Buscar

Páginas

Remix of the නිබ්බුත පද


මෙවන් සැපක් ලද කොල්ලෙක්
මෙවන් සැපක් ලද කෙල්ලෙක්
මෙවන් සැපක් ලද මිතුරෙක්
නිසැකයෙන්ම නිවුනා වේ.....

සැප සැප සැප......මොකක්ද මේකියන සැප????කවුරුත් මේ කියන සැප වැරදියට එහෙම තේරුම් ගන්න එපා.මේ කියන්නෙ අවුරුදු හයක් තිස්සෙ එක එක ජාතියේ පන්තිවලට ගිහිල්ල ගිහිල්ල අන්තිමට විභාගෙකට ලියල ඕ ලෙවල් ඉවර වුන සැප ගැන.අම්මෝ.............අදින් පස්සෙ O/L කොල්ලො කෙල්ලන්ට පාඩම් කරන්න පාඩම් කරන්න කියල කවුරුත් කියන එකක් නෑ.ඉතින් ඒකම මොන සැපක්ද කියල හිතල බලන්නකෝ....
                 ආ මග කෙටියි...යා යුතු මග දුරයි කියල කිවුවට කෝඩුකාරයගෙ විදිහටනම් ආ මග දුරයි.....යා යුතු මග තව දුරයි.....මෙච්චරකල් ආපු මේ දුර කොහොමද කෙටියි කියල කියන්නෙ?
                     ඔන්න ඉතින් ආපහු කෝඩුකාරය සුපුරුදු විදිහටම හැබැයි ඊටත් වඩා නිදසක් ඇතුවම ආපහු කෝඩුකාරයාගේ අඩවිටට එනව.ආපහු කෝඩුකාරයාගෙ අඩවියෙන් ඔයාලට රස කතා ගොඩාක් අහන්න පුලුවන් වෙයි...........එහෙනම් අදට ගිහිල්ල එන්නම්........

6 comments:

ගැමියාගේ පත් ඉරුව

මල්ලියේ සා/පෙ නෙමෙයි ජීවිතේ ඕක පිස්සු කෙළලා පාස් වෙන්න පුළුවන් හරි හමන් රස්සාවක් කරලා නිදහසේ ඉන්න දැන්ම උ/පෙ විෂයක් ගැන හිතලා ඒකට මහන්සි වෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න නැත්තම් පුතෝ බඩුම තමයි.මම නම් විදවනවා අම්බානකට...

මේ මම ඔයාගේ බ්ලොගයට ආවාමයි සුභ පතනවා අනාගතේට එහෙනම් නැවතත් හමුවෙමු.ජය වේවා....

කෝඩුකාරයා

මමත් මේ දවස්වල කල්පනා කරන්නෙ ඕක ගැනම තමයි.බොහොම ස්තූතියි අයියේ.....ආයිත් මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්න....

සයුරි

ආ..මේ ඕ ලෙවල් කරපු මල්ලියෙක් නේ..ගැමියාගේ කතාව හරි තමා...සා/පෙ කියන්නේ ගඟක් නම් උ/පෙ කියන්නේ මහා සාගරේ කියල හිතාගන්නකෝ..:) සුබ පතනවා එහෙනම්...

කෝඩුකාරයා

කෝඩුකාරයාගෙ අඩවියට කමෙන්ට් දාපු කුළුඳුල් බ්ලොග්කාරිනිය ඔයා තමයි අක්කේ.....පෝස්ට් එක කියෙවුවට තෑන්ක්ස්.ආයිත් මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්න......

෴෴සිහින කොදෙව්ව෴෴

මලයෝ අපිත් හිතුවෙ සා.පෙල ඉවර උනාම ඔක්කොම ඉවරයි කියලා. ඒක එහෙම නෑ. උ.පෙලට ලේස්ති වෙයන් නැත්නම් ඉතින් ජිවිතේම දුක තමයි...
කැමති නම් මෙන්න මේක කියවල බලන්න ඔය ගැන මම ලියපු එකක්. සොරි වෙන්න ඔන ලින්ක් එකක් දැම්මට...
http://jeewanthanotebook.blogspot.com/2011/12/blog-post_05.html

කෝඩුකාරයා

ඔව්....ස/පෙ ඉවර වුනාට ඔක්කොම ඉවරයි කියලනම් හිතන්න බෑ.ඒත් ඉතින් මේ දැන් තියන නිදහස පොඩ්ඩක් බුක්ති විඳින්න ඕනෙනේ.....ඔයාගෙ පෝස්ට් එක ම කියෙවුවා.....එළම කිරි