Buscar

Páginas

බස් ආතල්..........

මේ සිද්ධිය වුනේ මේ ලඟදි බස් එකක යනකොට.මට මතක විදිහට මේක වුනේ ගිය සිකුරාද.මම කොහෙද මන්ද මගුලක ගිහිල්ල ගෙදර එන්න කියල 138 බස් එකකට නැග්ග.ටික දුරක් ගිහිල්ල හෝල්ට් එකක බස් එක නැවැත්තුවට පස්සෙ ඒ හෝල්ට් එකෙන් අවුරුදු දහ අටක දහ නමයක විතර කොල්ලො දෙන්නෙක් බස් එකට නැග්ග.උන් දෙන්නම කනේ Handsfree ගහගෙන තමයි හිටියෙ.ඉතින් මුන් දෙන්න ඇවිල්ල මම වාඩි වෙලා හිටපු ශීට් එකට ශීට් 3ක් විතර පිටිපස්සෙන් වාඩි වුනා.මේ යක්කු දෙන්න බස් එකට නැග්ග වෙලාවක ඉඳල කාටද මන්ද පලු යන්න බනිනව.ඒකත් හෙමින් එහෙම නෙමෙයි.මහ සද්දෙන් මුලු බස් එකටම ඇහෙන විදිහට.ටික දුරක් යනකොට මුන් දෙන්නගෙ බැනිල්ල ටිකක් සැර වැඩි වුනා.දැන් ඉතින් දෙන්නම අර බනින එකාගෙ අම්ම තාත්ත මතක් කරල සුද්ධ කරපු සිංහල වචන එහෙම මැද්දට දාල තමයි බනින්නෙ.එකෙක් කියනව මෙන්න මෙහෙම. 
"අඩෝ අසිතය,ඕක අපිට කරපු වැඩවලට හොඳ පෝරියල් එකක් දෙන්න ඕන බන්.ඔය පරය තමයි මම කලින් බැස්ස කෑල්ලටත් කෙළ කලේ.කොහෙද ඉතින් උඹත් ඒ දවස් වල ඔය පරයව ඔලුව උඩ තියාගෙනනෙ හිටියෙ.එතකොට ඉතින් උඹ අපි කියපුව විශ්වාස කලේ නැහැනෙ.දැන් ඉතින් ඔය උඹත් කරගත්තෙ."  එතකොට අනික මෙහෙම කියනව. 
"කවුද බන් හිතුවෙ ඌ එච්චර ............ කියල.මට දැන් පුලුවන්නම් ගිහිල්ල උගෙ ..................ල එනව." 
කට්ටිය ඔය පරය කියල තියන තැන් වලටයි,තිත් පේලි තියල තියන තැන් වලටයි සුද්ධ සිංහල වචන ටිකක් ආදේශ කරගත්තොත් හොඳයි.මොකද කතාව වෙච්ච විදිහටම කියන්න ගියොත් කට්ටියගෙන් මට බැනුම් අහගන්න තමයි වෙන්නෙ.
ඉතින් ඔය වගේ සුන්දර වචන බස් එකක් ඇතුලෙ කියනකොට කාටද තද වෙන්නෙ නැත්තෙ.බස් එකේ කොන්ද මුන් දෙන්න දිහා කන්න වගේ බලන් ඉන්නව.ඒත් ඉතින් මුන් දෙන්නගෙ සුන්දර වචන භාවිතය අඩු වුනේ නෑ.තව ටික දුරක් යනකොට මට ඇහුන චටාස් ගාල සැර සද්දයක්.
හැරිල බැලින්නම් බස් එකේ කොන්ද මුන් දෙන්නගෙම කනවල් අතගාල.ඒ සද්දෙත් එක්කම බස් එකේ නැවැත්තුව.ඊට පස්සෙ එතනට බස් ඩ්‍රයිවර් එන්න තප්පර දහයක්වත් ගියේ නෑ.ඩ්‍රයිවර් ආව ගමන් මුන් දෙන්නට තවත් කනේ පාරවල් දෙකක් දීල දෙන්නවම බස් එකෙන් එළියට තල්ලු කලා.හැබැයි මේ ඔක්කොම සිද්ධ වෙනකනුත් මුන් දෙන්නගෙන් එකෙක්වත් ඩ්‍රයිවර්ටවත් කොන්දටවත් මොනවත්ම කිවුවෙ නැ.උන් දෙන්නටත් තෙරෙන්න ඇති උන්ගෙ සද්දෙ වැඩි වුනා කියල.

                         බැලින්නම් මොකද වෙලා තියෙන්නෙ.මුන් දෙන්නම කන්වල ගහගෙන හිටපු Handsfree වල සද්දෙ නිසා තමයි මුන් දෙන්න මෙච්චර සද්දෙන් කතා කරල තියෙන්නෙ.



කොහොමහරි ඉතින් මුන්ගෙ විකාර වැඩ නිසා මට මගෙ ගමන යන්නත් පරක්කු වුනා.
                   දැන්වත් කට්ටිය කන්වල Handsfree ගහගෙන බස් වල යනකොට පරිස්සම් වෙන්න........

12 comments:

Anonymous

අපොයි! ලොවෙත් චාටර් සීන් එකක්නෙ උන් දෙන්නට වෙලා තියෙන්නෙ.. අවවාදයට ස්තූතියි!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

හැන්ඩ්ස් ෆ්‍රි දානව නම් සින්දු අහගෙන යන්න එපායැ, පිස්සු කෙලින්නෙ නැතුව

කෝඩුකාරයා

විසිතුරු:චාටර් නේන්නම් බන්....

කෝඩුකාරයා

buwa:ඒකනෙ බන් කියන්නෙ...අමු පිස්සො දෙන්නෙක්.

Test Profile

හපොයි මගේ යාළුවෙකුටත් ඔය වැඩේම වුනා. වෙලාවට ඌ කාටවත් බැන බැන නෙමේ ගියේ...

කෝඩුකාරයා

හැබැයි ඉතින් මුන් දෙන්න බැනපු විදිහට ඒ බැන්න එකාට ඇහුනනම් ඌ බස් එකෙන් පැනල මැරෙනවා.....

දේව් ගේ අඩවිය

නිකමටවත් ඔය යාලුවෝ දෙන්න අතරේ අපේ මේ කොඩු කාරයා උන්නේ නැතිද??

බස් වල ගමන් අඩු නිසා මිසක් කලින් නම් මමත් ඔය හැන්ඩ්ස්ෆ්‍රි දාගෙනම තමා.. වෙලාවට ඔහොම වෙලා නැ.. තැන්කු කිවා

කෝඩුකාරයා

පිස්සුද?????මේ කෝඩුකාරය ඔය වගේ අවලම් වැඩ කරන එකෙක් නෙමෙයි කියල උඹල දන්නවනෙ............

Sabith

ඔහොම උන් ඉන්නව තමා! මරු සීන් කෝන් එක!

කෝඩුකාරයා

ඒකනෙ බන් කියන්නෙ...

ගැමියාගේ පත් ඉරුව

හි හි හි බස් වලදි එහෙම කතා බහ කරද්දි කොහොමත් පරිස්සමින් තමා අනික ඔය හිරවෙච්චි බස් වලට එහෙම නගිනවනම් හෙන පරිස්සමට මොකද දැන් කාලේ කෙල්ලෙක්ගේ ඇගේ යන්තම් ගෑවුනත් ඇති මුළු බස් එකම සෙට් වෙලා නෙලනවා දවසක් එකෙක්ට ඔහොම නෙලලා බස් එක හැරෙව්වේ පොලිසියට කාලා වරෙන්කෝ ඊට පස්සේ.කෝඩුවෝ උඹත් පරිස්සමෙන්

කෝඩුකාරයා

ඒකනේ...දැන් කාලෙ කෙල්ලෙක්ගෙ ඇඟේ ගෑවුනත් කියන්නෙ වැරදි දෙයක්මනේ..අනේ මන්ද