Buscar

Páginas

අමතක නොවෙන වන්දනාවක්.................


මේ සිද්ධිය වුනේ කාලෙකට කලින්.වැඩි කතා ඕන නැහැනෙ.මෙන්න මෙහෙමයි සිද්ධිය වුනේ.
මීට ටික දවසකට කලින් අපි ගියා Trip එකක්..අපි ගියෙ අනුරාධපුරේ.අපි ඉතින් පුරුද්දට මුල් තැන දෙන උදවිය නිසා පාන්දර පහට යන්න හිටපු ගමන පාන්දර හයයි කාල විතර වෙනකොට යන්න පිටත් වුනා.ඔන්න ඉතින් ගමන යන්න පිටත් වුන වෙලාවෙ ඉඳල අපේ කොල්ලො කෙල්ලො ටිකගෙ කටවල් සින්දු වලින් පිරිල ඉතිරිලා ගිහිල්ල තිබුනෙ.කොහොමින් කොහොම හරි අපි දවල් වෙනකොට අනුරාධපුරේට ආව.අපේ නවාතැන තිබුනෙ ශ්‍රී මහා බෝධිය ගාවමයි.ඉතින් අපි එතන ඉඳල හවස් වෙනකොට වඳින්න ඕනතැන් වන්දනා කරගෙන එහෙම ආපහු අපේ නවාතැනට ආව.
ඔන්න ඉතින් ඊළඟ දවසෙ තමයි හොඳම වැඩේ...ඔන්න අපි එදා පාන්දරින්ම මිහින්තලේ යන්න පිටත් වුනා.අපි ගියේ උදේට කෑමත් අරගෙන.උදේ කෑමට තිබුනෙ කඩල...මොකක් කිවුව,කඩල....(කඩලා..... නෙමෙයි බොල, කඩල.මම කියන්නෙ අපි කන කඩල ගැන )ඉතින් අපි මිහින්තලේ ගලටත් නැගල ආයිත් ආවට පස්සෙ උදේ කෑම කන්න ගන්නකොට තමයි තේරුනේ කඩල එකෙන් අමුතු සුවඳක් එනව..........හැබැයි ඉතින් ඒ එන්නෙ එච්චර හොඳ සුවඳක් නෙමෙයි කියල අපිට තේරුනා.අනිත් අය ඉතින් අපි කියන ඒව අහන්නෙ නෑනෙ.(අපේ ඉතින් රැවුල නෑනෙ.)නිකන් ලෙඩ හදාගන්නෙ මොටද කියල මමයි,අපේ හිටපු අයියල දෙන්නෙකුයි,අක්කල දෙනෙකුයි ගිහිල්ල ලඟ තිබුනු කඩේකින් උදේ කෑම කාල ආව.හැබැයි අපිත් එක්ක ගිය අනිත් ඔක්කොම අපි කියන ඒව අහන්නෙ නැතුව අර කඩල ටික තමයි කාල තිබුනෙ.
ඔන්න ඉතින් හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලු.අපි ඉතින් වෑන් එකට නැගල ටික දුරක් යනකොට කඩල එකේ අකුසල කර්මෙ ආනන්ථරිය පාපකර්මයක් විදිහට පළදෙන්න පටන් අරන්.මුලින්ම වඩේ සෙට් වුනේ අපිත් එක්ක ගිය චූටි බබෙකුට.ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳල අපිට එක දිගට විනාඩි 10ක් යන්න වෙන්නෙ නැහැ,ආයිත් වෑන් එක නවත්තන්න වෙනව.අපිට ඉතින් හරි ජොළි.අපි කට්ටිය ඉතින් වෑන් ඒක නවත්තන නවත්තන සැරේට යන්න තියන හැම වන්දනාවකම යනව.(අපි කියල කිවුවෙ උදේ කෑම කඩෙන් කාපු අයට )අනිත් අයට ඉතින් ගෙදර යනකන්ම යන්න වුනේ ටොයිලට් වන්දනාවෙ තමයි.........

ඔන්න ඕකයි කියන්නෙ වයසින් බාල වුනත් කෙනෙක් දීපු අවවාද පිළිගන්න ඕන කියන්නෙ.......ඕන කියල තියෙන්න මම නෙමෙයි,බුදුහාමුදුරුවෝ...........