Buscar

Páginas

මම ඔට්ටුවක් අල්ලනව,මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනවාමයි.....

අද නිවාඩු දවසක් වුනාට දවස තිස්සෙම එක එක තැන්වල ගිහිල්ල ඇවිල්ල මාර මහන්සියි.ඒ වුනාට නිවාඩු දවසක් වෙලත් බ්ලොග් එක පැත්තට ආවෙ නැත්තම් නිකං කෑවෙ නෑ වගේ තමයි.ඒක නිසා මතක් වෙච්ච කතාවක් දාන්න හිතුන.


දවසක් බැංකුවක මැනේජර් කෙනෙක් බැංකුවේ මුදල් බැර පරීක්ෂා කරනකොට දැක්කලු එක අවුරුදු 17ක විතර කොල්ලෙකුගෙ එකවුන්ට් එකේ සතියකට සැරයක්වත් අනිවාර්‍යයෙන්ම රුපියල් 10000ක් දාල තියනවලු.ඉතින් මැනේජර් එතන හිටපු පියන් කෙනෙකුට කිවුවලු "මේ ළමය ආයිත් ආවොත් එහෙම මගේ කැබින් එකට එවන්න" කියල.
ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙම මේ ලමය සල්ලි දාන්න බැංකුවට ආවලු.එතකොටම පියන් කිවුවලු "අන්න මැනේජර් මහත්තය ඔයාට කැබින් එකට කතාකලා" කියල.මේ ළමයත් කිසි ගානක් නැතුව කැබින් එකට ගියාම මෙන්න මේ වගේ දෙබසක්ලු දෙන්න අතර ඇති වුනේ.දෙබස ඔයාලට කියන්න ලේසිවෙන්න මම අර ළමයගෙ නමට කසුන් කියල ආදේශක නමක් පාවිච්චි කරනව.

මැනේජර්:"ආ ඔයා නේද අර සතියකට සැරයක් රුපියල් 10000ක් පොතට දාන ළමය?"

කසුන්:"ඔව් සර්,ඒ මම තමයි."

මැනේජර්:"අපිට බොහොම සතුටුයි ඔය ළමය ගැන.ඔය වයසෙ තරුණ ළමයි ඉතුරු කරනව බොහොම අඩුයි.ඒ අතින් අපි බොහොම සතුටු වෙනව ඔය ළමය ගැන."

මැනේජර්:"ඇත්තටම ඔයා කොහොමද ඔයතරම් ගානක් සතියකට පොතට දාන්නෙ?"

කසුන්:"මම ඔට්ටු අල්ලනව සර්."

මැනේජර්:"ඔට්ටු අල්ලනව!ඒ මොනවටද?"

කසුන්:"මොකද කියන්නෙ සර්,සරුත් අල්ලමුද ඔට්ටුවක්?"

මැනේජර්:"හරි,මම කැමත්යි,මොකක්ද ඔට්ටුව?"

කසුන්:"මම රුපියල් 10000ක් ඔට්ටු අල්ලනව.හරියටම තව සතියක් යනකොට මැනේජර් මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනව,එහෙම ආවොත් මැනේජර් මහත්තය මට රුපියල් 10000ක් දෙන්න ඕනෙ.නැත්නම් මම ඔයාට රුපියල් 10000ක් දෙනව.ඔට්ටුද?"

මැනේජර්:"හරි,මම ඔට්ටුයි."

කසුන්ගෙ ඔට්ටුව හරියයිද කියල බලන්න හෙටත් කෝඩුකාරයාගෙ අඩවිය පැත්තට ඇවිල්ල යන්න එන්න.ඔයාලට හිතෙන දෙයක් Comment කරල යන්න.ඔයාලගෙ අදහස් මට මහමෙරක් තරම් වටිනව.

2 comments:

Anonymous

දැන් ඔය සතියට තව කල් තියෙනවද...

කෝඩුකාරයා

ඔන්න මේ වෙනකොට සතියකුත් ගෙවිල...........මගේ කතාවල සතියක් ගෙවෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.