Buscar

Páginas

ස්පන්දන..


ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුල රොමෑන්ටික් චිත්‍රපට,ත්‍රාසජනක චිත්‍රපට,ළමා චිත්‍රපට,ඓතිහාසික චිත්‍රපට ආදී වශයෙන් කොටස් ගණනාවක් දැකිය හැක.එනමුත් බොලිවුඩ් හා හොලිවුඩ් සිනමාව තුල පවතින,ශ්‍රී ලාංකික සිනමාව තුල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන චිත්‍රපට වර්ගයක් ලෙස අද්භූත කතා නැතහොත්  Horror යන චිත්‍රපට වර්ගය හැඳින්විය හැක.

චිත්‍රපට නිර්මාණකරුවන් මෙම වර්ගයේ චිත්‍රපට නිර්මාණය නොකරන්නේ ඇයිද යන්න මහත් වූ පැනයකි.විටෙක ශ්‍රී ලාංකික සංස්කෘතිය තුල ඇතිකරගන්නා මතවාද තුල ජනයා මෙම අද්භූත ගණයේ චිත්‍රපට නැරඹීමට අකමැත්තක් දක්වනවා ඇතැයි ඔවුන් අනුමාන කරනවා වන්නට ඇත.නැතහොත් ඒකාකාරී වූ කතාංග මාලාවකින් ඔබ්බට යෑමේ අවදානම විසින් චිත්‍රපට නිර්මාණකරුවන් විසින් ත්‍රාසය සහ භීතිය දනවන චිත්‍රපට නිර්මාණයෙන් වලකනවා විය හැක.

නමුත් මෙම අවධානම නොතකා තාරුණ්‍යයේ සුන්දරතම සිනමාකරුවකු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් ලෙස ස්පන්දන චිත්‍රපටය හැඳින්විය හැක.මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ සුනෙත් මාලිංග නම් තරුණ සිනමා නිර්මාණකරුවා යි.

ත්‍රාසය සහ භීතිය දනවන චිත්‍රපටයක් ලෙස නිර්මානයට නැගෙන ස්පන්දන චිත්‍රපටය හුදෙක් ලාංකේය සිනමා ඉතිහාසය තුල වෙනත්ම රැල්ලක් ඇතිකරවිය හැකි චිත්‍රපටයක් ලෙස අපට අනුමාන කල හැක.ආදර කතාවක් මධ්‍යයේ ත්‍රාසය සහ භීතිය දන්වමින් දිවෙන මෙම කතාංගයේ සෑම රූපරාමුවක් තුලින්ම ඔබට කුතුහලය රැගෙන එයි.අප හට සැබෑ ජීවිතයේදී ඇස නොගැටෙන දර්ශන රාශියක් විශේෂ ප්‍රයෝග සහ නවීන තාක්ශණික ශිල්ප ක්‍රම යොදාගනිමින් මෙම චිත්‍රපටයේ තත්වය ඉතාමත් ඉහල තලයකට රැගෙන ඒමට සුනෙත් මාලිංග ඇතුළු ඔහුගේ කණ්ඩායම සමත් වී ඇත.

රොෂාන් රණවන,ශලනි තාරකා ඇතුලු රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් හැඩගැන්වෙන ස්පන්දන චිත්‍රපටය මේ මස,එනම් මාර්තු මස 18වන දින සිනමාහල් රැසක තිරගතවීම ඇරඹේ.
සුනෙත් මාලිංග අධ්‍යක්ෂණයෙන්,ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්ෂණයෙන්,ශාන් අල්විස් සංස්කරණයෙන්,උදය ශ්‍රී වික්‍රමසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් මෙම චිත්‍රපටයට දායක වී ඇත.

තවත් එක් වාණිජමය චිත්‍රපටයක් පමණකට සීමා නොවන ස්පන්දන චිත්‍රපටය නරඹා රසවිඳීමට ඔබ ඇතුලු පවුලේ සැමට මාර්තු 18 වනදා සිට අවස්ථාව හිමිවී ඇත.