Buscar

Páginas

නිලඹර වසන්තය.....(4 කොටස)


නිලඹර වසන්තය.....(1 කොටස)
නිලඹර වසන්තය.....(2 කොටස)

නිලඹර වසන්තය.....(3 කොටස) මෙතනින් කියවන්න

*********************************************************************************



මිතුරු මිතුරියන්ගේ කවට වදන් හමුවේ දවස ගතවී යනු තාරකාට කිසිසේත්ම නොදැනිණි.තාරකාගේ නිවසින් නික්මෙන්නට සූදානම් වූ අවස්ථාවේදී දේවින්දගේ මුහුණේ තිබූ ශෝකය මුසු වූ අවිහිංසක බැල්ම ඔවුන් ගිය පසුත් තාරකාගේ සිතේ සිතුවම් වී තිබිණි.
             දේවින්දව දකින වාරයක් වාරයක් පාසා තාරකාගේ සිතට මහත් ව්‍යාකූලභාවයක් නොදැනුනා නොවේ.
ජීවිතයේ මෙතෙක් නොසිතන යමක් දැන් දැන් සිතන්නට පැමිණ ඇතැයි ඇයට දැනේ.තම හදවත් මලුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා පවත්වනු ලබන පිච්ච මල් පූජාව වැනි උතුම් වූ මංගල කටයුත්තකට පේ වන බව ඇයට හැඟේ.වෙනදා ඇඳේ පෙරළෙමින් කල්පනා කරන්නට දෙයක් සෙවුවද මෑතක වනතුරුම ඇයට එවැන්නක් හමුවී නැත.නමුත් දැන් එසේ නොවේ.අද හිත තමාගේ නොවේ වගේය.කෙනෙකු පැමිණ තම හිත ඔහුගේ යටතට යටත් කරගත්තාක් මෙනි.තාරකා කෙදිනකවත් හදවතේ හැඟීම වලට එරෙහි වී නැත.ඔලුවෙන් නොව හදවතින් තීරණ ගන්නට ඇය කවදත් ආශා කලාය.මලක පෙති පිපෙන්නේ කලාවකට ලතාවකටය.තමනුත් පැමිණියේ ජීවිතයේ මල් වාර කිහිපයක් පසුකරමින් වුවද පිපෙන්නට ඉඩ තිබියදීත් නොපිපුණේ මන්දැයි තාරකාට සිතුණි.දෛවයද එසේ විය යුතුය.වසන්ත සමයන් සියගණනක් පසුකලද නොපිපුණ කුසුමක් එක් ආදරබර සමනල බැල්මකදී මල සතු වූ සියක් පෙතිම විකසිත වී සමනල හදවතටම නතුවන අවස්ථාද නැතුවා නොවේ.නින්ද අහලකවත් නොවූ හෙයින් කාමරයේ තුබූ සීඩී ප්ලේයරය ක්‍රියාත්මක කල තාරකා ඇඳට වැටුණි.
කවුලු පියන්පත් වහන්න සඳළු තලාවේ....ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ.....
කසුන් කල්හාර ගැයූ සුමියුරු ගීය ඇයගේ හද පත්ලෙහි ගැඹුරුම තැනක් ස්පර්ශ කලා යැයි ඇයට හැඟුණි.ගීතයේ මිහිර විඳිමින් සිටි ඇය ටික වේලාවකින් නිදි කුමරියගේ පහසට නතු වූවාය.
සතියක් පමණ ඉකුත් වූ පසු තාරකාට ඇවිදින්නට හැකි දුරකට ඇගේ පාදය සනීපවී තිබුණි.මේ සතිය ඇතුලත දේවින්ද,අනුරාධා ඇතුලු තාරකාගේ මිතුරු කැල ඇයව බලන්නට දින හතරක් පමණ පැමිණියහ.
                අම්මෝ....මෙන්න ලෙඩ සනීප වෙලාද කොහෙද පාර දිගේ උඩ පැන පැන එනවා....සිනහ මලක් මුවග රඳවාගෙන මිතුරන් අතරට පැමිණෙන තාරකා දෙසට අත දිගුකර අනුරාධා පැවසුවාය.
"මොනවද මම එනව දැකලා කෙඳිරුවේ...?"මිතුරන් අතරට පැමිණි තාරකා අනුරාධාගෙන් ඇසුවාය.
"නෑ..මම මේ කිවුවෙ ආයිත්නම් ඔයාලගෙ ගෙදර යමු කියලා අපිට කවුරුත් කරදර කරන එකක් නෑ කියල.පහුගිය දවස් ටිකේ සමහර අයගෙන් පුදුම කරදරයක්නෙ තිබුනේ......"
"කවුද අපේ ගෙදර යමු කියලා ඔයාලට කරදර කලේ....?"
"අම්මේ මේ යකානම් මැරෙන්නෙ නෑ.....ඔන්න ඔය එන මනුස්සය තමයි අපිට මෙච්චර දවසක් වද දුන්නේ......"
එක්වරම තාරකාගේ මුහුණ ලැජ්ජාවත් සමග මුසුවූ කෝල බවකින් බිමට බරවිය.තම මිතුරන් පිරිවරාගෙන තමන් ඉදිරියට එන දේවින්දව ඇගේ දෑසට හසුවන්නට තත්පරයක්වත් ගතවූයේ නැත.
"ආ....ලමයගෙ ලෙඩ සනීපයි වගේ නේද?"
තාරකා අසලට පැමිණි දේවින්ද සිනාමුසු මුහුණින් යුතුව ඇසුවේය.
"තාරකාගෙ ලෙඩ සනීප වුනාට මොකද තවත් සමහර කට්ටියටනම් අමුතු ලෙඩක් හැදීගෙන එනව වගේ......."
අරවින්ද අනුරාධාට ඇඟිල්ලකින් ඇන පැවසුවේය.
"ඒ කතාවටනම් මමත් සම්පූර්ණ එකඟයි."
"උඹල හිතාගෙන ඇත්තේ කට්ටියම එකතු වෙලා එකෙක් දෙන්නෙක්ව බයිටට ගන්න එක මහ ලොකු වීර ක්‍රියාවක් කියල නේ....."දේවින්ද අරවින්ද වෙත කෝපය මුසු බැල්මක් හෙලමින් පැවසුවේය.
"ආ......මෙයා මොකද මේ අහසෙ පාවෙන තොප්පි ඔළුවට දාගන්නෙ...?"අනුරාධා පැවසුවාය.

මිහිර අමිහිර ගැබ් වූ වදන් අතරින් කෙලිලොල් තරුණ තරුණියන්ගේ දින එකිනෙක ගත විය.අසීමිත,අපරිමාණ ආදරයක් තමන්ගේ සිත් තුල පැවතියද දේවින්දත් තාරකාත් තම සිත තුල පවතින්නේ ආදරයක් යැයි තේරුම් ගැනීමට අපොහොසත් විය.


..................................................................................................................................................................


අද දින වෙනදාටත් වඩා ඉක්මනින් හිරු අහසට විත් යැයි දේවින්දට හැඟුණි.මේ වනවිට තාරකාත් දේවින්දත් එකිනෙකාට මුණගැසී මසකටත් වැඩි කාලයක් ගතවී තිබුණි.මේ කාලය තුල තමාත් තාරකාත් කෙතරම් සමීප වුණිදැයි දේවින්ද සිතුවේය.
ක්‍රීඩා උළෙලෙහි අවාසාන මොහොතේදී ප්‍රථම ස්ථානය ලබාගත් නිවාසය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී තාරකාත් දේවින්දත් ගැහෙන හදින් යුතුව එක ළඟට වී බලා සිටියහ.තාරකාගේ අත ඇය නොදැනුවත්වම දේවින්දගේ අතැඟිලි අතර පැටලිණි.
"මෙම වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය හිමිකරගන්නා නිවාසය වනුයේ................................"
මුලු ක්‍රීඩා පිටියේම හුන් ළමුන් සියලු දෙනා මීයට පිම්බාක් මෙන් නිහඬ විය.
තාරකාගේ දෑඟිලි දේවින්දගේ අතට වඩාත් තදවිය.ඇයගේ හුස්ම වැටෙන ශබ්දය දේවින්දගේ දෙසවන් තුල රැව් දෙමින් ඇසිණි.
"මෙවර ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය ලබාගන්නා නිවාසය වනුයේ....විජය නිවාසයයි..........!!"
එක්වරම මුළු ක්‍රීඩා පිටියම මහත් අත්පොලසන්නද නගමින් ප්‍රීතිඝෝශා පවත්වන්නට විය.දේවින්ද නොදැනුවත්වම ඔහුගේ නෙතඟින් ගිලිහෙන්නට බලා සිටි කඳුලු කැට දෙකක් ඔහුගේ කම්මුල තෙමමින් ඇදවැටුණි.ඔහු තාරකා දෙස බැලීය.මුහුණ පුරා දෝරෙගලනා නිමක් නැතු සතුටක් අතරින් තාරකාගේ සිනහමුසු මුහුණ ඔහුහට දක්නට ලැබිණි.දේවින්දත් තාරකාත් එකිනෙක වැළඳගත්තේ අපරිමිත වූ ප්‍රීතියක් දෙදෙනා අතර හුවමාරු කරගන්නට මෙනි.තවත් ඇසිල්ලකින් තමාගේ නිවාසය ජයග්‍රහණය කරා ගෙනයන්නට අපමණ වෙහෙසක් දැරූ දේවින්දව,විජය නිවාසයේ සියලු ළමුන් එක් රොක් වී කරමතින් තබාගෙන ප්‍රීතිඝෝශා පවත්වන්නට විය.
"මෙයා මොකද මේ කණ්නාඩිය දිහා බලාගෙන තනියම හිනාවෙන්නේ.....අනිමිසලෝචන පූජාවක්වත් පවත්වනවද?"
තම සොහොයුරියගේ හඬින් දේවින්ද ගැස්සී ගියේය.
අම්මෝ....මගේ හිත ගිහිල්ල තියන දුර...දේවින්දට සිතුණි.
"මම අනිමිසලෝචන පූජාවෙ නෙමෙයි...රුවන් සක්මනේ යෙදුනත් තමුසෙට තියන අමාරුව මොකක්ද....යනව යනවා.....ගිහිල්ල තමුසෙගෙ වැඩක් බලාගෙන ඉන්නව."දේවින්ද සොයුරියට පැවසුවේය.
"මට ඇති අමාරුවක් නෑ හලෝ...අන්න අම්ම කෑම කන්න කතා කරා..මම ඒක කියල යන්නයි ආවෙ."ඇය ගස්සාගෙන කාමරයෙන් එලියට ගියාය.
දේවින්ද පාසලට යෑම සඳහා හැඳ පැළඳ තම කාමරයෙන් නික්ම යන්නට සූදානම්වනවාත් සමගම දේවින්දගේ ජංගම දුරකතනය නාද විය.එය අතට ගත් දේවින්ද දුරකතන ඇමතුම කාගෙන්දැයි බැලුවේය.ඇමතුම අනුරාධාගෙනි.කෙදිනකවත් අනුරාධා දේවින්දට මෙතරම් උදෑසනින් කතාකර නැත්.මහත් කුතුහලයෙන් යුතුව දේවින්ද අනුරාධාව ඇමතීය.
"දේවින්ද..මට ඔයාට කියන්න ලොකු දෙයක් තියනවා."
"එහෙනම් ඉතින් ඉක්මනට ලොකු දේ පොඩියට පැහැදිලිව කියන්නකෝ...."
"විහිළු නෙමෙයි බං...මම අද ඉස්කෝලෙ එන්නෙ නෑ.උඹට පුළුවන්නම් අද ඉස්කෝලෙ ඇරෙන ටයිම් එකට බේක් හවුස් එක ගාවට වරෙන්.මම මේ කියන්න යන දේ උඹට ගොඩාක් වැදගත් වෙයි.ඒක නිසා විහිළුවකට ගන්නෙ නැතුව අද හවසට මාව හම්බවෙන්න වරෙන්.මම තියනවා."
දුරකතන ඇමතුම විසන්ධි විය.
අනුරාධා කෙදිනකවත් මෙතරම් බැරෑරුම් ලෙස කතා කරන්නේ නැත.මොකක් හෝ බරපතල කරුණක් විය යුතුය.අද පාසල ඇරී අනුරාධා හමුවීමට දේවින්ද සිතුවේය.

22 comments:

~~තරූගේ ලෝකය~~

මොකද්ද මේ වෙන්න යන්නේ...

Glimmer Girl

happe ayya lawwa post ekak liyawagane thiyene amaruwe,, athi yanthan ade dala ekak ,,. ade post ekath lassanay :D keep writing

කෝඩුකාරයා

~~තරූගේ ලෝකය~~ : බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා................

කෝඩුකාරයා

Glimmer Girl : පෝස්ට් දාන එකනම් වැඩක් නෙමෙයි නංගියෝ.....ඒත් ඉතින් කියවන්නත් කස්ටිය ඉන්න එපායැ...ඒත් ඉතින් ඔයා මම එදා අහපු දේට උත්තරයක් දුන්නෙ නෑනෙ....ඔයා බ්ලොග් එකක් කරන්නෙ නැද්ද?

Glimmer Girl

utharayak dunna ane ayyage 3 weni kotase damme post eke

Glimmer Girl

ane post danne puluwannam danneko ane man asay kiyawanne :) api inne kiyawanne :)

කෝඩුකාරයා

Glimmer Girl : ඔයත් බ්ලොග් එකක් පටන්ගන්න......ඔයා බ්ලොග් එකක් කරන්න කැමතිනම් මම ඔයාට දන්න කියන විදිහට සපෝර්ට් එක දෙන්නම්.

කෝඩුකාරයා

එක දිගටම කියවන්න දුන්නහම ඒකෙ අගයක් නැති වෙනවනෙ නංගියෝ......ඔච්චරටම කතා කියවන්න කැමතිද?ඔයා Facebook ඉන්නවද?

Glimmer Girl

ahhh ane thanks a lot ayya :) yeah i am in face book :) eke athe ayya digateme kiyawane duname ageyak na thama :)

Glimmer Girl

owwwww katha kiyawanne godak kamathi :) eke nikan pissuwak wage ekak ;)

කෝඩුකාරයා

Glimmer Girl : බැරිද මට Facebook Name එක කියන්න

කෝඩුකාරයා

Glimmer Girl : මට පේනව පිස්සුවක් තියනව කියල.......

Glimmer Girl

he he :P kiyane puluwan ayyage mail address eke mate kiwwoth man ewannam :)

කෝඩුකාරයා

මේ තියෙන්නෙ මගේ mail address එක.ඔයා කැමතිනම් විතරක් මට Facebook name එක එවන්න.
art2nirmal@gmail.com

Glimmer Girl

:)

කෝඩුකාරයා

;)

Glimmer Girl

ane oya chuuti malliyek ne man danne nane :) sorry hode btw i accepted you friend request :)

ගැමියාගේ පත් ඉරුව

පමා වුනාට සොරි මචං...

කතාව දිගටම කියෙව්වා අද ඇවිත්. මට නිකමට හිතෙනවා මේ ස්ථාන මේ අවට තියෙන ඒවද කියලත්... කතාව හොඳට ඇදෙනවා මලේ..

වැඩ අධික නිසා වැඩියෙම මේ දවස්වල වැඩිය බ්ලොග් කියවන්නේ නෑ දෙක තුනක් එකතු වෙනකන් ඉඳලා කියවන්නම් හොඳේ දිගටම ලියමු ජය වේවා

කෝඩුකාරයා

Glimmer Girl : ඒක නේන්නම්....අක්කට නංගි කියල කිවුවට Very Sorry.......

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව : පමා වෙලා හරි මේ පැත්තට ආව එකට බොහෝම ස්තූතියි ගැමියෝ.....ඔයාට හිතෙන දේ හරියටම හරි.....මේ මුළු කතාවෙම තියෙන්නෙ ඔයාල අවට වෙන සහ වුන දේවල් තමයි.පරක්කු උනත් කමක් නෑ අයියේ.....දිගටම කතාව කියවල කමෙන්ට්ස් එහෙම දාන්න හොඳේ.......

හිතුවක්කාරි

ආ.. දේවින්දට ඇයි හම්බෙන්න එන්න එන්න කියන්නෙ...??

කෝඩුකාරයා

හිතු:ඇයි කියල ඔයාම බලාගන්නකෝ..........