Buscar

Loading...

Páginas

ස්පන්දන..


ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුල රොමෑන්ටික් චිත්‍රපට,ත්‍රාසජනක චිත්‍රපට,ළමා චිත්‍රපට,ඓතිහාසික චිත්‍රපට ආදී වශයෙන් කොටස් ගණනාවක් දැකිය හැක.එනමුත් බොලිවුඩ් හා හොලිවුඩ් සිනමාව තුල පවතින,ශ්‍රී ලාංකික සිනමාව තුල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන චිත්‍රපට වර්ගයක් ලෙස අද්භූත කතා නැතහොත්  Horror යන චිත්‍රපට වර්ගය හැඳින්විය හැක.

චිත්‍රපට නිර්මාණකරුවන් මෙම වර්ගයේ චිත්‍රපට නිර්මාණය නොකරන්නේ ඇයිද යන්න මහත් වූ පැනයකි.විටෙක ශ්‍රී ලාංකික සංස්කෘතිය තුල ඇතිකරගන්නා මතවාද තුල ජනයා මෙම අද්භූත ගණයේ චිත්‍රපට නැරඹීමට අකමැත්තක් දක්වනවා ඇතැයි ඔවුන් අනුමාන කරනවා වන්නට ඇත.නැතහොත් ඒකාකාරී වූ කතාංග මාලාවකින් ඔබ්බට යෑමේ අවදානම විසින් චිත්‍රපට නිර්මාණකරුවන් විසින් ත්‍රාසය සහ භීතිය දනවන චිත්‍රපට නිර්මාණයෙන් වලකනවා විය හැක.

නමුත් මෙම අවධානම නොතකා තාරුණ්‍යයේ සුන්දරතම සිනමාකරුවකු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් ලෙස ස්පන්දන චිත්‍රපටය හැඳින්විය හැක.මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ සුනෙත් මාලිංග නම් තරුණ සිනමා නිර්මාණකරුවා යි.

ත්‍රාසය සහ භීතිය දනවන චිත්‍රපටයක් ලෙස නිර්මානයට නැගෙන ස්පන්දන චිත්‍රපටය හුදෙක් ලාංකේය සිනමා ඉතිහාසය තුල වෙනත්ම රැල්ලක් ඇතිකරවිය හැකි චිත්‍රපටයක් ලෙස අපට අනුමාන කල හැක.ආදර කතාවක් මධ්‍යයේ ත්‍රාසය සහ භීතිය දන්වමින් දිවෙන මෙම කතාංගයේ සෑම රූපරාමුවක් තුලින්ම ඔබට කුතුහලය රැගෙන එයි.අප හට සැබෑ ජීවිතයේදී ඇස නොගැටෙන දර්ශන රාශියක් විශේෂ ප්‍රයෝග සහ නවීන තාක්ශණික ශිල්ප ක්‍රම යොදාගනිමින් මෙම චිත්‍රපටයේ තත්වය ඉතාමත් ඉහල තලයකට රැගෙන ඒමට සුනෙත් මාලිංග ඇතුළු ඔහුගේ කණ්ඩායම සමත් වී ඇත.

රොෂාන් රණවන,ශලනි තාරකා ඇතුලු රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් හැඩගැන්වෙන ස්පන්දන චිත්‍රපටය මේ මස,එනම් මාර්තු මස 18වන දින සිනමාහල් රැසක තිරගතවීම ඇරඹේ.
සුනෙත් මාලිංග අධ්‍යක්ෂණයෙන්,ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්ෂණයෙන්,ශාන් අල්විස් සංස්කරණයෙන්,උදය ශ්‍රී වික්‍රමසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් මෙම චිත්‍රපටයට දායක වී ඇත.

තවත් එක් වාණිජමය චිත්‍රපටයක් පමණකට සීමා නොවන ස්පන්දන චිත්‍රපටය නරඹා රසවිඳීමට ඔබ ඇතුලු පවුලේ සැමට මාර්තු 18 වනදා සිට අවස්ථාව හිමිවී ඇත.

පපුතුරක උණුහුම

නිදිවරන රාත්‍රියේ
ලේ නහර කැටි ගැහෙන හීතලේ
ඔය සුමුදු පපුතුරේ
දැනෙන උණුහුමටමයි මම ආදරේ

ඇහි පියන් බිම වැටී
තුන් හිතම සලිත වී
සියොලඟම හිරිවැටී
සුසුම් යදිනා...
ඔය සුමුදු පපුතුරේ
දැනෙන උණුහුමටමයි මම ආදරේ
උණුහුමටමයි මගෙ ආදරේ...
..
....
.......කෝඩුකාරයා

අවුරුදු 2කට විතර පස්සෙ ආවෙ ජීවිතේ හිතාගන්න බැරි වෙනස්කම් ගොඩාක් එක්ක....



ඔන්න ඉතින් අවුරුදු 2කට විතර පස්සෙ හා හා පුරා කියල බ්ලොග් එක පැත්තට ආවෙ අද තමයි...බ්ලොග් එකට ලියන්නෙ නැතුව හිටියෙ ආසාවෙන් නම් නෙමේ.ඒත් මේකයි කියල කියාගන්න බැරි හේතු ගොඩාක් නිසා ලියන්න බැරි වුනා.සමහරවිට කම්මැලිකම නිසා වෙන්නැති.කොහොමහරි කෝඩුකාරය අවුරුදු 2කට විතර පස්සෙ ආවෙ ජීවිතේ හිතාගන්න බැරි වෙනස්කම් ගොඩාක් එක්ක.මෙ ගෙවුන අවුරුදු 2ක ඇතුලත හීනෙන්වත් හිතන්න බැරි විදිහෙ ගොඩාක් දේවල් වුනා.මම මීට කලින් අන්තිමට දාපු පෝස්ට් එකේදි මම කියපු කෙල්ල මට ගොඩාක් බලාපොරොත්තු දීල මාව අතෑරල වෙන එකෙක් එක්ක යාළු වුනා.තව ඒ පෝස්ට් එකේ කියවුන අර මට කෙල්ල ගැන කේළම් කියපු එකා අද අපෙන් සදහටම සමු අරන් යන්න ගිහින්.හැබැයි අර කෙල්ල මාව දාල ගිය එක ගැන හිතල බලනකොට මට අද සතුටු වෙන්න පුළුවන්.මොකද අද වෙනකොට එදා හිටියට වැඩිය ගොඩාක් හොඳ,ලස්සන,රටක් වටින වස්තුවක් මාත් එක්ක,මගෙ මුළු ආත්මෙත් එක්කම බැඳිල ඉන්න නිසා.අනේ මන්ද..අවුරුදු 2ක් තිස්සෙම කෝඩුකාරයාගෙ අඩවිය පාළුවට ගිහින් තිබුන නිසා බ්ලොග් යාළුවො හැමෝටම කෝඩුකාරයව අමතක වෙලා ගිහින් ද දන්නෑ...එහෙම වෙලා තිබුණත් මට මුකුත් කියන්න බෑ..මොකද වැරැද්ද මගේ අතේ නිසා...ඒ වැරැද්දට මගේ සයිබර් යාළුවො හැමෝගෙන්ම මන් සමාව ඉල්ලනව...හැබැයි අද මම එක පොරොන්දුවක් වෙන්නම්...ආයිත් කෝඩුකාර යාළුව කෝඩුකාර හීනත් අරගෙන,අන්තිමට ලිය ලිය හිටපු නිලඹර වසන්තය කතාවෙ ඉතිරි ටිකත් අරගෙන එනවා...සත්තයි.පරණ යාළුවන්ට ඒ යාළුකම අලුත් කරගන්නත්,අළුත් යාළුවන්ට යාළුකම් ඇතිකරගන්නත් ආදරණීය ආරාධනයක් කරන ගමන් අදට නවතින්නම් යාළුවනේ...

මම මෝඩ කාලකන්ණි හරකෙක් කියල හොඳට තේරුනා


කාලෙකින් බ්ලොග් එකට ලියන්න බැරිවුන එක ගැනවත් කතාවෙ ඉතිරි ටික නොදාපු එක ගැනවත් ඔයාලගෙන් සමාව ඉල්ලන්න මේක සුදුසු වෙලාවක් නොවන නිසාදැන් මම ඒ ගැන කතා නොකර ඉන්නම්.මේ පෝස්ට් එක මම ලියන්නෙ සෑහෙන ආවේගෙකින්.ඒකට හේතුව මම කෙටියෙන් කියන්න හදන්නෙ.....
              අද උදේ අපිට වඩා අවුරුද්දකින් වැඩිමල් කොල්ලෙක් ඇවිත් මට මම ආදරය කරන කෙල්ල ගැන නරක ආරංචි වගයක් කිවුව.කොටින්ම කිවුවොත් ඌ කිවුවෙ මම ආදරේ කරන කෙල්ල හැම එකත් එක්කම යන බඩුවක් කියල.තව ඒකි ඒ කොල්ලත් එක්ක මම ගැන කියල මට නිතරම බනිනව කියලත් කිවුව.තව තව සෑහෙන කතා ගොඩක් කිවුව.ඒ ඩේවල් බ්ලොග් එකක පල කරන්න නුසුදුසු නිසා මම ඒ දේවල් ගැන කියන්න යන්නෙ නෑ.ඔය වගේ දෙයක් ඇහුවහම කොන්දක් තියන ඕනම එකෙක්ට තද වෙනව කියල දන්නෝ දනිති.ඒ වෙලේ ආව ගැම්මට මමත් අරූ කියපු දේ අහල මෝඩ හරකෙක් වගේ ගිහින් මම ලවු කරන කෙල්ලට බැන්න.ඒ බැන්න බැනිල්ලෙ අවසන් පද කිහිපය උනේ "මට හැම එකා එක්කම යන බඩු යාලු කරගන්න ඕන නැහැ" කියන එක.ඔන්න ඉතින් ඕක අහපු මේකි හොඳටම අඬන්න පටන්ගත්ත.ඇස් දෙක රතු වෙලා ඉදිමෙනකම් ඇඬුව.අඬන ගමන් මෙයා එයාගෙ යාලුවන්ට දිවුර දිවුර කියල තියනව එයා එහෙම කෙනෙක් නෙමේ කියන එක.ඔන්න ඉතින් ටික ටික තරහ අඩු වෙන්න අඩුවෙන්න මටත් සිද්ධිය පැහැදිලි වුනා.මට ඒ වෙලේ හොඳටම තේරුම් ගිය එක දෙයක් තමයි මම කිසිම දෙයක් ගැන දුර දිග හිතල නොබල හදිස්සි ආවේගෙට වැඩකරල පස්සෙ පසුතැවෙන මෝඩම මෝඩ කාලකන්ණි හරකෙක් කියන එක.දැන් මම ඒ කෙල්ලට කියපු එක වැරදි වචනයක් නිසා මම මගෙන්ම පලිගන්නව.ඒ දුක පොඩ්ඩක් හරි අඩු වෙනකම් මම මටම දඬුවම් කරගන්නව.

අද පෝස්ට් එකනම් ඔයාලට මෙලෝ වැඩකට නැතුව ඇති.ඒත් මගේ හිතේ තියන දුක පොඩ්ඩක් හරි අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ පෝස්ට් එක ලිවුවෙ.මේකෙ කිසිම වැරැද්දක් හොයන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම පෝස්ට් කරන්නෙ මගෙ අතින් වෙන්න ඕන ලොකුම වැරැද්දක් වෙලා ඉවර නිසා.

නිලඹර වසන්තය.....(7 කොටස)


ගොඩාක්ම ගොඩාක් කාලෙකට පස්සෙ නැවතත් කෝඩුකාරය බ්ලොග් කරලියට පැමිණිලා.මේ මාස ගානක් එක දිගටම යෙදිල තිබුන වැඩත් එක්ක බ්ලොග් එක පැත්තට එන්න නොලැබුන එකට සියල්ලෝම සමාවෙන්න ඕනෙ.දැන් ඉතින් අහයි මේ පොඩි එවුවන්ට මොන වැඩද කියල.පහුගිය දවස් ටිකේ යෙදිල තිබුන විශාලම වැඩේ තමයි උපුල් ශාන්ත සන්නස්ගල නම් ගුරුවරයාගේ පන්තිය විසින් සංවිධානය කරපු මහා කලා උළෙල.ඒ ගැන විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්.තව මේ අහිංසක කෝඩුකාරයා කැමරාකරණයෙන් සහ වීඩියෝ සංස්කරණයෙන් සහභාගී වූ ඇතුලාන්තය නම් කෙටි චිත්‍රපටය.ඉතින් මේ සියලු වැඩ හේතුවෙන් තමයි මට කෝඩුකාරයාග්‍ර අඩවිය පැත්තට එන්න බැරිවුනේ.ඔන්න ඉතින් නිලඹර වසන්තයේ මීලඟ කොටසත් එක්ක අද මම කෝඩුකාරයාගේ අඩවියට ඇවිල්ල තියනවා.

.....................................................................

"මම ඔයාව හෙට උදේ හම්බවෙන්නමයි කියල හිතාගෙන හිටියේ."
දේවින්ද කතාවට මුලපිරුවේය.
"ඒ මොකටද මාව හම්බවෙන්න හිටියේ.."
"පොඩි කාරණාවක් ගැන දැනගන්න...."
"දැන් ඉතින් හෙට හම්බවෙන්න ඕන නැහැනේ.දැන් හම්බවෙලානෙ ඉන්නේ..එහෙනම් දැන් කියමුකො බලන්න කාරණාව."තාරකා ලතාවකට මෙන් ඇද පැද පැවසුවාය.
"ඔයා කාරණාව ගැන දැන දැනත් මොකක්ද කාරණාව කියල මගෙන් අහන්නෙ ඇයි නංගි."දේවින්ද එම ප්‍රශ්නය ඇසුවේ එකෙල්ලේම තාරකාගේ ඇස් දෙක වෙත නෙත් හෙලමිනි.
එම ප්‍රශ්නය හමුවේ තාරකා නිරුත්තර වූවාය.එයට දෙන පිළිතුර කුමක්දැයි ඇයට එක්වරම වටහා ගැනීමට අපහසු විය.
දෙදෙනා අතර දැඩි නිහඬතාවයක් ඇතිවිය.
"ඒ කියන්නේ නිහඬතාවයෙන් පෙනී යන්නේ විරෝධතා නොමැති බවයි.එහෙමද?"දේවින්ද ඇයට වඩාත් ප්‍රශ්නය පහසු කරවීය.
"කවුද එහෙම එකක් කිවුවෙ...."තාරකා ලැජ්ජාවෙන් යුතුව බිම බලාගෙන ඇසුවේ තම නලලත වෙත වැටුනි කෙස් රොදක් පිටුපසට කරමිනි.
"එහෙනම්...?"
"ම්......අනේ මන්ද."තාරකා එතැනින් ඉවත්ව මිදුල කරා පියමැන්නාය.
දේවින්ද ඇගේ පිටුපසින් මිදුල වෙත පියමැන්නේය.තාරකා දේවින්දට පිටුපා මිදුලේ තිබූ විශාල අඹ ගසේ කඳට වාරු වී සිටියාය.ඇය තම ජීවිතයම දේවින්දගේ සන්තකයට පුද දීමට සූදානම් වී සිටියේ මීට පෙර සිටයි.එනමුදු ඕනෑම යුවතියක මෙන් ඇයද,එක්වරම දේවින්දට පිළිතුරක් නොදුන්නාය.තමන් සතු වූ කුළුඳුල් ආදරය අන් අයෙකු වෙත පුදදීම පිලිබඳව නැවත නැවතත් සිතිය යුතුය.එම ආදරය පරාජය වුවහොත් නැවතත් තම ජීවිතය යථා තත්වයට පත්කොට ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.එම නිසා දේවින්ද ඇය හට බාධා නොකර තවදුරටත් කල්පනා කිරීමට ඉඩ සලස්වා එතනින් ඉවත්ව යෑමට සැරසුණි.
"දේවින්ද අයියේ......"
"මම අහගෙන නංගි ඉන්නේ...කියන්න"
තවමත් ඔවුන් දෙදෙනා සිටිනුයේ එකිනෙකාට පිටුපාගෙනය.තාරකා එක්වරම පිටුපස හැරී දේවින්ද වෙත පියමැන්නාය.ඔවුන් දෙදෙනාගේ දෑස් එකිනෙක ගැටිණි.තත්පර දහයක් පමණ ඔවුන් එකිනෙකා දෙස නිහඬව බලා උන්නෝය.
"දේවින්ද අයියේ...මම කවදාකවත්ම මගේ දෙමවුපියන් ඇරෙන්න වෙන කාටවත් ආදරය කරපු කෙනෙක් නෙමෙයි.මට තේරෙන කාලෙ ඉඳලම මගේ හිත ඇතුලෙ කෙනෙක් සක්මන් කරනව වගේ මට තේරුණා.ඒ මගේ හිතේ ඉන්න කෙනාගෙ මෙන්න මේ වගේ දේවල් තියෙන්න ඕනෙ කියල මම හිතුව.මම කවදාකම හරි මගේ ආදරේ පූජා කරන්නෙත් මෙන්න මේ වගේ ආදරවන්තයෙක්ට කියන එක මගෙ හිත ඇතුලෙ ඇඳිල තිබුණ.හැබැයි ඒ පුද්ගලය කවදාවක්වත්ම මගේ ඇස් ඉස්සරහට ආවෙ නෑ.මගේ ආදරේ ඉල්ලගෙන කොල්ලො ඕනතරම් මගේ පස්සෙන් එන්න ඇති.හැබැයි මම හොයපු ගතිගුණ ඒ එක්කෙනෙක් ගාවවත් තිබුනෙ නෑ.හැබැයි එක දවසක් කෙනෙක්ව මට මුණගැහුනා.එයාව පලවෙනිපාරට දකින වෙනාවෙ මගෙ ඇඟට මොකක්ද වීගෙන ගියා.මේ ඉන්නෙ මගේ හිතේ ඇඳුන කෙනාමද කියල මට හිතුන."
තාරකා මහත් හැඟීමකින් යුක්තව කියාගෙන ගියාය.දේවින්ද එය අසා සිටියේ දැහැනකට සමවැදුනාක් මෙණි.
"ඔයා ඒ දැක්ක කෙනා මම ද?"දේවින්ද විචාලේය.
"ඔව්.....ඒ..ඔයා..තමයි...මම ඉස්සර ඉඳල හිතාගෙන හිටියේ මගේ හිතේ ඉන්න කෙනාව මට හම්බවුන දවසට එයා මගෙන් ආදරේ ඉල්ලන්න කලින් මම එයාගෙන් ආදරේ ඉල්ලනව කියල......"තාරකා දේවින්දගේ අතකින් අල්ලා ගත්තාය.
"මම මේ හැමදෙයක්ම දාල එන්නම්..... මගෙ අයිය මාව බාරගන්නව නේද?"තාරකා එම වදන් කිහිපය ඇසුවේ දේවින්දගේ දෙනෙත් දෙස එකෙල්ලේ බැල්මක් එල්ලකරමිනි.

දෛවයේ ප්‍රථම ප්‍රශ්ණය එයයි..........දෙදෙනාගේම දෑස්වලින් කඳුලු බිඳු වෑහෙන්නට සූදානම්ව තිබිණි.මෙතරම් ලෙහෙසියෙන් තමාගේ ආදරය තමාට ලබාගැනීමට හැකිවෙතැයි දේවින්ද කිසිවිටෙකත් නොසිතුවේය.

"මේ හැමදෙයක්ම දාලා එන්න තරම් මාව වටිනවද...?"දේවින්ද ඇසුවේ ඇගේ මුහුණ තම දෝතට ගනිමිනි.

"ඔව් රත්තරනේ ඔව්....ඔයා මගේ හිතට ගොඩාක් වද දුන්න.ඔයා දැක්ක දවසෙ ඉඳල,ඔයත් එක්ක කතාකරපු දවසෙ ඉඳල මට එක රැයක් හරියකට නිදාගන්න හම්බවුනේ නෑ......ඇස් දෙක පියාගත්ත ගමන් ඔයාගෙ මූණ හැම තැනම පේනව......එහෙම එකේ මට ඔයාව වටින්නෙ නැතිවෙයිද...?.ඔයාව මට කොච්චර වටිනවද කියන එක වචනවලින් ලියල නිමකරන්න බෑ...."
තාරකාගේ දෑසින් කඳුළු කැට කඩාහැලෙද්දී ඇය කීවාය.ඇය මෙතෙක් කල් තමාට නොකී ආදරය කඳුලු බවට පත්වී දෝරෙගලමින් කඩාහැලෙන දෙස ඔහු බලාසිටියේ මහත් සංවේගයකිනි.
"ඇයි වස්තුවේ මේ හොඳටම අඬන්නේ....මේක අඬන්න ඕන වෙලාවක් නෙමේ...හිනාවෙන්න ඕන වෙලාවක්.ඔය බලන්න,ඔයාගෙ ඇස් දෙකත් රතුවෙලා...දැන් ඔය කඳුලු පිහිදාගන්න.අම්මල දැක්කොත් මොනව හිතයිද දන්නෙ නෑ..."දේවින්ද මහත් ආදරයකින් යුතුව පැවසුවේය.
"අනේ මට අඬන්න දෙන්න අයියේ....මේ මගේ ඇස් වලින් පිටවෙන්නෙ කඳුලු නෙමෙයි.ඔයා වෙනුවෙන් මගේ හිතේ තියන ආදරය....ඒක නිසා මට අද ඇති තරම් අඬන්න දෙන්න අයියේ.....ඇති තරම් අඬන්න දෙන්න........."
ජීවිතේ කිසිම දිනක නොහැඬූ පරිද්දෙන් තාරකා දේවින්දගේ පපුවේ හිස හොවාගෙන හැඬුවාය.

නිලඹර වසන්තය.....(6 කොටස)



නිලඹර වසන්තය.....(5 කොටස) මෙතනින් කියවන්න
.................................................................


"මල්ලී.....මල්ලී......නැගිටිනවකො හලෝ."
"මොකද ඕයි....පොඩ්ඩක් ඇලවෙන්න කියල ඇඳට වැටුන විතරයි,ඇවිල්ල වද දෙන්න ගන්නවා."අඩවන් දෑසින් යුතුව දේවින්ද පැවසීය.
"මේ....මේ හවස හයට කවුද හලෝ නිදාගන්නෙ.නැගිටල පොඩ්ඩක් කඩේට ගිහිල්ල එනවකෝ.අද තාත්තගෙ යාළුවො වගයක් එනවලු."
"ඉතින් මට මොකෝ....තාත්තගෙ යාලුවො එනවනම් ඒක ගිහිල්ල තාත්තට කියනව.මට මොනවද කියන්නෙ."
"තාත්තට කියන්න දෙයක් නෑ හලෝ....තාත්ත දන්නව.අම්ම කිවුව ඔයාට කඩේට ගිහිල්ල ටිකක් ලොකු අයිස්ක්‍රීම් එකක් අරගෙන එන්න කියල.ඉක්මනට යනවකො.ඒ මිනිස්සු දැන් මග එනවත් ඇති.ඉතින් කිවුවම යනවකෝ......."අයේෂා තම සොයුරාට කිති කැවුවාය.
"යනවකො හලෝ පව් නොදී........මම යන්නම්.හැබැයි පයින්නම් බෑ.තාත්තගෙන් බයික් එකේ යතුර ඉල්ලල දෙනවා."
"තමුසෙගෙ හැටි මම දන්නවනේ.ඒක නිසා මම යතුරත් ඉල්ලගෙනම තමයි ආවෙ.ආ.....මෙන්න.ඉක්මනට ගිහින් එනවා."ඇය දේවින්ද අත පියාගේ මෝටර් සයිකලයේ යතුර තැබුවාය.
ඇඳෙන් බිමට බට දේවිඳ ටී ෂර්ටයකුත් කොට කලිසමකුත් හැඳ ගෙදරින් එලියට බැස්සේය.
"පොඩි පුතා......බයික් එකේ යනවනම් ඕකට පෙට්‍රල් ටිකකුත් දාගෙනම එන්න."නිවසේ සිට පැමිණි දේවින්දගේ පියා ඔහු අත රුපියල් පන්සියයේ කොලයක් තැබුවේය.
"ඔය පන්සීයෙම ගහගෙන එන්න.සැරින් සැරේ මේකට තෙල් ගහන්න දුවන්න බෑ."ඔහු දේවින්දට පැවසීය.
"හරි...මම ගහගෙන එන්නම්."යතුරු පැදිය පණගන්වමින් දේවින්ද පැවසුවේය.යතුරු පැදිය පණගන්වාගත් දේවින්ද පවනට බඳු වේගයෙන් නිවසේ සිට මහා මාර්ගය වෙත යතුරු පැදිය ධාවනය කරවීය.
"මොකද ඔච්චර හදිස්සි.ඕක හෙමින් එළවනවා."දේවින්දගේ පියාගේ කටහඬ වාතලයට මුසුවිණි.
පැයට කිලෝමීටර් 50ත් 60 අතර පමණ වේගයෙන් යතුරු පැදිය පැදවූ දේවින්දට විනාඩි 10කින් පමණ කඩ වීදිය වෙත ලඟාවීමට හැකිවිය.කඩපෙලෙහි ඇති එක් වෙළඳ සැලක් ලඟ යතුරුපැදිය නැවැත්වූ දේවින්ද ලීටර් 4ක වැනිලා අයිස්ක්‍රීම් කෑන් එකක් මිලදී ගත්තේය.ඉන්පසුව තෙල් පිරවුම්හල වෙත යතුරුපැදිය ධාවනය කරවූ දේවින්දය පැය භාගයක් පමණ ගතවනවිට නැවතත් නිවස වෙත ලඟාවීමට හැකිවිය.

යතුරුපැදිය ගෙමිදුලට හරවනවාත් සමගම දේවින්දගේ නෙත ගැටුනේ අළු පැහැගත් ටොයොටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකි.තම පියාගේ යහළුවන් පැමිණ ඇති බව වටහාගත් දේවින්ද ඉදිරිපස දොරින් ගෙතුලට ඇතුල් නොවී පිටුපස දොරින් ගේ තුලට ගමන් ගත්තේය.
           පිටුපස දොරට ආසන්න වනවිට තම සොහොයුරිය තවත් කවුරුන් හෝ සමග කතාකරමින් සිටින බව දේවින්දගේ දෙසවන වැකුණි.
"මොනවා......මට ඇහුන හැටි වැරදිලාවත්ද,නැත්නම් මට ඇහුනෙ ඒ කටහඬමද?"
ඒ පැණයත් සමගම දේවින්ද පිටුපස දොරින් ගෙට ඇතුලු විය.එක්වරම දුටු දසුනින් පුදුමයට පත් දේවින්දගේ අතේ තිබූ අයිස්ක්‍රීම් බෑගයද බිම වැටෙන්නට ගියේය.
"දේවින්ද අයියෙ ඔයා..........."තාරකාගේ කටහඬේ ඉමහත් විශ්මයක් ගැබ්වී තිබුණි.
"ඔයා මෙහෙ...?"දේවින්ද ද විශ්මය ගැබ් කොටගත් කටහඬකින් යුතුව ඇසුවේය.
"පොඩ්ඩක් ඉන්න,පොඩ්ඩක් ඉන්න.....දැන් එතකොට ඔය දෙන්න මීට කලින් හොඳට අඳුනනව වගේ......."අයේශා පැද්දට පැන්නාය.
"ඔව් හලෝ.....මතකද දවසක් මම කිවුව බාස්කට්බෝල් ප්‍රක්ටිස් වෙලාවෙ කෙල්ලෙක්ව වැටිල එයාව ගිහිල්ල දාන්න එයාලගෙ ගෙදර ගියා කියල.තමුසෙ එදා ඒ කතාව විශ්වාස කලේ නෑනෙ."
"ඉතින්.........."
"ඉතින් කියන්නෙ......ඒ කෙල්ල තමයි දැන් ඔය ඔයාගෙ ඉස්සරහ හිටන් ඉන්නෙ..."දේවින්ද තාරකාව පෙන්වා පැවසුවේය.
"ආ.....එහෙමද?"අයේශා කට ඇද කරමින් පැවසුවාය.තවත් ටික වෙලාවක් ඔවුන් සමග කතාකරමින් සිටි දේවින්ද යුවතියන් දෙදෙනා ද් කැටුව සාලය වෙත පිය මැන්නේය.
"අම්ම පොඩ්ඩක් බලන්නකෝ මෙන්න මෙයාව මතකද කියල....?"තාරකා සලයට පිවිසුනේ තම මවට දේවින්දව පෙන්වමිණි.
"ආ......මේ දරුව ඉන්නෙත් මෙහෙමද?"තාරකාගේ මවත් එක්වරම විමතියට පත්විය.
"ඔව්...මේ අපේ පොඩි පුතා දේවින්ද.මිසිස් ගුණසේන කොහොමද අපේ පුතාව දන්නෙ?"
"මෙන්න මේකනේ අම්ම සිද්ධිය..........................."සියල්ලන්ගෙන්ම ප්‍රශ්ණ වැලකට මුහුන දීමට අකමැති වූ දේවින්ද සියල්ලන්ටම සිද්ධිය විස්තර කර දුන්නේය.
ඉන් ටික වේලාවකට පසුව එතනින් දේවින්දගේ පියා සහ ගුණසේන මහත්මා කාමරයක් තුලට යෑමට සැරසුණි.ඔවුන් ඉවතව යන්නේ මත්පැන් පානය සඳහා බව සියල්ලන්ටම ක්ෂණයෙන් වැටහිණි.
"ඔයා ඩ්‍රින්ක්ස් ගත්තට කමක් නෑ....හැබැයි ඉතින් ආයිත් කාර් එක ඩ්‍රයිව් කරගෙන ගෙදර යන්න ඕනෙත් ඔයාමයි කියල මතක තියාගන්න ගුණේ....."තාරකාගේ මව තම සැමියාට අවවාදයක් අයුරෙන් පැවසුවාය.
තවත් ටික වේලාවක් ආගිය තොරතුරු කතාකරමින් සිටි දේවින්දගේ මව රාත්‍රී ආහාරය පිළියෙල කිරීම සඳහා සූදානම් වූවාය.
"අපේ අයේශා දුව තනියම කුස්සියේ වැඩ ඇති.ඔයාල ටිකක් කතා කර කර ඉන්නකෝ...මම ඒ පැත්තට ගිහිල්ල එන්නම්."දේවින්දගේ මව පැවසුවාය.
"පොඩ්ඩක් ඉන්න.මමත් එනවා......යාලුවො දෙන්න කතා කර කර ඉන්නෙ නැතෑ.."තාරකාගේ මවද දේවින්දගේ මව සමග සාලයෙන් එපිටට පියවර මැන්නාය.
දේවින්ද සමග තාරකා පමණක් සාලය තුල තනි වූහ.