Buscar

Páginas

එක් අවුරුද්දක අවසානයක් ද සමගින් තවත් අවුරුද්දක ආරම්භයක්...


තවත් දවසක්.එක් අවුරුද්දක අවසානයක් ද සමගින් තවත් අවුරුද්දක ආරම්භයක්.ඉර පායනකොට සඳ බැසයනකොට ඉරට හොරෙන් හඳට හොරෙන් කාලය තවත් අවුරුද්දක් පැනගියා.ඇත්තටම 2011 අවුරුද්ද කෝඩුකාරයට තීරණාත්මක අවුරුද්දක් වුනා.2011 ජුලි 1දා......කෝඩුකාරයාගේ අඩවියේ සමාරම්භය සනිටුහන් වූ දවස.ඉස්සර පෑනේ මිතුරන් ගැන කතා අහල තිබුනට මොකද ඇත්තටම මමනම් විශ්වාස කලේ නෑ කවදාවත් දැකල නැති දෙන්නෙකුට හොඳ යාලුවො වෙන්න පුළුවන් ඇති කියල.හැබැයි මට හිතාගන්නවත් බැරි විදිහට කෝඩුකාරයාගේ අඩවියෙන් හොඳම හොඳ බ්ලොග් සහෝදරයො ටිකක් මට ලැබුන.ඒ ගැන මම අවංකවම සතුටු වෙනව.නමුත් තාමත් මගෙ හිතේ පුංචි දුකකට කියල තියෙන්නෙ තාමත් මට අපේ බ්ලොග් පවුලෙ කිසිම සහෝදරයෙක්,සහෝදරියක් එක්ක හැබැහින් කතා කරන්න බැරි වීම වුන එකයි.නමුත් ඒ ආශාවත් මම අනිවාර්‍යයෙන්ම 2012 වසරෙදි ඉෂ්ඨ කරගන්නවා.ඒක සහතිකයි.2011 වසරෙදි හමුවුන මේ බ්ලොග් යාලුවන්ව ජීවිත ගමනෙදි හමුවුන තවත් එක් යහළුවෙක් යෙහෙළියක් කියල අමතක කරන්නනම් මම සූදානම් නෑ.ඒත් එක්කම මේ අවුරුද්දෙදි කෝඩුකාරයට ජීවිතේ තවත් වැදගත් කඩඉමකට මුහුණ දෙන්න සිද්ද වුනා.ඕ ලෙවල් විභාගය.අම්මෝ........මතක් වෙනකොටත් ඔලුව කකියනව.ඒ දවස් වල ගෙදරින් තිබුන කරදරයක්.බ්ලොග් එක පැත්ත පලාතකටවත් එන්නෙ වෙන්නෙ බොහොම කාලාතුරකින් තමයි.නමුත් දෙවියන්ගෙ පිහිටෙන් ඒ කරදරෙත් ඉවරයි.දැන්නම් ඉතින් කෝඩුකාරය බ්ලොග් කියවන්නෙ හොය හොයා.
                කොහොම හරි ඉතින් තවත් වසරක් නිම වෙලා 2012ට පය තියන්න ඔන්න මෙන්න තියල තමයි මේ පෝස්ට් එක දාන්නෙ.2011 ලියන අන්තිම පෝස්ට් එක.කොහොම වුනත් මෙතෙක් දවස් කෝඩුකාරයත් එක්ක රැඳී සිටිය,රැඳී නොසිටිය සියලු බ්ලොග් කරුවන්ට මම සුභ පතනවා.2012 වසරේදී තවත් බ්ලොග් යහලුවන් එකතු කරගන්නටත් බලාපොරොත්තු වෙනවා.ඒත් එක්කම මෙතෙක් කල් කෝඩුකාරයාගේ අඩවියට ආව ඔයාලට දිගටම මාත් එක්ක ඉන්න කියලත්,කෝඩුකාරයාගේ අඩවිය පැත්තෙ එන්න බැරි වුන හැමෝටම මේ පැත්තෙ එන්න කියලත් සුහද ඇරයුමක් කරනවා.
ඔයාල ඔක්කොටම හිතන පතන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන,තරහ වෙලා ඉන්න සියලු දෙනා යාලු වෙන, මංගල සීනු හැඬවෙන,ප්‍රීතිමත්,සෞභග්‍යමත්,සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.!!!!
(පහල තියෙන්නෙ අද මුලු දවස පුරාවටම මහන්සි වෙලා හදාගත්ත පොඩි වීඩියෝ කෑල්ලක්.ඒකත් බලන්න කියල ඉල්ලන ගමන් කෝඩුකාරය අදට සමුගන්නවා.)
එහෙනම් 2012 නව වසරේදී නැවත හමුවෙමු.

සිංහලයෙක්නම් මේකත් කියවපියවු........


ප්‍රාර්ථනා සුදු කුළුනේ දකුණු පසටත් අරවින්ද වම් පසටත් බරවිය.ඔවුන් දෙදෙනා අතර පරතරය වැඩිය.
"දෙන්නා මැද ලොකු බාධකයක්නේ....කුළුන බදාගෙන ළං වෙන්න...."
මොහොතකට දෙදෙනාගේ දෑස් හමුවිය...දෙදෙනා ලං විය.....අරවින්දගේ වම් පස බාහුව ඇගේ දකුණුපස සුරත හා ගැටිණ.ෆ්ලෑෂ් එළිය දැල්විණ....දෛවය විසින් එක් කල අපූර්වතම ජීවිත දෙකක් එකට එකම වර කොඩැක් දළ සේයා පටය මත ඇඳුණි....


කොතරම් අව්‍යාජ සිදුවීමක්ද?ඔයාල දැන් ඔය කියෙවුවෙ සුජීව ප්‍රසන්න ආරච්චි කියන ප්‍රතිභාපූර්ණ ලේඛකයාගෙ සින්දූර් කියන නව කතාවෙ පොඩි කොටසක්.මේ කොටස මම ඔයාලට පෙන්නන්න හිතුවෙ මේ ලේඛකයගෙ තියන පරිපූර්ණ වූ ලේඛන හැකියාව පොඩ්ඩක් ඉස්මතු කරවන්න.සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ ඇත්තටම සුන්දර,දක්ෂ,පිරිපුන් ලේඛකයෙක් කියල කිවුවොත් මම වැරදි නෑ.
මේ දවස්වල කෝඩුකාරයටත් කරන්න වැඩි වැඩක් නැති නිසා පුලුවන් තරම් නවල්ස් කියවන එකයි ෆිල්ම් බලන එකයි තමයි කරන්නෙ.ඔය කියවන පොත් අතරින් මම ආසම රචකය තමයි සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ.එයාගෙ පොත්වල පුදුම සාහිත්‍ය රසයක් ගැබ්වෙලා තියනව කියල මට හිතෙනව.උදාහරණයක් විදිහට මේ සින්දූර් කියන පොතේ තියන අරලියා හොලිඩේ රිසෝට් කියන හෝටලය ජීවිතේ කවමදාවක්වත් දැකල නැති වුනාට ඒ හෝටලේ චිත්ත රූපයක් ලෙස මවා පෙන්නන්න සුජීව ප්‍රසන්න ආරච්චි කියන නිර්මාණකරුව සමත්වෙලා තියනව.
සමහර වෙලාවක මට ඇහිල තියනව සම(හරක්) අය කියනව සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ මහම මහ බොළඳ කතා ලියන කෙනෙක්,එයාගෙ පොත්වල ගොඩක්ම තියෙන්නෙ කුණුහරප......කියල.නමුත් ඔහු ලියල තියන පොත් වලට කියන්නෙ බොළඳ නවකතා කියලද කියන එක පොඩ්ඩක් හිතල බලන්න.අනික කුණුහරප කියන දේ මිනිස්සු විසින්ම හදාගත්ත දෙයක් කියන එක අමතක කරන්න එපා.අතීතයේදී මිනිස්සු පාවිච්චි කරපු සමහර වචන අද වෙනකොට නිකම්ම කුණුහරප බවට පත්වෙලා තියනව.ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු වචන අද ඉන්න ලේඛකයෙක් තමන්ගෙ නිර්මාණවලට යොදාගන්නකොට දැන් මිනිස්සු හිතනව මේ රචකයගෙ පොත්වල තියෙන්නෙ කුණුහරුප කියල.ඕක රචකයගෙ වැරැද්ද කියල මටනම් හිතෙන්නෙ නෑ.යම්කිසි පොතක රසභාවයන් මතුකර දක්වන්න කතුවරයා බොහෝ උපක්‍රම යොදා ගන්නව.කොච්චර උපක්‍රම යොදාගත්තත් පාඨකයාට ඒ රසභාවයන් වටහාගන්න බැරි වෙන එකට කතුවරයාට දොස් කියන්න බෑ.

කොහොම වුනත් සුජීව ප්‍රසන්න ආරච්චි කියන කතුවරයා තමන්ගෙ පොත් සාර්ථක කරගන්න දරපු ව්‍යාමය ගැන තමයි මම මේ පෝස්ට් එකෙන් ඔයාලට කියන්න හැදුවෙ.නමුත් මේ පෝස්ට් එක ලියන වෙලාවෙ හිතට එන අදහස් සියල්ලම වගේ කෝඩුකාරයගෙ අත දිගේ ඇවිත් ඇඟිලි තුඩු මතින් මගේ බ්ලොගයේ සටහන් වුනා.සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ලියල තියන පෝස්ට් එක කිසිම වැඩකට නෑ කියල.තවත් සමහර අයට හිතෙන්න පුළුවන් මේ කියන දේත් ඇත්තක් තියනව නේද කියල.ඔය දෙකෙන් මොනව හිතුනත් හිතුන දේ කමෙන්ට් එකක් විදිහට කෝඩුකාරයාගේ අඩවියේ ලියල යන්න කියල මම ඔයාලගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා...................

Remix of the නිබ්බුත පද


මෙවන් සැපක් ලද කොල්ලෙක්
මෙවන් සැපක් ලද කෙල්ලෙක්
මෙවන් සැපක් ලද මිතුරෙක්
නිසැකයෙන්ම නිවුනා වේ.....

සැප සැප සැප......මොකක්ද මේකියන සැප????කවුරුත් මේ කියන සැප වැරදියට එහෙම තේරුම් ගන්න එපා.මේ කියන්නෙ අවුරුදු හයක් තිස්සෙ එක එක ජාතියේ පන්තිවලට ගිහිල්ල ගිහිල්ල අන්තිමට විභාගෙකට ලියල ඕ ලෙවල් ඉවර වුන සැප ගැන.අම්මෝ.............අදින් පස්සෙ O/L කොල්ලො කෙල්ලන්ට පාඩම් කරන්න පාඩම් කරන්න කියල කවුරුත් කියන එකක් නෑ.ඉතින් ඒකම මොන සැපක්ද කියල හිතල බලන්නකෝ....
                 ආ මග කෙටියි...යා යුතු මග දුරයි කියල කිවුවට කෝඩුකාරයගෙ විදිහටනම් ආ මග දුරයි.....යා යුතු මග තව දුරයි.....මෙච්චරකල් ආපු මේ දුර කොහොමද කෙටියි කියල කියන්නෙ?
                     ඔන්න ඉතින් ආපහු කෝඩුකාරය සුපුරුදු විදිහටම හැබැයි ඊටත් වඩා නිදසක් ඇතුවම ආපහු කෝඩුකාරයාගේ අඩවිටට එනව.ආපහු කෝඩුකාරයාගෙ අඩවියෙන් ඔයාලට රස කතා ගොඩාක් අහන්න පුලුවන් වෙයි...........එහෙනම් අදට ගිහිල්ල එන්නම්........