Buscar

Páginas

"මහත්තයෝ.......කලිසම පහලට දාන්නකො"



සමහර කට්ටිය මේ Post එක දැම්ම කියල මට බනියිද දන්නෙ නෑ.මම මේක ලියන්නෙ වෙනත් ආගමකට අපහාස කරන්න එහෙම නෙමෙයි හොඳද....මේක නිකන් කතාවක් විතරයි.
අසංගයි,හිමාලියි යාළු වෙලා අවුරුදු දෙකක් විතර වුනා.දෙන්න ආගම් දෙකක වුනත් දෙන්නගෙ තිබුන ආදරය නිසා දෙමවුපියන් මේකට අකමැති වුනේ නෑ.කොහොමහරි අන්තිමට දෙමවුපියන්ගේ ආශිර්වාදයත් එක්ක මේ දෙන්නගෙ මංගල උත්සවයට සියලුම වැඩකටයුතු සූදානම් වුනා.අසංග ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් නිසා මංගල්‍ය ලෑස්ති කලේ ක්‍රිස්තියානි දේවස්ථානයක.කොහොමහරි මේ දෙන්නගෙ මංගල උත්සවයට කලින් දවසෙ රෑ හොඳටම වැස්ස.ඔන්න ඉතින් ඊලඟ දවසෙ,ඒ කියන්නෙ Weddin එක දවසෙ අසංග පල්ලියට යන්න කියල කාර් එකට නැගල ටික දුරක් එනකොට තමයි දැක්කෙ පල්ලියට යන පාර ඊයෙ වැහැපු වැස්සට හොඳටම යටවෙලා.පල්ලිය පේන දුර.ඉතින් කාර් එකට මෙතනින් එහාට යන්න බැරි නිසා අසංග කාර් එකෙන් බැහැල කලිසම දනහිස් දෙක ගාවටම නවාගත්ත.නවාගෙන පුලුවන් තරම් ඇඳුම වතුරෙන් බේරගෙන පල්ලියට ගියා.දන් මෙයා යනකොටත් කට්ටිය ඔක්කොම ඇවිල්ල.හිමාලිත් ඉන්නවා ලස්සනට ඇඳගෙන ඉස්සරහින්ම.ඉතින් අසංගත් ගියගමන්ම පල්ලියේ ෆාදර් බයිබලය එහෙම අතට අරගෙන කියවන්න පටන්ගත්ත.කියවගෙන යනකොට සැරින් සැරේ ෆාදර් අසංග දිහා අමුතු විදිහට බලනව.දෙතුන් සැරයක් මෙහෙම බලනකොට අසංගටත් තේරුනා ෆාදර් අමුතු බැල්මක් දානව කියල.ඉතින් අසංග අනිත් අයට නොදැනෙන විදිහට ඇහුව "ඇයි ෆාදර් අමුතු විදිහකට බැලුවෙ" කියල.ඒතකොට ෆාදර් කියනව "මහත්තයෝ කලිසම පහලට දාන්න" කියල.අසංගගෙ මූන රතුවුනා.අසංගටත් කරගන්න දෙයක් නැති නිසා හිනාවෙලා නිකන් හිටිය.ෆාදර් ආයිමත් කියනව "මහත්තයෝ කලිසම පහලට දාන්න" කියල.අසංගට දැන් ටිකක් තද වෙලා.ඇයි ඉතින් මල පනින්නෙ නැද්ද ලොකු සෙනගක් ඉස්සරහ මෙහෙම කියනකොට.කමක් නෑ...තව පොඩ්ඩක් ඉවසනව කියල අසංග හිතාගත්ත.දැන් ඔන්න ආයිත් ෆාදර් බයිබලය කියවගෙන යනව.තව ටිකකින් ෆාදර් ආයිමත් කියනව "මහත්තයෝ එක සැරයක් කිවුවහම කලිසම පහලට දාන්නකො" කියල.දැන්නම් අසංගට හොඳටම මල පැන්න.ඔන්න ඉතින් මූ ගත්තු කටටම කියපි"මේක මාර වැඩක්නෙ,මටවත් නැති හදිස්සියක්නෙ ෆාදර්ට තියෙන්නෙ"කියල.
ඔන්න ඉතින් ෆාදර් හොඳක් කරන්න ගිහිල්ල අහගත්ත දේ.........................
(සමහර කට්ටියට තාම නිකන් මඤ්ඤං වගේ ඇති.....කමක් නෑ.....තේරෙන්නෙ නැති අයට කියන්නම්.හදිස්සියට දුවගෙන එනකොට නවාගත්ත කලිසම් කකුල් දෙක පහලට දාන්න කියලයි ෆාදර් කිවුවෙ.)

7 comments:

Anonymous

හෙ හෙ මරුකථාව.කලිසම රෑට පල්ලෙහාට දැම්මම මදෑ.

සංකල්ප

හික්ස්. :)
ෆාදර් කියනවනම් පාත දාන්න නේ තිබ්බේ.

කෝඩුකාරයා

සිතුවම්:ඒකනෙ මචං,මූ ඒක තේරුම් ගත්තෙ නෑනෙ.................

කෝඩුකාරයා

මධුරංග:ඒ වෙලාවෙ පහලට දැම්මනම් මගුල් ගෙදර අස්සෙ මල ගෙවල් දෙක තුනකුත් වෙනව.............

දේව් ගේ අඩවිය

මේක වෙන්න ඇත්තේ අනිවා කොඩු කරයෙක්ටම තමා

කෝඩුකාරයා

අනිවා.............

ගැමියාගේ පත් ඉරුව

සිරාවට පට්ට ඈ