Buscar

Páginas

අඩෝ සිරිපාලය..... තෝ මම කතාකලාම............



මේක මේ අපේ සර් කෙනෙක් මට කියපු කතාවක්.සමහර අය නම් අහලත් ඇති.කමක් නෑ....කියවලම බලන්න.මෙන්න මේකයි කතාව.
ඔන්න දවසක් ශ්‍රී ලංකාවෙ බීච් එකක හිටපු සුද්දෙකුට ඕන උනාලු බෝට්ටුවක යන්න.ඉතින් සුද්ද එතන හිටපු මිනිහෙකුට දන්න සිංහල ටික ගැටගහල බොහොම අමාරුවෙන් ටිකක් ඈත යන බෝට්ටුවක් පෙන්නල කිව්වලු "මට අර බෝට්ටුවේ යන්න ඕනෙ කියල.ඉතින් අර සිංහල මිනිහ ඈත යන බෝට්ටුවට කෑගහල කිව්වලු "සිරිපාලයෝ...........මෙන්න මේ මහත්තයට උඹේ ඔය බෝට්ටුවේ යන්න ඕනෙලු.ඉක්මනට මේ පැත්තට වරෙන්" කියල.ඒත් ඉතින් බෝට්ටුවේ හිටිය සිරිපාලට මේක ඇහුනෙ නෑලු.
දැන් ඉතින් සුද්දට එකපාරටම හිතුනලු, ඒ සිංහල මිනිහට කොච්චර සාමාන්‍ය දැනීම තියනවද කියල බලන්න.සුද්ද උගෙ අතේ තිබුන දෙනෙතිය(අර ඇස් දෙකම තියල දුර බලන එක.ඕකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල මට මතක නෑ.)දීල කිවුවලු මේකෙන් බලලවත් බෝට්ටුවේ ඉන්න එකාට කතා කරපන් කියල.ඉතින් ඒ සිංහල මිනිහ බැලුවලු මොකද්ද යකෝ මේ භාන්ඩෙ කියල.කොහොම හරි සිංහල මිනිහ මේක ඇහැට තියල බැකුව.ඔන්න ඉතින් දැන් මේ යකාට හරි පුදුමයි.ඈත හිටපු සිරිපාලය ඉක්මනට ලඟට ඇවිල්ල කියලලු මූ හිතුවෙ.ඔන්න ඉතින් මූ හෙමිහිට කියනවලු,
"අඩෝ සිරිපාලය......... තෝ මම කතාකලාම ඇහෙන්නෑ වගේ ගියා නේද?"..............

6 comments:

Anonymous

හෙ හෙ සිරිපාලය ඇහෙන්නෑ වගේ ගියාද?මරු මචෝ.මම අහල නෑනෙ කලින්.Word verification අයින් කරපන් කමෙන්ට් කරන වුන්ට ලේසි වෙන්න

Anonymous

හික්ස්...නියම කතාව යාලු..කොහොමද සිරිපාලගේ ටිකිරි මොලේ..

කෝඩුකාරයා

සිතුවම්:OK මචන්.මම ඒක අයින් කරන්නම්.

කෝඩුකාරයා

අසනි: සිරිපාලයගෙ ටිකිරි මොලේ ගැන කතාකරල වැඩක් නෑ.ඒක නිසා මම කතා නොකර ඉන්නම්.

දේව් ගේ අඩවිය

මේක කියපු සර් හොරාට හොරා බැලුවේ අනිත් අයට ඇහැකින් ඉගි කරන ගමන් කොඩු කාරයා දිහා නේද??? සිරිපාලගේ යාලුවා මේ කොඩු කාරයාලු නේ

හිකිස්

කෝඩුකාරයා

උඹටත් වැඩේ මීටර් නේ........