Buscar

Páginas

ඉස්කෝලෙ ජොලි වැඩක්....................



මම දැන් මේ කියන්න හදන්නෙ අපෙ ස්කෝලෙ වෙච්ච පොඩි සීන් එකක්.අපේ ස්කෝලෙ ඉන්නව පොරක් සි** කියල.මිනිහ තමයි අපේ සෙක්ශන් එකටම ඉන්න පිස්සුම පොර.ඌ කියන කතා වලට අපේ මිස්ල එහෙම බඩ අල්ලන් හිනාවෙන්නෙ.ඕනම කෙනෙක්ව හිනාගස්සන්න පුලුවන් හැකියාවක් මිනිහට තියනවා.ඌත් ඉතින් ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.හැබැයි ඉතින් ඌ පිස්සු කෙලිය කියල ඉගෙනගන්නෙ නැතුව ඉන්න එකෙකුත් නෙමෙයි.මාර බ්‍රයිට් කේස් එකක්.ඒ වගේම තමයි හැකියාවත්.ඕන වැඩකට ඔට්ටුයි.
ඔන්න ඉතින් දවසක් මූ කෙල්ලො ටිකක් ඉන්න තැනක මූ වටේට කැරකි කැරකි ඇම්බැක්කෙත් නැති කැටයම් වගයක් දානව.අපිත් ඉතින් බලාගෙන හිටිය මූ මොකද කරන්නෙ කියල.ඔහොම ටිකක් වෙලා ඉන්නකොට එකපාරටම බරාස්.............ගාල සද්දයක් ඇහුන.බලනකොට ඌගෙ කලිසම ඉරිල ගිහිල්ල පොට් එකෙන්ම.දැන් ඉතින් මූවත් දියවෙලා යන සයිස් එකට වටෙන්ම හොඳවැයින් හූ සංග්‍රහයක් මූට හම්බවේව.අපිටත් ඉතින් ඌගෙ පරම මිත්‍රයො හැටියට බලාගෙන ඉන්න බෑනෙ.කට්ටියත් එක්ක එකතුවෙලා වටකරගත්ත මූව.වටකරගෙන ශේප් එකේ මූව ටොයිලට් එකට අරගෙන ගියා.දැන් ඉතින් මොනව කියල කරන්නැයි.එකෙක් කිවුව "ඉක්මනට කලිසම ගලෝපන්"කියල.මූත් ඉතින් කිසි ගානක් නැතුව එතනම කලිසම බිමට අතඇරිය.ඊට පස්සෙ කොල්ලො දෙන්නෙක් කලිසමත් අරගෙන එලියට ගියා මහගෙන එන්න.උන් දෙන්න ආපහු කලිසම අරගෙන එනකනුත් මූ ටොයිලට් එක ඇතුලෙ ජො* පිටින් ෆැශන් ශෝ එකක් දානව.කොහොමහරි ඉතින් මූට ආපහු පන්තියට එක්කන් යනකොට පීරියඩ් දෙක තුනක් ගිහිල්ල.
අන්තිමට ඔන්න ඔහොමලු වුනේ...............................

4 comments:

Anonymous

මටත් දැන් මාස කීපයකට උඩදි ඔහොම අලකලංචියක් වුනානෙ මචන් ඔෆීස් එකේ සීන් එකකට ක්‍රිකට් ගහන්න පුරුදුවෙන්න ගිහින්.යන්තම් යාලුවෙක්ට කියල වාහනේ ගෙදරට දාගත්තෙ.

කෝඩුකාරයා

ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ටනෙ මචෝ........

෴෴සිහින කොදෙව්ව෴෴

අපොයි... හරියට මමත් ශර්ට් එක කනපිට ඇදගෙන MC එකට ගිය වගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නෙ...

$BuHuBaWa$*

patta pata pta