අද කෝඩුකාරයට ටිකක් වැදගත් දවසක්......අද උදේ ඇඳෙන් බැස්ස වෙලාවෙ ඉඳල ටිකක් විතර අමුතු දේවල් සිද්ධ වෙනව කියල මට තේරුණා.ඒව හැම එකක්ම ඉතින් ප්රසිද්ධියේ කියන්න බෑනේ.....ඒක නිසා මම ඒව ගැන කතා නොකර ඉන්නම්.....කොහොමහරි ඉතින් කෝඩුකාරය අද ඉස්කෝලෙ පැත්තෙ ගිහිල්ල එනකොට එක කොල්ලෙක් මාව නවත්තගෙන මෙන්න මෙහෙම අහනවා.........
"උඹල අපිටත් නොකියම පාටි දාන්න වගේ නේ හදන්නේ....කෝ යකෝ අපිට කේක්....."
දැන් ඉතින් මට නිකන් මඤ්ඤං වගේ.....
"තොට පයිත්තයන්ද යකෝ.......??????"මම අරූගෙන් ඇහුව..
"ඇයි යකෝ....අද තොගෙ උපන්දිනේ නේද?....."
කෙලිය තාප්පෙට...මට මගේ උපන්දිනේ අමතක වෙලා...
දැන් ඉතින් මොනා කරන්නද....කියල මට හිතුන....ඒත් එක්කම මට මතක් වුනේ අද මගේ උපන්දිනේ කියල අපේ ගෙදර ඇත්තන්ට අමතක වීම පිළිබඳව...අයියෝ...මට ඒ වෙලාවෙනම් ඉතින් ඇත්තටම දුක හිතුන.....හැබැයි ඉතින් ඒ දුක නැත්තටම නැතිවුනේ මම ගෙදරට අඩිය තියනකොටම වෙච්ච සිද්ධියක් නිසයි.අපේ ගෙදර කස්ටිය මටත් නොකියම ගෙදර පාටියක් ලෑස්ති කරල......දැන් ඉතින් දුකක් නෑ....ඔන්න ඉතින් යුතුකමක් විදිහට අපේ බ්ලොග් පුරයේ ඇත්තන්ටත් කේක් කෑල්ලක් දෙන්න ඕනෙ කියල මට හිතුන.....ඔන්න ඉතින් ගූගල් කඩෙන් ගත්ත කේක් එකක් පහලින් දාල තියනව....කස්ටිය බෙදාගෙන කන්න ඕනෙ හොඳේ........
24 comments:
සුබ උපන්දිනයක් වේවා...තැන්කිවු කේක් වලට :)
බොහෝම ස්තූතියි අක්කේ......
සුබම සුබ උපන්දිනක් වේවා සහෝ.
කේක් වලට ස්තුතියි මං තෑග්ගක් එව්වා තැපෑලෙන් ලබන සතියේ එයි ඈ
සූභම සුභ උපන්දිනයක් මලේ.... හැම පැතුමක්ම ඉටු වෙන්න කියලා ප්රාර්ථනා කරනවා මචෝ. එදා උඹලා එක්ක ඉස්කෝලේ නයිට ගහද්දි මටත් උපන්දිනේ මතක්වුනේ මහ රෑ එකෙක් විෂ් කරාමයි.... උඹලට එදා කේක් තියා ඉටිපන්දමක්වත් දෙන්න බැරි වුනානේ...
මේ කේක් කෑල්ල කෑවා ඕං තැන්කිව් ඈ
අදමයි ආවෙ... ඒ වුනාට කමක් නෑ.. කේක් කෑල්ලක් කාම යනෝ... සුබම සුබ උපංදිනයක් ඈ...
මඩිස්සලේ නිශාන්:බොහෝම ස්තූතියි සහෝ.....තෑග්ගට තෑන්ක්ස්
ගැමියාගේ පත් ඉරුව:අයියටත් බොහෝම ස්තූතියි....අයියට එදා වුන වැඩේම තමයි මට ද වුනේ.......
Pradeep Gunarathna:ඔයාවත් සාදරයෙන් කෝඩුකාරයාගේ අඩවියට පිළිගන්නවා......සුභ පැතුවට ගොඩාක් ස්තූතියි....දිගටම කෝඩුකාරයට ශක්තියක් වෙයි කියල විස්ශ්වාස කරනවා......
මමත් අදමයි ආවෙි, සුභ උපන් දිනයක් වෙිවා සහෝ...!!!
ඔයාවත් සාදරයෙන් කෝඩුකාරයාගේ අඩවියට පිළිගන්නවා......සුභ පැතුවට ගොඩාක් ස්තූතියි.....
කියන්නෙපෑ බං. හිස් අතින් ඇවිත් කේක් කන්නත් මොකක්ද වගේ. ඒත් පෙනි පෙනි නොකා හිටියහැකියෑ.ඕං ඔහේ කනවා. ඉතින් සුභ උපන්දිනයක් වේවා. ජය..!
සුභ උපන් දිනයක් මල්ලී...
සුබ උපන්දිනයක් මලයෝ..
සුබ උපන්දිනයක් වේවා..
මමත් ආව කෝඩුකාරයව බලන්න ..
ඔන්න ඉස්සෙල්ලාම 5ක් දාල ඉන්න මල්ලියෝ..මමත් ඔයාගෙ උපන්දිනේ දවසෙම උපන්දිනේ සමරන කෙනෙක් 06/13 හි හි හී...
කරන නියන සියල්ලම සාර්ථක වේවා ඔබේ...
සුබ උපන්දිනයක් වේවා..
සුබ උපන් දිනයක් වේවා ...!!!!
Sarath Chandrasiri:පස්සෙ හම්බවුන වෙලාවක තෑග්ග ගමුකෝ.......
වින්චැට් කිරිල්ලි.:තැන්කූ අක්කේ....
නිම්ශා:තෑන්ක්ස්.....ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා අක්කේ.....
Senna:තෑන්ක්ස් මචෝ........
සිහින සිත්තම්:එලම කිරි....මෙන්න 5ක්.....ඔයාටත් සුභම සුභ උපන්දිනයක් වේවා...ඔයාගෙත් කරන කියන සියළුම වැඩකටයුතු සාර්ථක වේවා කියල මාත් එක හිතින්ම ප්රාර්ථනා කරනවා.....
රොබින්:බොහෝම ස්තූතියි මචෝ....සාදරයෙන් කෝඩුකාරයාගේ අඩවියට පිළිගන්නවා...
සුභ උපන්දිනයක් වේවෝ.....කේක් රසයි ඈ.....
තරුවා:තැන්කූ තැන්කූ..............
Post a Comment
ඔයාල කමෙන්ට් එකක් දැම්මෙ නෑ කියල මට ඔයාලත් එක්ක තරහ වෙන්න බෑ.ඒ වුනාට කමෙන්ට් එකක් දල යනවනම් ඒක මට කියල නිමකරන්න බැරි තරම් ශක්තියක් වෙයි.......