Buscar

Páginas

නිලඹර වසන්තය.....(5 කොටස)


නිලඹර වසන්තය.....(4 කොටස) මෙතනින් කියවන්න
*****************************************************************


පාසලට ගොස් හිත එක්තැන් කරමින් පාඩමට අවධානය යොමු කරන්න හැදුවද දේවින්දගේ සිත එක්තැන් කරගැනීමට ඔහුහට නොහැකි විය.අනුරාධාව මුණගැසී ඇය පැවසීමට යන දේ කුමක් වේද යන්න පිළිබඳව දේවින්දගේ සිත මහත් චකිතයකට පත්වී තිබුණි.තම කුතුහලය පැවසීමට අරවින්ද හෝ සිටීනම් මහත් සැනසීමක් බව දේවින්දට සිතිණි.එහෙත් ඔහුද අද පාසලට පැමිණ නැත.පාසලේ සීනුව නාද වූ විගසම පාසලෙන් එළියට පැමිණි දේවින්ද වහාම බේක් හවුසය ගාවට දිව ගියේය.
ඒ වනවිටත් අනුරාධා එතැනට පැමිණ සිටියේය.ඇය පැමිණ සිටියේ තනිවම නොවේ.අරවින්ද ද ඇගේ අනික්පසින් සිටගෙන සිටියේය.
"තොපිල දෙන්න අද ඉස්කෝලෙ එන්නෙත් නැතුව කොහෙද බං ගියේ.උඹ අද එන්නෙ නෑ කියල මට කෝල් එකක් දුන්නනම් මමත් අද ගෙදර ඉන්නවනෙ බං...."දේවින්ද ඒ දෝශාරෝපණය එල්ල කලේ අරවින්ද වෙතටය.
"උඹ නොදන්නව වුනාට අද අපි ගියෙ උඹේ වැඩකටම තමයි බං..."
"මම නොදන්න මගේ වැඩේ මොකක්ද කියල කියන්න පුළුවන්ද."දෙබැම රැලිකරගත් දේවින්ද අරවින්දගෙන් ඇසුවේය.
"මේ දේ තවත් අපි හංගගෙන ඉන්න එකේ තේරුමක් නෑනෙ.දේවින්ද,මට ඇත්තම කියපන්....උඹේ හිතේ තාරකා නංගි ගැන අදහසක් තියනව නේද?
මෙතෙක් වේලා නිහඬව සිටි අනුරාධා එක්වරම විමසූ ප්‍රශ්නයෙන් දේවින්ද පුදුමයට පත් නොවූවද ඔහුගේ සිතේ යම් තිගැස්මක් ඇතිවිය.එහෙත් තමන්ගේ ලඟම හිතවතුන් ලෙස සිටින මේ මිතුරන්ගෙන් ඔහුට සැඟවීමට දෙයන් නොමැත.
"ඔව්...තාරකා ගැන මගේ හිතේ අදහසක් තියනවා."දේවින්ද එකවරම පැවසුවේය.
"ඔව් ඉතින් අපිනම් ඉතින් ඒක තේරුම් ගත්තෙ උඹටත් කලින්.ඒ දේ දැන් දැන් තාරකා නංගිටත් තේරිලා තියෙන්නෙ...."
"ඇයි එයා උඹලට මොනවත් කිවුවද?"දේවින්ද කලබලයෙන් මෙන් ඇසුවේය.
"නෑ එයා අපිට මුකුත් කිවුවේ නෑ.ඒත් ඉතින් උඹල දෙන්න මේක හිතේ තියාගෙන ඉන්නව මිසක් එකෙක්වත් අහන්නෙ නැති නිසා අද අරවින්දයි මමයි ගිහිල්ල ඒ දේ තාරකාගෙන් ඇහුවා."
"උඹල මොන මඟුලක් කරනවද බං...ඒකි මම ගැන මොනව හිතනවද දන්නෙ නෑ."
"ඒකි උඹ ගැන හිතන්නෙත් උඹ ඒකි ගැන හිතන විදිහටම තමයි.අද අපි දෙන්න ගියෙ තාරකා නංගිව හම්බවෙන්න.ඒකි මුලින්ම මේ වගක් අපිත් එක්ක කියන්න කැමති වුනේ නෑ.ඒත් ඉතින් අන්තිමට ඒකිගෙම කටින් පැන්න ඒකිත් උඹ ගැම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව කියන එක."අරවින්ද එක හුස්මට කියාගෙන ගියේය.
"ඔන්න ඉතින් දැන් අපි දේවාලෙ ඇරල දීල තියෙන්නෙ.පූජාව තියනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔය කපුමහත්තයම තමයි.දැන්වත් ගිහිල්ල ඒකිගෙන් කෙලින්ම මේ දේ ගැන අහපන්."අනුරාධා සිනහසලමින් පැවසුවාය.
"දේවාලෙත් ඇරලනම්...පූජාවත් ලෑස්තිනම් කපුමහත්තය මොකටද තවත් පස්ස ගහන්නේ.මම හෙටම ඒකිගෙන් මේ ගැන අහන්නම් බං....උඹල මට මේ කරන උදවු වලට මම කොහොම උඹලට සලකන්නද මන්ද බං......උඹල දෙන්නට දස දහස් වාරයක් තෑන්ක්ස් වේවා මචෝ......"
"ඒ...අනුරාධා..මේ බලපන්කෝ..මෙයා අපිට ටැන්කියක් දීල ශේප් වෙන්න හදන්නේ.මේ මේ.....උඹේ කෙහෙල්මල් ටැංකිය දාපන් ගඟට.ඒ මඟුලෙන් අපිට වැඩක් නෑ.දැන් යමන් බේක් හවුස් එකට...දවල්ට මොනවහරි කාල,හවසට කන්නත් මොනවහරි අරගෙනම අද ගෙදර යන්...."අරවින්ද පැවසුවේය.
"උඹලටත් කොයි වෙලාවෙත් කන බණේම තමයි බං...කමක් නෑ කමක් නෑ....එහෙනම් යමන්කො ඇතුලට."
දේවින්ද තම මිතුරන් දෙදෙනාවත් කැටුව බේක් හවුසය ඇතුලට ගියේ ප්‍රීතිමත් සිනහවක් මුවග රඳවාගනිමිනි.


.......................................................................................................................................................................

"සුදු දූ......"
"ඇයි අම්මා....මම වොෂ් රූම් එකේ....."
"අද හවසට අපි තාත්තගෙ පරණ යාළුවෙක්ගෙ ගෙදර යනවා.ඔයා හවස හය විතර වෙනකොට ලෑස්ති වෙලා ඉන්න."
"කාගෙ ගෙදරද අම්ම යන්නේ....."තාරකා මවගෙන් විමසුවේ තම පියාගේ යහළුවන් බොහෝ පිරිසක් තාරකා දැන සිටි නිසාවෙනි.
"ඔයා දන්නෙ නෑ.....තාත්තගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්.ලෑස්ති වෙලා ගියහම ඔයාටම බලාගන්න බැරියැ."
හරියටම සවස හය වන විට තාරකා ගමනට සූදානම් වී සිටියාය.නියමිත වේලාවට වැඩකිරීමට ඇය කුඩාකල සිටම හොඳින් පුරුදු පුහුණු වී සිටියාය.සැහැල්ලු ටී ෂර්ටයකින් සහ කලු පැහැති කලිසමකින් සැරසුනු තාරකා කැඩපත ඉදිරියේ පෙනෙන තම රුව දෙස බලා සිටියාය.ඇගේ සුවඳ විලවුන් වල සුගන්ධය මුලු කාමරය පුරාම හමා යමින් පැවතිනි.සමන් පිච්ච මල් සුවඳට සමාන සුවඳකින් යුත් එම සුවඳට තාරකා බොහෝ සේ ඇලුම් කලාය.

24 comments:

The තරුවා

කේක්.............................................................................................
ඕනි...................................................................................................
එච්චරයි වෙන මොකුත් එපා.

කෝඩුකාරයා

කේක්.......දෙන්න......තෑගි........අරන් වර................එතකන් මේව තමයි හම්බවෙන්නෙ.

රොබින්

එල එල
දැන් ගොඩනේ වැඩේ ..

vvvv

nice wok

araliya

onna apitat cake one.................

හිතුවක්කාර කෙල්ල

ඔය තාත්තාගේ යලුවාගෙ ගෙදර යන එකයි... ඉස්සරහට වෙන්න යන දේවල් අතරෙයි ස්අම්බන්ධයක් තියේද?

පාටියක් ඕනෙ හොදේ??

කෝඩුකාරයා

රොබින්:ටික ටික ගොඩ යාගෙන එන්නෙ.....තෑන්ක්ස් මචෝ......

කෝඩුකාරයා

vvvv:තෑන්ක්ස්

කෝඩුකාරයා

araliya:සෙට් වුන වෙලාවක අනිව කේක් දෙන්නම්.....

කෝඩුකාරයා

හිතුවක්කාරි:ඒකත් එක්ක වැදගත් සම්බන්ධයක් තියනවා....ඊළඟ කොටසෙදි බලාගන්න බැරියෑ....පාටි හම්බවුන වෙලාවක දෙන්නම්ම්ම්ම්ම්ම්.............

araliya

hane...oyat mage wayase kenekne ayyo....onna a unata mama oyata wada dawas 29 kata wadimal.a kiyanne mama akka oya malli.oyage b'day 1 dawase wish karanna bari unane.onna ehenam oyata subama suba upan dinayak wewa.........kiyala prartana karanawa.

කෝඩුකාරයා

araliya:හපුචිචියේ.....ඔයත් මගේ වයසෙද?මගේ වයසෙ බ්ලොග් කරන කෙනෙක් මට හම්බවුනාමයි....මගේ වෙලාවටද කොහෙද හම්බවුන එකම කෙනත් කෙල්ලෙක්.....හිතාගන්නත් අමාරුයි....කොහොම වුනත් කමෙන්ට් කලාට තෑන්ක්ස්....

araliya

mata blog ekak ne ayyo.......

කෝඩුකාරයා

araliya:කැමති නැද්ද ඒකක් පටන් ගන්න.....මම පුළුවන් විදිහට උදවු කරන්නම්.....

araliya

blog ekaka patan gannanam godak asai....et me natum taragai,scle wadai,class wala wadai ekka mukuth karaganna welawak nane.anika mama o/l walata commerce kale ne.a unata dan mama a/l karanne commerce walin.itin eka nisa ewata tikak wadipura kalaya yodawanna one...ane manda yaluwe mona karannada kiyala hitenne nane....

කෝඩුකාරයා

araliya:ඕවනම් මොනාද අරලියා.....මම ඉස්කෝලෙ තියන හැම සොසයිටියකමත් ඉන්නවා..,තියන හැම බහුබූත වැඩේමත් කරනවා..,තියන හැම ක්ලාස් එකකටම යනවා..,කොල්ලො එක්ක ක්‍රිකට් ගහන්න යනවා..,බ්ලොග් කියවනව....ඒ ඔක්කොමත් එක්ක පුලුවන් විදිහට බ්ලොග් එකත් ලියාගෙන යනවා............
ඉතින් ඔයාට ඇයි බ්ලොග් එකක් පටන් ගන්න බැරි...????අනික ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නැත්නම් මම ඔයාට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නද...?හැබැයි තරහ වෙන්නෙ නැත්නම් විතරයි...........

araliya

oyage oya podi advise ehenam dennako.......mama oyat ekka taraha wenne ne.....advise ekak dunna kiyala mokatada ane mama oyat ekka taraha wenne.......

කෝඩුකාරයා

මොකක්ද දන්නවද ඇඩ්වයිස් එක.....ඔයා A/L වලට Commerse කරන්න ගත්තෙ ඔයාගෙ කැමැත්තටමනම් කමක් නෑ....නැත්නම් ඔයා Commerse කරන්නෙ වෙන කාගේ හරි කැමැත්තටනම් ඒ දේ කරන්න එපා....ඔයාට කරන්න හිතෙන දෙයක් කරන්න.මොකද කියන්නේ......බ්ලොග් එකක් පටන්ගමුද?

araliya

commerce karanna gatte mage kamettata.blog ekak patan gattat mata terenne ne eke mona liyannada kiyala.mama me wade passata danne,mata bayai meka mata hariyakata karaganna bari wei kiyala.mokada mama kamati ne wadak patan aran magadi nawattanna.

කෝඩුකාරයා

araliya:ඇයි මගදි නවත්තන්නෙ....?ලියන්න....ඔයාගෙ ජීවිතේ දේවල්,ඔයා දකින,ඔයාට ඇහෙන දේවල්,ඔයාට හිතෙන දේවල්.....මේ ඔක්කොම ලියන්න.....වැඩේට ආරම්භයක් තියන්න....එතකොට ලියන්න ඕන දේවල් ඉබේම ඔයාගෙ හිතට ඒවි....

araliya

mama ayyagenui,ammagenui ahala kiyannamhode.......eka nemei kodukarayo......ikmanata oya kathawa dannako...apita balanna.

Anonymous

ane ithin ilange kotesath ikmanate danne :)

කෝඩුකාරයා

araliya:හොඳයි හොඳයි.....අහල කියන්නකෝ..............එක දිගටම කතාව දානකොට කිසි ගතියක් නෑනෙ අනේ.....හික්ස්,ඊළන්න කොටස ඉක්මනටම දාන්නම්

කෝඩුකාරයා

Glimmer Girl:අරලියට කිවුව දේම තමයි අක්කේ ඔයාටත් කියන්න වෙන්නේ....ඉක්මනටම ඊළඟ කොටස දාන්නම්......