්න ඉතින් අපි දැන් පණ දාගෙන මැටි අනනව.අනල අනල කොහොමහරි බිත්ති ටිකත් හදාගත්ත.
අම්මට උඩු.....කෝ යකෝ වහලෙට දාන්න පොල් අතු.දැන් ඉන්න කෙල්ලො පොල් අතු වියනව තියා වියපු පොල් අත්තක් දැකලවත් තියන එකක් ඈ.............ඔන්න ඉතින් මාර පුරශ්නෙ.දැන් ඉතින් ඔක්කොම ප්‍රභූවරුන් ටික වටවෙලා මේකට පොල් අතු වෙනුවට දාන්නන දෙයක් හිතුව.එකෙක් කිවුව පොල් අතු වෙනුවට පිදුරු දාමු කියල.වෙන කරන්න දෙයක් නැති නිසා කට්ටිය ඒකට කැමති වුනා.දැන් හොයහන්කො පිදුරු.ඔන්න ඉතින් කෝඩුකාරයාගෙ මොලයට ස්ථානෝචිත ප්‍රඥාව පහළ වුනා.කාලෙකින් හොඳ බලු වැඩක් කරන්නත් බැරිවුන නිසා අද රෑට ගිහිල්ල කුඹුරකින් වේලිච්ච ගොයම් ටියක් කපාගමු කියල මමනම් කිවුවෙ නා.කිවුවෙ මගෙ කට...
කොහොමහරි එදා රෑට යන්න සෙට් වෙලා හිටියෙ ඩිලාන් අයියයි,ලසිත අයියයි(එයා තමයි හවුස් එකේ උප කැප්ටන්.),මමයි.ස්පෝර්ට් මීට් තියන දවස් ටිකේම අපි ඉස්කෝලෙ නැවතිලා හිටපු නිසා ගෙදරින් ප්‍රශ්නයක් වුනෙත් නෑ.ඔන්න අපි තුන්දෙනා රෑ 11.30ට විතර ඉස්කෝලෙ තාප්පෙන් එලියට පැන්න.(දැන් අහන්න එපා ගේට්ටුවක් තියෙද්දි තාප්පෙන් පැන්න කැසිල්ලටද කියල.)ඇයි යකෝ......ඒ දවස් වල අපි නයිට් ගැහුවෙ තනියම කියලද බොලා හිතුවෙ.නා.........ඒ දවස් ටිකේම අපෙ හවුස් එකේ සර්ලත් හිටිය.උන්ට අහුනොවෙන්න තමයි අපි තාප්පෙන් පැන්නෙ.කොහොමහරි දැන් ඔන්න ඉස්කෝලෙට ලඟින්ම තිබුන කකුඹුර තිබුනෙත් කිලෝමීටර් 2ක් විතර දුරින්.රෑ ගිය නිසා එච්චර ගානක් නෑ.මහන්සි නෑනෙ.ඇවිදගෙන,ඇවිදගෙන,ඇවිදගෙන කුඹුරටම ගියා.ගිහිල්ල මාර ගේමක් දීල ගොයම් ගස් ටිකත් කපාගත්ත.අහල පහල පේන තෙක්මානෙකවත් ගෙයක් නැති නිසා ප්‍රශ්නයක් වුනේ නෑ.ඔන්න ඉතින් ගොයම් ටිකරගෙන නියර දිගේ ඇවිල්ල මමයි,ඩිලාන් අයියයි
පාරට ආව.අපි දෙන්න පාරට අඩිය තියනවත් එක්කම දඩෝ............ං ගාල සද්දයක් ඇහුන.හැරිල බැලින්නම් ලසිතය ගොයම් ටිකත් එක්ක බිම ඇදගෙන වැටිල.ඌව ගොඩට ගන්න මිෂන් එකට අපි දෙන්නට මාර වෙලාවක් ගියෙ ඌ ඒ වෙනකොටත් හොඳටම මඩේ එරිල හිටපු නිසා.ගොඩට අරන් බැලින්නම් මුගෙ කකුළෙන් හොඳටම ලේ එනව.දැන් ඉතින් මක් කොරන්නැයි.කපාගත්තු ගොයම් ටික එතනම තියල ඉස්කෝලෙ හිටපු එකෙක්ට කෝල් එකක් දුන්න තව දෙන්නෙක් එක්ක ඇවිල්ල ගොයම් ටික අරගෙන පලයන් කියල.අපි දෙන්න ලසිතයවත් අරගෙන ගියා හොස්පිටල් එකට.
හොස්පිටල් එකට ගිහිල්ල බෙහෙත් දානගමන් දොස්තර අහපි "මොනාවෙලාද කකුළ තුවාල වුනේ"කියල.දැන් ඉතින් මූගෙ ප්‍රශ්නෙටත් උත්තර දියන්කො.මම ඩිලාන්ගෙ මූන බැලුවෙ.
"ආ......ඩොක්ටර්,අපේ ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එක අනිද්ද තියනවා.අපි House එක හද හද ඉන්න ගමන් මූව වහලෙකට නැග්ගුව උළු කෑල්ලක් ගලවගෙන වරෙන් කියල.මූ වහලෙ උඩට නැග්ගට පස්සෙ ඉස්කෝලෙට එහා වත්තෙ තියන ගෙදර,ලයිට් එකක් දාල තියනව දැකල.ඒ කාමරේ කෙල්ලෙක් ඉඳල.මූට තියන කැසිල්ලට ඒ කාමරේට එබිකං කරන්න ගිහිල්ල වහලෙ කඩාගෙන බිමට වැටුන.....,කොහෙද ඉතින්,මුන්ට කෙල්ලෙක් දැක්කහම ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙනවනෙ......"කියල ගත්ත කටටම කිසි ගානක් නැතුව කියල ඇරිය.මම ඒ වෙලාවෙ නිකමට වගේ ලසිතයගෙ මූන බැලුව.අයියෝ................ඒක දිහා බලන්න බෑ.කුජීතයි.....අජූතයි.....ඛේදජනකයි.....

මට ඒ වෙලාවෙ හිතුන,මගේ වාසනාවකටද කොහෙද පිදුරු ගේන වෙලාවෙ මාව වැටුනෙ නැත්තෙ කියල.නිකමට හරි මාව වැටුනනම් මටත් ඉතින් ඔය කතාව ඔය විදිහටම අහගන්න තිබ්බ.............