Buscar

Páginas

මම මෝඩ කාලකන්ණි හරකෙක් කියල හොඳට තේරුනා


කාලෙකින් බ්ලොග් එකට ලියන්න බැරිවුන එක ගැනවත් කතාවෙ ඉතිරි ටික නොදාපු එක ගැනවත් ඔයාලගෙන් සමාව ඉල්ලන්න මේක සුදුසු වෙලාවක් නොවන නිසාදැන් මම ඒ ගැන කතා නොකර ඉන්නම්.මේ පෝස්ට් එක මම ලියන්නෙ සෑහෙන ආවේගෙකින්.ඒකට හේතුව මම කෙටියෙන් කියන්න හදන්නෙ.....
              අද උදේ අපිට වඩා අවුරුද්දකින් වැඩිමල් කොල්ලෙක් ඇවිත් මට මම ආදරය කරන කෙල්ල ගැන නරක ආරංචි වගයක් කිවුව.කොටින්ම කිවුවොත් ඌ කිවුවෙ මම ආදරේ කරන කෙල්ල හැම එකත් එක්කම යන බඩුවක් කියල.තව ඒකි ඒ කොල්ලත් එක්ක මම ගැන කියල මට නිතරම බනිනව කියලත් කිවුව.තව තව සෑහෙන කතා ගොඩක් කිවුව.ඒ ඩේවල් බ්ලොග් එකක පල කරන්න නුසුදුසු නිසා මම ඒ දේවල් ගැන කියන්න යන්නෙ නෑ.ඔය වගේ දෙයක් ඇහුවහම කොන්දක් තියන ඕනම එකෙක්ට තද වෙනව කියල දන්නෝ දනිති.ඒ වෙලේ ආව ගැම්මට මමත් අරූ කියපු දේ අහල මෝඩ හරකෙක් වගේ ගිහින් මම ලවු කරන කෙල්ලට බැන්න.ඒ බැන්න බැනිල්ලෙ අවසන් පද කිහිපය උනේ "මට හැම එකා එක්කම යන බඩු යාලු කරගන්න ඕන නැහැ" කියන එක.ඔන්න ඉතින් ඕක අහපු මේකි හොඳටම අඬන්න පටන්ගත්ත.ඇස් දෙක රතු වෙලා ඉදිමෙනකම් ඇඬුව.අඬන ගමන් මෙයා එයාගෙ යාලුවන්ට දිවුර දිවුර කියල තියනව එයා එහෙම කෙනෙක් නෙමේ කියන එක.ඔන්න ඉතින් ටික ටික තරහ අඩු වෙන්න අඩුවෙන්න මටත් සිද්ධිය පැහැදිලි වුනා.මට ඒ වෙලේ හොඳටම තේරුම් ගිය එක දෙයක් තමයි මම කිසිම දෙයක් ගැන දුර දිග හිතල නොබල හදිස්සි ආවේගෙට වැඩකරල පස්සෙ පසුතැවෙන මෝඩම මෝඩ කාලකන්ණි හරකෙක් කියන එක.දැන් මම ඒ කෙල්ලට කියපු එක වැරදි වචනයක් නිසා මම මගෙන්ම පලිගන්නව.ඒ දුක පොඩ්ඩක් හරි අඩු වෙනකම් මම මටම දඬුවම් කරගන්නව.

අද පෝස්ට් එකනම් ඔයාලට මෙලෝ වැඩකට නැතුව ඇති.ඒත් මගේ හිතේ තියන දුක පොඩ්ඩක් හරි අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ පෝස්ට් එක ලිවුවෙ.මේකෙ කිසිම වැරැද්දක් හොයන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම පෝස්ට් කරන්නෙ මගෙ අතින් වෙන්න ඕන ලොකුම වැරැද්දක් වෙලා ඉවර නිසා.

නිලඹර වසන්තය.....(7 කොටස)


ගොඩාක්ම ගොඩාක් කාලෙකට පස්සෙ නැවතත් කෝඩුකාරය බ්ලොග් කරලියට පැමිණිලා.මේ මාස ගානක් එක දිගටම යෙදිල තිබුන වැඩත් එක්ක බ්ලොග් එක පැත්තට එන්න නොලැබුන එකට සියල්ලෝම සමාවෙන්න ඕනෙ.දැන් ඉතින් අහයි මේ පොඩි එවුවන්ට මොන වැඩද කියල.පහුගිය දවස් ටිකේ යෙදිල තිබුන විශාලම වැඩේ තමයි උපුල් ශාන්ත සන්නස්ගල නම් ගුරුවරයාගේ පන්තිය විසින් සංවිධානය කරපු මහා කලා උළෙල.ඒ ගැන විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්.තව මේ අහිංසක කෝඩුකාරයා කැමරාකරණයෙන් සහ වීඩියෝ සංස්කරණයෙන් සහභාගී වූ ඇතුලාන්තය නම් කෙටි චිත්‍රපටය.ඉතින් මේ සියලු වැඩ හේතුවෙන් තමයි මට කෝඩුකාරයාග්‍ර අඩවිය පැත්තට එන්න බැරිවුනේ.ඔන්න ඉතින් නිලඹර වසන්තයේ මීලඟ කොටසත් එක්ක අද මම කෝඩුකාරයාගේ අඩවියට ඇවිල්ල තියනවා.

.....................................................................

"මම ඔයාව හෙට උදේ හම්බවෙන්නමයි කියල හිතාගෙන හිටියේ."
දේවින්ද කතාවට මුලපිරුවේය.
"ඒ මොකටද මාව හම්බවෙන්න හිටියේ.."
"පොඩි කාරණාවක් ගැන දැනගන්න...."
"දැන් ඉතින් හෙට හම්බවෙන්න ඕන නැහැනේ.දැන් හම්බවෙලානෙ ඉන්නේ..එහෙනම් දැන් කියමුකො බලන්න කාරණාව."තාරකා ලතාවකට මෙන් ඇද පැද පැවසුවාය.
"ඔයා කාරණාව ගැන දැන දැනත් මොකක්ද කාරණාව කියල මගෙන් අහන්නෙ ඇයි නංගි."දේවින්ද එම ප්‍රශ්නය ඇසුවේ එකෙල්ලේම තාරකාගේ ඇස් දෙක වෙත නෙත් හෙලමිනි.
එම ප්‍රශ්නය හමුවේ තාරකා නිරුත්තර වූවාය.එයට දෙන පිළිතුර කුමක්දැයි ඇයට එක්වරම වටහා ගැනීමට අපහසු විය.
දෙදෙනා අතර දැඩි නිහඬතාවයක් ඇතිවිය.
"ඒ කියන්නේ නිහඬතාවයෙන් පෙනී යන්නේ විරෝධතා නොමැති බවයි.එහෙමද?"දේවින්ද ඇයට වඩාත් ප්‍රශ්නය පහසු කරවීය.
"කවුද එහෙම එකක් කිවුවෙ...."තාරකා ලැජ්ජාවෙන් යුතුව බිම බලාගෙන ඇසුවේ තම නලලත වෙත වැටුනි කෙස් රොදක් පිටුපසට කරමිනි.
"එහෙනම්...?"
"ම්......අනේ මන්ද."තාරකා එතැනින් ඉවත්ව මිදුල කරා පියමැන්නාය.
දේවින්ද ඇගේ පිටුපසින් මිදුල වෙත පියමැන්නේය.තාරකා දේවින්දට පිටුපා මිදුලේ තිබූ විශාල අඹ ගසේ කඳට වාරු වී සිටියාය.ඇය තම ජීවිතයම දේවින්දගේ සන්තකයට පුද දීමට සූදානම් වී සිටියේ මීට පෙර සිටයි.එනමුදු ඕනෑම යුවතියක මෙන් ඇයද,එක්වරම දේවින්දට පිළිතුරක් නොදුන්නාය.තමන් සතු වූ කුළුඳුල් ආදරය අන් අයෙකු වෙත පුදදීම පිලිබඳව නැවත නැවතත් සිතිය යුතුය.එම ආදරය පරාජය වුවහොත් නැවතත් තම ජීවිතය යථා තත්වයට පත්කොට ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.එම නිසා දේවින්ද ඇය හට බාධා නොකර තවදුරටත් කල්පනා කිරීමට ඉඩ සලස්වා එතනින් ඉවත්ව යෑමට සැරසුණි.
"දේවින්ද අයියේ......"
"මම අහගෙන නංගි ඉන්නේ...කියන්න"
තවමත් ඔවුන් දෙදෙනා සිටිනුයේ එකිනෙකාට පිටුපාගෙනය.තාරකා එක්වරම පිටුපස හැරී දේවින්ද වෙත පියමැන්නාය.ඔවුන් දෙදෙනාගේ දෑස් එකිනෙක ගැටිණි.තත්පර දහයක් පමණ ඔවුන් එකිනෙකා දෙස නිහඬව බලා උන්නෝය.
"දේවින්ද අයියේ...මම කවදාකවත්ම මගේ දෙමවුපියන් ඇරෙන්න වෙන කාටවත් ආදරය කරපු කෙනෙක් නෙමෙයි.මට තේරෙන කාලෙ ඉඳලම මගේ හිත ඇතුලෙ කෙනෙක් සක්මන් කරනව වගේ මට තේරුණා.ඒ මගේ හිතේ ඉන්න කෙනාගෙ මෙන්න මේ වගේ දේවල් තියෙන්න ඕනෙ කියල මම හිතුව.මම කවදාකම හරි මගේ ආදරේ පූජා කරන්නෙත් මෙන්න මේ වගේ ආදරවන්තයෙක්ට කියන එක මගෙ හිත ඇතුලෙ ඇඳිල තිබුණ.හැබැයි ඒ පුද්ගලය කවදාවක්වත්ම මගේ ඇස් ඉස්සරහට ආවෙ නෑ.මගේ ආදරේ ඉල්ලගෙන කොල්ලො ඕනතරම් මගේ පස්සෙන් එන්න ඇති.හැබැයි මම හොයපු ගතිගුණ ඒ එක්කෙනෙක් ගාවවත් තිබුනෙ නෑ.හැබැයි එක දවසක් කෙනෙක්ව මට මුණගැහුනා.එයාව පලවෙනිපාරට දකින වෙනාවෙ මගෙ ඇඟට මොකක්ද වීගෙන ගියා.මේ ඉන්නෙ මගේ හිතේ ඇඳුන කෙනාමද කියල මට හිතුන."
තාරකා මහත් හැඟීමකින් යුක්තව කියාගෙන ගියාය.දේවින්ද එය අසා සිටියේ දැහැනකට සමවැදුනාක් මෙණි.
"ඔයා ඒ දැක්ක කෙනා මම ද?"දේවින්ද විචාලේය.
"ඔව්.....ඒ..ඔයා..තමයි...මම ඉස්සර ඉඳල හිතාගෙන හිටියේ මගේ හිතේ ඉන්න කෙනාව මට හම්බවුන දවසට එයා මගෙන් ආදරේ ඉල්ලන්න කලින් මම එයාගෙන් ආදරේ ඉල්ලනව කියල......"තාරකා දේවින්දගේ අතකින් අල්ලා ගත්තාය.
"මම මේ හැමදෙයක්ම දාල එන්නම්..... මගෙ අයිය මාව බාරගන්නව නේද?"තාරකා එම වදන් කිහිපය ඇසුවේ දේවින්දගේ දෙනෙත් දෙස එකෙල්ලේ බැල්මක් එල්ලකරමිනි.

දෛවයේ ප්‍රථම ප්‍රශ්ණය එයයි..........දෙදෙනාගේම දෑස්වලින් කඳුලු බිඳු වෑහෙන්නට සූදානම්ව තිබිණි.මෙතරම් ලෙහෙසියෙන් තමාගේ ආදරය තමාට ලබාගැනීමට හැකිවෙතැයි දේවින්ද කිසිවිටෙකත් නොසිතුවේය.

"මේ හැමදෙයක්ම දාලා එන්න තරම් මාව වටිනවද...?"දේවින්ද ඇසුවේ ඇගේ මුහුණ තම දෝතට ගනිමිනි.

"ඔව් රත්තරනේ ඔව්....ඔයා මගේ හිතට ගොඩාක් වද දුන්න.ඔයා දැක්ක දවසෙ ඉඳල,ඔයත් එක්ක කතාකරපු දවසෙ ඉඳල මට එක රැයක් හරියකට නිදාගන්න හම්බවුනේ නෑ......ඇස් දෙක පියාගත්ත ගමන් ඔයාගෙ මූණ හැම තැනම පේනව......එහෙම එකේ මට ඔයාව වටින්නෙ නැතිවෙයිද...?.ඔයාව මට කොච්චර වටිනවද කියන එක වචනවලින් ලියල නිමකරන්න බෑ...."
තාරකාගේ දෑසින් කඳුළු කැට කඩාහැලෙද්දී ඇය කීවාය.ඇය මෙතෙක් කල් තමාට නොකී ආදරය කඳුලු බවට පත්වී දෝරෙගලමින් කඩාහැලෙන දෙස ඔහු බලාසිටියේ මහත් සංවේගයකිනි.
"ඇයි වස්තුවේ මේ හොඳටම අඬන්නේ....මේක අඬන්න ඕන වෙලාවක් නෙමේ...හිනාවෙන්න ඕන වෙලාවක්.ඔය බලන්න,ඔයාගෙ ඇස් දෙකත් රතුවෙලා...දැන් ඔය කඳුලු පිහිදාගන්න.අම්මල දැක්කොත් මොනව හිතයිද දන්නෙ නෑ..."දේවින්ද මහත් ආදරයකින් යුතුව පැවසුවේය.
"අනේ මට අඬන්න දෙන්න අයියේ....මේ මගේ ඇස් වලින් පිටවෙන්නෙ කඳුලු නෙමෙයි.ඔයා වෙනුවෙන් මගේ හිතේ තියන ආදරය....ඒක නිසා මට අද ඇති තරම් අඬන්න දෙන්න අයියේ.....ඇති තරම් අඬන්න දෙන්න........."
ජීවිතේ කිසිම දිනක නොහැඬූ පරිද්දෙන් තාරකා දේවින්දගේ පපුවේ හිස හොවාගෙන හැඬුවාය.

නිලඹර වසන්තය.....(6 කොටස)



නිලඹර වසන්තය.....(5 කොටස) මෙතනින් කියවන්න
.................................................................


"මල්ලී.....මල්ලී......නැගිටිනවකො හලෝ."
"මොකද ඕයි....පොඩ්ඩක් ඇලවෙන්න කියල ඇඳට වැටුන විතරයි,ඇවිල්ල වද දෙන්න ගන්නවා."අඩවන් දෑසින් යුතුව දේවින්ද පැවසීය.
"මේ....මේ හවස හයට කවුද හලෝ නිදාගන්නෙ.නැගිටල පොඩ්ඩක් කඩේට ගිහිල්ල එනවකෝ.අද තාත්තගෙ යාළුවො වගයක් එනවලු."
"ඉතින් මට මොකෝ....තාත්තගෙ යාලුවො එනවනම් ඒක ගිහිල්ල තාත්තට කියනව.මට මොනවද කියන්නෙ."
"තාත්තට කියන්න දෙයක් නෑ හලෝ....තාත්ත දන්නව.අම්ම කිවුව ඔයාට කඩේට ගිහිල්ල ටිකක් ලොකු අයිස්ක්‍රීම් එකක් අරගෙන එන්න කියල.ඉක්මනට යනවකො.ඒ මිනිස්සු දැන් මග එනවත් ඇති.ඉතින් කිවුවම යනවකෝ......."අයේෂා තම සොයුරාට කිති කැවුවාය.
"යනවකො හලෝ පව් නොදී........මම යන්නම්.හැබැයි පයින්නම් බෑ.තාත්තගෙන් බයික් එකේ යතුර ඉල්ලල දෙනවා."
"තමුසෙගෙ හැටි මම දන්නවනේ.ඒක නිසා මම යතුරත් ඉල්ලගෙනම තමයි ආවෙ.ආ.....මෙන්න.ඉක්මනට ගිහින් එනවා."ඇය දේවින්ද අත පියාගේ මෝටර් සයිකලයේ යතුර තැබුවාය.
ඇඳෙන් බිමට බට දේවිඳ ටී ෂර්ටයකුත් කොට කලිසමකුත් හැඳ ගෙදරින් එලියට බැස්සේය.
"පොඩි පුතා......බයික් එකේ යනවනම් ඕකට පෙට්‍රල් ටිකකුත් දාගෙනම එන්න."නිවසේ සිට පැමිණි දේවින්දගේ පියා ඔහු අත රුපියල් පන්සියයේ කොලයක් තැබුවේය.
"ඔය පන්සීයෙම ගහගෙන එන්න.සැරින් සැරේ මේකට තෙල් ගහන්න දුවන්න බෑ."ඔහු දේවින්දට පැවසීය.
"හරි...මම ගහගෙන එන්නම්."යතුරු පැදිය පණගන්වමින් දේවින්ද පැවසුවේය.යතුරු පැදිය පණගන්වාගත් දේවින්ද පවනට බඳු වේගයෙන් නිවසේ සිට මහා මාර්ගය වෙත යතුරු පැදිය ධාවනය කරවීය.
"මොකද ඔච්චර හදිස්සි.ඕක හෙමින් එළවනවා."දේවින්දගේ පියාගේ කටහඬ වාතලයට මුසුවිණි.
පැයට කිලෝමීටර් 50ත් 60 අතර පමණ වේගයෙන් යතුරු පැදිය පැදවූ දේවින්දට විනාඩි 10කින් පමණ කඩ වීදිය වෙත ලඟාවීමට හැකිවිය.කඩපෙලෙහි ඇති එක් වෙළඳ සැලක් ලඟ යතුරුපැදිය නැවැත්වූ දේවින්ද ලීටර් 4ක වැනිලා අයිස්ක්‍රීම් කෑන් එකක් මිලදී ගත්තේය.ඉන්පසුව තෙල් පිරවුම්හල වෙත යතුරුපැදිය ධාවනය කරවූ දේවින්දය පැය භාගයක් පමණ ගතවනවිට නැවතත් නිවස වෙත ලඟාවීමට හැකිවිය.

යතුරුපැදිය ගෙමිදුලට හරවනවාත් සමගම දේවින්දගේ නෙත ගැටුනේ අළු පැහැගත් ටොයොටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකි.තම පියාගේ යහළුවන් පැමිණ ඇති බව වටහාගත් දේවින්ද ඉදිරිපස දොරින් ගෙතුලට ඇතුල් නොවී පිටුපස දොරින් ගේ තුලට ගමන් ගත්තේය.
           පිටුපස දොරට ආසන්න වනවිට තම සොහොයුරිය තවත් කවුරුන් හෝ සමග කතාකරමින් සිටින බව දේවින්දගේ දෙසවන වැකුණි.
"මොනවා......මට ඇහුන හැටි වැරදිලාවත්ද,නැත්නම් මට ඇහුනෙ ඒ කටහඬමද?"
ඒ පැණයත් සමගම දේවින්ද පිටුපස දොරින් ගෙට ඇතුලු විය.එක්වරම දුටු දසුනින් පුදුමයට පත් දේවින්දගේ අතේ තිබූ අයිස්ක්‍රීම් බෑගයද බිම වැටෙන්නට ගියේය.
"දේවින්ද අයියෙ ඔයා..........."තාරකාගේ කටහඬේ ඉමහත් විශ්මයක් ගැබ්වී තිබුණි.
"ඔයා මෙහෙ...?"දේවින්ද ද විශ්මය ගැබ් කොටගත් කටහඬකින් යුතුව ඇසුවේය.
"පොඩ්ඩක් ඉන්න,පොඩ්ඩක් ඉන්න.....දැන් එතකොට ඔය දෙන්න මීට කලින් හොඳට අඳුනනව වගේ......."අයේශා පැද්දට පැන්නාය.
"ඔව් හලෝ.....මතකද දවසක් මම කිවුව බාස්කට්බෝල් ප්‍රක්ටිස් වෙලාවෙ කෙල්ලෙක්ව වැටිල එයාව ගිහිල්ල දාන්න එයාලගෙ ගෙදර ගියා කියල.තමුසෙ එදා ඒ කතාව විශ්වාස කලේ නෑනෙ."
"ඉතින්.........."
"ඉතින් කියන්නෙ......ඒ කෙල්ල තමයි දැන් ඔය ඔයාගෙ ඉස්සරහ හිටන් ඉන්නෙ..."දේවින්ද තාරකාව පෙන්වා පැවසුවේය.
"ආ.....එහෙමද?"අයේශා කට ඇද කරමින් පැවසුවාය.තවත් ටික වෙලාවක් ඔවුන් සමග කතාකරමින් සිටි දේවින්ද යුවතියන් දෙදෙනා ද් කැටුව සාලය වෙත පිය මැන්නේය.
"අම්ම පොඩ්ඩක් බලන්නකෝ මෙන්න මෙයාව මතකද කියල....?"තාරකා සලයට පිවිසුනේ තම මවට දේවින්දව පෙන්වමිණි.
"ආ......මේ දරුව ඉන්නෙත් මෙහෙමද?"තාරකාගේ මවත් එක්වරම විමතියට පත්විය.
"ඔව්...මේ අපේ පොඩි පුතා දේවින්ද.මිසිස් ගුණසේන කොහොමද අපේ පුතාව දන්නෙ?"
"මෙන්න මේකනේ අම්ම සිද්ධිය..........................."සියල්ලන්ගෙන්ම ප්‍රශ්ණ වැලකට මුහුන දීමට අකමැති වූ දේවින්ද සියල්ලන්ටම සිද්ධිය විස්තර කර දුන්නේය.
ඉන් ටික වේලාවකට පසුව එතනින් දේවින්දගේ පියා සහ ගුණසේන මහත්මා කාමරයක් තුලට යෑමට සැරසුණි.ඔවුන් ඉවතව යන්නේ මත්පැන් පානය සඳහා බව සියල්ලන්ටම ක්ෂණයෙන් වැටහිණි.
"ඔයා ඩ්‍රින්ක්ස් ගත්තට කමක් නෑ....හැබැයි ඉතින් ආයිත් කාර් එක ඩ්‍රයිව් කරගෙන ගෙදර යන්න ඕනෙත් ඔයාමයි කියල මතක තියාගන්න ගුණේ....."තාරකාගේ මව තම සැමියාට අවවාදයක් අයුරෙන් පැවසුවාය.
තවත් ටික වේලාවක් ආගිය තොරතුරු කතාකරමින් සිටි දේවින්දගේ මව රාත්‍රී ආහාරය පිළියෙල කිරීම සඳහා සූදානම් වූවාය.
"අපේ අයේශා දුව තනියම කුස්සියේ වැඩ ඇති.ඔයාල ටිකක් කතා කර කර ඉන්නකෝ...මම ඒ පැත්තට ගිහිල්ල එන්නම්."දේවින්දගේ මව පැවසුවාය.
"පොඩ්ඩක් ඉන්න.මමත් එනවා......යාලුවො දෙන්න කතා කර කර ඉන්නෙ නැතෑ.."තාරකාගේ මවද දේවින්දගේ මව සමග සාලයෙන් එපිටට පියවර මැන්නාය.
දේවින්ද සමග තාරකා පමණක් සාලය තුල තනි වූහ.

නිලඹර වසන්තය.....(5 කොටස)


නිලඹර වසන්තය.....(4 කොටස) මෙතනින් කියවන්න
*****************************************************************


පාසලට ගොස් හිත එක්තැන් කරමින් පාඩමට අවධානය යොමු කරන්න හැදුවද දේවින්දගේ සිත එක්තැන් කරගැනීමට ඔහුහට නොහැකි විය.අනුරාධාව මුණගැසී ඇය පැවසීමට යන දේ කුමක් වේද යන්න පිළිබඳව දේවින්දගේ සිත මහත් චකිතයකට පත්වී තිබුණි.තම කුතුහලය පැවසීමට අරවින්ද හෝ සිටීනම් මහත් සැනසීමක් බව දේවින්දට සිතිණි.එහෙත් ඔහුද අද පාසලට පැමිණ නැත.පාසලේ සීනුව නාද වූ විගසම පාසලෙන් එළියට පැමිණි දේවින්ද වහාම බේක් හවුසය ගාවට දිව ගියේය.
ඒ වනවිටත් අනුරාධා එතැනට පැමිණ සිටියේය.ඇය පැමිණ සිටියේ තනිවම නොවේ.අරවින්ද ද ඇගේ අනික්පසින් සිටගෙන සිටියේය.
"තොපිල දෙන්න අද ඉස්කෝලෙ එන්නෙත් නැතුව කොහෙද බං ගියේ.උඹ අද එන්නෙ නෑ කියල මට කෝල් එකක් දුන්නනම් මමත් අද ගෙදර ඉන්නවනෙ බං...."දේවින්ද ඒ දෝශාරෝපණය එල්ල කලේ අරවින්ද වෙතටය.
"උඹ නොදන්නව වුනාට අද අපි ගියෙ උඹේ වැඩකටම තමයි බං..."
"මම නොදන්න මගේ වැඩේ මොකක්ද කියල කියන්න පුළුවන්ද."දෙබැම රැලිකරගත් දේවින්ද අරවින්දගෙන් ඇසුවේය.
"මේ දේ තවත් අපි හංගගෙන ඉන්න එකේ තේරුමක් නෑනෙ.දේවින්ද,මට ඇත්තම කියපන්....උඹේ හිතේ තාරකා නංගි ගැන අදහසක් තියනව නේද?
මෙතෙක් වේලා නිහඬව සිටි අනුරාධා එක්වරම විමසූ ප්‍රශ්නයෙන් දේවින්ද පුදුමයට පත් නොවූවද ඔහුගේ සිතේ යම් තිගැස්මක් ඇතිවිය.එහෙත් තමන්ගේ ලඟම හිතවතුන් ලෙස සිටින මේ මිතුරන්ගෙන් ඔහුට සැඟවීමට දෙයන් නොමැත.
"ඔව්...තාරකා ගැන මගේ හිතේ අදහසක් තියනවා."දේවින්ද එකවරම පැවසුවේය.
"ඔව් ඉතින් අපිනම් ඉතින් ඒක තේරුම් ගත්තෙ උඹටත් කලින්.ඒ දේ දැන් දැන් තාරකා නංගිටත් තේරිලා තියෙන්නෙ...."
"ඇයි එයා උඹලට මොනවත් කිවුවද?"දේවින්ද කලබලයෙන් මෙන් ඇසුවේය.
"නෑ එයා අපිට මුකුත් කිවුවේ නෑ.ඒත් ඉතින් උඹල දෙන්න මේක හිතේ තියාගෙන ඉන්නව මිසක් එකෙක්වත් අහන්නෙ නැති නිසා අද අරවින්දයි මමයි ගිහිල්ල ඒ දේ තාරකාගෙන් ඇහුවා."
"උඹල මොන මඟුලක් කරනවද බං...ඒකි මම ගැන මොනව හිතනවද දන්නෙ නෑ."
"ඒකි උඹ ගැන හිතන්නෙත් උඹ ඒකි ගැන හිතන විදිහටම තමයි.අද අපි දෙන්න ගියෙ තාරකා නංගිව හම්බවෙන්න.ඒකි මුලින්ම මේ වගක් අපිත් එක්ක කියන්න කැමති වුනේ නෑ.ඒත් ඉතින් අන්තිමට ඒකිගෙම කටින් පැන්න ඒකිත් උඹ ගැම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව කියන එක."අරවින්ද එක හුස්මට කියාගෙන ගියේය.
"ඔන්න ඉතින් දැන් අපි දේවාලෙ ඇරල දීල තියෙන්නෙ.පූජාව තියනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔය කපුමහත්තයම තමයි.දැන්වත් ගිහිල්ල ඒකිගෙන් කෙලින්ම මේ දේ ගැන අහපන්."අනුරාධා සිනහසලමින් පැවසුවාය.
"දේවාලෙත් ඇරලනම්...පූජාවත් ලෑස්තිනම් කපුමහත්තය මොකටද තවත් පස්ස ගහන්නේ.මම හෙටම ඒකිගෙන් මේ ගැන අහන්නම් බං....උඹල මට මේ කරන උදවු වලට මම කොහොම උඹලට සලකන්නද මන්ද බං......උඹල දෙන්නට දස දහස් වාරයක් තෑන්ක්ස් වේවා මචෝ......"
"ඒ...අනුරාධා..මේ බලපන්කෝ..මෙයා අපිට ටැන්කියක් දීල ශේප් වෙන්න හදන්නේ.මේ මේ.....උඹේ කෙහෙල්මල් ටැංකිය දාපන් ගඟට.ඒ මඟුලෙන් අපිට වැඩක් නෑ.දැන් යමන් බේක් හවුස් එකට...දවල්ට මොනවහරි කාල,හවසට කන්නත් මොනවහරි අරගෙනම අද ගෙදර යන්...."අරවින්ද පැවසුවේය.
"උඹලටත් කොයි වෙලාවෙත් කන බණේම තමයි බං...කමක් නෑ කමක් නෑ....එහෙනම් යමන්කො ඇතුලට."
දේවින්ද තම මිතුරන් දෙදෙනාවත් කැටුව බේක් හවුසය ඇතුලට ගියේ ප්‍රීතිමත් සිනහවක් මුවග රඳවාගනිමිනි.


.......................................................................................................................................................................

"සුදු දූ......"
"ඇයි අම්මා....මම වොෂ් රූම් එකේ....."
"අද හවසට අපි තාත්තගෙ පරණ යාළුවෙක්ගෙ ගෙදර යනවා.ඔයා හවස හය විතර වෙනකොට ලෑස්ති වෙලා ඉන්න."
"කාගෙ ගෙදරද අම්ම යන්නේ....."තාරකා මවගෙන් විමසුවේ තම පියාගේ යහළුවන් බොහෝ පිරිසක් තාරකා දැන සිටි නිසාවෙනි.
"ඔයා දන්නෙ නෑ.....තාත්තගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්.ලෑස්ති වෙලා ගියහම ඔයාටම බලාගන්න බැරියැ."
හරියටම සවස හය වන විට තාරකා ගමනට සූදානම් වී සිටියාය.නියමිත වේලාවට වැඩකිරීමට ඇය කුඩාකල සිටම හොඳින් පුරුදු පුහුණු වී සිටියාය.සැහැල්ලු ටී ෂර්ටයකින් සහ කලු පැහැති කලිසමකින් සැරසුනු තාරකා කැඩපත ඉදිරියේ පෙනෙන තම රුව දෙස බලා සිටියාය.ඇගේ සුවඳ විලවුන් වල සුගන්ධය මුලු කාමරය පුරාම හමා යමින් පැවතිනි.සමන් පිච්ච මල් සුවඳට සමාන සුවඳකින් යුත් එම සුවඳට තාරකා බොහෝ සේ ඇලුම් කලාය.

කෝඩුකාරයාගේ මෙලොවට ආගමනය


අද කෝඩුකාරයට ටිකක් වැදගත් දවසක්......අද උදේ ඇඳෙන් බැස්ස වෙලාවෙ ඉඳල ටිකක් විතර අමුතු දේවල් සිද්ධ වෙනව කියල මට තේරුණා.ඒව හැම එකක්ම ඉතින් ප්‍රසිද්ධියේ කියන්න බෑනේ.....ඒක නිසා මම ඒව ගැන කතා නොකර ඉන්නම්.....කොහොමහරි ඉතින් කෝඩුකාරය අද ඉස්කෝලෙ පැත්තෙ ගිහිල්ල එනකොට එක කොල්ලෙක් මාව නවත්තගෙන මෙන්න මෙහෙම අහනවා.........
"උඹල අපිටත් නොකියම පාටි දාන්න වගේ නේ හදන්නේ....කෝ යකෝ අපිට කේක්....."
දැන් ඉතින් මට නිකන් මඤ්ඤං වගේ.....
"තොට පයිත්තයන්ද යකෝ.......??????"මම අරූගෙන් ඇහුව..
"ඇයි යකෝ....අද තොගෙ උපන්දිනේ නේද?....."
කෙලිය තාප්පෙට...මට මගේ උපන්දිනේ අමතක වෙලා...
දැන් ඉතින් මොනා කරන්නද....කියල මට හිතුන....ඒත් එක්කම මට මතක් වුනේ අද මගේ උපන්දිනේ කියල අපේ ගෙදර ඇත්තන්ට අමතක වීම පිළිබඳව...අයියෝ...මට ඒ වෙලාවෙනම් ඉතින් ඇත්තටම දුක හිතුන.....හැබැයි ඉතින් ඒ දුක නැත්තටම නැතිවුනේ මම ගෙදරට අඩිය තියනකොටම වෙච්ච සිද්ධියක් නිසයි.අපේ ගෙදර කස්ටිය මටත් නොකියම ගෙදර පාටියක් ලෑස්ති කරල......දැන් ඉතින් දුකක් නෑ....ඔන්න ඉතින් යුතුකමක් විදිහට අපේ බ්ලොග් පුරයේ ඇත්තන්ටත් කේක් කෑල්ලක් දෙන්න ඕනෙ කියල මට හිතුන.....ඔන්න ඉතින් ගූගල් කඩෙන් ගත්ත කේක් එකක් පහලින් දාල තියනව....කස්ටිය බෙදාගෙන කන්න ඕනෙ හොඳේ........

නිලඹර වසන්තය.....(4 කොටස)


නිලඹර වසන්තය.....(1 කොටස)
නිලඹර වසන්තය.....(2 කොටස)

නිලඹර වසන්තය.....(3 කොටස) මෙතනින් කියවන්න

*********************************************************************************



මිතුරු මිතුරියන්ගේ කවට වදන් හමුවේ දවස ගතවී යනු තාරකාට කිසිසේත්ම නොදැනිණි.තාරකාගේ නිවසින් නික්මෙන්නට සූදානම් වූ අවස්ථාවේදී දේවින්දගේ මුහුණේ තිබූ ශෝකය මුසු වූ අවිහිංසක බැල්ම ඔවුන් ගිය පසුත් තාරකාගේ සිතේ සිතුවම් වී තිබිණි.
             දේවින්දව දකින වාරයක් වාරයක් පාසා තාරකාගේ සිතට මහත් ව්‍යාකූලභාවයක් නොදැනුනා නොවේ.
ජීවිතයේ මෙතෙක් නොසිතන යමක් දැන් දැන් සිතන්නට පැමිණ ඇතැයි ඇයට දැනේ.තම හදවත් මලුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා පවත්වනු ලබන පිච්ච මල් පූජාව වැනි උතුම් වූ මංගල කටයුත්තකට පේ වන බව ඇයට හැඟේ.වෙනදා ඇඳේ පෙරළෙමින් කල්පනා කරන්නට දෙයක් සෙවුවද මෑතක වනතුරුම ඇයට එවැන්නක් හමුවී නැත.නමුත් දැන් එසේ නොවේ.අද හිත තමාගේ නොවේ වගේය.කෙනෙකු පැමිණ තම හිත ඔහුගේ යටතට යටත් කරගත්තාක් මෙනි.තාරකා කෙදිනකවත් හදවතේ හැඟීම වලට එරෙහි වී නැත.ඔලුවෙන් නොව හදවතින් තීරණ ගන්නට ඇය කවදත් ආශා කලාය.මලක පෙති පිපෙන්නේ කලාවකට ලතාවකටය.තමනුත් පැමිණියේ ජීවිතයේ මල් වාර කිහිපයක් පසුකරමින් වුවද පිපෙන්නට ඉඩ තිබියදීත් නොපිපුණේ මන්දැයි තාරකාට සිතුණි.දෛවයද එසේ විය යුතුය.වසන්ත සමයන් සියගණනක් පසුකලද නොපිපුණ කුසුමක් එක් ආදරබර සමනල බැල්මකදී මල සතු වූ සියක් පෙතිම විකසිත වී සමනල හදවතටම නතුවන අවස්ථාද නැතුවා නොවේ.නින්ද අහලකවත් නොවූ හෙයින් කාමරයේ තුබූ සීඩී ප්ලේයරය ක්‍රියාත්මක කල තාරකා ඇඳට වැටුණි.
කවුලු පියන්පත් වහන්න සඳළු තලාවේ....ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ.....
කසුන් කල්හාර ගැයූ සුමියුරු ගීය ඇයගේ හද පත්ලෙහි ගැඹුරුම තැනක් ස්පර්ශ කලා යැයි ඇයට හැඟුණි.ගීතයේ මිහිර විඳිමින් සිටි ඇය ටික වේලාවකින් නිදි කුමරියගේ පහසට නතු වූවාය.
සතියක් පමණ ඉකුත් වූ පසු තාරකාට ඇවිදින්නට හැකි දුරකට ඇගේ පාදය සනීපවී තිබුණි.මේ සතිය ඇතුලත දේවින්ද,අනුරාධා ඇතුලු තාරකාගේ මිතුරු කැල ඇයව බලන්නට දින හතරක් පමණ පැමිණියහ.
                අම්මෝ....මෙන්න ලෙඩ සනීප වෙලාද කොහෙද පාර දිගේ උඩ පැන පැන එනවා....සිනහ මලක් මුවග රඳවාගෙන මිතුරන් අතරට පැමිණෙන තාරකා දෙසට අත දිගුකර අනුරාධා පැවසුවාය.
"මොනවද මම එනව දැකලා කෙඳිරුවේ...?"මිතුරන් අතරට පැමිණි තාරකා අනුරාධාගෙන් ඇසුවාය.
"නෑ..මම මේ කිවුවෙ ආයිත්නම් ඔයාලගෙ ගෙදර යමු කියලා අපිට කවුරුත් කරදර කරන එකක් නෑ කියල.පහුගිය දවස් ටිකේ සමහර අයගෙන් පුදුම කරදරයක්නෙ තිබුනේ......"
"කවුද අපේ ගෙදර යමු කියලා ඔයාලට කරදර කලේ....?"
"අම්මේ මේ යකානම් මැරෙන්නෙ නෑ.....ඔන්න ඔය එන මනුස්සය තමයි අපිට මෙච්චර දවසක් වද දුන්නේ......"
එක්වරම තාරකාගේ මුහුණ ලැජ්ජාවත් සමග මුසුවූ කෝල බවකින් බිමට බරවිය.තම මිතුරන් පිරිවරාගෙන තමන් ඉදිරියට එන දේවින්දව ඇගේ දෑසට හසුවන්නට තත්පරයක්වත් ගතවූයේ නැත.
"ආ....ලමයගෙ ලෙඩ සනීපයි වගේ නේද?"
තාරකා අසලට පැමිණි දේවින්ද සිනාමුසු මුහුණින් යුතුව ඇසුවේය.
"තාරකාගෙ ලෙඩ සනීප වුනාට මොකද තවත් සමහර කට්ටියටනම් අමුතු ලෙඩක් හැදීගෙන එනව වගේ......."
අරවින්ද අනුරාධාට ඇඟිල්ලකින් ඇන පැවසුවේය.
"ඒ කතාවටනම් මමත් සම්පූර්ණ එකඟයි."
"උඹල හිතාගෙන ඇත්තේ කට්ටියම එකතු වෙලා එකෙක් දෙන්නෙක්ව බයිටට ගන්න එක මහ ලොකු වීර ක්‍රියාවක් කියල නේ....."දේවින්ද අරවින්ද වෙත කෝපය මුසු බැල්මක් හෙලමින් පැවසුවේය.
"ආ......මෙයා මොකද මේ අහසෙ පාවෙන තොප්පි ඔළුවට දාගන්නෙ...?"අනුරාධා පැවසුවාය.

මිහිර අමිහිර ගැබ් වූ වදන් අතරින් කෙලිලොල් තරුණ තරුණියන්ගේ දින එකිනෙක ගත විය.අසීමිත,අපරිමාණ ආදරයක් තමන්ගේ සිත් තුල පැවතියද දේවින්දත් තාරකාත් තම සිත තුල පවතින්නේ ආදරයක් යැයි තේරුම් ගැනීමට අපොහොසත් විය.


..................................................................................................................................................................


අද දින වෙනදාටත් වඩා ඉක්මනින් හිරු අහසට විත් යැයි දේවින්දට හැඟුණි.මේ වනවිට තාරකාත් දේවින්දත් එකිනෙකාට මුණගැසී මසකටත් වැඩි කාලයක් ගතවී තිබුණි.මේ කාලය තුල තමාත් තාරකාත් කෙතරම් සමීප වුණිදැයි දේවින්ද සිතුවේය.
ක්‍රීඩා උළෙලෙහි අවාසාන මොහොතේදී ප්‍රථම ස්ථානය ලබාගත් නිවාසය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී තාරකාත් දේවින්දත් ගැහෙන හදින් යුතුව එක ළඟට වී බලා සිටියහ.තාරකාගේ අත ඇය නොදැනුවත්වම දේවින්දගේ අතැඟිලි අතර පැටලිණි.
"මෙම වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය හිමිකරගන්නා නිවාසය වනුයේ................................"
මුලු ක්‍රීඩා පිටියේම හුන් ළමුන් සියලු දෙනා මීයට පිම්බාක් මෙන් නිහඬ විය.
තාරකාගේ දෑඟිලි දේවින්දගේ අතට වඩාත් තදවිය.ඇයගේ හුස්ම වැටෙන ශබ්දය දේවින්දගේ දෙසවන් තුල රැව් දෙමින් ඇසිණි.
"මෙවර ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය ලබාගන්නා නිවාසය වනුයේ....විජය නිවාසයයි..........!!"
එක්වරම මුළු ක්‍රීඩා පිටියම මහත් අත්පොලසන්නද නගමින් ප්‍රීතිඝෝශා පවත්වන්නට විය.දේවින්ද නොදැනුවත්වම ඔහුගේ නෙතඟින් ගිලිහෙන්නට බලා සිටි කඳුලු කැට දෙකක් ඔහුගේ කම්මුල තෙමමින් ඇදවැටුණි.ඔහු තාරකා දෙස බැලීය.මුහුණ පුරා දෝරෙගලනා නිමක් නැතු සතුටක් අතරින් තාරකාගේ සිනහමුසු මුහුණ ඔහුහට දක්නට ලැබිණි.දේවින්දත් තාරකාත් එකිනෙක වැළඳගත්තේ අපරිමිත වූ ප්‍රීතියක් දෙදෙනා අතර හුවමාරු කරගන්නට මෙනි.තවත් ඇසිල්ලකින් තමාගේ නිවාසය ජයග්‍රහණය කරා ගෙනයන්නට අපමණ වෙහෙසක් දැරූ දේවින්දව,විජය නිවාසයේ සියලු ළමුන් එක් රොක් වී කරමතින් තබාගෙන ප්‍රීතිඝෝශා පවත්වන්නට විය.
"මෙයා මොකද මේ කණ්නාඩිය දිහා බලාගෙන තනියම හිනාවෙන්නේ.....අනිමිසලෝචන පූජාවක්වත් පවත්වනවද?"
තම සොහොයුරියගේ හඬින් දේවින්ද ගැස්සී ගියේය.
අම්මෝ....මගේ හිත ගිහිල්ල තියන දුර...දේවින්දට සිතුණි.
"මම අනිමිසලෝචන පූජාවෙ නෙමෙයි...රුවන් සක්මනේ යෙදුනත් තමුසෙට තියන අමාරුව මොකක්ද....යනව යනවා.....ගිහිල්ල තමුසෙගෙ වැඩක් බලාගෙන ඉන්නව."දේවින්ද සොයුරියට පැවසුවේය.
"මට ඇති අමාරුවක් නෑ හලෝ...අන්න අම්ම කෑම කන්න කතා කරා..මම ඒක කියල යන්නයි ආවෙ."ඇය ගස්සාගෙන කාමරයෙන් එලියට ගියාය.
දේවින්ද පාසලට යෑම සඳහා හැඳ පැළඳ තම කාමරයෙන් නික්ම යන්නට සූදානම්වනවාත් සමගම දේවින්දගේ ජංගම දුරකතනය නාද විය.එය අතට ගත් දේවින්ද දුරකතන ඇමතුම කාගෙන්දැයි බැලුවේය.ඇමතුම අනුරාධාගෙනි.කෙදිනකවත් අනුරාධා දේවින්දට මෙතරම් උදෑසනින් කතාකර නැත්.මහත් කුතුහලයෙන් යුතුව දේවින්ද අනුරාධාව ඇමතීය.
"දේවින්ද..මට ඔයාට කියන්න ලොකු දෙයක් තියනවා."
"එහෙනම් ඉතින් ඉක්මනට ලොකු දේ පොඩියට පැහැදිලිව කියන්නකෝ...."
"විහිළු නෙමෙයි බං...මම අද ඉස්කෝලෙ එන්නෙ නෑ.උඹට පුළුවන්නම් අද ඉස්කෝලෙ ඇරෙන ටයිම් එකට බේක් හවුස් එක ගාවට වරෙන්.මම මේ කියන්න යන දේ උඹට ගොඩාක් වැදගත් වෙයි.ඒක නිසා විහිළුවකට ගන්නෙ නැතුව අද හවසට මාව හම්බවෙන්න වරෙන්.මම තියනවා."
දුරකතන ඇමතුම විසන්ධි විය.
අනුරාධා කෙදිනකවත් මෙතරම් බැරෑරුම් ලෙස කතා කරන්නේ නැත.මොකක් හෝ බරපතල කරුණක් විය යුතුය.අද පාසල ඇරී අනුරාධා හමුවීමට දේවින්ද සිතුවේය.

නිලඹර වසන්තය.....(3 කොටස)


නිලඹර වසන්තය.....(1 කොටස)
නිලඹර වසන්තය.....(2 කොටස) මෙතනින් කියවන්න

*********************************************************************************


සිහින වාලුකාවක අතරමං වී තිබූ තමන්ගේ හිත මොකක්දෝ රටාවකට හැඩගැසීමට සූදානම් වනබව තාරකා ඉවෙන් මෙන් වටහා ගත්තාය.තම දිවියේ සහරාව මෙන් සතර අතටම පැතිරුණු හුදෙකලා බව රසවිඳීමට හැකි යැයි තාරකාට දැන් දැන් සිතේ.
                අද දිනයේදී සිදුවූ සියල්ලක්ම පාහේ තාරකාට ඉතා පුදුමසහගත සිදුවීම්ය.කවර දිනකවත් තම පියා හැරුනු කොට වෙනත් පිරිමියෙකු සමග සමීපව නැතිනම් ලෙන්ගතුව කතා කර නොතිබූ තාරකාගේ හිත අද උදෑසන දේවින්ද සමග කතා කිරීමට බල කලේ ඇයි?තමන්ගේ කකුල අනතුරකට ලක් වූ වෙලේ දේවින්ද තමාව දෝතට ගත් විට තමන්ගේ මුළු ගතම හිරිවැටී ගියා නොවේදැයි තාරකාට සිහිවිය.එම වේලාවේ සිට තමන්ව නිවසට රැගෙන එන තෙක්ම ඔහු තාරකා ළඟින් රැඳී සිටියේය.මේ සියල්ල එක පෙළටම තාරකාට සිහි විය.වෙනදා නිවසට ආ විගසම තම ආදරණීය නැගෙණිය සමඟ කතාවට වැටෙන ඇය අද මෙතරම් හුදෙකලා වූවේ ඇයි.තමාගේ සිත මෙතරම් දේවින්ද ගැන සිතන්නේ ඇයි.ඇයට තම සිත සමග විටෙක තරහක්ද ඇතිවේ.තවත් විටෙක තමාගේ සිත මෙතරම් බොළඳ වූයේ කෙලෙසදැයි ඇයට සිතේ.
"එයා මට මෙච්චර උදවු කලේ මනුස්සකමට වෙන්න ඇති.එහෙම එකේ ඇයි මගෙ හිත මට එයා ගැන මෙච්චර හිතන්න බල කරන්නෙ......?"ඇය එම ප්‍රශ්නය ඇසුවේ තම හදවතිනි.ඇයට එම ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමට අපහසු වූවාය.
"ලොකු දූ....ඔයාට කෑම එක බෙදලා ගෙනත් දෙන්නද?නැත්නම් මම කවන්නද?"මවගේ හඬින් තාරකා ගැස්සී ගියාය.
"එපා අම්මා.....ඉන්න මම ඔතනට එන්නම්."යැයි කියමින් ඇය ඇඳෙන් නැගී සිටින්නට හැදුවද නැවතත් ඇගේ කකුල රිදුම් දෙන්නට පටන් ගත්හ.
"හා හා...දරුවෝ.....ඔයා නැගිටින්න හදන්න එපා....ටිකක් ඔය කකුල සනීප වෙනකම් ඇඳට වෙලා ඉන්න කියල දොස්තරත් කිවුව නේද?පොඩ්ඩක් ඔහොම ඉන්න.මම බත් බෙදාගෙන ඇවිත් ඔයාට කවන්නම්."කාමරයට පැමිණි මව පැවසීය.
"අනේ මට එච්චර අමාරුවක් නෑ අම්මා.පොඩ්ඩක් කකුල රිදෙන එක විතරයි.අනූ අක්කා අම්මට දොස්තර කියපු නැති දේවලුත් කියල ගිහිල්ල වගේ....."
"නෑ......අනුරාධා දුව ඔයත් එක්ක එලියට ආපු වෙලාවේ අර පිරිමි දරුවට කතාකරල දොස්තර කියල තියෙන්නේ ඔයාට ටික දවසක් යනකම් ඇවිදින්න දෙන්න එපා කියල.ඔයා බයවෙයි කියල තමයි ඒ දරුව ඔයාට ඔය විත්තියක් කියල නැත්තේ...ඒ වුනාට මට ඇවිල්ල කිවුව ඔයාට වැඩිය ඇවිදින්න දෙන්න එපාය කියල දොස්තර කිවුවලු."
මවගේ කතාවෙන් තාරකා දේවින්ද ගැන තව දුරටත් වටහාගත්තාය.
ඈත අහසේ දිදුලන චන්ද්‍රයා ඈ දෙසට නෙත් හෙලාගෙන සිටින අයුරු විවෘතව ඇති ජනේලයෙන් ඇයට පෙනේ.

තාරකාට අමරසිරි පීරිස්ගේ ගී පදවැලක් සිහියට නැගුනි.විටෙක දේවින්දද මේ පුරහඳේ අසිරිය විඳිමින් සිටිනවා විය හැක.එදින තාරකා නින්දට ගියේ හැකිතාක් ඉක්මනින් පාසල වෙත යෑමේ බලාපොරොත්තුවක් සිත තුල රඳවාගනිමිනි.


හිමිදිරි ගුවන් ගැබට සූර්ය්‍ය කුමරුගේ බැල්ම වැටීමටත් කලියෙන් දේවින්ද දවස ආරම්භකර හමාරය.සෑම දිනකම හිරුට කලින් දවස ආරම්භ කිරීමට දේවින්ද ප්‍රිය කලේය.එවිට ගතට මෙන්ම සිතටද මහත් සැනසීමක් නිස්කලංකභාවයක් දැනේ.
"අරවින්දට මතකද......අර තාරකා නංගි වැටුන වෙලාවෙ මෙයා පුදුම විදිහට බය වෙලානෙ හිටියේ......."
"ඒක නේන්නම් බන් මාත් බලාගෙන හිටියෙ...මූ මෙච්චර එකට ඉන්න අපිට කරදරයක් වුනාමවත් ඔහොම සලකන්නෙ නෑනෙ....."
පෙර දින රාත්‍රියේදී තම මිතුරන් විසින් දේවින්දට කරන ලද කවට වදන් ඔහුට සිහිවිය.
උදෑසනින්ම වතුර මල යටට වී වතුර මලින් එන කුඩා ජල බිඳුවලට තම ශරීරය හොඳ හැටි සිපගැනීමට ඉඩදුන් දේවින්ද ඔවුන් අද දින යොදාගත් ගමන යෑම සඳහා සුදුසු සැහැල්ලු ඇඳුමක් ඇදගත්තේය.තම මිතුරු මිතුරියන් තවමත් පැමිණ නැතිබව ඔහුට විශ්වාසය.එම නිසා වැඩි කලබලයකින් තොරව ලෑස්ති වූ දේවින්ද ගෙදරින් එලියට බැස්සේය.

අද දින වන විට තම පාදය සනීප වී ඇවිදීමට හැකිවේයැයි සිතුවද එසේ ඇවිදීමට හැකි තත්වයක් තාරකාට තිබුනේ නැත.ඇඳෙන් බිමට අඩිය තබන සෑම මොහොතක් පාසාම ඇගේ කකුල වේදනා දෙන්නට විය.මැදියම් රාත්‍රිය වනතෙක් හරි හැටි නින්දක් නොලැබූ තාරකා උදෑසන 7 වනවිටත් තද නින්දක පසුවිය.පාන්දර 6ට පමණ තම දියණියගේ කාමරයට පැමිණි තාරකාගේ මව වෙන දිනවල අලුයම හතරට පමණ අවදිවන දියණිය අද තවමත් සුවසේ නිදි කුමරියගේ පහස විඳිමින් සිටින දෙස මොහොතක් බලා සිටියාය.
"පව් දූලගෙ තාත්තෙ.......කෙල්ල ඊයෙ රෑ වෙනකම් නිදාගන්නෙ නැතුව ඇති.කොච්චර නෑ කියල කිවුවත් කකුලෙ අමාරුව නිදාගන්න ඇඳට ගිය වෙලාවෙත් තිබ්බ කියල මට තේරුණා."දියණියගේ කාමරයට ඔළුව දැමූ ගුණසේන මහතා දෙස බලා තාරකාගේ මව පැවසුවාය.
නමුත් තාරකාගේ නින්ද සොරාගෙන තිබුනේ ඇයගේ කකුලෙහි ආබාධය නොව ඇගේ සිතට ඇතුළු වී තිබූ ආගන්තුක වූ සෙනෙහෙබර හැඟීම් පොකුරක් බව කිසිවෙකු නොදත්තේය.

නිවසේ සීනුව නාදවන විට තාරකා සිටියේ තම ඇඳ මත වාඩිවී පොතක් කියවනගමන්ය.
"අම්මා............කවුද ඇවිල්ල වගේ.පොඩ්ඩක් බලන්න....."සීනුවේ හඬ ඇසුණු තාරකා තම මවට හඬගෑවාය.ටික වේලාවකට පසු මව නිවසේ දොර විවර කරන ශබ්දයත්,ඉන් පසුව තවත් කටහඬවල් කිහිපයකුත් තාරකාගේ දෙසවනට ඇසිණි.තවත් තත්පර කිහිපයකට පසුව සුපුරුදු මුහුණක් තාරකාගේ කාමරයට එබිණි.
           ටික වේලාවකට පසු මව නිවසේ දොර විවර කරන ශබ්දයත්,ඉන් පසුව තවත් කටහඬවල් කිහිපයකුත් තාරකාගේ දෙසවනට ඇසිණි.තවත් තත්පර කිහිපයකට පසුව සුපුරුදු මුහුණක් තාරකාගේ කාමරයට එබිණි.
            "අනූ අක්කේ.....ඔයාල..!" තාරකාට අදහාගන්නටත් බැරිය.පළමුවෙන්ම අනුරාධාගේ මුහුණත් දෙවනුව තවත් මිතුරන් කිහිපදෙනෙක් සහ පිටුපසින්ම දේවින්දගේ මුහුණත් ඇයගේ දෑසට හසුවිය.
"මේ මොකද කෙල්ල නිකන් බය වෙලා වගේ.......?"තාරකාගේ ඇඳ කොනකින් අසුන්ගත් අනුරාධා ඇසුවාය.
"නෑ...බය වෙලා නෙමෙයි.මට එකපාරටම හිතාගන්නවත් බැරි වුනා.පුරුදු කටහඬවල් ටිකක් ඇහුනට මම හිතුවෙ නෑ ඔයාල වෙන්න ඇති කියල.අනික මෙච්චර උදෙන්ම..?"තාරකා විශ්මය ගැබ් වූ හඬකින් පැවසුවාය.
"අපිටනම් ඉතින් මෙච්චර උදෙන් එන්න ඕන කමක් තිබුනෙ නෑ...ඒත් ඉතින් මේ එක්කෙනෙක්ට නම් ඔයාව බලන්න එන්න පුදුම ඕනකමක් තිබුනනේ.ඒ නිසා ඉතින් අපිත් ඉතින් ඕන මඟුලක් කියල උදේ පාන්දරින්ම ආව."අනුරාධා පැවසූයේ දේවින්දට ඇහැකින් ඉඟි කරමිනි.තාරකාගේ දෑස ක්ෂණයකින්ම දේවින්ද වෙත යොමුවිය.කහ පැහැති ටී ෂර්ටයකින් හා ලා නිලට හුරු ඩෙනිමකින් සැරසී සිටි දේවින්ද ඔහු කුමන ඇඳුමට වුවද ලස්සනයැයි ඇයට සිතුණි.තමා දෙස බලා සිටින තාරකා දෙසට නෙත් හෙලූ දේවින්ද "දැන් සනීපද නංගී..."යැයි ඇසුවේ මුවගට අහිංසක සිනහවක් නංවා ගනිමිනි.
"අනේ ඔව් අයියේ....දැන් හොඳටම සනීපයි.ඒකනෙ මේ ඇඳෙන් බැහැගන්න බැරුව ඇඳට වෙලා ඉන්නේ...."දේවින්දගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුනේ තාරකාගෙන් නොව අරවින්දගෙනි.අරවින්ද ඇද පැද පැවසූ කතාවට සියල්ලන් සිනහ ගැන්වීමට සමත්විය.
"මම තොගෙන් මුකුත් ඇහුවේ නෑ....කට වහගෙන හිටු."දේවින්ද ඔහුට බැණවැදුනේ තරහකින් නොවේ.
"මොනවහරි බීල ඉමු ලමයිනේ..."තේ බන්දේසියක් අතින් රැගෙන තාරකාගේ කාමරයට පැමිණි ගුණසේන මහත්මිය පැවසුවාය.
"අයියෝ....ඇන්ටි මොකටද කරදර වුනේ..කෝ දෙන්න,මම ඕක අල්ලන්නම්."ඇගේ අතින් තේ බන්දේසිය ගන්නා ගමන් කාංචනා ඵැවසුවාය.
"ඔව් ඔව් ඇන්ටි...අපේ කාංචනාට හොඳට හවුස් කීපින් වැඩ පුළුවන්.මෙයා ඒ ලෙවල් වලින් පස්සෙ දෝහා කටාර් යන්න ඉන්නෙ.එහේ ගෘහ සේවිකා ඇබෑර්තු ගොඩාක් තියනව කියන්නේ...."කාංචනාට අනුරාධාගේ කට තලා දමන්නට සිතුණි.
"ඕව ඇන්ටි ඉරිසියාවට කියන කතා...අනූගෙ අම්ම හැම තිස්සෙම වගේ අපිත් එක්ක කියන්නෙ මේකිව කසාද බන්දල දෙන්න වෙන්නෙ හොඳට ගෙදර වැඩ කරන්න පුළුවන් මිනිහෙක්ට කියලනේ....ඉතින් අනූගෙ අම්මම එහෙම කියනකොට මෙයාගෙ ගෙදර වැඩ කිරීමේ හැකියාව ගැන ඇන්ටිට අමුතුවෙන් තේරුම් කරන්න ඕන නැහැනේ."
පිරිසට තේ බන්දේසිය අල්ලන ගමන්ම කාංචනා පැවසුවාය.

නිලඹර වසන්තය.....(2 කොටස)



තමා ඉදිරියේ සැහැල්ලු කහ පැහැති ටී ෂර්ට් එකක් සහ කලු පැහැයෙන් යුත් බොටම් කලිසමක් හැඳ සිටින මේ තරුණ යුවතිය දෙස දේවින්ද තත්පර දහයක් පමණ එක එල්ලේ බලා සිටියේ ය.යුවතියක් සැහැල්ලු වූ විට කෙතරම් ලස්සනද?ඇසිල්ලකින් දේවින්දගේ සිතට එම පැනය නැගුණි.තාරකා ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.දේවින්ද මීට පෙර තාරකාව දැක ඇතත් ඇයගේ කටහඬ අසා නැත.
"තාම කවුරුත් නෑනෙ නංගි...ඔයා ආවෙ බාස්කට්බෝල් ප්‍රැක්ටිස් වලට නේද?"දේවින්ද එසේ ඇසුවේ අසන්නට වෙනත් යමක් නැති නිසාය.
"ඔව්...අයියටනම් මාව මතක නැතුව ඇති නේද?"
"ඔයාගෙ මූණනම් ටිකක් දැකල පුරුදුයි.හැබැයි ඉතින් එච්චරටම මතකයක් නැහැ."
"ම්...ම්....ඔයාගේ නම දැනගන්න පුළුවන්ද?"දේවින්ද තාලයකට මෙන් ඇසුවේය.කෙතරම් තම පන්තියේ මිතුරියන් සමග මිත්‍රශීලීව සිටියද තාරකා හමුවේදී දේවින්ද තරමක් අපහසුතාවයකට පත් වූවේය.ඒ මක්නිසාදැයි ඔහුට නොවැටහුණි.
"මගේ නම තාරකා.මම ඉන්නෙ 12 A3 ක්ලාස් එකේ.ඔයාලගෙ ක්ලාස් එකේ ඉන්න අනුරාධා අක්ක මගේ හොඳ යාළුවෙක්......"ඇය කෙළින්ම දේවින්දගේ මුහුණ දෙස බලා පැවසුවාය.ඇස් නටවමින් කතාකරන ඇයගේ කතා විලාශයට දේවින්ද මහත් සේ ඇලුම් කලේය.
"ඇත්තද...?අනුරාධා නම් මට ඔයා ගැන මීට කලින් වැඩි විස්තරයක් කියල නෑ."දේවින්ද මුවට සියුම් මදහසක් නංවාගෙන පැවසුවේය.
පසෙකින් නැගුණු අඩි ශබ්දය නිසා දේවින්දත්,තාරකාත් පිටුපස හැරී බැලුවහ.තවත් මිතුරියන් කිහිපදෙනෙක් වටකරගෙන අනුරාධා සිනා සලමින් දේවින්දලා සිටින තැනට පැමිණේ.
"මචංලා......අපි පරක්කු නෑ නේද?"පන්තියේ කටකාරිය වූ අනුරාධා සිනහසලමින් ඇසුවාය.
"පරක්කු නෑ.......බලපන් දැන් වෙලාව කීයද කියලා....."දේවින්ද තම අත් ඔරලෝසුව ඇයට දිගුකරමින් පැවසුවේය.
 "දැන් මෙයා මෙහෙම කිවුවට මොකද අපි පරක්කු වෙනවනම් හොඳයි කියල හිත හිත ඉන්න ඇත්තේ."තාරකා දෙසට නෙත් හෙළමින් කාංචනා පැවසුවාය.දේවින්දව තව ටිකක් තරහ ගැස්සීමට සිතූ අනුරාධා "හැබැයි ඉතින් දැන් දේවින්දට ඇස් පේනවත් අඩුයි වගේ නේ....කමක්  නෑ....ඕව ඉතින් හතලිස් ඇඳිරිය ලං වෙනකොට හැදෙන සාමාන්‍ය ලෙඩනේ....දැන් හරියටම වෙලාව උදෑසන අට පසුවී මිනිත්තු විසි පහයි.."
"මම මෙතන තව එව්න් ඉන්න නිසා උඹලට මොනවත් කියන්නේ නෑ.කිවුව කියල හිතාගනින්කෝ......."
"ආ.............ඔය එන්නෙ අනිත් එකත්.එහෙනම් අපි වැඩ පටන්ගමු නේ"අනුරාධා ඉක්මන් ගමනින් පිරිස දෙසට පැමිණෙන අරවින්ද දෙසට අත දිගු කරමින් දේවින්දට පැවසූවාය.
"හරි....හරි...දන් ඉතින් කට්ටියම ආවනේ.එහෙනම් දැන් ඉතින් කට්ටියම බාස්කට්බෝල්ස් ටික අරගෙන කෝඩ් එකට යන්න."දේවින්ද සැමටම ඇසෙන සේ කෑගැසුවේය.
ක්‍රීඩා පුහුණුවීම් ඇරඹුණි.භද්‍ර යෞවනියන්ගේ ක්‍රීඩාශීලිත්වය ඉතාමත් ඉහල තත්වයක පවතින බව ටික වේලාවක් යනවිට දේවින්දට පසක් විය.දේවින්දත්,අරවින්දත් ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාශීලීත්වය පරික්ෂා කරමින් ඔවුන්ට නිවැරදි ක්‍රීඩා ඉරියවු පෙන්වා දුන්හ.සිසිලසින් යුත් මන්දමාරුතයක් ඔවුන්ගේ ගතෙහි වැදීගෙන ගුවනට පාවී ගියේ නිදහසට උරුමකම් කියන මේ යෞවන යෞවනියන්ට සුභ ප්‍රාර්ථනා කිරීමට මෙනි.එහෙත් නොසිතූ මොහොතක එක්වරම දේවින්දගේ ළඟ බෝලය අතේ තබාගෙන සිටි තාරකාගේ කකුලක් පටලැවී ඇයව වැටෙන්නට යන අවස්ථාවේදී දේවින්ද පැන  ඇගේ බඳ වටා අත දමා ඇයව අල්ලාගත්තද,ඇගේ එක් කකුලක් පෙරළී ගොස් තිබිණි.සියල්ලන්ම තාරකා වටා රොක්වූහ.වෙනත් කරන්නට දෙයක් නැති නිසාවෙන් ඇයව දෝතට ගත් දේවින්ද ඇයව රැගෙන ගොස් බංකුවක් මත තැබුවේය.මේ වන විටත් අධික වේදනාවට පත් තාරකාගේ ඇස් බොඳවී ගොස් කඳුළු කැට ගලායමින් තිබුණි.වහාම තමාගේ බෑගය ඇර ඒ තුළින් වේදනානාශක ස්ප්‍රේ එකක් ගත් දේවින්ද එය ඇගේ කකුලෙහි ගැල්වීය.
"තාමත් රිදෙනවද නංගි...."
දේවින්ද බෙහෙත් ගල්වා අවසානයේදී ඇගෙන් විමසීය.
"දැන්නම් ටිකක් අඩුයි වගේ....."ලැජ්ජාවට පත්වූ ඇය බිම බලාගෙනම කීවාය.
"ඔයාට ගොඩක් අමාරුද කෙල්ලේ.....ඉන්න අපි ඔයාව ගෙදරට ගිහිල්ලා ඇරලවන්නම්."අනුරාධාගේ ආදරණීය වදන් ඇගේ දෑස් තවත් බොඳකරවන්නට විය.
"එපා අනූ අක්කේ....ඔයාල සෙල්ලම් කරන්න.මම මෙහෙම ඉන්නම්.මට එච්චර අමාරුවක් නෑ."
ඇය කෙසේ කීවද ඇගේ වේදනාව අඩුවී නොමැති බව දේවින්දට වැටහුණි.
"නංගි පොඩ්ඩක් ඔහොම ඉන්න.මම ඉක්මනට කඩේට ගිහින් ඇස්ප්‍රීන් එකක් අරගෙන එන්නම්."
දේවින්ද ඉක්මනින් කඩයට දිවගියේය.
එදින හවස ක්‍රීඩා පුහුණුවීම් අවසන් වී අනුරාධාත්,දේවින්දත් තාරකාව ත්‍රී රෝද රථයක දමාගෙන ඇයව රෝහල කරා රැගෙන ගොස් කකුලට ප්‍රතිකාර කොට ඉන්පසුව ඇගේ නිවස වෙත රැගෙන ගියහ.තාරකාගේ මව තම දියණියට සිදුවූ අනතුර ගැන බියපත් වී සිටියා ය.ඇයට සිදුවූ සියල්ල පැහැදිලි කර දුන් අනුරාධා තාරකාව රැගෙන එන විට ඇයව වෛද්‍යවරයෙකුට පෙන්වූ බවත් ඇයගේ කකුලේ තත්වය ගැන බියවීමට කාරණාවක් නොමැති බව දොස්තර මහතා කී බවත් තාරකාගේ මවට පැවසීය.
සියල්ල නිම වී දේවින්ද තම නිවසට පැමිණෙන විට රාත්‍රී අටත් පසුවී තිබුණි.මේ වනවිට දේවින්දගේ නිවසින් ඔහු රෑ වෙනතෙක් ගෙදර නොපැමිණීම ගැන බියපත්ව සිටියහ.දේවින්ද නිවසට ගොඩ වදින විටම බියපත් මුහුණින් දේවින්දගේ මව සහ සොයුරිය ඉදිරියට පැමිණියහ.
"ඇයි අම්මා....?"
"කොහෙද දරුවෝ මේ රෑ වෙනකම් යන්නේ.තාත්ත දැනගත්තොත් මටත් විසුමක් වෙන්නෑ.ඔයා දන්නවනේ තාත්තගෙ හැටි.අඩුමගානෙ පරක්කු වෙනවනම් කෝල් එකක් දෙන්න තිබුනනේ.අක්කයි මමයි කොච්චර පපුවෙ ගින්දරෙන්ද හිටියේ.ඔයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.........."
"මගෙ ෆෝන් එකේ බැට්‍රි ලෝ වෙලා අම්මා....ඒකයි කෝල් එකක් දෙන්න බැරි වුනේ....."
දේවින්ද එදින සිදුවූ සියල්ල මවට පැහැදිලි කලේය.
"ඔය මෙයාගෙ බොරු අම්මා.....කෙල්ලෙක්ව අල්ලගෙන කොහෙහරි රස්තියාදු ගහල ගහල එන්නැති...."
දේවින්ද මුලු විස්තරයම අසා සිටි දේවින්දගේ අක්කා සිනාසලමින් පැවසීය.
"තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගෙන ඉන්නවා......."
දේවින්ද ගේ තුලට ගියේ අක්කාගේ උරහිසට පහරක් ගසමිනි.
"ආව්.......බලන්න අම්මා......."ඇය කෑගැසීය.
"හොඳ වැඩේ කට තියාගෙන ඉන්න බැරුවට...."
"අම්මටත් ඉතින් අම්මගෙ සූකිරි පොඩි පුතාව තමයි ලොකු...."දේවින්දගේ සොහොයුරිය ගස්සාගෙන කාමරයට වැදුනාය.

දේවින්දගේ සිතට එදින පුදුමාකාර වෙනසක් දැනේ.එය සැහැල්ලු හැඟීමක්ද,නැතහොත් හිතට බරක් ලෙස දැනෙන හැඟීමක්දැයි ඔහුට නොතේරුණි.අද ගෙදර පැමිණි වෙලාවේ සිටම හිත මාන බලන්නේ තනිවෙන්නටමය.නැතිනම් හුදෙකලාවක අතරමංවන්නටය.එයට හේතුව කුමක්දැයි ඔහුට නොතේරුන නමුත් එය තේරුම් ගැනීමටද දේවින්ද උත්සාහ නොකළේය.ඒ සොඳුරු හුදෙකලාවේ අතරමංවීමට ඔහුගේ සිත ප්‍රිය කලේය.

නිලඹර වසන්තය.....(1 කොටස)




ඉරමල නැගෙනහිර අහසින් එබිකම් කරන්නට පටන්ගෙන දෙපැයක් ගතවන්නටත් පෙර පාසල් භූමිය අකුරු කරනට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් පිරී යන්නට විය.

පසෙකින් නැගෙන ඝෝශාව පරයා නැගෙන තම මිතුරන්ගේ උසුළු විසුළු වලින් දේවින්දට මහත් සංග්‍රහ ලැබිණි.
"දැන් ඉතින් දේවීන්දයට මේ ස්පෝට් මීට් එකක් ලොකු වෙලා අපිව මතකත් නෑ.ඕකට තමයි මචන් කියන්නෙ ඉස්සෙල්ල ආපු රැවුලට වඩා පස්සෙ ආපු කොණ්ඩෙ ලොකුවෙනවා කියල..."අමිල පැවසුවේ ඕනෑවට එපාවට මෙනි.
"ඇත්තද බන්.උඹේ කොණ්ඩෙට කලින් ආවෙ රැවුලද?මගේනම් ඉස්සෙල්ල ආවෙ කොණ්ඩෙ...පස්සෙ තමයි අනිත් තැන්වල වැවුනෙ..."කටකාරයෙකු වූ දේවින්දව මැඩවීමට ගොස් තමාට වැරදුණු බව අමිලට වැටහුනේ ටික වේලාවක් ගත වූ පසුවය.

යෞවනය මිහිරියාවක් කොටගෙන ජීවත්වූ දේවින්දට තම ජීවිතය දැණුනේ මල් ගොමුවක රොන් උරාබොමින් සිටින සමනලයෙකුවන් හැඟීමකි.නිදහසට උරුමකම් කියමින් කටකාර කෙළිලොල් මිතුරන් අතරේ ගෙවෙන මෙම දිවියට දේවින්ද ප්‍රිය කළේය.

පාසලට මේ දිනවල නව පණක් ලැබී ඇත්තාක් මෙනි.පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලට ඇත්තේ තව මසකටත් අඩු කාලයකි.ගුරුවරුන්ගෙන් සිසු සිසුවියනට තරමක නිදහසක් ලැබී ඇත්තේ ගුරුවරුන්ද හනි හනිකට ක්‍රීඩා උළෙලට ලක ලෑස්ති වන නිසා විය යුතුය.තිස්ස,විජය,පරාක්‍රම,ගැමුණු යන නිවාස හතරෙන් විජය නිවාසයේ නිවාස නායකත්වය ඉසිලූ දේවින්දට හරි හැටි කෑමක් බීමක් ගන්නටවත් කාලයක් නොමැත.ඉරමල යන්තම් අහස් ගැබට එබිකම් කරන්නට පටන් ගන්න වෙලාවේ පාසලට පැමිණෙන දේවින්ද උදේ පාන්දරින්ම තමන්ගේ නිවාසයේ සිසු සිසුවියන් හට පුහුණුවීම් සඳහා අවැසි වන ක්‍රීඩා උපකරණ සකසා දෙයි.ඉන්පසුව විවිධ වයස් මට්ටම් වලට අදාලව රැස්වීම පවත්වා තම සගයන්ව දැනුවත් කරන ඔහු ඉන්පසුව යන්නේ ශිෂ්‍යයන්ට ක්‍රීඩා සඳහා උපදෙස් ලබා දීමටය.මේ සියල්ල අවසන් කර හවස තිබෙන අවසන් දවසේ පැවැත්වීමට නියමිත සරඹ සංදර්ශනයේ පුහුණුවීම්ද නරඹා නිවසට යනවිට සඳ කුමරිය අහස් ගැබට පිවිසී හමාරය.කෙතරම් බරක් තම ඔළුව මත තිබුණද එම කිසිවක් කරදරකාරී දේවල් ලෙස දේවින්ද කිසිදු විටක නොසිතයි.ඔහු අභියෝගවලට ප්‍රිය කරයි.ඕනෑම දෙයක් අභියෝගයක් ලෙස බාරගන්නා මොහු කෙරෙහි සමස්ථ විජය නිවාසයම විශ්වාසය තබා ඇත.
                 ක්‍රීඩා උළෙල සඳහා තව කෙටි කලක් ඇති නිසාවෙන් ඉරිදා දිනවලද පුහුණුවීම් කටයුතු සිදු කළහ.දේවින්දගේ මූලිකත්වයෙන් මීළඟ ඉරුදින විජය නිවාසයේ ගැහැණු ළමුන්ගේ පැසිපන්දු පුහුණුවීම් සඳහා වෙන් කෙරුණි.

ඉරුදිනට හිමිකම් කියන ඉරමල අහසට පහන්වන විටත් දේවින්ද සිටියේ පැසිපන්දු ක්‍රීඩා භූමියේය.දේවින්ද නියමිත වේලාවට පැමිණියද කිසිවෙකු පැමිණ නැත.තමාට වේලාව වැරදුණිදැයි දේවින්දගේ හිතට සැකයක් මතුවිය.ඔහුගේ නෙත් තම අතේ බැඳි ඔරලෝසුව දෙසට යොමුවිය.නැත.තමා පැමිණ ඇත්තේ නියමිත වේලාවටය.ගැහැණු ළමුන් තබා තමාගේ සගයා වන අරවින්ද ද තවම පැමිණ නැත.තම කලිසම් සාක්කුවට අත යැවූ දේවින්ද ජංගම දුරකතනය එළියට ගෙන අරවින්දට දුරකතන ඇමතුමක් ගත්තේය.

"කොහෙද %#%&)* ඉන්නෙ?"

"අනේ දේවින්දයො...මට ඇහැරෙන්න පොඩ්ඩක් පරක්කු වුනා මචෝ...මේ දැන් එන්න ලෑස්ති වෙන ගමන්."

"හරි හරි...දැන්වත් හැඩ වැඩ වෙවී ඉන්නෙ නැතුව ඉක්මණට ඇඳුමක් දාගෙන වර."

"හැඩ වැඩ නොවී කොහොමද යකෝ...අද ප්‍රැක්ටිස් තියෙන්නෙ කෙල්ලන්ගෙ නේද?කෙල්ලො ඉන්න තැනකට හැඩ වැඩ නොදා එන්නෙ කොහොමද  &!*^#...?"

දේවින්ද දුරකතන ඇමතුම විසන්ධි කර විශාල මාර ගස යටට ගොස් වාඩිවිය.දේවින්දට නොදැනුවත්වම ඔහුගේ සිත තැන් තැන්වල සැරිසරන්නට විය.තමාට නිවාස නායකත්වය ලැබුණ මොහොතේ සිය මේ වනතෙක් සිදුකල වැඩ කටයුතු පිළිබඳවත් ඉදිරි දිනවල කරන්නට තිබෙන වැඩ කටයුතු පිළිබඳවත් ඔහුට සිහිවිය.

තාරකා ක්‍රීඩා භූමියට පැමිණෙන විට විශාල මාර ගසේ සෙවණේ පහස විඳිමින් සිටි දේවින්දව ඇයගේ නෙතට හසුවිය.ඇයගේ හිත ආගන්තුක හැඟීමකින් පිරී ගියාය.ඔහු මේ වෙලාවේ කුමක් පිළිබඳව සිතමින් සිටිනවා ඇත්ද?තාරකාට ඔහු සමවැදී සිටි දැහැන බිඳ දමන්නට ලෝබ සිතුණි.ඇය තවත් විනාඩියක් පමණ දේවින්ද දෙස නෙත් හෙලාගෙන සිටියාය.ඔහුගේ රුව මතක තබාගෙන ගොස් රස විඳීමට වටින්නේ යැයි ඇයට සිතුණි.දේවින්ද සැබැවින්ම කඩවසම් ශරීරයකට හිමිකම් කියන්නෙකි.ඔහුලේ එම කඩවසම්භාවය ඕනෑම තරුණියකගේ හිත් ඇද බැඳ ගැනීමට සමත්ය.එහෙත් මෙතුවක්කල් ඔහු යුවතියකට සමීප වී නැත්තේ ඔහු අන් අය මෙන් ආදරය යන හැඟීම විහිළුවකට නොගෙන සිටි නිසාවෙනි.

"ඇයි දේවින්ද අයියේ......තාම කවුරුත් ඇවිල්ල නැද්ද?"තාරකා සුහද අයුරින් විමසුවාය.එක්වරම ඇසුණු කටහඬින් විශ්මයට පත් දේවින්ද හිස එසවීය.


..................................................................................................................................................................

ප/ලි

ඔන්න ඉතින් මම ඊයෙ කිවුව විදිහටම කෝඩුකාරයාගේ තවත් කෝඩුකාර සිහිනයක් මේ පෝස්ට් එක තුලින් මල් පළ ගැන්වුනා.....මේ ලිපිය තුල වැරදි අඩුපාඩු බොහොමයක් ඇති.ඔයාල මට ඒ අඩුපාඩු පෙන්නල දෙන්න කියල මම ඔයාලගෙන් ඉල්ලනවා.ඔයාලගෙ යෝජනා..චෝදනා ඔක්කොම මගෙ කමෙන්ට් බොක්ස් එක ඇතුලේ ලියවෙයි කියන බලාපොරොත්තුවක් සමගම අදට මම සමුගන්නවා.......මීළඟ කොටසත් අරගෙන ඔයාලව හම්බවෙන්න එන්නම්......

කෝඩුකාර ඇරඹුමකට පෙර



ඔන්න ඉතින් ආයෙත් ගොඩාක කාලෙකට පස්සෙ කෝඩුකාරයගෙ අඩවිය පැත්තට ගොඩ වැදුනෙ ලොකු වැඩකට මූලාරම්භයක් තියන්න හිතාගෙන.ඊට කලින් මේ දේත් කියන්නම ඕනෙ....පසුගිය දිනක පැවැත්වුන සිහින උළෙලට මෙදා පාරත් කෝඩුකාරයට එන්න බැරිවුනා.කට්ටියම අවුරුදු උත්සවේ ගැන දාපු පෝස්ට් ඔක්කොම වගේ මම කියෙවුවා.ඒව දැක්කම ඉතින් ආවෙ නැත්තෙ අපරාදෙ කියල හිතුනා.තවත් සුභ ආරංචියක් කලාකාරයගෙන් දැනගන්න ලැබුනා.මොකක්ද දන්නවද...?මටත් වඩා පොඩි මල්ලියෙක් බ්ලොග්කරණයට පිවිසිලා.මේ මුළු බ්ලොග් පුරවරයේ ඉන්න හැම එකාටම අයියේ...අක්කේ කිය කිය කමෙන්ට් දාපු මට දැන් මල්ලියේ කියලත් කියන්න එකෙක් ඉන්නවා.ඒ ගැනනම් මට ගොඩාක් සතුටුයි.
දැන් ඉතින් වටේ ගියා ඇතිනේ.මම ඔයාලට පටන්ගන්නකොටම කිවුවනෙ ලොකු වැඩකට අතගහන්න යනව කියල.මොකක්ද දන්නවද?"කෝඩුකාරයාගේ කුළුඳුල් නවකතාවේ පළමු කොටස" හෙට කෝඩුකාරයාගේ අඩවියේ පල කරන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.මේ කතාවෙ පොඩි විශේශත්වයක් තියනවා.මොකද කතාවෙ පළමු කොටස් කීපය ඇරුනහම අනිත් කොටස් සියල්ලම ලියන්න හිතාගෙන ඉන්නෙ ඔයාල කැමති විදිහට.ඒක නිසා මුල් කොටස් පහෙන් පස්සෙ ඔයාල දාන කමෙන්ට් වලට අනුව තමයි කතාව ලියන්න හිතාගෙන ඉන්නෙ.මම ඉතින් නවකතා රචනයට කෝඩුකාරයෙක්නේ......ඒක නිසා ඉතින් මගෙ අතින් වෙන වැරදි අඩුපාඩු එහෙම ඕන තරම් ඇති.ඔයාල ඒ අඩුපාඩු මට පෙන්නල දෙන්න.මම ඒව හදාගන්නම්.එහෙනම් ඉතින් හෙට කෝඩුකාරයාගේ කුළුඳුල් නවකතාවේ පළමු කොටසින් හම්බවෙමු........

කෝඩුකාරයට සා/පෙ පලදුන්නෝ.......


            
 අද දවස කෝඩුකාරයට 20%ක් විතර දුක හිතෙන 80%ක් විතර සතුටු හිතෙන දවසක් බවට පත්වෙලා.වෙන මුකුත් හින්ද නෙමෙයි.2011දි කෝඩුකාරයෙක් විදිහට සා/පෙ ට මුහුන දුන්න මගේ සා/පෙ ප්‍රථිඵල අද නිකුත් වුනා.
                   "ලොකු පුතා....මෙන්න ඔයාට කෝල් එකක්."අද උදේ අපේ මවුතුමිය මගේ අතට පොල්මුඩ්ඩ ගෙනැල්ල දුන්න.මමත් ඉතින් නිදිමතේ වගේ පොල්මුඩ්ඩ කනේ තියාගෙන
"හෙල්.......ලෝ......."
එතකොට අනිත් පැත්තෙන්...
"අඩෝ...රිසාල්ට් බැලුවද?"
ඩෝං පටෝං....මට නිකන් හෙනයක් ගැහුව වගේ
"තොට පයිත්තයන්ද?බොරු කියන්නෙ නැතුව හිටහන් යකෝ....තාම රිසාල්ට් ඇවිල්ල නැ...."
ටිකක් බයවෙලා හිටියට ඒ බය පෙන්නන්නෙ නැතුව මම කිවුවා.
"එහෙනම් උඹ ඕන එකක් කරගනින්."
බීප් බීප්.....
කෝල් එක කට් වුනා.
කිසි සද්දයක් බද්දයක් නැතුව ඇඳෙන් නැගිටල ගිහින් ලැපියව අතට ගත්ත මම ගූගල් ක්‍රෝම් ඕපන් කරල www.doentes.lk කියල URL එකේ ටයිප් කලා.......
අප්පට හුඩු...ඒ සයිට් එකට හෙනගහල මන්ද.ඒකට යන්න දෙන්නෙම නෑ....
එතකොටම මගේ කෝඩුකාර මොලේට කිරි ටොයිය අදහසක් පහල වුනා.ඇයි හතිලව්වෙ...මගේ පොල් මුඩ්ඩෙන් රිසාල්ට් බලන්න පුලුවන්නෙ.ගත්ත මොබිටෙල් එකේ අක්කට කෝල් එකක්.
ටික වෙලාවක් අනන් මනන් සද්ද දාපු අක්ක මගෙන් ඇහුව.."මොකක්ද වෙන්න ඕනෙ" කියල.
"අක්කෙ මට මගේ සාපෙ ප්‍රථිඵල බලාගන්න පුළුවන්ද?"
"මෙහෙමයි මහත්මයා...මට ඔබගේ නම දැනගන්න පුලුවන්ද?"
ටොයිං ටොයිං.......එයා මගේ නම අහනව.
"මම තරිඳු නිර්මාල්"
"මෙහෙමයි තරිඳු මහත්මයා...ඔබගේ ප්‍රථිඵල බලාගැනීමට ඔබ **************************************************************************************************************** කරන්න.එතකොට ඔබට SMS එකකින් ඔබගේ ප්‍රථිඵල දැනගන්න ලැබෙයි."කියපු අක්ක පොල් මුඩ්ඩ කට් කලා.
ඉතින් මමත් අනිත් පැත්තට අක්ක කියපු විදිහට මැසේජ් එකක් දැම්ම.
තත්පර 10ක්වත් යන්න වුනේ නෑ.7777කියන නම්බර් එකෙන් මට මැසේජ් එකක් එනව.මැසේජ් එක ඕපන් කලා.
කීං කීං.......මගේ රිසාල්ට් ඇවිල්ලා...

සාමාන්‍යනෙන් කවුරුත් තමන්ගෙ රිසාල්ට් ප්‍රසිදිධියේ කියන්නෙ නෑ....ඒත් මමනම් කැත නැතුව ඒ වැඩේ කරනවා.ඔන්න ඉතින් පොල් මුඩ්ඩට ආව මැසේජ් එකේ මෙන්න මෙහෙම රිසාල්ට් එකක් තමයි තිබුනෙ...
සිංහල - A
බුද්ධ ධර්මය - A
ඉතිහාසය - C
තොරතුරු තාක්ශනය - C
විද්‍යාව - C
පුරවැසි අධ්‍යනය - C
ඉංග්‍රීසි - S
චිත්‍ර - S
ගණිතය - S
                      ඔන්න ප්‍රථිඵලේ........ආපෝ.....ඊට පස්සෙ ඉතින් හැමතැනින්ම කෝල් වරුසාවයි.කනක් ඇහිල ඉන්න නෑ.ඔන්න මට දැනුත් කෝල් එකක්.එහෙනම් මම කෝල් එකට ආන්ස්වර් කරන්න යනවා.තවත් පෝස්ට් එකකින් ආයිත් හමුවෙමු......

මහඟු සත් කටයුත්තකට ඔබත් දායක වන්න....


ඔන්න ඉතින් ගොඩාක් රාජකාරි ඉවර කරල,අන්තිම පෝස්ට් එක ලියල හරියටම සති පහකට පස්සෙ කෝඩුකාරය ආයිමත් බ්ලොග් කරලියට පිවිසුනා.මේ දවස් ටිකට බ්ලොග් උදවිය අතර බොහෝ දේවල් වුනා කියලත් ආරංචියි.ඒ වගේම අසෙනිය කුසුම උළෙලත් ඉවර වුනා කියල ආරංචියි.අසෙනිය කුසුම තුල හොඳම පාසල් බ්ලොග් අඩවියට හිමිවුන සම්මානය කලාකාරයාත් මමත් මූලික වී කරන අපේ පාසලේ බ්ලොග් අඩවියට හම්බවෙලා තියන බව දැනගන්න ලැබුනෙත් අද.ඒ ගැනනම් ගොඩාක් සතුටුයි.හැබැයි ඉතින් මේ පෝස්ට් එක ඒක ගැනනම් නෙමෙයි.

              මම දාන්න හිටපු පෝස්ට් එක මේක නෙමෙයි.ඒත් SLWT කියන බ්ලොග් අඩවියේ ලියල තියන පෝස්ට් එකක් දැක්ක නිසා මගේ අදහස සම්පූර්ණයෙන්ම වෙන අතකට හැරුන.ඔයාලට පේනව ඇති මගේ බ්ලොග් එකේ වම් පැත්තෙන් දාල තියන පින්තූරය.නමින් නිර්මලා වසන්ති කුමාරි වන ඇය උපතින්ම ශ්‍රවණාබාධිතයි,නැත්නම් බිහිරියි.එම හේතුව නිසා ඇයට කතා කිරීමටද නොහැකියි.ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ දෙමින් සිටින මේ අහිංසක යෞවනිය මේ තත්වයෙන් බේරා ගැනීමට බ්ලොග් සහෝදරවරුන් සහෝදරවරියන් ලෙස අපට එක්විය හැකිනම් එය බ්ලොග්කරණයට සැබෑ වටිනාකමක් ගෙන දෙන ඉතා වටිනා මහඟු සත් කටයුත්තක් කියන අදහසේ තමයි මමනම් ඉන්නෙ.වැඩි විස්තර දැනගැනීම සඳහා මෙතන හෝ පින්තූරය උඩ ක්ලික් කරන්න.මෙම මහඟු කටයුත්තට ඔබ සැමගේ දායකත්වය බලාපොරොත්තුවෙන් මම පෝස්ට් එක අවසන් කරනව.තවත් පෝස්ට් එකකින් හමුවෙනකම් ඔයාලගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

කනත්ත ලඟදී දුටු හොල්මන (2 කොටස......)



ඔන්න ඉතින් කෝඩුකාරය තිබුන වැඩ ඔක්කොම අහවර කොරල මේ පැත්තට ආවෙ නිදහස් හිතකින් මම කලින් කිය කිය හිටපු කතාවෙ ඉතුරු කොටස දාන්න.කලින් කොටසෙ අපි දැක්ක හොල්මන ගැන දාපු කතාව කියෙවුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ල ඒකත් කියවලම එන්නකෝ.....තවත් අටුවා ටීකා ඕන නැහැ....මෙන්න කතාව.
                කොහොමහරි ඉතින් දෙන්නම ආපහු කනත්ත ගාවටම ආව කියමුකෝ......හැබැයි ඉතින් කනත්ත ගාවටම ඇවිල්ල ආපහු පාරට වැටෙනකන්ම අපි දෙන්නගෙන් එකෙක් නෙමෙයි කතා කලේ.....පාරට ආවගමන් "අඩෝ උඹ දැක්කද බං...?"ගයානය මගෙන් අහනව.මූ මගුලක් කතා කරනව.දැක්ක නිසා නේන්නම් මෙච්චර බය වුනේ."තොට මෝල්ද යකෝ...දැක්ක නිසා නේන්නම් ආපහු හැරිල ආවෙ.."මම හිතට ආව වචන ටික ඒ විදිහටම පිටකරල දැම්ම.ඔය ටික කියනකොටත් අපි මහ පාරට වැටිල නෑ.ඒ වෙනකොට අපි හිටපු තැනේ ඉඳල මහපාරට තව කිලෝමීටර් බාගයක් විතර තිබුන.
"මචෝ....කුණුහරප කියනකොට හොල්මන් එන්නෙ නැහැල්ලු නේද?"ගයාන් මගෙන් අහනව.
"ඒකනම් මාත් අහල තියනව.ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ මට මේ වෙලාවෙ ඒව මතක් වෙන්නෙ නැහැනෙ."මමත් ගත්තු කටටම කියල දැම්ම.
"උඹ බයවෙන්න එපා.මට මතකයි."කියපු ගයාන්.....මේ කාලකන්නි මූසලයන්ගෙ අ*** *$%#$#$%^$@@ #$#$@@$#@ !E$F#ඨ්ර්‍#ඝ් #ර්‍ඨ්%^#@E @%@@#%$ #%^*^ ^^*% ^%%&%& %@$%^ __) )(*&&^ &*&^%^&* *&^%$ %^&*( *&^% $$^$ &&^*............................................"
අයියෝ....ඒ වෙලාවෙ කියපු වචන වලින් සමහර ඒව මම ඒ වෙනකොට අහලවත් තිබුනෙ නෑ.ඉතින් මොනව කරන්නද?ඌ විනාඩි පහක් විතර නවත්තන්නෙම නැතුව සිංහල භාශාවෙ තියන ලස්සනම වචන ටිකක් කියාගෙන කියාගෙන ගියා.අන්තිමට ඒව අහල එපාවුන මම"දැන් ඇති බං....උඹේ සද්දෙට නිදාගෙන ඉන්න මිනිහෙක් එහෙම ඇහැරුනොත් දවස් හතරක් පහක්ම පොලිස් මාමලගෙන් බත් කන්න පුලුවන් වෙයි,ඒක නිසා දැන් ඕක නවත්තපන්."කියල කිවුව.මේ වෙනකොට වෙලාව හරියටම 12.10ට විතර වගේ කියල තමයි මට මතක.මේ වෙනකම් අපි රෑට කාලත් නෙමෙයි හිටියෙ.ඉතින් ගයානය කිවුව අපි රෑට කාලත් නැති නිසා ඇරල තියන කඩේකින් මොනව හරි අරගෙන යමු කියල.ඉතින් කෑම ගන්න සල්ලි ගැන ගැන අපි දෙන්න ඒ පාර දිගේ තවත් මීටර් 300ක් විතර එන්න ඇති.ගයානය කිවුව "පොඩ්ඩක් හිටපන් බන්.මේ තියන කළුවරට සල්ලි පේන්නෙත් නෑ.ඔන්න ඔය ලයිට් කනුව යටට යමු" කියල.ඉතින් දෙන්නම ඒ ලඟ තිබුනු ලයිට් කනුව යටට ගිහිල්ල අපි ගාව සල්ලි කීයක් තියනවද කියල ගනින්න පටන් ගත්ත.විනාඩියක් යන්න වුනේ නෑ........එකපාරටම ගයාන් බිමට පහත් වුනේ "මේකනම් හරියන එකක් නෙමෙයි බන්....." කියල කියාඅගෙන.දැන් මටත් හිතාගන්න බෑ මූ මොනව ගැනද මේ කියන්නෙ කියල.ගයාන් බිමට පහත්වුනපාර ආපහු නැගිට්ටෙ සෙරෙප්පු දෙකත් ගලවල අතට ගන්න ගමන්මයි.එකපාරටම අපිට එහාපැත්තෙන් තිබුන බිත්තිය පෙන්නනගමන් "දුවපන් මල්ලියේ දුවපන්..." කියන සද්දයක් විතරයි මට ඇහුනේ.අනිත් පැත්ත හැරිල බලනකොට ගයානය එතන හිටියෙ නෑ.ඉස්සරහ බලනකොට ගයානට සෙරෙප්පු දෙකත් කරට අරගෙන විදුලියක් වගේ වේගෙන් ඉස්සරහට දුවගෙන යනව මට පෙණුන.මම ආයිත් අර ගයානය පෙන්නුව බිත්තිය දිහා බැලුව.ඒ වෙලාවෙ තමයි මම දැක්කෙ අර හෙවනැල්ල ආයිත් මට එහා පැත්තෙන් තියනව කියල.දැන් ගයානයත් එතන නෑ.එකපාරටම මගෙ ඇඟ හිරිවැටිල ගියා.මට ඒ වෙලාවෙ හීතුනෙම මට පාරට යනකම්වත් දුවාගන්න බැරිවෙයි කියල.කරන්න දෙයක් නැතිම තැන කකුල් වලට පිංසිද්ද වේවා කියල දුවන්න පටන් ගත්ත.මම හිතන්නෙ ඒ දුවපු දිවිල්ල මෙදා පාර ස්පෝර්ට් මීට් එකට දිවුවනම් දෙවැනියට වට දෙකක විතර ලීඩ් එකක් තියලම මට තරඟය ඉවර කරන්න තිබුන.ඒ තරම් වේගෙකින් තමයි මම දුවගෙන ආවෙ.
කොහොමහරි මම මහපාරට දුවගෙන එනකොටත් ගයානය එතන ඉඳගෙන හති දානව.එකෙක්ටවත් කතා කරගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ගයානය ඉක්මනටම එයාගෙ ෆෝන් එක අරගෙන ගැමියාගේ පත් ඉරුව ලියන ගැමියට කෝල් එකක් ගත්ත.දැන් කට්ටිය බලයි ගැමිය කොහොමද මෙතනට සම්බන්ධ වුනේ කියල.ගැමියයි මමයි එකම ඉස්කෝලෙ IT සොසයිටියේ ඉන්න එවුන් තමයි.එදා රෑ ඔය ගැමියත් අපේ IT ලැබ් එකේ අපිත් එක්කම හිටිය එකෙක් තමයි.අන්න ඒක නිසා තමයි ගයානය ඉක්මනටම ගැමියට කෝල් එකක් ගත්තෙ.කෝල් එක ගත්ත ගයානය ගොත ගගහ ගැමියට වෙච්ච දේ කියල ඉක්මනට අපි ඉන්න තැනට වරෙන් කියල කිවුව.ගැමිය එතනට එනකොටත් අපි දෙන්න කඩේක පඩිපෙලක් උඩ ඉඳගෙන හති දානව.කොහොමහරි ඉතින් අමාරුවෙන් ගැමියත් එක්ක ආපහු ලැබ් එකට යන්න අපිට පුලුවන් වුනා.

*********************************************************************************
සමහර කට්ටිය මම කියපු දේ විශ්වාස කරන්නෙ නැති වෙන්නත් පුළුවන්.එහෙම කට්ටියට පුළුවන් ගැමියාගෙන් මේ සිද්දිය ගැන අහගන්න.

කනත්ත ලඟදී දුටු හොල්මන (1 කොටස....)




විභාග ඉවර වුනාට මොකද මේ දවස් වල කෝඩුකාරය හරි හරියට ඉස්කෝලෙ යනව.දැන් ඉතින් කට්ටිය කියයි මූ මේ ඉස්කෝලෙ යන්නෙ මොකක් හරි කෑල්ලක්වත් සෙට් කරගෙන වෙන්න ඇති කියල.අපෝ නෑ.......මේ පරම පිවිතුරු අහිංසක (වැඩිද මන්ද...)කෝඩුකාරය හරි හරියට ඉස්කෝලෙ යන්න හේතුව තමයි  අපේ ඉස්කෝලෙ IT Day එක පෙබරවාරි 17 වෙනිදට යෙදිල තියන එක.
හරි.....දැන් අටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමු.මෙන්න කතාව.
                   ඔය IT Day එකේ වැඩ වලට සමහර දවස් වලට අපි රෑ ඉස්කෝලෙම නැවතිලා මහ රෑ එළිවෙනකම්ම වැඩ කරනවා.ඉතින් හරියටම ගිය සිකුරාදත් අපි ඉස්කෝලෙ නැවතුනා.අපිට ඉස්කෝලෙ නවතින්න දෙන්නෙ කවුරුහරි ගුරුවරයෙක් එදා රෑ නවතිනවනම් හෝ අපේ IT සොසයිටිය භාර මිස් අනුමත කරපු ලියුමක් දුන්නොත් විතරයි.ඉතින් එදා රෑත් අපි ඉස්කෝලෙ නැවතුනේ අපේ IT කරන සර් ගෙදර ගිහිල්ල ආපහු ඉස්කෝලෙට එන්නම් කියපු නිසයි.කොහොමහරි අපි IT ලැබ් එකට වෙලා රෑ 9 වෙනකම් සර් එනකම් බලාගෙන හිටිය.ඒත් සර් එන පාටක් නෑ.ඉතින් රෑ 10ට විතර අපේ ඉස්කෝලෙ මුරකරන එක්කෙනා ඇවිල්ල කියනව අපිට රෑ ඉස්කෝලෙ ඉන්න දෙන්න බෑ....මොකද අපි ඉන්නෙ ගුරුවරයෙක්ගෙ අනුමැතිය නැතුව,ඒක නිසා ඉන්න ඕන්නම් මිස්ගෙන් අවසර අරගෙන ලියුමක් අරන් එක්ක කියල.ඉතින් අපිත් ඉතින් ඒ වෙලාවෙ හිටියෙ මල අතේ තියාගෙන.
"අයි යකෝ....මේ මිනිහ මේක කියන්න මෙච්චර රෑ වෙනකම් හිටියනෙ..."
"දැන් මොකද කරන්නෙ..?"
"මේ රෑ කොහෙන්ද බන් ලියුම් හොයන්නෙ...?"
ඔන්න ඔහොම කතා ගොඩක් ඒ වෙලාවෙ එතන හිටිය කට්ටියගේ කටවල් වලින් පිටවුනා.ඇත්තටම ඉතින් කවුද බොලව් රෑ 11ට 12ට විතර ලියුම් අරන් එන්න යන එකා.අනික කෙල්ලෙක්ගෙ ලියුමක්නම් කමක් නෑ කියන්න පුළුවන්...ඒත් කවුද මේවගේ ලියුම් හොයන්න යන්නෙ....?
දැන් ඉතින් මාර ප්‍රශ්නෙ.මොනව කරන්න?ගෙදර යන්න බස් තියන එකක්යැ?ඉතින් ඔන්න අපේ මිස්ටත් කෝල් එකක් එහෙම දීල රෑ 11ට විතර මිස්ලගෙ ගෙදර යන්න පිටත් වුනා.මිස්ලගෙ ගෙදර තියෙන්නෙ අපේ ඉස්කෝලෙ ඉඳල පයින් යන්න පුළුවන් දුරක.ඉස්කෝලෙ ඉඳල කිලෝමීටර් 2ක් විතර ඇති.කෝඩුකාරය කලින් ආත්මෙක කරපු මොකක් හරි කරුමෙකට වෙන්න ඇති ඒදා රෑ මාවත් මිස්ලගෙ ගෙදර යන්න සෙට් වුනේ.දැන් ඉතින් මට බෑ කියන්නත් බෑ....මොකද එතකොට ඉතින් ඔක්කොම දැනගන්නවනෙ කෝඩුකාරය කළුවරට බයයි කියල.මටත් ඉතින් නෝන්ඩි වෙන්න බැරි නිසා වීරය වගේ තව අයිය කෙනෙක් එක්ක මිස්ලගෙ ගෙදර යන්න පිටත් වුනා.මාත් එක්ක ගිය අයියගෙ නම ගයාන් කියල කියමුකෝ....හැබැයි ඒ ඇත්ත නම නෙමෙයි හොඳේ....පාරට බැස්සත් හරි එතකොට තමයි දැක්කෙ වෙනද උදේ ඉඳල හවස් වෙනකම් පාර බෙදාගන්න බැරුව දැඟලුවට රෑ වෙනකොට පාර පුරාවට එක බල්ලෙක්වත් නෑ කියල.මොනව කරන්නද ඉතින්....දෙන්නත් එක්ක දිගටම ඇවිදගෙන ගියා.
අපේ ( අ )වාසනාවටද කොහෙද මිස්ලගෙ ගෙදරට යන්න තියෙන්නෙත් කනත්තක් අයිනෙනෙන්මයි.
දැන් ඉතින් ඔයාලට පේනව ඇතිනෙ අපි ගිය ආත්මෙ කොච්චර පින් කරල ඇතිද කියල.ඒකනෙ මේ වගේ කේස් වලටම අපිවම සෙට් වෙන්නෙ.
ඔන්න ඉතින් කොහොමහරි අපි දෙන්නත් එක්ක කනත්ත පාස් කරගෙන මිස්ලගෙ ගෙදර ගියාය කියමුකෝ.....ඊට පස්සෙ මිස්ලගෙ ගෙදරට ගිහිල්ල ලියුමත් ලියාගෙන එහෙම එහෙන් එන්න පිටත් වුනා.එහෙන් එන්න හදනකොට මිස් අපෙන් ඇහුව මිස්ගෙ කාර් එකේ අපිව ඉස්කෝලෙට ගිහිල්ල දාන්නද කියල.
මාළුව නහින්නෙත් කට නිසාය කියල කියනවනේ.අපි දෙන්න ගත්ත කටටම කියපි "අනේ ඕන්නෑ මිස්.අපිට මේ ටික දුර යන්න පුළුවන්.මිස් ආපහු අපිව ගිහිල්ල දාන්න කරදර වෙන්න එපා මිස්" කියල.ඒක කිවුව නෙමෙයි කියවුනා.....
දැන් ඉතින් ආයිත් කනත්ත මැදින් යන්න එපා‍යැ.කනත්ත ලං වෙනකොට ඉතින් කෝඩුකාරයට පොඩ්ඩක් විතර දාඩිය දානව.ඒ බයට නෙමෙයි.සීතලට......ඒ වෙනකොට මම දැනගෙන හිටිය කනත්ත ඉස්සරහින්ම නොයා කනත්ත ගාවින් හැරිල ප්‍රධාන පාරට වැටෙන පොඩි ශෝර්ට්කට් එකක්.ඉතින් මම ගයාන්ට කිවුව අපි මේ කනත්ත ඉස්සරහින් නොයා මේකෙන් යමු කියල.මූ කියනව ඒ පාරෙන් නොයා කනත්ත ඉස්සරහින් යමුලු.මමත් ඉතින් කිවුවොත් ඒකම කරන එකානෙ.ඒ නිසා උඹ ඕන මගුලක පලයන් කියල මම අර ෂෝට්කට් එකෙන් හැරුන.එතකොට අරුත් "පොඩ්ඩක් හිටපන්,පොඩ්ඩක් හිටපන්.මමත් එනව." කියාගෙන මගේ පස්සෙන්ම ආව.කොහොම හරි දැන් අපි දෙන්න මොනවදෝ කියකිය ඉස්සරහට ඇවිදගෙන යනව."(කිවුවෙ මොනවද කියලනම් හරියට මතක නෑ.)ටික දුරක් යනකොට නිකමට වගේ මට බිම බැලුන.අපි දෙන්නගෙ හෙවනැලි දෙක අපි දෙන්නට වම් පැත්තෙන් වැටිල තියනවා.වම් පැත්ත බලනකොට ඒ පැත්තෙන් තවත් හෙවනැල්ලක් තියනවා.මොකක් කිවුව???!......ඔව්මයි.....තවත් හෙවනැල්ලක් තියනවා.ඒ වෙනකොට ඒ හෙවනැල්ල දැකල තිබුනෙ මම විතරක් නෙමෙයි.ගයාන්ටත් ඒ හෙවනැල්ල පෙනිල තිබුනා.ඌ මට ඇඟිල්ලකින් ඇනල ඒක පෙන්නුවා.හැබැයි දෙන්නම කිසිම සද්දයක් කලේ නෑ.මේක දැක්කත් අපි දෙන්න නැවතුනේ නෑ.සද්ද නැතුව ඉස්සරහටම ඇවිදගෙන ගියා.එකපාරටම මාත් එක්ක හිටපු ගයාන් මාව නවත්තන ගමන් ඌත් එක තැනම නැවතුනා.ඒත් අර හෙවනැල්ල නැවතුනේ නෑ.ඒක අඩි 3ක්4ක් විතර ඉස්සරහට ගියා.ඊට පස්සෙ ඒකත් නැවතුනා.
ඒ වෙලාවෙ අපි දෙන්නට දැනුන හැඟීම වචන වලට පෙන්නන්න සිංහල භාශාවෙ වචන නැතුව ඇති.මේ පෝස්ට් එක ලියන වෙලාවෙත් මගෙ ඇඟේ හිරිගඩු පිපිල.
එකපාරටම ගයාන් කිවුව ඉක්මනට හැරිල ආපස්සට යමු කියල.ඌ ඒක කියල ඉවර කරන්නත් කලින් මම අනිත් පැත්ත හැරිල ඉවරයි.දැන් ඉතින් යන්න වෙන පාරක් තියන එකක් යෑ.....දෙන්නත් එක්ක ඉක්මනටම ආපහු කනත්ත ගාවටම ආව.


*************************************************************************
කතාව දිග වැඩිවෙයි කියල හිතෙන නිසා අදට කතාව මෙතනින් නවත්තනවා.තාම අපි හොල්මන දැක්ක විතරයි.අපි දෙන්න සෙරෙප්පු අතට අරගෙන මහපාරෙ දුවපු හැටි කියවන්න ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න කියල කට්ටියටම මම ආරාධනා කරනව.

ලස්සන අදහසක ලස්සන දකින්න.....


අද කෝඩුකාරය ඔයාලට කියන්න යන්නෙ මාරම ලස්සන සින්දුවක් ගැන.හැබැයි ඉතින් දැන් කාලෙ තියන Rap,Hip Hop වගේ සින්දු ඔළුව උඩ තියාගෙන Clasical සින්දු වලට ගරහන අයනම් මේ පෝස්ට් එක කියෙවුවෙ නැතුවට කමක් නෑ....ඔයාල අහල තියනවද අමරසිරි පීරිස්ගෙ "හන්තානෙට පායන හඳ ලස්සනයිද කියන්න"කියන සින්දුව.අහල නැත්නම් මෙතනින් ගිහින් ඒක අහලම ඉන්නකෝ....
                   ඉතින් මම දැන් කියන්න යන්නෙ මේ සින්දුව ලියන්න ඒ රචකයට මූලික වුන සිදුවීම මොකක්ද කියල.(මට හරියටම රචකයකයගෙ නම නම් මතක නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාල යන්නකෝ....)හැබැයි මම මේක ලියන්නෙ මම දන්න විදිහට හොඳේ....මේකෙ තේරුම වැරදිනම් ඒ ගැන හරි දෙයක් කිවුව කියල මගේ කිසිම අමනාපයක් නෑ ඕං......
                       මේ කතාව සිද්ධ වෙන්න්නෙ ගුරුවරයෙකුට.මම දන්න විදිහටනම් විශ්ව විද්‍යාලයක උගන්වන ගුරුවරයෙකුට.මේ ගුරුවරයගෙ ගෝලයෙක් ඉන්නව.මේ ගෝලය ගුරුවරයට ගුරුවරයගෙම දරුවෙක් විදිහට තමයි හිටියෙ.ගුරුවරයත් මේ තරුණයට සැලකුවෙ තමන්ගෙම දරුවෙකුට වඩා ආදරයෙන්.එක කාලෙකදි මේ තරුණ ශිෂ්‍යයා ගෑණු ලමයෙක් සමග ආදර සබඳතාවයක් පටන්ගන්නව.කොහොමින් කොහොම හරි මේ ගුරුවරයත් මේ සම්බන්ධය ගැන දැනගෙන ඒ දෙන්නට උදව් කරමින් ඉන්නව.කාලයක් ගතවීමෙන් පසුව මේ තරුණ යුවල එම විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරල එම ස්ථානයෙන් නික්ම යනව.

තවත් කාලෙකට පස්සෙ මේ ගුරුවරයට(රචකයට)අර තමන්ගෙ ගෝලය එක්ක යාලු වෙලා හිටිය ගෑනු ලමයව හම්බ වෙනව.හැබැයි හම්බවෙන්නෙ අර තමන්ගෙම දරුවෙක්ට වගේ සලකපු තමාගෙ ගෝලයත් එක්ක නෙමෙයි.වෙනත් පිරිමියෙක් එක්ක.මේ ගෑනු ලමයව දැක්කත් එයා එක්ක කතා කරන්න මේ ගුරුවරයට බැරි වෙනව.
මේ සිදුවීමෙන් පස්සෙ අර ගුරුවරයට ලොකු වේදනාවක් දැනෙනව.ඒ වෙන මුකුත් නිසා නෙමෙයි.....මේ ගුරුවරය දැන සිටි විදිහට තමන්ගේ ගෝලයත් මේ ගෑනු ලමයත් අතර පුදුම බැඳීමක් තිබුන.දෙන්නම බොහොම ආදරෙන් තමයි ඉඳල තියෙන්නෙ.ඉතින් මේ සිදුවීම දැක්කහ් එක්කම මේ ගුරුවරයට ලොකු දුකක් සමග මිශ්‍ර වුන ලොකු කුතුහලයක් ඇති වෙනව මේ දෙන්න වෙන් වුනේ ඇයි කියන ප්‍රශ්නය මත.තවත් කාලයක් ගත වෙලා යනව.පස්සෙ දවසක අර තමන් අකුරු කියාදුන් තමන්ගෙ ගෝලයව මේ ගුරුවරයට හම්බ වෙනව.ඊට පස්සෙ මේ ගුරුවරය කියනව ඔහු අර කලින් යාලු වෙලා හිටිය ගෑනු ලමයව මීට ටික දවසකට කලින් වෙනත් පිරිමියෙක් සමග දැක්ක සිදුවීම.ඒත් එක්කම ගුරුවරය අහනව ඒ සම්බන්ධෙ නැවතුනේ ඇයි කියල.

තමන්ගේ ආදරවන්තිය වෙනත් පුරුෂයෙක් සමග සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බව තමන් දැනගත් බවත්,ඉන් පසුව තමා වැඩි දුර ඒ පිළිබඳව ගැටළු ඇතිකර නොගෙන ඒ යුවලට සුභ පතා එම තැනැත්තියගෙන් ඉවත් වූ බවත් ඔහු තම ගුරුවරයට ඉතාමත් දුකින් පවසනව.ඉන් පසුව තමන් වෙනත් තැනැත්තියක සමග ආදරයක් ඇතිකර නොගත්බවත් ඔහු ඒ සමගම තම ගුරුවරයට කියනව.
අන්න ඒ වෙලාවෙ මේ ගුරුවරයට අර තරුණය ගැන ඉතාමත්ම දුකක් ඇතිවෙනව.ඒ වෙලාවෙ තමයි රචකයගෙ හිතට මේ අවිහිංසක වචන ටික එන්නෙ.........
හන්තානෙට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
ගුරුවරයා මේ පද පෙල ඉදිරියට රචනා කරගෙන යන්නෙ මේ සිදුවීම තමන් අත්විඳි සිදුවීමක් හැටියට.ඔහු අර කලින් කී පද ටික කියන්නෙ අර තරුණියගේ නව ආදරවන්තයාටය.ඉන් පසුව
මොහු අර තරුණියට කියනවා.....
අඳුරු ලලා වහිනාකල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනකල
එපා තනිය දැනෙන්න
මේ වචන ටිකෙන් රචකය කියන්න හදන්නෙ (මට දැනෙන විදිහට)තද වැස්සකදි තමන් කුඩේ යටින් තමන්ගෙ නව ආදරවන්තයත් සමග යන විටකදිවත් තමන් නොමැති තනිකම ඇයට නොදැනෙන ලෙසයි.
ඊට පස්සෙ මේ රචකය තවදුරටත් අර තරුණියට කියනව...
ලතා මඩුළු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න
මේ පද ටිකෙන් කියන විදිහට රචකය අර තරුණියට කියන්න උත්සහ කරල තියෙන්නේ ඇයගේ අනාගතයේ සාර්ථක අවස්ථාවල් වලදි ඒ දේවල් ඉවත නොදමා එම අවස්ථා හිමිකරගන්නා බවටත් තමා ගැන ඇති සියලු මතකයන් අමතක කර දමා ඉදිරි අනාගතයට මුහුණ දෙන්නටත් කියල වෙන්න ඇති.
මම මේ සින්දුවේ අදහස ලිවුවෙ මට තේරෙන විදිහට.මේකෙ ගොඩක් වැරදි අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්.මම ඔයාලගෙන් ඉල්ලලන්නෙ ඒ වැරදි පෙන්නල දීල හරි කමෙන්ට් එකක් දාල යන්න කියලයි....
එහෙනම් කෝඩුකාරයාගේ තවත් පිස්සු පෝස්ට් එකකින් හමුවෙමු........

නංගියේ........


පසළොස්වක සඳ බබලන
රෑ සඳ එළියේ
කන්දෙ විහාරේ
ඝණ්ඨානාදේ....
අපේ පුංචි ගෙපැලේ හිඳ
ඔබත් අසා සිටිනවාද
සමන් පිච්ච මල් සුවඳේ
මගේ පුංචි නංගියේ...

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනල වඳින්න ගිය දේවාලෙ ඔළුවට කඩන් වැටුන වගේ...


හරියටම මීට සති දෙකකට කලින් කෝඩුකාරයට මාර අපහසුතවයකට මූණ දෙන්න වුනා.අපේ ඉස්කෝලෙ හිටිය ටිකක් කටකාර කොල්ලෙක්.නම විහඟ.ඌගෙ කෑල්ලගෙ නම ලිහිණි.කොහොමහරි දෙන්නගෙ සීන් එක ගෙදරිනුත් දැනගෙන හිටිය.මේ විහඟය ටිකක් අමුතු චරිතයක්.අඩුම තරමේ මිනිහ ෆේස්බුක් එකේවත් නෑ.
             ඉතින් ඔන්න කෝඩුකාරය සුපුරුදු පරිදිම ෆේස්බුක් එකේ කැරකි කැරකි ඉන්නකොට කෝඩුකාරයගෙ ඇස් දෙක යොමුවුනේ ෆේස්බුක් එකේ Friend Requests ඇවිල්ල තියන තැනට.ඔන්න රික්වෙස්ට් එකක් ඇවිල්ල.කාගෙන්ද...............?"ලිහිණි විහඟ"ගෙන්.ඉතින් මම ඒ ගැන වැඩි දුර හොයන්න යන්නෙ නැතුව රික්වෙස්ට් එක කන්ෆර්ම් කරල ෆේස්බුක් එකෙන් Log out වුනා.හැබැයි දැන් මට ටිකක් පුදුමයි.මොකද තනි නමකින් ෆේස්බුක් එකේ හිටපු නැති මිනිහ කෑල්ලගෙ නමත් එකතු කරගෙනම එකවුන්ට් එකක් හදල තියන එක ගැන.අනික මම කවදවත් දැකල තිබුනෙ නෑ කෙල්ලෙකුගෙ නමකුයි කොල්ලෙකුගෙ නමකුයි එකට තියල හදල තියන එකවුන් එකක්.මමත් හිතින් කුතුහලය හිතේ පුරවගෙන ඊළඟ දවසෙ විහඟයව හම්බවුනහම ඇහුව මෙන්න මෙහෙම.
"....ලැජ්ජ නැද්ද &^%#@! තොගෙයි තොගෙ කෑල්ලගෙයි නම් දෙකම දාල ෆේස්බුක් එකවුන්ට් හදන්න.එතකොට නිකන් ගෑනුන්ටයි පිරිමින්ටයි දෙකටම නෑනෙ යකො."
දැන් මිනිහ නිකන් අන්දුන් කුන්දුන් වෙලා වගේ උඩ බිම බලනව.ඊට පස්සෙ ටික වෙලාවකින් අහනව
"කවුද ^%$*&% ගෑනු පිරිමි නම් එකට දාල එකවුන්ට් හැදුවෙ.තොට මඤ්ඤංද?"
මම ඉතින් ඌට කිවුව ඊයෙ මෙන්න මෙහෙන එකක් වුනා.හැබැයි මම හිතුවෙ උඹ හදල වෙන්නැති කියල.ඒකනිසා මම ඒ ගැන වැඩි දුර හොයන්න ගියෙ නෑ කියල.
දැන් මිනිහත් ටිකක් බය වෙලා.ඇයි ඉතින් බය වෙන්නෙ නැතුවයැ....ඔය එකවුන්ට් එකට මොනවහරි අසමජ්ජාති වීඩියෝ එකක් එහෙම දැම්මොත් උන්ටනෙ නෝන්ඩිය.ඊට පස්සෙ මූ මට කිවුව අදම පොඩ්ඩක් ඒක ගැන හොයල බලපන් කියල.මමත් ඉතින් හා හියල ගෙදර ආව.ගෙදර ඇවිත් ආයිත් ෆේස්බුක් එකට ලොග් වෙලා බැලුව මොනවද මේ ලිහිණි විහඟ කියන Profile එකේ තියෙන්නෙ කියල.ඒ Profile එකෙ Capture කරපු Photo එකක් මම පහලින් දානව.

ටිකක් වෙලා ඒ නම දිහා බලාගෙන ඉන්නකොට තමයි මට වුනේ මොකක්ද කියල මීටරේට වැටුනෙ.කාල හමාරයි.......නම තියෙන්නෙ ලිහිනි විහඟ කියල නෙමෙයි."ලිහිනි විහංගා"කියල.ඉතින් ඉංග්‍රීසියෙන් නම ටයිප් කරනකොට විහඟ කියනකොටයි,විහංගා කියනකොටයි තියෙන්නෙ එකම අකුරු ටිකනෙ.
දන් ඉතින් මට මාර නෝන්ඩිය.මොනව කරන්නද?දැන් ඉතින් විහඟය හොඳටම බයවෙලා ඇතිනෙ කියල හිතල මම ඌට කෝල් එකක් ගත්ත.ඒ වෙනකොටත් ඌ ගම වනසල.මේ මිනිහ උන්ගෙ ගෙදරටයි,කෙල්ලගෙ ගෙදරටයි දෙකටම කියල කට්ටිය හොඳටම බයවෙලා.ඉතින් මම කෝල් කරල සීන් එක කිවුවට පස්සෙ මට මූ කියනව
"මචං.....උඹ ඔහොම පොඩ්ඩක් ලයින් එකේ හිටප මම ගෙයින් එළියට බහිනකම්..."මමත් ඉතින් කෝල් එක කට් කරන්නෙ නැතුව හිටිය.අපරාදෙ....ෆෝන් එක කට් කලානම් ඉවරයි කියල මට හිතුනෙ මූ ඊට පස්සෙ Phone එකෙන් මට කියපු දේවල් ඇහෙනකොට.මූ ෆෝන් එක ගත්ත ගමන්
"තෝ මොන &^%#$#% යකෝ කරන්නෙ.තොගෙ $%#*&$# වැඩ නිසා අපේ ගෙදරයි කෙල්ලගෙ ගෙදරයි ඔක්කොම එව්න් බය වෙලා.^&*&)%$ #%$&^&^&* #$^*&)*@#$#% *&%#@&*^* *^*(&^$^%$  %^$ %ර්‍.ඔන්න ඔහොම සිංහල භාෂාවෙ තියන සුන්දරතම වචන ටිකක් මට ඒ වෙලාවෙ අහගන්න ලැබුන.ඕකටද කොහෙද කියන්නෙ "වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනල ගහෙන් වැටුන මිනිහගෙ ඔළුවට කඩාගෙන වැටුන වගේ" කියල.

2012 නව වසර ලැබුවා........



උදා වූ මේ නව වසරේ හා හා පුරා කියල වැඩ ඇල්ලුවෙ මගේ ආදරණීය බ්ලොග් එක වන කෝඩුකාරයාගේ අඩවිය පැත්තට ඇවිල්ලා......ඉතින් ලැබුවා වූ මේ නව වසර මගේ බ්ලොග් සහෝදර සහෝදරියන්ට කිරියෙන් පැණියෙන් ඉතිරුණු,වාසනාවන්ත,ප්‍රීතිමත්,සුභම සුභ නව වසරක් වේවා කියල ඔයාලගේ ආදරණීය කෝඩුකාර මලයා වන මම ප්‍රාර්ථනා කරනවා..!!!!!