Buscar

Páginas

ගුප්ත බලයෙන් යුත් ලෝකයම වෙලාගත්,විශ්මයජනක වූ සුප්‍රසිද්ධම හා භයානකම ප්‍රදේශය


ලෝකයේ සිද්ධවෙන හැම අලුත් තොරතුරක් ගැනම හොයල බලන ඔයාල බර්මියුඩා ත්‍රිකෝණය ගැන අහල නැතිවෙන්න විදිහක් නෑ..ගුප්ත බලයෙන් යුත් ලෝකයම වෙලාගත්,විශ්මයජනක වූ සුප්‍රසිද්ධම හා භයානකම ප්‍රදේශය පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයේ කෙනඩි තුඩුවත්,බහාමා දූපතත්,බර්මියුඩාවත් යන ස්ථාන තුන වෙනුවෙන් තිත් තුනක් සළකුණු කර ඒවා යාකල විට මතුවන ත්‍රිකෝණ ප්‍රදේශයයි.මගීන් ගෙනියන නෞකා,ගුවන් යානා හා සබ්මැරීන් මේ ත්‍රිකෝණය ඇතුලෙදි අතුරුදහන් වෙලා තියනවලු.

මේ නිසා මේ ත්‍රිකෝණයට මරණයේ ත්‍රිකෝණය කියලත් කට්ටිය කියනවලු.තවත් අය කියනව මේ ත්‍රිකෝණය පිටසක්වලට යන්න පුළුවන් දොරටුවක් කියලත් සමහරු කියනව.හැබැයි ඉතින් මමනම් ඔය මොනාවත්ම කියන්නෙ නෑ.මොකද ඉතින් මම ඕක මැද්දෙන් ගිහිල්ල තියෙන එකක් යෑ.කොහොම නමුත් මේ ප්‍රදේශය ඉතාමත්ම ත්‍රාසජනක ප්‍රදේශයක් හැටියට ලෝකයේම ප්‍රසිද්ධවෙලා තියනව.



අද post එකනම් එච්චර හොඳ නැතුව ඇති.අද මේ post එක ලියන්නෙ එච්චර හොඳ මූඩ් එකකින්නම් නෙමෙයි.හරි හරි...මේ post එක හොඳ නැති වුනාට ඊළඟට හොඳ post එකක් දානව කියල මම පොරොන්දු වෙන්නම්..........එහෙනම් ඊළඟට දාන එළකිරි පෝස්ට් එකක් එක්ක හම්බවෙමු................

4 comments:

sameera

පොස්ට් එක නරකම නෑ හැබැයි මේ කරුණු සාමාන්‍යයෙන් දන්න දේවල් මෙවැනි ලිපියක් ලියද්දි තව මහන්සි වෙන්න තව කරුණු හොයලා ලියන්න දන්නවනෙ " සත් සමුදුර " ලියන දිනේශ් වගේ කෙනෙක් ලිපියකට මහන්සි වන තරම . ඒ මහන්සිය අපතේ යන එකක් නෑ එතකොට ......

කෝඩුකාරයා

මහන්සි වෙන්නනම් බැරි කමක් නෑ.ඒත් අද මේ පෝස්ට් එක දැම්මෙ කාලෙකින් මොනවත් දැම්මෙ නැති නිසා........කලින් කිවුව වගේ මේක ටයිප් කලෙත් එච්චර හොඳ මූඩ් එකකින් නෙමෙයි.ඊළඟ පෝස්ට් හොඳට දාන්න මම පුලුවන් තරම් ට්‍රයි කරන්නම්.තෑන්ක්ස් මචෝ........

Unknown

එහෙනම් ඊලග පොස්ට් එක අප්සෙට් මුඩ් එකක් නැතිව හොදට දාමුකෝ මචෝ :)

කෝඩුකාරයා

තැන්ක්ස් මචන්...............