Buscar

Páginas

මෙහෙ ගෑනු ළමයි එහෙම නැද්ද?

ඔන්න ඉතින් දවසක් කෝඩුකාරයගෙ යාළුවෙක් කුරුණෑගල පැත්තෙ තියන ගමකට ගියා.ගියෙ කෝඩුකාරයගෙ වැඩකට.දැන් ඉතින් මූ එහෙට ගිහිල්ල කරන්න ඕන වැඩෙත් කරගෙන එහෙන් එන්න පිටත්වෙලා.(දැන් ඉතින් අහන්න එපා මොකක්ද වැඩේ කියල....ඇත්තටම ගියෙ අපේ වීඩියෝ එකකට හරියන location එකක් බලන්න.)කොහොමහරි මූ එන්න පිටත් වෙනකොට හොඳටම රෑ වෙලාලු.ඉතින් එච්චර රෑ වෙලා එන්න බැරි නිසා අහල පහල තියන ගෙදරක නැවතිලා ඊළඟ දවසෙ එන්න කියල හිතාගෙන ගියාලු නවතින්න තැනක් හොයන්න.ඔන්න හම්බවුනු පළවෙනි ගෙදරට මූ ගිහිල්ල දොරට තට්ටු කළාලු.
දොර ඇරියෙ ටිකක් මැදි වයසෙ ගෑනු කෙනෙක්ලු.ඊට පස්සෙ කෝඩුකාරයගෙ යාළුව කිවුවලු "මම මේ අපේ වීඩියෝ එකකට හරියන තැනක් හොයාගෙන කොළඹ ඉඳල ආවෙ,වැඩේ ඉවර වෙනකොට හොඳටම රෑ වුනා.ඉතින් මට අද රෑ මෙහෙ නවාතැන් ගන්න පුලුවන්ද?"කියල.ඒතකොට මේ ගෑනු කෙනා කියනවලු"අනේ මහත්තයෝ අපෙ ගෙදර ඉන්නෙ මමයි මගෙ ගෑනු දරුවො දෙන්නයි විතරයි.ඉතින් ගෑනු තුන්දෙනෙක් විතරක් ඉන්න ගෙදරක මහත්තයව නවත්තගන්නෙ කොහොමද?"කියල.ඊට පස්සෙ ඉතින් මූත් "හරි කමක් නෑ"කියල තව ඉස්සරහට ඇවිදගෙන ගියාලු.ටික දුර යනකොට තව ගෙයක් හම්බවුනාලු.ඉතින් බොහොම අමාරුවෙන් ඒ ගෙදරටත් ගිහිල්ල දොරට තට්ටු කලහම දොර ඇරියෙ හෙනම හෙන නාකි මෑන් කෙනෙක්ලු.ඉතින් දැන් මෙයා ඇහුවුවලු "සීයෙ,මම මේ කොළඹ ඉඳල වැඩකට ආපු ගමන්.වැඩේ ඉවරවෙනකොට හුඟක් රෑ වුනා.ඉතින් මට අදට විතරක් මෙහෙ නවතින්න පුලුවන්ද?" කියල.එතකොට සීය කියනවලු "අනේ කොලුවො,මේ ගෙදර ඉන්නෙ මේ නාකි මමයි,මෙගෙ කෙලි පොඩිත්තයි විතරයි.එහෙව් එකේ මහත්තයව මේ රෑ මෙහෙ නවත්තගත්තොත් ගම්මුන්ගෙන් හොඳ කතන්දර ටිකක අහගන්න පුලුවන් වෙයි.ඒක නිසා සමාවෙන්ඩ මහත්තයො මෙහෙනම් නවතින්න තැනක් දෙන්න විදිහක් නෑ"කියල.අනේ ඉතින්,මක් කොරන්නැයි?මහන්සි නොබල තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට දැක්කලු තව ගෙයක්.ඒ ගෙදරටත් ගිහිල්ල දොරට තට්ටු කලාම දොර ඇරියෙ හොඳ ලස්සන තරුණ කෙල්ලෙක්ලු.

ඉතින් මූ මම වැඩකට කොළඹ ඉඳල ආවෙ කියල ආයිත් අර සුපුරුදු රෙකෝඩින් එක දැම්මලු.විස්තරේ කියල ඉවර වෙනකොටම මේ කෙල්ල දඩා...ං ගාල දොර වහල.ඔන්න ඉතින් දැන්නම් මුගෙ රතු කට්ට පැනල.ඇයි ඉතින් දැන් මුගෙ වචන කොච්චර නාස්ති වෙලාද?යන යන හැම ගෙදරටම එකම වචන ටික කියන්න එපායැ.මූ හිතාගතත්ලු ඊළඟට හම්බවෙන ගෙදරට ගිහිල්ල මුලු විස්තරේම කියන්නෙ නෑ.විස්තරේ සාරාංශෙ විතරක් කියනව කියල.අනික ඉතින් මූ යන යන හැම ගෙදරම නවතින්න දෙන්න බෑ කියල කියන්නෙ ගෑනු ලමයි ඉන්නව කියලනෙ.
කමක් නෑ,තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනව කියල හිතාගෙන ඉස්සරහට යනකොට හම්බවුනාලු ටිකක ලොකු ගෙදරක්.ගෙදර දොරට තට්ටු කලාම ටිකක් හැඩි දැඩි,උස මහත,තරුන කොල්ලෙක් දොර ඇරියලු.ඉතින් දැන් මූ මුලු විස්තරේම කියන්නෙ නැ කියල හිතල කිවුවලු මෙන්න මෙහෙම."අයියේ,මෙහෙ ගැනු ළමයි එහෙම නැද්ද?"එහෙම කිවුවෙ හැම තැනම ගැනු ළමයි නිසා නවාතැන් දෙන්න බෑ කියපු නිසයි.ඊට පස්සෙ අර මිනිහ අහනවලු."මොකටද මහත්තයෝ ගෑනු ළමයි?" කියල.මූත් ඉතින් වචන නාස්ති කරගන්න බැරි නිසා කිවුවලු "නෑ අයියෙ,මට අද රෑට නිදාගන්න" කියල.දැන් මූට පේනවලු අර මිනිහගෙ මූන රතුවේගන එනව.ටිකකින් මේ මනුස්සය කිවුවලු "පොඩ්ඩක් ඉන්න මහත්තයෝ මම ඇතුලට ගිහිල්ල එන්නම්"කියල ඇතුලට ගියාලු.දැන් කෝඩුකාරයගෙ යාලුවට හරිම සතුටුයිලු.අයි ඉතින් අර මනුස්සය නවාතැන් දෙන්න කැමති වෙලා ඇතුලට ගියා කියලලු මූ හිතුවෙ.මෙන්න බොලේ......ඇතුලට ගිය මිනිහ තඩි පොල්ලකුත් උස්සගෙන එනවලු මූට කෙළින්න.මූත් ඉතින් අනිත් පැත්තට හැරිල දිවුවලු දිවිල්ලක්.......අර ගේ පේන්නෙ නැති තරම් ඈතට දුවල දුවල ගිහින් මූ කල්පනා කලාලු ඇයි මේ යකා මට ගහන්න ආවෙ,මම කිවුවෙ මෙහෙ ගෑනු ලමයි නැද්ද කියල විතරනේ.ඊට පස්සෙ ඌ මොකටද කියල ඇහුවහම මම කිවුවෙ නෑ මට අද නිදාගන්න කියල විතරනේ.ඈ..................මොකක් කිවුව...........මූට සීන් එක මීටර් වුනේ එතකොට තමයි.

6 comments:

Test Profile

උඹේ යාළුවා එදා රැ කොහෙද ඉඳලා තියෙන්නේ එත​කොට?

Anonymous

හුටා..

අනේ මලයෝ මෙන්න මෙහෙම කොරපන්කො.මම බොට දවසකුත් කීවා.
1. Go to your dashboard: http://www.blogger.com/home/
2. Click "Settings"
3. Click "Comments" in the Settings submenu (there is also a tab named "Comments" but that is the WRONG place).
4. Scroll down to where it says "Show word verification for comments?" and click on the "No" radio button.
5. Scroll down and click the "SAVE SETTINGS" button.

කෝඩුකාරයා

ඌ ඉඳල තියෙන්නෙ බස් හෝල්ට් එකේ.........කරුමෙට ඒ පැත්තෙ හොටෙල් නෑ.

කෝඩුකාරයා

හරි අයියේ........මට ඒක අමතක වුනා.සොරි වෙන්න ඕන.මම දැන්මම ඒක හදන්නම්.

දේව් ගේ අඩවිය

කොහෙද දැන් කුරුනැගල හොටෙල් නැත්තේ............. ආහ්... කියමු බලන්න

කෝඩුකාරයා

දැන් නෙමෙයි බන්....ටික කාලෙකට කලින්....අනික ඒ පැත්ත හෙන පාළු පැත්තක් බන්.