Buscar

Páginas

රාත්‍රියක සිතුනෙමි...


සිතට එන සිතිවිල්ල
පද ලෙසින් එකතු කොට
දොඩන්නට ඔබ සමග
ඇරඹුමක් ගමි මෙලෙස


අඹර දෙස බැලූ කල
හිරු කුමරු සැඟවුනිය
සඳ කුමරි ගුවනෙ සිට
ඉඟි පායි දෙරණ මත


පවන සේ දසත යන
නිසල වූ හද ගැබට
නිහඬ වූ රාත්‍රිය
කෙතරම් ම ලෙන්ගතුද


සුළඟ හා මුසුව එන
පිච්ච කුසුමෙහි සුවඳ
සසල වූ හදවතට
දිව ඔසුව වන්නේය

2 comments:

Anonymous

අනේ මන්දා උඹට රෑට හිතෙන එව්වා...

කෝඩුකාරයා

එව්ව එහෙම තමයි.උඹ තියා මමවත් දන්නෙ නෑ මට හිතෙන දේවල්.අනේ මන්ද......