Buscar

Páginas

එක් අවුරුද්දක අවසානයක් ද සමගින් තවත් අවුරුද්දක ආරම්භයක්...


තවත් දවසක්.එක් අවුරුද්දක අවසානයක් ද සමගින් තවත් අවුරුද්දක ආරම්භයක්.ඉර පායනකොට සඳ බැසයනකොට ඉරට හොරෙන් හඳට හොරෙන් කාලය තවත් අවුරුද්දක් පැනගියා.ඇත්තටම 2011 අවුරුද්ද කෝඩුකාරයට තීරණාත්මක අවුරුද්දක් වුනා.2011 ජුලි 1දා......කෝඩුකාරයාගේ අඩවියේ සමාරම්භය සනිටුහන් වූ දවස.ඉස්සර පෑනේ මිතුරන් ගැන කතා අහල තිබුනට මොකද ඇත්තටම මමනම් විශ්වාස කලේ නෑ කවදාවත් දැකල නැති දෙන්නෙකුට හොඳ යාලුවො වෙන්න පුළුවන් ඇති කියල.හැබැයි මට හිතාගන්නවත් බැරි විදිහට කෝඩුකාරයාගේ අඩවියෙන් හොඳම හොඳ බ්ලොග් සහෝදරයො ටිකක් මට ලැබුන.ඒ ගැන මම අවංකවම සතුටු වෙනව.නමුත් තාමත් මගෙ හිතේ පුංචි දුකකට කියල තියෙන්නෙ තාමත් මට අපේ බ්ලොග් පවුලෙ කිසිම සහෝදරයෙක්,සහෝදරියක් එක්ක හැබැහින් කතා කරන්න බැරි වීම වුන එකයි.නමුත් ඒ ආශාවත් මම අනිවාර්‍යයෙන්ම 2012 වසරෙදි ඉෂ්ඨ කරගන්නවා.ඒක සහතිකයි.2011 වසරෙදි හමුවුන මේ බ්ලොග් යාලුවන්ව ජීවිත ගමනෙදි හමුවුන තවත් එක් යහළුවෙක් යෙහෙළියක් කියල අමතක කරන්නනම් මම සූදානම් නෑ.ඒත් එක්කම මේ අවුරුද්දෙදි කෝඩුකාරයට ජීවිතේ තවත් වැදගත් කඩඉමකට මුහුණ දෙන්න සිද්ද වුනා.ඕ ලෙවල් විභාගය.අම්මෝ........මතක් වෙනකොටත් ඔලුව කකියනව.ඒ දවස් වල ගෙදරින් තිබුන කරදරයක්.බ්ලොග් එක පැත්ත පලාතකටවත් එන්නෙ වෙන්නෙ බොහොම කාලාතුරකින් තමයි.නමුත් දෙවියන්ගෙ පිහිටෙන් ඒ කරදරෙත් ඉවරයි.දැන්නම් ඉතින් කෝඩුකාරය බ්ලොග් කියවන්නෙ හොය හොයා.
                කොහොම හරි ඉතින් තවත් වසරක් නිම වෙලා 2012ට පය තියන්න ඔන්න මෙන්න තියල තමයි මේ පෝස්ට් එක දාන්නෙ.2011 ලියන අන්තිම පෝස්ට් එක.කොහොම වුනත් මෙතෙක් දවස් කෝඩුකාරයත් එක්ක රැඳී සිටිය,රැඳී නොසිටිය සියලු බ්ලොග් කරුවන්ට මම සුභ පතනවා.2012 වසරේදී තවත් බ්ලොග් යහලුවන් එකතු කරගන්නටත් බලාපොරොත්තු වෙනවා.ඒත් එක්කම මෙතෙක් කල් කෝඩුකාරයාගේ අඩවියට ආව ඔයාලට දිගටම මාත් එක්ක ඉන්න කියලත්,කෝඩුකාරයාගේ අඩවිය පැත්තෙ එන්න බැරි වුන හැමෝටම මේ පැත්තෙ එන්න කියලත් සුහද ඇරයුමක් කරනවා.
ඔයාල ඔක්කොටම හිතන පතන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන,තරහ වෙලා ඉන්න සියලු දෙනා යාලු වෙන, මංගල සීනු හැඬවෙන,ප්‍රීතිමත්,සෞභග්‍යමත්,සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.!!!!
(පහල තියෙන්නෙ අද මුලු දවස පුරාවටම මහන්සි වෙලා හදාගත්ත පොඩි වීඩියෝ කෑල්ලක්.ඒකත් බලන්න කියල ඉල්ලන ගමන් කෝඩුකාරය අදට සමුගන්නවා.)
එහෙනම් 2012 නව වසරේදී නැවත හමුවෙමු.

සිංහලයෙක්නම් මේකත් කියවපියවු........


ප්‍රාර්ථනා සුදු කුළුනේ දකුණු පසටත් අරවින්ද වම් පසටත් බරවිය.ඔවුන් දෙදෙනා අතර පරතරය වැඩිය.
"දෙන්නා මැද ලොකු බාධකයක්නේ....කුළුන බදාගෙන ළං වෙන්න...."
මොහොතකට දෙදෙනාගේ දෑස් හමුවිය...දෙදෙනා ලං විය.....අරවින්දගේ වම් පස බාහුව ඇගේ දකුණුපස සුරත හා ගැටිණ.ෆ්ලෑෂ් එළිය දැල්විණ....දෛවය විසින් එක් කල අපූර්වතම ජීවිත දෙකක් එකට එකම වර කොඩැක් දළ සේයා පටය මත ඇඳුණි....


කොතරම් අව්‍යාජ සිදුවීමක්ද?ඔයාල දැන් ඔය කියෙවුවෙ සුජීව ප්‍රසන්න ආරච්චි කියන ප්‍රතිභාපූර්ණ ලේඛකයාගෙ සින්දූර් කියන නව කතාවෙ පොඩි කොටසක්.මේ කොටස මම ඔයාලට පෙන්නන්න හිතුවෙ මේ ලේඛකයගෙ තියන පරිපූර්ණ වූ ලේඛන හැකියාව පොඩ්ඩක් ඉස්මතු කරවන්න.සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ ඇත්තටම සුන්දර,දක්ෂ,පිරිපුන් ලේඛකයෙක් කියල කිවුවොත් මම වැරදි නෑ.
මේ දවස්වල කෝඩුකාරයටත් කරන්න වැඩි වැඩක් නැති නිසා පුලුවන් තරම් නවල්ස් කියවන එකයි ෆිල්ම් බලන එකයි තමයි කරන්නෙ.ඔය කියවන පොත් අතරින් මම ආසම රචකය තමයි සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ.එයාගෙ පොත්වල පුදුම සාහිත්‍ය රසයක් ගැබ්වෙලා තියනව කියල මට හිතෙනව.උදාහරණයක් විදිහට මේ සින්දූර් කියන පොතේ තියන අරලියා හොලිඩේ රිසෝට් කියන හෝටලය ජීවිතේ කවමදාවක්වත් දැකල නැති වුනාට ඒ හෝටලේ චිත්ත රූපයක් ලෙස මවා පෙන්නන්න සුජීව ප්‍රසන්න ආරච්චි කියන නිර්මාණකරුව සමත්වෙලා තියනව.
සමහර වෙලාවක මට ඇහිල තියනව සම(හරක්) අය කියනව සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ මහම මහ බොළඳ කතා ලියන කෙනෙක්,එයාගෙ පොත්වල ගොඩක්ම තියෙන්නෙ කුණුහරප......කියල.නමුත් ඔහු ලියල තියන පොත් වලට කියන්නෙ බොළඳ නවකතා කියලද කියන එක පොඩ්ඩක් හිතල බලන්න.අනික කුණුහරප කියන දේ මිනිස්සු විසින්ම හදාගත්ත දෙයක් කියන එක අමතක කරන්න එපා.අතීතයේදී මිනිස්සු පාවිච්චි කරපු සමහර වචන අද වෙනකොට නිකම්ම කුණුහරප බවට පත්වෙලා තියනව.ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු වචන අද ඉන්න ලේඛකයෙක් තමන්ගෙ නිර්මාණවලට යොදාගන්නකොට දැන් මිනිස්සු හිතනව මේ රචකයගෙ පොත්වල තියෙන්නෙ කුණුහරුප කියල.ඕක රචකයගෙ වැරැද්ද කියල මටනම් හිතෙන්නෙ නෑ.යම්කිසි පොතක රසභාවයන් මතුකර දක්වන්න කතුවරයා බොහෝ උපක්‍රම යොදා ගන්නව.කොච්චර උපක්‍රම යොදාගත්තත් පාඨකයාට ඒ රසභාවයන් වටහාගන්න බැරි වෙන එකට කතුවරයාට දොස් කියන්න බෑ.

කොහොම වුනත් සුජීව ප්‍රසන්න ආරච්චි කියන කතුවරයා තමන්ගෙ පොත් සාර්ථක කරගන්න දරපු ව්‍යාමය ගැන තමයි මම මේ පෝස්ට් එකෙන් ඔයාලට කියන්න හැදුවෙ.නමුත් මේ පෝස්ට් එක ලියන වෙලාවෙ හිතට එන අදහස් සියල්ලම වගේ කෝඩුකාරයගෙ අත දිගේ ඇවිත් ඇඟිලි තුඩු මතින් මගේ බ්ලොගයේ සටහන් වුනා.සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ලියල තියන පෝස්ට් එක කිසිම වැඩකට නෑ කියල.තවත් සමහර අයට හිතෙන්න පුළුවන් මේ කියන දේත් ඇත්තක් තියනව නේද කියල.ඔය දෙකෙන් මොනව හිතුනත් හිතුන දේ කමෙන්ට් එකක් විදිහට කෝඩුකාරයාගේ අඩවියේ ලියල යන්න කියල මම ඔයාලගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා...................

Remix of the නිබ්බුත පද


මෙවන් සැපක් ලද කොල්ලෙක්
මෙවන් සැපක් ලද කෙල්ලෙක්
මෙවන් සැපක් ලද මිතුරෙක්
නිසැකයෙන්ම නිවුනා වේ.....

සැප සැප සැප......මොකක්ද මේකියන සැප????කවුරුත් මේ කියන සැප වැරදියට එහෙම තේරුම් ගන්න එපා.මේ කියන්නෙ අවුරුදු හයක් තිස්සෙ එක එක ජාතියේ පන්තිවලට ගිහිල්ල ගිහිල්ල අන්තිමට විභාගෙකට ලියල ඕ ලෙවල් ඉවර වුන සැප ගැන.අම්මෝ.............අදින් පස්සෙ O/L කොල්ලො කෙල්ලන්ට පාඩම් කරන්න පාඩම් කරන්න කියල කවුරුත් කියන එකක් නෑ.ඉතින් ඒකම මොන සැපක්ද කියල හිතල බලන්නකෝ....
                 ආ මග කෙටියි...යා යුතු මග දුරයි කියල කිවුවට කෝඩුකාරයගෙ විදිහටනම් ආ මග දුරයි.....යා යුතු මග තව දුරයි.....මෙච්චරකල් ආපු මේ දුර කොහොමද කෙටියි කියල කියන්නෙ?
                     ඔන්න ඉතින් ආපහු කෝඩුකාරය සුපුරුදු විදිහටම හැබැයි ඊටත් වඩා නිදසක් ඇතුවම ආපහු කෝඩුකාරයාගේ අඩවිටට එනව.ආපහු කෝඩුකාරයාගෙ අඩවියෙන් ඔයාලට රස කතා ගොඩාක් අහන්න පුලුවන් වෙයි...........එහෙනම් අදට ගිහිල්ල එන්නම්........

කාගෙ කාගෙත් ෆොටෝ ගන්න පුළුවන් පස්සෙ....


මේ දවස් වල කප්පරකට වැඩ.ඒකයි මේ පැත්තටවත් එන්න බැරි වුනේ.......කමක් නෑ.....ඔන්න ඉතින් අමාරුවෙන් හරි මේ පැත්තට ඔලුව දාල යන්න ආව.අද අපිට හෙළ බසේ සොඳුරු ආඥාදායකයාගේ (පූජිත උඩලමත්ත සර්ගේ)Semina එකක් තිබ්බ.අටට පටන්ගන්න නියමිත වෙලා තිබුන Semina එක සිංහලයාගේ හෙළ පුරුද්දට මුල් තැන දීල අටයි හතලිස් පහට පටන් ගත්ත.ඔන්න ඉතින් දැන් Semina එක පටන් අරගෙන ටික වෙලාවක් ගියා.සර්ගෙ කටේ තියන හොඳකම නිසා සමහර වෙලාවට එයා කරන ජෝක් වලට කෙල්ලන්ගෙ මූණු රතු වෙලා කලු වෙලා යනව.ඒව එහම වෙන අතරෙ සමහර තැන්වල මල් ගස් පිටින් කැඩෙනව.ඉතින් ඔය ඔක්කොම අතරෙ මේ අහිංසක කෝඩුකාරය පැත්තකට වෙලා පාඩම අහගෙන ඉන්නව......(මොකට කියනවද?)ඔන්න ඉතින් දැන් ටික වෙලාවකට පස්සෙ පරම පිවිතුරු අවිහිංසක කෝඩුකාරයගෙ ඇහැ මට එහා පැත්තෙ හිටිය කවුදෝ මන්ද ගෑනු පරානයක් දිහාවට ගියා.ඕනකමින් බැලුව එහෙම නෙමෙයි....බැලුන....බැලිනම් මේ ඇත්ති හිනාවෙලාම ඒකිගෙ ඇස් දෙකෙන් කඳුලු බේරෙනව......ඔය අතරෙ මට පේළි දෙකක් විතර එහා පැත්තෙන් හිටපු කෙල්ලෙක් Sony Cyber shot 14mp කැම් එකක් අරගෙන ඇවිත් අත දිගඇරගෙන ෆොටෝ ගහනව.ඔන්න ඉතින් මම දැක්ක අපේ සර්ගෙ රේඩාර් එකට මේ සීන් එක අහුවෙනව.ටික වෙලාවකින් සර් කියනව......"මම මේ කියන්නෙ ඔය කැමරා කෑලි අරගෙන ඇවිත් ෆොටෝ ගහන කට්ටියටයි....ඔය කාගෙ කාගෙත් ෆොටෝ ගන්න පුළුවන් පස්සෙ.දැන් කරුණාකරල මේ පාඩමට සම්බන්ධ වෙන්න" කියල.ඒ වෙලාවෙ ඒ කෙල්ලගෙ මූන දැක්ක එකෙක් විදිහට මට ඉතින් "අනිච්චේ........දුඛ්කේ......"කියල හිතුන.මට හිතුන විදිහටනම් ඒක දැකපු අනිත් එව්වන්ටත් ඒකම හිතෙන්න ඇති.
                ඔන්න ඉතින් ඒ වෙලාවෙ අපේ කොල්ලන්ගෙ කටවල්වල තියන හොඳ කමට පිටිපස්සෙන් ලොකු හූවක් එහෙම ආවෙ නෑ හොඳේ......ඒකි එතන දියවෙලා ගියෙ නැති එක විතරයි.

....මෙන්න හිතන්න දෙයක්....

කියාගන්න බැරි දහසකුත් දේවල් මේ පින්තූරයෙන් කියන්න පුළුවන් බව දැනුන.ඒක නිසා තමයි මේ පෝස්ට් එකට වැඩිය වචන එකතු කරන්නෙ නැතුව කට්ටියට කල්පනා කරන්න දෙයක් දෙන්න හිතුවෙ.පිටින් පෙනෙන දෙයට වඩා ගොඩාක් ලොකු දෙයක් මේකෙ තියන බව අමතක නොකර මේක දිහා බලන්න.සැබෑ හදවතක් තියන කෙනෙකුට මේකෙන් කියන දේ තේරුම් ගන්න පුලුවන් වෙයි.

....පට්ට පට පට....



මේ සීන් එක මට කම්පනාවට ආවෙ අද උදේ ටීවී එකේ ගිය මොකද්ද මන්ද වැඩසටහනක් දැකල.ඉතින් මට හිතුන මේක අපේ බ්ලොග් යාලුවන්ටත් කිවුවොත් හොඳයි කියල.ඔන්න ඉතින් මෙහෙමයි සීන් එක.මේ අවුරුද්දෙ පළවෙනි වාරෙ Exam එක තිබුනනෙ.අපිට තියනව නාට්‍ය හා රංග කලාව කියල විසයක්.නෑ නෑ.......විසයක් නෙමෙයි විශයක්.ඉතින් පළවෙනි වාර විභාගෙ ඔය විශය තියන දවසෙ මට උදේ ඉස්කෝලෙට එනකොට මට හම්බවුනා අපේ ක්ලාස් එකේ කොල්ලෙක්ව.මූ මට කියනව,"අඩ්ඩෝ...මචං මම අද පේපර් එක ලියන්න එන්නෙ නෑ.මම ඔය කොහෙහරි කැරකි කැරකි ඉඳල 11ට විතර ගෙදර යනව" කියල.ඉතින් මම ඇහුව "මොකෝ බං ඒ?"කියල.මූ කියනව ඌට කම්මැලියිලු.අනේ අම්මපා......මෙහෙමත් අසික්කිතයෙක් කියල හිතල ඒක නොකිය,"හරි හරි මචං"කියල මමත් ඉස්කෝලෙට ආව.කොහොම හරි දැන් විභාගෙ ඉවර වෙලා නිවාඩු දෙන්න කලින් Exam එකේ ලකුණුත් දෙනවලු.කොහොමහරි ඉතින් දැන් ලකුණුත් හම්බවෙලා.පන්තියෙ පළවෙනිය දෙවෙනිය හරි සතුටින් ඉන්න වෙලාවෙ අපි ඉතින් සුපුරුදු පරිදිම දුකෙන් තමයි.ඇයි ඉතින් අපි කෙළින පිස්සු වල හැටියට ලකුණු දැක්කහම සතුටු වෙන්න පුළුවන් යැ.?කොහොමහරි ඉතින් මම අර මුලින්ම කියපු පොරටත් ලකුණු හම්බවෙලා.බැලින්නම් ඌ අපිටත් වඩා අන්තයි.ඔය පළවෙනි වාර විභාගෙදි අපේ ලකුණු දුන්නෙ ඉලක්කම් වලින් නෙමෙයි.A,B,C,S,F වගේ අකුරු ටිකකින් තමයි අපිට ලකුණු දුන්නෙ.
ඔන්න ඉතින් දැන් නිවාඩු දෙන දවසෙ දෙමාපිය රැස්වීමක් තිබුණ.හැම වාරෙකම එපාම කරපු දවස එදා තමයි.ඇයි ඉතින් මුලු වාරෙටම ඇතිවෙන්න ගෙදරින් බැනුම් අහන්නෙ එදාටනෙ.ඔන්න ඉතින් එදා අම්මල එහෙම ඇවිල්ල අපේ රිපෝර්ට් එහෙම බලනව.

අපේ අම්ම රිපෝර්ට් බලනකම් මම ගියා පොඩ්ඩක් ඇවිදින්න.යනකොට අර නාට්‍ය විශය තිබුන දවසෙ ඉස්කෝලෙ කට් කරපු පොරගෙත් අම්ම ඇවිල්ල රිපෝර්ට් බලනව.මම අරූට පැත්තකට කතාකරල ඇහුව "උඹේ රිපෝර්ට් එකේ නාට්‍ය විශයට ab කියල දාල තිබුනම (ab කියල දාන්නෙ ඇබ්සන්ට් වෙච්ච නිසා..) උඹ මාට්ටු වෙනවනෙ...මොකෝ කරන්නෙ?" කියල.මූ මට හෙන කුප්ප හිනාවක් දාල "බලාගෙන හිටපන්කො"කියල ආයිත් උන්ගෙ අම්ම ගාවට ගියා....මටත් දැන් මාර කුතුහලයක් මූ කොහොමද අම්මට එදා ඉස්කෝලෙ ආපු නැති එක මාට්ටු කරගන්නෙ නැතුව ඉන්නෙ කියල.මමත් එතනට වෙලා බලාගෙන හිටිය මූ මොකද කරන්නෙ කියල.ඉතින් උන්ගෙ අම්ම ටික වෙලාවක් රිපෝර්ට් එක පෙරලල බලල මූගෙන් ඇහුව "ඇයි මේ නාට්‍ය විශයට විතරක් ab කියල අකුරු දෙකක් දාල තියෙන්නෙ කියල.එතකොට මූ කියනව........"අම්මේ....මට ප්‍රැක්ටිකල් වලට a...තියරි වලට b.." කියල මගෙ පැත්තට හැරිල ඇහැකුත් ගැහුව.ඔන්න ඉතින් අපේ එව්වන්ගෙ වැඩ.කොහොමද ටිකිරි මොලේ.......?පට්ට පට පට නේ........

බස් ආතල්..........

මේ සිද්ධිය වුනේ මේ ලඟදි බස් එකක යනකොට.මට මතක විදිහට මේක වුනේ ගිය සිකුරාද.මම කොහෙද මන්ද මගුලක ගිහිල්ල ගෙදර එන්න කියල 138 බස් එකකට නැග්ග.ටික දුරක් ගිහිල්ල හෝල්ට් එකක බස් එක නැවැත්තුවට පස්සෙ ඒ හෝල්ට් එකෙන් අවුරුදු දහ අටක දහ නමයක විතර කොල්ලො දෙන්නෙක් බස් එකට නැග්ග.උන් දෙන්නම කනේ Handsfree ගහගෙන තමයි හිටියෙ.ඉතින් මුන් දෙන්න ඇවිල්ල මම වාඩි වෙලා හිටපු ශීට් එකට ශීට් 3ක් විතර පිටිපස්සෙන් වාඩි වුනා.මේ යක්කු දෙන්න බස් එකට නැග්ග වෙලාවක ඉඳල කාටද මන්ද පලු යන්න බනිනව.ඒකත් හෙමින් එහෙම නෙමෙයි.මහ සද්දෙන් මුලු බස් එකටම ඇහෙන විදිහට.ටික දුරක් යනකොට මුන් දෙන්නගෙ බැනිල්ල ටිකක් සැර වැඩි වුනා.දැන් ඉතින් දෙන්නම අර බනින එකාගෙ අම්ම තාත්ත මතක් කරල සුද්ධ කරපු සිංහල වචන එහෙම මැද්දට දාල තමයි බනින්නෙ.එකෙක් කියනව මෙන්න මෙහෙම. 
"අඩෝ අසිතය,ඕක අපිට කරපු වැඩවලට හොඳ පෝරියල් එකක් දෙන්න ඕන බන්.ඔය පරය තමයි මම කලින් බැස්ස කෑල්ලටත් කෙළ කලේ.කොහෙද ඉතින් උඹත් ඒ දවස් වල ඔය පරයව ඔලුව උඩ තියාගෙනනෙ හිටියෙ.එතකොට ඉතින් උඹ අපි කියපුව විශ්වාස කලේ නැහැනෙ.දැන් ඉතින් ඔය උඹත් කරගත්තෙ."  එතකොට අනික මෙහෙම කියනව. 
"කවුද බන් හිතුවෙ ඌ එච්චර ............ කියල.මට දැන් පුලුවන්නම් ගිහිල්ල උගෙ ..................ල එනව." 
කට්ටිය ඔය පරය කියල තියන තැන් වලටයි,තිත් පේලි තියල තියන තැන් වලටයි සුද්ධ සිංහල වචන ටිකක් ආදේශ කරගත්තොත් හොඳයි.මොකද කතාව වෙච්ච විදිහටම කියන්න ගියොත් කට්ටියගෙන් මට බැනුම් අහගන්න තමයි වෙන්නෙ.
ඉතින් ඔය වගේ සුන්දර වචන බස් එකක් ඇතුලෙ කියනකොට කාටද තද වෙන්නෙ නැත්තෙ.බස් එකේ කොන්ද මුන් දෙන්න දිහා කන්න වගේ බලන් ඉන්නව.ඒත් ඉතින් මුන් දෙන්නගෙ සුන්දර වචන භාවිතය අඩු වුනේ නෑ.තව ටික දුරක් යනකොට මට ඇහුන චටාස් ගාල සැර සද්දයක්.
හැරිල බැලින්නම් බස් එකේ කොන්ද මුන් දෙන්නගෙම කනවල් අතගාල.ඒ සද්දෙත් එක්කම බස් එකේ නැවැත්තුව.ඊට පස්සෙ එතනට බස් ඩ්‍රයිවර් එන්න තප්පර දහයක්වත් ගියේ නෑ.ඩ්‍රයිවර් ආව ගමන් මුන් දෙන්නට තවත් කනේ පාරවල් දෙකක් දීල දෙන්නවම බස් එකෙන් එළියට තල්ලු කලා.හැබැයි මේ ඔක්කොම සිද්ධ වෙනකනුත් මුන් දෙන්නගෙන් එකෙක්වත් ඩ්‍රයිවර්ටවත් කොන්දටවත් මොනවත්ම කිවුවෙ නැ.උන් දෙන්නටත් තෙරෙන්න ඇති උන්ගෙ සද්දෙ වැඩි වුනා කියල.

                         බැලින්නම් මොකද වෙලා තියෙන්නෙ.මුන් දෙන්නම කන්වල ගහගෙන හිටපු Handsfree වල සද්දෙ නිසා තමයි මුන් දෙන්න මෙච්චර සද්දෙන් කතා කරල තියෙන්නෙ.



කොහොමහරි ඉතින් මුන්ගෙ විකාර වැඩ නිසා මට මගෙ ගමන යන්නත් පරක්කු වුනා.
                   දැන්වත් කට්ටිය කන්වල Handsfree ගහගෙන බස් වල යනකොට පරිස්සම් වෙන්න........

පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්......


ඔන්න ඉතින් කෝඩුකාරය අදත් මේ පැත්තට ආවෙ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන.ගොඩක් අය දන්නව මේක ගැන.හැබැයි නොදන්න අයත් ගොඩක් ඉන්නව.
සයිබර් අවකාශයේ සැරිසරන්නන් අතර ගොඩක් ජනප්‍රිය Software එකක් තමයි Internet Download Manager කියන්නෙ.You tube වල වීඩියෝ බලන ගමන්ම මේ Software එකෙන් කැමති වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් එක මේ Software එකේ තියන විශේෂ පහසුකමක්.මේ Software එකට හුරුවුන කෙනෙක් ආයිත් ඉතින් වෙන Software එකකට මාරු වෙන්නෙ බොහොම කලාතුරකින් තමයි.කතා ඇති.ඔන්න තියනව Software එක.ඩවුන්ලෝඩ් කරගන්න......
Internet Download Manager බාන්න 

...බාගන්නවනම් නියම Software එක...


දැන් අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් කට්ටිය වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්නෙ torrent වලින්.ඒත් ඉතින් සමහර වෙලාවට torrent වලින් මොනවහරි ඩවුන්ලෝඩ් කරනකොට slow වෙන්න බලනව.ඔන්න ඉතින් ඒකට හොඳම විසඳුම හම්බවුනා.ඒ තමයි Utorrent Speedup pro.හැබැයි ඉතින් මේක වැඩ කරන්නෙ Utorrent වලට විතරයි.ගොඩක් අය ඩවුන්ලෝඩ් වලට පාවිච්චි කරන්නෙ Utorrent නිසා තමයි මෙතනට Utorrent speed up එක දැම්මෙ.ඉස්සරහට Bittorrent වලටත් speeder එකක් දෙන්නම්.එතකන් ඉතින් මේක බාගන්නකෝ.
Comment එකක් එහෙම දාල යනවනම් ඒක මට ලොකු ශක්තියක්.එහෙනම් කෝඩුකාරය තවත් පෝස්ට් එකක් එක්ක කෝඩුකාරයාගේ අඩවිය පැත්තට එන්නම්..........

....ලස්සන තැන් වලට images දාගන්න....


ඔන්න කලින් post එකේදි පොරොන්දු වුන විදිහටම කට්ටියටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන post එකක් අරගෙන කෝඩුකාරය බ්ලොග් අඩවියට සම්ප්‍රාප්ත වුන වගයි...........
                       දැන් ඉන්න මොන්ටිසෝරි යන පොඩි එවුන් පවා facebook එකේ ඉන්න බව හැමෝම දන්න දෙයක්නෙ.ඉතින් මම මේ පෝස්ට් එක අරගෙන ආවෙ facebook එකේ ඉන්න කට්ටියට ප්‍රයෝජනවත් වෙන විදිහටයි.සමහර අය නම් ඉතින් දන්නවත්.ඒ වුනාට දන්නෙ නැති අයත් ඉන්නවනේ.........එහෙනම් මෙන්න කියනව කතාව.ඔන්න අහගන්න.......
                     කවුද ඉතින් ආස නැත්තෙ තමන්ගෙ ලස්සන 4to එකක් facebook එකට දාගන්න.සමහර අයට ලොකු ප්‍රශ්නයක් තියනව......facebook එකට දාන්න 4tos edit කරගන්න තේරෙන්නෙ නැති එකයි ඔය ප්‍රශ්නෙ.හැමෝම ඉතින් photoshop වගේ 4to Editing සොෆ්ට්වෙයා දන්න එකක්යැ.ඔන්න ඉතින් මට හම්බ වුනා ඕකට හොඳම විසඳුම.කට්ටියට කරන්න තියෙන්නෙ මෙතන click කරල facebook එකට Log වෙන එකයි.ලොග් වුනාට පස්සෙ ඔයාලට මේ වගේ screen එකක් පෙනෙයි.

මෙතනින් ඔයාල කැමති එකක් තෝරගන්න.ඊට පස්සෙ ඔයාල තෝරගත්ත එක උඩ click කලහම එයි මේ වගේ screen එකක්.


ඔයාලගෙ 4to එකක් facebook එකට අප්ලෝඩ් කරල නැත්නම් මේ රතුපාටින් රවුම් කරල තියන තැන උඩ කරල ඔයාලගෙ 4to එකක් අප්ලෝඩ් කරගන්න.ඊට පස්සෙ එයි මේ වගේ screen එකක්.


මෙතනින් කැමති Effect එකක් තෝරගන්න.
                    දැන් වැඩේ හරි.ඔයාලට කැමති කැමති විදිහට ඔයාලගෙ 4tos facebook එකට share කරන්න පුලුවන්.
කට්ටියට මේක ප්‍රයෝජනවත් වුනානම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....එහෙනම් ඊළඟ post එකෙන් කෝඩුකාරය ආයිත් එන්නම්.............

ගුප්ත බලයෙන් යුත් ලෝකයම වෙලාගත්,විශ්මයජනක වූ සුප්‍රසිද්ධම හා භයානකම ප්‍රදේශය


ලෝකයේ සිද්ධවෙන හැම අලුත් තොරතුරක් ගැනම හොයල බලන ඔයාල බර්මියුඩා ත්‍රිකෝණය ගැන අහල නැතිවෙන්න විදිහක් නෑ..ගුප්ත බලයෙන් යුත් ලෝකයම වෙලාගත්,විශ්මයජනක වූ සුප්‍රසිද්ධම හා භයානකම ප්‍රදේශය පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයේ කෙනඩි තුඩුවත්,බහාමා දූපතත්,බර්මියුඩාවත් යන ස්ථාන තුන වෙනුවෙන් තිත් තුනක් සළකුණු කර ඒවා යාකල විට මතුවන ත්‍රිකෝණ ප්‍රදේශයයි.මගීන් ගෙනියන නෞකා,ගුවන් යානා හා සබ්මැරීන් මේ ත්‍රිකෝණය ඇතුලෙදි අතුරුදහන් වෙලා තියනවලු.

මේ නිසා මේ ත්‍රිකෝණයට මරණයේ ත්‍රිකෝණය කියලත් කට්ටිය කියනවලු.තවත් අය කියනව මේ ත්‍රිකෝණය පිටසක්වලට යන්න පුළුවන් දොරටුවක් කියලත් සමහරු කියනව.හැබැයි ඉතින් මමනම් ඔය මොනාවත්ම කියන්නෙ නෑ.මොකද ඉතින් මම ඕක මැද්දෙන් ගිහිල්ල තියෙන එකක් යෑ.කොහොම නමුත් මේ ප්‍රදේශය ඉතාමත්ම ත්‍රාසජනක ප්‍රදේශයක් හැටියට ලෝකයේම ප්‍රසිද්ධවෙලා තියනව.



අද post එකනම් එච්චර හොඳ නැතුව ඇති.අද මේ post එක ලියන්නෙ එච්චර හොඳ මූඩ් එකකින්නම් නෙමෙයි.හරි හරි...මේ post එක හොඳ නැති වුනාට ඊළඟට හොඳ post එකක් දානව කියල මම පොරොන්දු වෙන්නම්..........එහෙනම් ඊළඟට දාන එළකිරි පෝස්ට් එකක් එක්ක හම්බවෙමු................

රාත්‍රියක සිතුනෙමි...


සිතට එන සිතිවිල්ල
පද ලෙසින් එකතු කොට
දොඩන්නට ඔබ සමග
ඇරඹුමක් ගමි මෙලෙස


අඹර දෙස බැලූ කල
හිරු කුමරු සැඟවුනිය
සඳ කුමරි ගුවනෙ සිට
ඉඟි පායි දෙරණ මත


පවන සේ දසත යන
නිසල වූ හද ගැබට
නිහඬ වූ රාත්‍රිය
කෙතරම් ම ලෙන්ගතුද


සුළඟ හා මුසුව එන
පිච්ච කුසුමෙහි සුවඳ
සසල වූ හදවතට
දිව ඔසුව වන්නේය

සිංහල උපසිරසත් එක්කම ෆිල්ම් බාන්න.

මේ දවස්වල කෝඩුකාරයට බ්ලොග් එක පැත්තෙවත් එන්න වෙලාවක් නෑ.කෝඩුකාරය මීට මාස පහ හයකට විතර කලින් පටන් ගත්තනෙ web designing courses එකක්.එන 17 වෙනිද ඒක ඉවර වෙනව.ඉතින් අපේ අන්තිම ප්‍රොජෙක්ට් එක විදිහට අපිට වෙබ් සයිට් එකක් හදන්න තියනව HTML වලින්.ඉතින් මේ දවස් වල නිදිමරාගෙන ඒක හදනව.ඒත් ඉතින් මම කොහොමද මගේ බ්ලොග් යාළුවො ටික අමතක කරන්නෙ.ඒක කිසා මම හිතුව කොච්චර වැඩ තිබුනත් අද බ්ලොග් එකට මොනවහරි ලියන්න ඕනෙ කියල.ආ......මට කියන්න අමතක වුනා.අර යාපනේ ට්‍රිප් එක ගැන ලියන පෝස්ට් එකේ ඉතුරු කොටස් ටික ලියන එක ඒ ට්‍රිප් එකේ ෆොටෝස් ටික හම්බවෙනකම් පොඩ්ඩක් පස්සට දාන්න වෙනව.මම කල්පනා කලේ දැන් මොකක් ගැනද ලියන්නෙ කියල.......මොනවත් කම්පනාවට එන්නෙම නෑනෙ.ආ....ඔන්න එකක් මතක් වුනා.මේකනම් ඉතින් කතාවක් එහෙම නෙමෙයි හොඳේ...
අපි කවුරුත් කැමතියිනෙ ෆිල්ම් බලන්න.ඒත් අපි ඊටත් වඩා කැමතියිනෙ සිංහල උපසිරසත් එක්කම ෆිල්ම් බලන්න.මේක ඉතින් ලංකාවනෙ.ඔන්න ඉතින් ඒක නිසා කෝඩුකාරය අද අරගෙන ආවෙ සිංහල උපසිරසත් එක්කම ෆිල්ම් බාන්න පුලුවන් සයිට් එකක් ගැන.ගොඩක් අය දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට කියන එක අපේ යුතුකමනේ.හරි හරි....වැඩි කතා ඕන නැහැ.මෙන්න සයිට් එක.මේකෙ නම තමයි..........
බයිස්කෝප් සිංහලෙන්

පට්ට සයිට් එකක්.මමත් ෆිල්ම් බාන්නෙ මේ සයිට් එකෙන් තමයි.ගිහිල්ලම බලන්න.එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් හම්බවෙමු................

යාපනේ TRIP එක (1කොටස.....)



අම්මෝ.............trip එක ගිහිල්ල ආවට ලැප් එක on කරල පොඩ්ඩක් සින්ඩියට එබෙන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.යාපනේ trip එක ගැන කියන්නනම් ගොඩාක් දේවල් තියනවා.ඒත් මේ වෙලාවෙ කෝඩුකාරයා ඉන්නෙ පුදුම දුකකින්.ඒක අඬලවත් පිටකරන්න බැරි දුකක්.මට මතතකයි දවසක් Gold Fish අයිය ලිව්ව අපෝ,මූ හෙන බොළඳයිනේ කියල post එකක්.එදා ඒ එකට ක්මෙන්ට් දාපු මමත් එයාට කිවුවෙ "අඬන්න හිතෙන වෙලාවට කෑගහල අඬපන්.අඬන වෙලාවට බොළදයි කියන එවුන් කවද හරි තේරුම්ගනියි අඬන එක බොළද කමක් නෙමෙයි කියල."
එදා එයාට ඒ දේ කියපු මට අද කෑගහල අඬන්න බැරි තත්වයක් උදාවෙලා තියනවා.ඒත් මම මේ දුක් වෙන්නෙ ඒ තරම් දෙයකට නෙමෙයි.මම දුක් වෙන්නෙ සතුටින් ගෙවුන දවස් ටිකක් ඉවර වුන නිසා,ට්‍රිප් එකේදි හම්බවුන යාලුවන්ගෙන් වෙන්වෙන්න වුන නිසා,ආයිමත් මට තනිවුනු ජීවිතයක් ගතකරන්න සිද්ධවෙන නිසා.මම ඇත්තටම අද දුක් වෙනව...ගොඩාක් දුක් වෙනවා.දැන් ඔයාල හිතයි කෝඩුකාරය හරින බොළද එකෙක්නේ......කියල.ඇත්තටම කිවුවොත් කෝඩුකාරයගෙ හිත තාම බොළදයි,පොඩි දේටත් සැලෙනවා.ඒත් මට ඒ වැරැද්ද තාම හදාගන්න බෑ.

හරි,හරි.දැන් ඒ කතාවලින් වැඩක් නෑ.දැන් ගිය දේ ගියා.දැන් මම ඔයාලට අපි ගිය trip එක ගැන කියන්නම්.හැබැයි කියන්න වෙන්නෙ trip එකේ වෙච්ච රස සිදුවීම් කීපයක් විතරයි.අනේ.......මට trip එක යන දවසෙ ලොකුම ලොකු අතපසුවීමක් වුනා.මට cam එක ගෙනියන්න බැරි වුනා.......මේ වුනාට මම පුලුවන් විදිහට මගේ ෆෝන් එකෙනුයි,මගේ ෆ්‍රෙන්ඩ්ස්ල ගෙනාපු කැමරා දෙක තුනකිනුයි Photos ගත්ත.ඒවත් මම ඊළඟ post එකට දාන්න්නම්.දැන් ඉතින් මේ පෝස්ට් එක ටිකක් දිග වැඩියි කියල හිතෙන නිසා මෙතනින් ඉවර කරන්නම්.ඊළඟ ලිපියෙන් තව කතා ටිකක් එක්ක හමුවෙමු.
ආ.............ඔන්න සිතුවම් අයිය අහල තිබුන එක ගිහිල්ල ගෙනාවෙ මොනවද කියල.ඔන්න ඔක්කොටම ගෙනාව දොදොල්........පහල තියනවා.ඕන එකෙක් අරගෙන කන එකයි ඇත්තෙ.

වෙන්වෙලා යන්න කාලය හරි...........



වෙන්වෙලා යන්න කාලය හරි.......හැබැයි දවස් 6කට විතරයි.ඔන්න ඉතින් කාලෙකට පස්සෙ කෝඩුකාරයට Trip එකක් යන්න සෙට් වෙලා.යන්න තියෙන්නෙ හෙට තමයි.යන්නෙ යාපනේ.......ගොඩක් තැන්වල යන්න හිතාගෙන ඉන්නව.ඒ එක්කම ඔයාලට හොඳ ෆොටෝස් ටිකකුත් ගේන්න පුලුවන් වෙයි කියල හිතනවා.යාපනේ ගිහිල්ල ආයිත් එන්නෙ 22වෙනිදා.එතකම් ඉතින් සින්ඩියට එබෙන්නයි,කෝඩුකාරයාගේ අඩවියට post දාන්නයි බැරිවෙනව.ඒ වගේම මගේ කෝඩුකාර යාළුවන්ගෙ බ්ලොග් වලට එබෙන්නයි,comment දාන්නයිත් බැරිවෙනව. දුකයි තමයි.ඒත් මොනව කරන්නද?කමක් නෑ.......වැඩි දවසක් නෑනෙ,ඒක නිසා හිත හදාගෙන යනව.
එහෙනම් කට්ටියටම සුභ දවස් 6ක් ගතකරන්න ලැබේවා.........කියල කෝඩුකාරය හද පතුලෙන්ම,අපේ words වලින් කියනවනම් බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනව.එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු...................

ඉස්කෝලෙ ජොලි වැඩක්....................



මම දැන් මේ කියන්න හදන්නෙ අපෙ ස්කෝලෙ වෙච්ච පොඩි සීන් එකක්.අපේ ස්කෝලෙ ඉන්නව පොරක් සි** කියල.මිනිහ තමයි අපේ සෙක්ශන් එකටම ඉන්න පිස්සුම පොර.ඌ කියන කතා වලට අපේ මිස්ල එහෙම බඩ අල්ලන් හිනාවෙන්නෙ.ඕනම කෙනෙක්ව හිනාගස්සන්න පුලුවන් හැකියාවක් මිනිහට තියනවා.ඌත් ඉතින් ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.හැබැයි ඉතින් ඌ පිස්සු කෙලිය කියල ඉගෙනගන්නෙ නැතුව ඉන්න එකෙකුත් නෙමෙයි.මාර බ්‍රයිට් කේස් එකක්.ඒ වගේම තමයි හැකියාවත්.ඕන වැඩකට ඔට්ටුයි.
ඔන්න ඉතින් දවසක් මූ කෙල්ලො ටිකක් ඉන්න තැනක මූ වටේට කැරකි කැරකි ඇම්බැක්කෙත් නැති කැටයම් වගයක් දානව.අපිත් ඉතින් බලාගෙන හිටිය මූ මොකද කරන්නෙ කියල.ඔහොම ටිකක් වෙලා ඉන්නකොට එකපාරටම බරාස්.............ගාල සද්දයක් ඇහුන.බලනකොට ඌගෙ කලිසම ඉරිල ගිහිල්ල පොට් එකෙන්ම.දැන් ඉතින් මූවත් දියවෙලා යන සයිස් එකට වටෙන්ම හොඳවැයින් හූ සංග්‍රහයක් මූට හම්බවේව.අපිටත් ඉතින් ඌගෙ පරම මිත්‍රයො හැටියට බලාගෙන ඉන්න බෑනෙ.කට්ටියත් එක්ක එකතුවෙලා වටකරගත්ත මූව.වටකරගෙන ශේප් එකේ මූව ටොයිලට් එකට අරගෙන ගියා.දැන් ඉතින් මොනව කියල කරන්නැයි.එකෙක් කිවුව "ඉක්මනට කලිසම ගලෝපන්"කියල.මූත් ඉතින් කිසි ගානක් නැතුව එතනම කලිසම බිමට අතඇරිය.ඊට පස්සෙ කොල්ලො දෙන්නෙක් කලිසමත් අරගෙන එලියට ගියා මහගෙන එන්න.උන් දෙන්න ආපහු කලිසම අරගෙන එනකනුත් මූ ටොයිලට් එක ඇතුලෙ ජො* පිටින් ෆැශන් ශෝ එකක් දානව.කොහොමහරි ඉතින් මූට ආපහු පන්තියට එක්කන් යනකොට පීරියඩ් දෙක තුනක් ගිහිල්ල.
අන්තිමට ඔන්න ඔහොමලු වුනේ...............................

Happy Birthday To You

ඔන්න ඉතින් අද දවස කෝඩුකාරයට ටිකක් විතර වැදගත් දවසක්.ඒ කියන්නෙ මේ කෝඩුකාරයටත් ඉන්නවනෙ සහෝදරයෙක් කියල එකෙක්.අන්න ඒ සහෝදරය හෙවත් මගේ මල්ලියගෙ උපන්දිනේ තියෙන්නෙ අද.ඉතින් මටත් කියල මල්ලිල දහ දොලොස් දෙනෙක් ඉන්න එකක් ඈ........ඉන්නෙත් එකයි නිසා ඒක තවත් අවුරුද්දකින් වයසට යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් මේ පෝස්ට් එක දාන්න ඕන කියල මට හිතුන.ඔන්න ඉතින් ඒකත් කලා.මෙන්න පහල තියනව Google images shop එකෙන් අරගත්තු කේක් එකක්.කන එවුන් කාපල්ල...............


මෙහෙ ගෑනු ළමයි එහෙම නැද්ද?

ඔන්න ඉතින් දවසක් කෝඩුකාරයගෙ යාළුවෙක් කුරුණෑගල පැත්තෙ තියන ගමකට ගියා.ගියෙ කෝඩුකාරයගෙ වැඩකට.දැන් ඉතින් මූ එහෙට ගිහිල්ල කරන්න ඕන වැඩෙත් කරගෙන එහෙන් එන්න පිටත්වෙලා.(දැන් ඉතින් අහන්න එපා මොකක්ද වැඩේ කියල....ඇත්තටම ගියෙ අපේ වීඩියෝ එකකට හරියන location එකක් බලන්න.)කොහොමහරි මූ එන්න පිටත් වෙනකොට හොඳටම රෑ වෙලාලු.ඉතින් එච්චර රෑ වෙලා එන්න බැරි නිසා අහල පහල තියන ගෙදරක නැවතිලා ඊළඟ දවසෙ එන්න කියල හිතාගෙන ගියාලු නවතින්න තැනක් හොයන්න.ඔන්න හම්බවුනු පළවෙනි ගෙදරට මූ ගිහිල්ල දොරට තට්ටු කළාලු.
දොර ඇරියෙ ටිකක් මැදි වයසෙ ගෑනු කෙනෙක්ලු.ඊට පස්සෙ කෝඩුකාරයගෙ යාළුව කිවුවලු "මම මේ අපේ වීඩියෝ එකකට හරියන තැනක් හොයාගෙන කොළඹ ඉඳල ආවෙ,වැඩේ ඉවර වෙනකොට හොඳටම රෑ වුනා.ඉතින් මට අද රෑ මෙහෙ නවාතැන් ගන්න පුලුවන්ද?"කියල.ඒතකොට මේ ගෑනු කෙනා කියනවලු"අනේ මහත්තයෝ අපෙ ගෙදර ඉන්නෙ මමයි මගෙ ගෑනු දරුවො දෙන්නයි විතරයි.ඉතින් ගෑනු තුන්දෙනෙක් විතරක් ඉන්න ගෙදරක මහත්තයව නවත්තගන්නෙ කොහොමද?"කියල.ඊට පස්සෙ ඉතින් මූත් "හරි කමක් නෑ"කියල තව ඉස්සරහට ඇවිදගෙන ගියාලු.ටික දුර යනකොට තව ගෙයක් හම්බවුනාලු.ඉතින් බොහොම අමාරුවෙන් ඒ ගෙදරටත් ගිහිල්ල දොරට තට්ටු කලහම දොර ඇරියෙ හෙනම හෙන නාකි මෑන් කෙනෙක්ලු.ඉතින් දැන් මෙයා ඇහුවුවලු "සීයෙ,මම මේ කොළඹ ඉඳල වැඩකට ආපු ගමන්.වැඩේ ඉවරවෙනකොට හුඟක් රෑ වුනා.ඉතින් මට අදට විතරක් මෙහෙ නවතින්න පුලුවන්ද?" කියල.එතකොට සීය කියනවලු "අනේ කොලුවො,මේ ගෙදර ඉන්නෙ මේ නාකි මමයි,මෙගෙ කෙලි පොඩිත්තයි විතරයි.එහෙව් එකේ මහත්තයව මේ රෑ මෙහෙ නවත්තගත්තොත් ගම්මුන්ගෙන් හොඳ කතන්දර ටිකක අහගන්න පුලුවන් වෙයි.ඒක නිසා සමාවෙන්ඩ මහත්තයො මෙහෙනම් නවතින්න තැනක් දෙන්න විදිහක් නෑ"කියල.අනේ ඉතින්,මක් කොරන්නැයි?මහන්සි නොබල තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට දැක්කලු තව ගෙයක්.ඒ ගෙදරටත් ගිහිල්ල දොරට තට්ටු කලාම දොර ඇරියෙ හොඳ ලස්සන තරුණ කෙල්ලෙක්ලු.

ඉතින් මූ මම වැඩකට කොළඹ ඉඳල ආවෙ කියල ආයිත් අර සුපුරුදු රෙකෝඩින් එක දැම්මලු.විස්තරේ කියල ඉවර වෙනකොටම මේ කෙල්ල දඩා...ං ගාල දොර වහල.ඔන්න ඉතින් දැන්නම් මුගෙ රතු කට්ට පැනල.ඇයි ඉතින් දැන් මුගෙ වචන කොච්චර නාස්ති වෙලාද?යන යන හැම ගෙදරටම එකම වචන ටික කියන්න එපායැ.මූ හිතාගතත්ලු ඊළඟට හම්බවෙන ගෙදරට ගිහිල්ල මුලු විස්තරේම කියන්නෙ නෑ.විස්තරේ සාරාංශෙ විතරක් කියනව කියල.අනික ඉතින් මූ යන යන හැම ගෙදරම නවතින්න දෙන්න බෑ කියල කියන්නෙ ගෑනු ලමයි ඉන්නව කියලනෙ.
කමක් නෑ,තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනව කියල හිතාගෙන ඉස්සරහට යනකොට හම්බවුනාලු ටිකක ලොකු ගෙදරක්.ගෙදර දොරට තට්ටු කලාම ටිකක් හැඩි දැඩි,උස මහත,තරුන කොල්ලෙක් දොර ඇරියලු.ඉතින් දැන් මූ මුලු විස්තරේම කියන්නෙ නැ කියල හිතල කිවුවලු මෙන්න මෙහෙම."අයියේ,මෙහෙ ගැනු ළමයි එහෙම නැද්ද?"එහෙම කිවුවෙ හැම තැනම ගැනු ළමයි නිසා නවාතැන් දෙන්න බෑ කියපු නිසයි.ඊට පස්සෙ අර මිනිහ අහනවලු."මොකටද මහත්තයෝ ගෑනු ළමයි?" කියල.මූත් ඉතින් වචන නාස්ති කරගන්න බැරි නිසා කිවුවලු "නෑ අයියෙ,මට අද රෑට නිදාගන්න" කියල.දැන් මූට පේනවලු අර මිනිහගෙ මූන රතුවේගන එනව.ටිකකින් මේ මනුස්සය කිවුවලු "පොඩ්ඩක් ඉන්න මහත්තයෝ මම ඇතුලට ගිහිල්ල එන්නම්"කියල ඇතුලට ගියාලු.දැන් කෝඩුකාරයගෙ යාලුවට හරිම සතුටුයිලු.අයි ඉතින් අර මනුස්සය නවාතැන් දෙන්න කැමති වෙලා ඇතුලට ගියා කියලලු මූ හිතුවෙ.මෙන්න බොලේ......ඇතුලට ගිය මිනිහ තඩි පොල්ලකුත් උස්සගෙන එනවලු මූට කෙළින්න.මූත් ඉතින් අනිත් පැත්තට හැරිල දිවුවලු දිවිල්ලක්.......අර ගේ පේන්නෙ නැති තරම් ඈතට දුවල දුවල ගිහින් මූ කල්පනා කලාලු ඇයි මේ යකා මට ගහන්න ආවෙ,මම කිවුවෙ මෙහෙ ගෑනු ලමයි නැද්ද කියල විතරනේ.ඊට පස්සෙ ඌ මොකටද කියල ඇහුවහම මම කිවුවෙ නෑ මට අද නිදාගන්න කියල විතරනේ.ඈ..................මොකක් කිවුව...........මූට සීන් එක මීටර් වුනේ එතකොට තමයි.

මම ඔට්ටුවක් අල්ලනව,මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනවාමයි.....(අවසාන කොටස)

ඔන්න ඉතින් කසුන් ඔට්ටුවක් ඇල්ලුවනෙ මැනේජර් මහත්තයත් එක්ක.ඒ කොටස කියෙවුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ල ඒක කියවල එන්නකො.............



කොහොමහරි කසුන් ඔට්ටුව දැම්මට පස්සෙ මැනේජර් ඒකට කැමති වුනානෙ.
ඊට පස්සෙ මැනේජර් ඊළඟ දවසෙ උදේම ගිහිල්ල බැලුව අර කිවුව වගේ ගෙඩියක් ඇවිල්ල තියනවද කියල.එහෙම එකක්නම් ඇවිල්ල තිබ්බෙ නෑ.ඒ මුලු සතියෙම බැලුව.ඒත් නෑ.....දැන් මැනේජර්ට හරිම සතුටුයි.දැන් රුපියල් 10000ක් හම්බවෙනවනෙ.ඔන්න ඉතින් අන්තිම දවසත් ආව.ඉතින් මැනේජර් උදේම ගිහිල්ල බැලුව කිවුව විදිහට ගෙඩියක් ඇවිල්ල තියනවද කියල.ගෙඩියක් ඇවිල්ල නෑ.
ඊට පස්සෙ ඉතින් මැනේජර් බොහොම සතුටින් බැංකුවට ගියා.ගිහිල්ල කසුන් එනකම් බලාගෙන හිටිය.ඔන්න ඉතින් උදේ 10ට විතර කසුන් එනව තව යාලුවෙකුත් එක්ක.එයාල කැබින් එක ඇතුලට ආව ගමන් මැනේජර් හරිම සතුටින් කිවුව "ඔයා ඔට්ටුව පරාදයි.කෝ මගෙ සල්ලි දෙන්න" කියල.ඊට පස්සෙ කසුන් කිවුව "නෑ.......වෙන්න බෑ.මටනම් මේක විශ්වාස කරන්න බෑ.ඔයාට පුලුවන්නම් ඔප්පුකරල පෙන්නන්න........."කියල.
ඉතින් දැන් මැනේජර්ට සල්ලිගන්නත් ඕන නිසා කලිසම ගලවල කසුන්ට ගෙඩියක් ඇවිල්ල නෑ කියල පෙන්නුව.
ඔන්න දැන් කසුන් එයත් එක්ක ආව අනිත් යාලුවට කියනව මෙන්න මෙහෙම."ආ...........මම උඹට කිවුව නේද?ඔන්න....ඔන්න මම ඔට්ටුව දිනුම්.මට මගෙ රුපියල් 20000 දියන්."
දැන් ඉතින් මැනේජර්ට නිකන් මඤ්ඤන් වගේලු.බලනකොට මොකද වෙලාතියෙන්නෙ.
කසුන් ගිහිල්ල තව යාලුවෙක් එක්ක ඔට්ටුවක් දාල මෙන්න මේ බැංකුවේ මැනේජර් මට පු* පෙන්නනව කිවුව කියල.ඔට්ටුව දාල තියෙන්නෙ රුපියල් 20000කට.ඔන්න ඉතින් කසුන් යාලුවත් එක්ක දාපු ඔට්ටුව පරාද වෙලා රුපියල් 10000ක් ගත්ත.



කොහොමද කසුන්ගෙ ටිකිරි මොලේ..........




මොකද කියන්නෙ යාලුවනේ "අල්ලමුද ඔට්ටුවක්?......."

මම ඔට්ටුවක් අල්ලනව,මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනවාමයි.....

අද නිවාඩු දවසක් වුනාට දවස තිස්සෙම එක එක තැන්වල ගිහිල්ල ඇවිල්ල මාර මහන්සියි.ඒ වුනාට නිවාඩු දවසක් වෙලත් බ්ලොග් එක පැත්තට ආවෙ නැත්තම් නිකං කෑවෙ නෑ වගේ තමයි.ඒක නිසා මතක් වෙච්ච කතාවක් දාන්න හිතුන.


දවසක් බැංකුවක මැනේජර් කෙනෙක් බැංකුවේ මුදල් බැර පරීක්ෂා කරනකොට දැක්කලු එක අවුරුදු 17ක විතර කොල්ලෙකුගෙ එකවුන්ට් එකේ සතියකට සැරයක්වත් අනිවාර්‍යයෙන්ම රුපියල් 10000ක් දාල තියනවලු.ඉතින් මැනේජර් එතන හිටපු පියන් කෙනෙකුට කිවුවලු "මේ ළමය ආයිත් ආවොත් එහෙම මගේ කැබින් එකට එවන්න" කියල.
ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙම මේ ලමය සල්ලි දාන්න බැංකුවට ආවලු.එතකොටම පියන් කිවුවලු "අන්න මැනේජර් මහත්තය ඔයාට කැබින් එකට කතාකලා" කියල.මේ ළමයත් කිසි ගානක් නැතුව කැබින් එකට ගියාම මෙන්න මේ වගේ දෙබසක්ලු දෙන්න අතර ඇති වුනේ.දෙබස ඔයාලට කියන්න ලේසිවෙන්න මම අර ළමයගෙ නමට කසුන් කියල ආදේශක නමක් පාවිච්චි කරනව.

මැනේජර්:"ආ ඔයා නේද අර සතියකට සැරයක් රුපියල් 10000ක් පොතට දාන ළමය?"

කසුන්:"ඔව් සර්,ඒ මම තමයි."

මැනේජර්:"අපිට බොහොම සතුටුයි ඔය ළමය ගැන.ඔය වයසෙ තරුණ ළමයි ඉතුරු කරනව බොහොම අඩුයි.ඒ අතින් අපි බොහොම සතුටු වෙනව ඔය ළමය ගැන."

මැනේජර්:"ඇත්තටම ඔයා කොහොමද ඔයතරම් ගානක් සතියකට පොතට දාන්නෙ?"

කසුන්:"මම ඔට්ටු අල්ලනව සර්."

මැනේජර්:"ඔට්ටු අල්ලනව!ඒ මොනවටද?"

කසුන්:"මොකද කියන්නෙ සර්,සරුත් අල්ලමුද ඔට්ටුවක්?"

මැනේජර්:"හරි,මම කැමත්යි,මොකක්ද ඔට්ටුව?"

කසුන්:"මම රුපියල් 10000ක් ඔට්ටු අල්ලනව.හරියටම තව සතියක් යනකොට මැනේජර් මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනව,එහෙම ආවොත් මැනේජර් මහත්තය මට රුපියල් 10000ක් දෙන්න ඕනෙ.නැත්නම් මම ඔයාට රුපියල් 10000ක් දෙනව.ඔට්ටුද?"

මැනේජර්:"හරි,මම ඔට්ටුයි."

කසුන්ගෙ ඔට්ටුව හරියයිද කියල බලන්න හෙටත් කෝඩුකාරයාගෙ අඩවිය පැත්තට ඇවිල්ල යන්න එන්න.ඔයාලට හිතෙන දෙයක් Comment කරල යන්න.ඔයාලගෙ අදහස් මට මහමෙරක් තරම් වටිනව.

"මහත්තයෝ.......කලිසම පහලට දාන්නකො"



සමහර කට්ටිය මේ Post එක දැම්ම කියල මට බනියිද දන්නෙ නෑ.මම මේක ලියන්නෙ වෙනත් ආගමකට අපහාස කරන්න එහෙම නෙමෙයි හොඳද....මේක නිකන් කතාවක් විතරයි.
අසංගයි,හිමාලියි යාළු වෙලා අවුරුදු දෙකක් විතර වුනා.දෙන්න ආගම් දෙකක වුනත් දෙන්නගෙ තිබුන ආදරය නිසා දෙමවුපියන් මේකට අකමැති වුනේ නෑ.කොහොමහරි අන්තිමට දෙමවුපියන්ගේ ආශිර්වාදයත් එක්ක මේ දෙන්නගෙ මංගල උත්සවයට සියලුම වැඩකටයුතු සූදානම් වුනා.අසංග ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් නිසා මංගල්‍ය ලෑස්ති කලේ ක්‍රිස්තියානි දේවස්ථානයක.කොහොමහරි මේ දෙන්නගෙ මංගල උත්සවයට කලින් දවසෙ රෑ හොඳටම වැස්ස.ඔන්න ඉතින් ඊලඟ දවසෙ,ඒ කියන්නෙ Weddin එක දවසෙ අසංග පල්ලියට යන්න කියල කාර් එකට නැගල ටික දුරක් එනකොට තමයි දැක්කෙ පල්ලියට යන පාර ඊයෙ වැහැපු වැස්සට හොඳටම යටවෙලා.පල්ලිය පේන දුර.ඉතින් කාර් එකට මෙතනින් එහාට යන්න බැරි නිසා අසංග කාර් එකෙන් බැහැල කලිසම දනහිස් දෙක ගාවටම නවාගත්ත.නවාගෙන පුලුවන් තරම් ඇඳුම වතුරෙන් බේරගෙන පල්ලියට ගියා.දන් මෙයා යනකොටත් කට්ටිය ඔක්කොම ඇවිල්ල.හිමාලිත් ඉන්නවා ලස්සනට ඇඳගෙන ඉස්සරහින්ම.ඉතින් අසංගත් ගියගමන්ම පල්ලියේ ෆාදර් බයිබලය එහෙම අතට අරගෙන කියවන්න පටන්ගත්ත.කියවගෙන යනකොට සැරින් සැරේ ෆාදර් අසංග දිහා අමුතු විදිහට බලනව.දෙතුන් සැරයක් මෙහෙම බලනකොට අසංගටත් තේරුනා ෆාදර් අමුතු බැල්මක් දානව කියල.ඉතින් අසංග අනිත් අයට නොදැනෙන විදිහට ඇහුව "ඇයි ෆාදර් අමුතු විදිහකට බැලුවෙ" කියල.ඒතකොට ෆාදර් කියනව "මහත්තයෝ කලිසම පහලට දාන්න" කියල.අසංගගෙ මූන රතුවුනා.අසංගටත් කරගන්න දෙයක් නැති නිසා හිනාවෙලා නිකන් හිටිය.ෆාදර් ආයිමත් කියනව "මහත්තයෝ කලිසම පහලට දාන්න" කියල.අසංගට දැන් ටිකක් තද වෙලා.ඇයි ඉතින් මල පනින්නෙ නැද්ද ලොකු සෙනගක් ඉස්සරහ මෙහෙම කියනකොට.කමක් නෑ...තව පොඩ්ඩක් ඉවසනව කියල අසංග හිතාගත්ත.දැන් ඔන්න ආයිත් ෆාදර් බයිබලය කියවගෙන යනව.තව ටිකකින් ෆාදර් ආයිමත් කියනව "මහත්තයෝ එක සැරයක් කිවුවහම කලිසම පහලට දාන්නකො" කියල.දැන්නම් අසංගට හොඳටම මල පැන්න.ඔන්න ඉතින් මූ ගත්තු කටටම කියපි"මේක මාර වැඩක්නෙ,මටවත් නැති හදිස්සියක්නෙ ෆාදර්ට තියෙන්නෙ"කියල.
ඔන්න ඉතින් ෆාදර් හොඳක් කරන්න ගිහිල්ල අහගත්ත දේ.........................
(සමහර කට්ටියට තාම නිකන් මඤ්ඤං වගේ ඇති.....කමක් නෑ.....තේරෙන්නෙ නැති අයට කියන්නම්.හදිස්සියට දුවගෙන එනකොට නවාගත්ත කලිසම් කකුල් දෙක පහලට දාන්න කියලයි ෆාදර් කිවුවෙ.)

අඩෝ සිරිපාලය..... තෝ මම කතාකලාම............



මේක මේ අපේ සර් කෙනෙක් මට කියපු කතාවක්.සමහර අය නම් අහලත් ඇති.කමක් නෑ....කියවලම බලන්න.මෙන්න මේකයි කතාව.
ඔන්න දවසක් ශ්‍රී ලංකාවෙ බීච් එකක හිටපු සුද්දෙකුට ඕන උනාලු බෝට්ටුවක යන්න.ඉතින් සුද්ද එතන හිටපු මිනිහෙකුට දන්න සිංහල ටික ගැටගහල බොහොම අමාරුවෙන් ටිකක් ඈත යන බෝට්ටුවක් පෙන්නල කිව්වලු "මට අර බෝට්ටුවේ යන්න ඕනෙ කියල.ඉතින් අර සිංහල මිනිහ ඈත යන බෝට්ටුවට කෑගහල කිව්වලු "සිරිපාලයෝ...........මෙන්න මේ මහත්තයට උඹේ ඔය බෝට්ටුවේ යන්න ඕනෙලු.ඉක්මනට මේ පැත්තට වරෙන්" කියල.ඒත් ඉතින් බෝට්ටුවේ හිටිය සිරිපාලට මේක ඇහුනෙ නෑලු.
දැන් ඉතින් සුද්දට එකපාරටම හිතුනලු, ඒ සිංහල මිනිහට කොච්චර සාමාන්‍ය දැනීම තියනවද කියල බලන්න.සුද්ද උගෙ අතේ තිබුන දෙනෙතිය(අර ඇස් දෙකම තියල දුර බලන එක.ඕකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල මට මතක නෑ.)දීල කිවුවලු මේකෙන් බලලවත් බෝට්ටුවේ ඉන්න එකාට කතා කරපන් කියල.ඉතින් ඒ සිංහල මිනිහ බැලුවලු මොකද්ද යකෝ මේ භාන්ඩෙ කියල.කොහොම හරි සිංහල මිනිහ මේක ඇහැට තියල බැකුව.ඔන්න ඉතින් දැන් මේ යකාට හරි පුදුමයි.ඈත හිටපු සිරිපාලය ඉක්මනට ලඟට ඇවිල්ල කියලලු මූ හිතුවෙ.ඔන්න ඉතින් මූ හෙමිහිට කියනවලු,
"අඩෝ සිරිපාලය......... තෝ මම කතාකලාම ඇහෙන්නෑ වගේ ගියා නේද?"..............

කෝඩුකාරයට ජොලියක් ගිහිල්ලා.............!!!!!!!!



අද කෝඩුකාරයට හෙන Happy...!මොකද දන්නවද ඒ...?අද ඉඳල කෝඩුකාරය සති 3ක් විතර නිවාඩු ගත්ත.දැන් ඉතින් ඒ මොනවටද කියල අහන්න එපා....මොනවට හරි නිවාඩු ගත්ත.ඉතින් මේ සති ටිකේ කරන්න කියල විශේෂ වැඩක්නම් නෑ.කෝඩුකාරයගෙ ජීවිතේ වැදගත්ම Exam එකක් තව මාස 4කින්,5කින් විතර තියනව.ඒකට පුලුවන් තරම් පාඩම් කරන්න කියල තමයි දැනට හිතාගෙන ඉන්නෙ.ඒහෙමයි කියල බ්ලොග් එකට සෙට් නොවී ඉන්නයැ.....?එහෙම හරියන්නෙ නෑනෙ ........මම දැන් ටිකකට කලින් හිතාගත්ත මේ දවස් ටිකට පුලුවන් තරම් බ්ලොග් එකට ලියන්න ඕනෙ කියල.හැබැයි ඉතින් Exam එකේ වැඩත් පොඩ්ඩක් හරි බලන්න ඕනෙ.නැත්නම් ඉතින් කෝඩුකාරයගෙ මව්තුමිය මේ අහිංසක කෝඩුකාරයට කොසු ඉදල් දික්කරන් එන්න පටන් ගනියි.
පාළුව තනිකම මට වද දෙන විට කෙලෙසද මා එය ඉවසන්නේ කියල හිතුන වෙලාවක තමයි මේ ලිපිය ලිවුවෙ.කිසි රහක්නම් නැතුව ඇති.දැන් ඉතින් මේක කියවල "මොකක්ද බොල මේ ලියපු හරුපෙ?" කියල මට බනින්නනම් එපා හොඳේ.මම ඉතින් තාම බ්ලොගයට කෝඩුකාරයනේ.................

කුජීතයි..අජූතයි..ඛේදජනකයි...(මොනවද?)ලසියගෙ මූන......



ආයිබෝවන්ඩ කිවුව ඔක්කෝටම.ඔන්න ඉතින් මේ අවිහිංසක,පවිත්‍ර,දේශහිතකාමී,කාටත් උදව් උපකාර කරන,නිර්මල,පිවිතුරු(වැඩිද මන්දා......)කෝඩුකාරයා දැන් ලෑස්ති වෙන්නෙ මීට අවුරුදු කීපයකට කලින් මගේ යාළුවෙකුට වෙච්ච කතාවක් කියන්නයි.
මීට අවුරුදු කීපයකට කලින් අපේ ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එක කාලෙ තමයි අපිට මේ දේ වුනේ.හරියටම කිවුවොත් ස්පෝර්ට් මීට් එකට දවස් දෙකකට කලින්.ඔය දවස්වල අපේ හිටපු මුලු සෙට් එකම ස්පෝර්ට් මීට් එකට බැහැලම වැඩ කලා.ඔය දවස් දෙන තුන ඇතුලත මම අපේ හවුස් එකේ කැප්ටන් වෙලා හිටිය අයියත් එක්ක ගොඩක් ෆිට් වුනා.එයා අපිට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් ඩිලාන් කියල අයිය කෙනෙක්.එයාට මම ගැන පුදුම විශ්වාසයක් තිබුන.(දැන් කියන්න එපා විශ්වාස කරන්නම මිනිහ කියල.මේ ඇත්තම තමයි බොලව් කියන්නෙ.)මට මතක විදියට ඒ අවුරුද්දෙ අපි හදන්න හිතාගෙන හිටියෙ(ස්පෝර්ට් මීට් එකේ අන්තිම දවසට හදන හවුස් එක ගැන තමයි මේ කියනෙ.) බත බුලතින් සපිරි ගැමි ගෙයක්.ඔන්න ඉතින් දැන් අපි මේ ගෙදර හදන්න පටන් අරගත්ත.අපි හිතාගෙන හිටියෙ මේ ගෙදර බිත්ති මැටි වලින් හදන්න.ඔන්න ඉතින් අපි දැන් පණ දාගෙන මැටි අනනව.අනල අනල කොහොමහරි බිත්ති ටිකත් හදාගත්ත.
අම්මට උඩු.....කෝ යකෝ වහලෙට දාන්න පොල් අතු.දැන් ඉන්න කෙල්ලො පොල් අතු වියනව තියා වියපු පොල් අත්තක් දැකලවත් තියන එකක් ඈ.............ඔන්න ඉතින් මාර පුරශ්නෙ.දැන් ඉතින් ඔක්කොම ප්‍රභූවරුන් ටික වටවෙලා මේකට පොල් අතු වෙනුවට දාන්නන දෙයක් හිතුව.එකෙක් කිවුව පොල් අතු වෙනුවට පිදුරු දාමු කියල.වෙන කරන්න දෙයක් නැති නිසා කට්ටිය ඒකට කැමති වුනා.දැන් හොයහන්කො පිදුරු.ඔන්න ඉතින් කෝඩුකාරයාගෙ මොලයට ස්ථානෝචිත ප්‍රඥාව පහළ වුනා.කාලෙකින් හොඳ බලු වැඩක් කරන්නත් බැරිවුන නිසා අද රෑට ගිහිල්ල කුඹුරකින් වේලිච්ච ගොයම් ටියක් කපාගමු කියල මමනම් කිවුවෙ නා.කිවුවෙ මගෙ කට...
කොහොමහරි එදා රෑට යන්න සෙට් වෙලා හිටියෙ ඩිලාන් අයියයි,ලසිත අයියයි(එයා තමයි හවුස් එකේ උප කැප්ටන්.),මමයි.ස්පෝර්ට් මීට් තියන දවස් ටිකේම අපි ඉස්කෝලෙ නැවතිලා හිටපු නිසා ගෙදරින් ප්‍රශ්නයක් වුනෙත් නෑ.ඔන්න අපි තුන්දෙනා රෑ 11.30ට විතර ඉස්කෝලෙ තාප්පෙන් එලියට පැන්න.(දැන් අහන්න එපා ගේට්ටුවක් තියෙද්දි තාප්පෙන් පැන්න කැසිල්ලටද කියල.)ඇයි යකෝ......ඒ දවස් වල අපි නයිට් ගැහුවෙ තනියම කියලද බොලා හිතුවෙ.නා.........ඒ දවස් ටිකේම අපෙ හවුස් එකේ සර්ලත් හිටිය.උන්ට අහුනොවෙන්න තමයි අපි තාප්පෙන් පැන්නෙ.කොහොමහරි දැන් ඔන්න ඉස්කෝලෙට ලඟින්ම තිබුන කකුඹුර තිබුනෙත් කිලෝමීටර් 2ක් විතර දුරින්.රෑ ගිය නිසා එච්චර ගානක් නෑ.මහන්සි නෑනෙ.ඇවිදගෙන,ඇවිදගෙන,ඇවිදගෙන කුඹුරටම ගියා.ගිහිල්ල මාර ගේමක් දීල ගොයම් ගස් ටිකත් කපාගත්ත.අහල පහල පේන තෙක්මානෙකවත් ගෙයක් නැති නිසා ප්‍රශ්නයක් වුනේ නෑ.ඔන්න ඉතින් ගොයම් ටිකරගෙන නියර දිගේ ඇවිල්ල මමයි,ඩිලාන් අයියයි
පාරට ආව.අපි දෙන්න පාරට අඩිය තියනවත් එක්කම දඩෝ............ං ගාල සද්දයක් ඇහුන.හැරිල බැලින්නම් ලසිතය ගොයම් ටිකත් එක්ක බිම ඇදගෙන වැටිල.ඌව ගොඩට ගන්න මිෂන් එකට අපි දෙන්නට මාර වෙලාවක් ගියෙ ඌ ඒ වෙනකොටත් හොඳටම මඩේ එරිල හිටපු නිසා.ගොඩට අරන් බැලින්නම් මුගෙ කකුළෙන් හොඳටම ලේ එනව.දැන් ඉතින් මක් කොරන්නැයි.කපාගත්තු ගොයම් ටික එතනම තියල ඉස්කෝලෙ හිටපු එකෙක්ට කෝල් එකක් දුන්න තව දෙන්නෙක් එක්ක ඇවිල්ල ගොයම් ටික අරගෙන පලයන් කියල.අපි දෙන්න ලසිතයවත් අරගෙන ගියා හොස්පිටල් එකට.
හොස්පිටල් එකට ගිහිල්ල බෙහෙත් දානගමන් දොස්තර අහපි "මොනාවෙලාද කකුළ තුවාල වුනේ"කියල.දැන් ඉතින් මූගෙ ප්‍රශ්නෙටත් උත්තර දියන්කො.මම ඩිලාන්ගෙ මූන බැලුවෙ.
"ආ......ඩොක්ටර්,අපේ ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එක අනිද්ද තියනවා.අපි House එක හද හද ඉන්න ගමන් මූව වහලෙකට නැග්ගුව උළු කෑල්ලක් ගලවගෙන වරෙන් කියල.මූ වහලෙ උඩට නැග්ගට පස්සෙ ඉස්කෝලෙට එහා වත්තෙ තියන ගෙදර,ලයිට් එකක් දාල තියනව දැකල.ඒ කාමරේ කෙල්ලෙක් ඉඳල.මූට තියන කැසිල්ලට ඒ කාමරේට එබිකං කරන්න ගිහිල්ල වහලෙ කඩාගෙන බිමට වැටුන.....,කොහෙද ඉතින්,මුන්ට කෙල්ලෙක් දැක්කහම ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙනවනෙ......"කියල ගත්ත කටටම කිසි ගානක් නැතුව කියල ඇරිය.මම ඒ වෙලාවෙ නිකමට වගේ ලසිතයගෙ මූන බැලුව.අයියෝ................ඒක දිහා බලන්න බෑ.කුජීතයි.....අජූතයි.....ඛේදජනකයි.....

මට ඒ වෙලාවෙ හිතුන,මගේ වාසනාවකටද කොහෙද පිදුරු ගේන වෙලාවෙ මාව වැටුනෙ නැත්තෙ කියල.නිකමට හරි මාව වැටුනනම් මටත් ඉතින් ඔය කතාව ඔය විදිහටම අහගන්න තිබ්බ.............

කෝඩුකාරයා අලුත් වෙලා..............

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ කෝඩුකරයා අලුත් වෙලා......ඉර පායනවා...හඳ පායනවා......ඉරට හොරෙන්,හඳට හොරෙන් කාලය පැන යනවා........ලෝකෙත් කැරකෙනවා....ඉතින් අපිත් එකම විදිහට ඉඳල හරියන්නෙ නැහැනේ.ඔන්න ඉතින් අපිත් Template එක එහෙම මාරු කරල ටිකක් අලුත් වෙන්න හිතුව....

අමතක නොවෙන වන්දනාවක්.................


මේ සිද්ධිය වුනේ කාලෙකට කලින්.වැඩි කතා ඕන නැහැනෙ.මෙන්න මෙහෙමයි සිද්ධිය වුනේ.
මීට ටික දවසකට කලින් අපි ගියා Trip එකක්..අපි ගියෙ අනුරාධපුරේ.අපි ඉතින් පුරුද්දට මුල් තැන දෙන උදවිය නිසා පාන්දර පහට යන්න හිටපු ගමන පාන්දර හයයි කාල විතර වෙනකොට යන්න පිටත් වුනා.ඔන්න ඉතින් ගමන යන්න පිටත් වුන වෙලාවෙ ඉඳල අපේ කොල්ලො කෙල්ලො ටිකගෙ කටවල් සින්දු වලින් පිරිල ඉතිරිලා ගිහිල්ල තිබුනෙ.කොහොමින් කොහොම හරි අපි දවල් වෙනකොට අනුරාධපුරේට ආව.අපේ නවාතැන තිබුනෙ ශ්‍රී මහා බෝධිය ගාවමයි.ඉතින් අපි එතන ඉඳල හවස් වෙනකොට වඳින්න ඕනතැන් වන්දනා කරගෙන එහෙම ආපහු අපේ නවාතැනට ආව.
ඔන්න ඉතින් ඊළඟ දවසෙ තමයි හොඳම වැඩේ...ඔන්න අපි එදා පාන්දරින්ම මිහින්තලේ යන්න පිටත් වුනා.අපි ගියේ උදේට කෑමත් අරගෙන.උදේ කෑමට තිබුනෙ කඩල...මොකක් කිවුව,කඩල....(කඩලා..... නෙමෙයි බොල, කඩල.මම කියන්නෙ අපි කන කඩල ගැන )ඉතින් අපි මිහින්තලේ ගලටත් නැගල ආයිත් ආවට පස්සෙ උදේ කෑම කන්න ගන්නකොට තමයි තේරුනේ කඩල එකෙන් අමුතු සුවඳක් එනව..........හැබැයි ඉතින් ඒ එන්නෙ එච්චර හොඳ සුවඳක් නෙමෙයි කියල අපිට තේරුනා.අනිත් අය ඉතින් අපි කියන ඒව අහන්නෙ නෑනෙ.(අපේ ඉතින් රැවුල නෑනෙ.)නිකන් ලෙඩ හදාගන්නෙ මොටද කියල මමයි,අපේ හිටපු අයියල දෙන්නෙකුයි,අක්කල දෙනෙකුයි ගිහිල්ල ලඟ තිබුනු කඩේකින් උදේ කෑම කාල ආව.හැබැයි අපිත් එක්ක ගිය අනිත් ඔක්කොම අපි කියන ඒව අහන්නෙ නැතුව අර කඩල ටික තමයි කාල තිබුනෙ.
ඔන්න ඉතින් හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලු.අපි ඉතින් වෑන් එකට නැගල ටික දුරක් යනකොට කඩල එකේ අකුසල කර්මෙ ආනන්ථරිය පාපකර්මයක් විදිහට පළදෙන්න පටන් අරන්.මුලින්ම වඩේ සෙට් වුනේ අපිත් එක්ක ගිය චූටි බබෙකුට.ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳල අපිට එක දිගට විනාඩි 10ක් යන්න වෙන්නෙ නැහැ,ආයිත් වෑන් එක නවත්තන්න වෙනව.අපිට ඉතින් හරි ජොළි.අපි කට්ටිය ඉතින් වෑන් ඒක නවත්තන නවත්තන සැරේට යන්න තියන හැම වන්දනාවකම යනව.(අපි කියල කිවුවෙ උදේ කෑම කඩෙන් කාපු අයට )අනිත් අයට ඉතින් ගෙදර යනකන්ම යන්න වුනේ ටොයිලට් වන්දනාවෙ තමයි.........

ඔන්න ඕකයි කියන්නෙ වයසින් බාල වුනත් කෙනෙක් දීපු අවවාද පිළිගන්න ඕන කියන්නෙ.......ඕන කියල තියෙන්න මම නෙමෙයි,බුදුහාමුදුරුවෝ...........

The Warriors Way

ඔන්න කාලෙකට පස්සෙ කෝඩුකාරය ඔයාලට අරගෙන ආව හොඳ Film එකක්.මේ තියෙන්නෙ ඒ Film එක ගැන පොඩි විස්තරයක්.ඔයාලටත් ඕනනම් බාගන්න මම URLඑක දෙන්නම්.


ආසියාතික දරුණු සටන්කරුවෙකු හා ඝාතකයෙකු සිය සටන් දිවියේ බිහිසුනුම ගැටුමට පටලැවෙන්නේ පාළු ඇමරිකානු නගරයකදීයි.සිදුවන්නේ විස්මිත සටන්කරුවන් රැසක් හා බිහිසුනු අවි සමගින් කෙරෙන අපූරු සටනකි.දකුනු කොරියානු සටන් නලුවෙකුවන ඩොන්ග්ගන් ජෑන්ගේ වික්‍රමාන්විත ක්‍රියාදාමයන්ගෙන් පිරී ගිය මෙම චිත්‍රපටය අද්භූත හැකියාවන් හා සාම්ප්‍රදායික සටන්කලාව අතර දෝලනය වන්නකි.මේ Film එකේ නම තමයි The Warriors Way.

මෙන්න URLඑක.ඔයාලටත් ඕනනම් බාගන්න පුලුවන්
http://thepiratebay.org/torrent/6211315/The_Warriors_Way_%282010%29_PPVRIP_IFLIX

මෘදුකාංග 1 (USB Safeguard)

ඔන්න අද කෝඩුකාරයා ඔයාලට අරගෙන ආවෙ ඔයාලගෙ computer එකට වයිරස් එන තවත් විදිහකින් ආරක්ෂා වෙන හැටි.computer එකට වැඩියෙන්ම වයිරස් එන්නෙ පෙන් ඩ්‍රයිව්ස් හරහානේ.ඉතින් ඔන්න මම ගෙනාව පෙන් වලින් එන ව්යිරස් block කරන පොඩි software කෑල්ලක්.මේක මට හම්බවුනේ සයිබර් අවකාශයේ සැරිසරනකොට තමයි.මම හිතනව මේක ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල.ඕන කට්ටිය බාගන්න.
ඕ.....න්න තියනවා....... URLඑක
http://usbsafeguard.altervista.org/

*....*ජර්මනියේ පෙරළිකාර පාලකයා..*...* ( 1කොටස )......


         දැනට ලෝකයේ ඇති ප්‍රබලතම රටවල් වලින් එකක් වන ජර්මනිය පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය තුල මූලිකත්වය ගත් රටක්.දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විශාල පසුබෑමකට ලක් වෙනවා.ඒ කොහොම වුනත් මේ වෙනකොට ජර්මනිය නැවත වතාවක් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් වෙලා ඉවරයි.ඒ කියන්නෙ දැන් තුන්වන ලෝක යුද්ධයක් ආවත් ජර්මනියට මූන දෙන්න පුලුවන් කියන එකයි.
       හරි......ඔන්න දැන් මේ කියල ඉවර වුනේ ජර්මනිය ගැන අමතර කතා ටිකක් විතරයි.ඔන්න ද තමයි මාතෘකාවට එන්නෙ.කවුද මේ ජර්මනියේ පෙරළිකාර නායකයා කියන්නෙ.
         ජර්මනියේ පෙරළිකාර නායකයා කියන්නෙ ඇඩොල්ෆ් හිට්ලර්ට.
          උපතින් ජර්මානු ජාතිකයෙක් වන ඇඩොල්ෆ් හිට්ලර් ඉතාමත් දිළිඳු පවුලක උපත ලැබීය.පසුව ජර්මන් හමුදාවට බැදී මධ්‍යම පාක්ශිකයන් නියෝජනය කරමින් ජර්මනිය වෙනුවෙන් සටන් වදියි.1921දී දේශපාලනයට පිවිසි ඇඩොල්ෆ් හිට්ලර් 1923දී රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිරගත වෙයි.සිරෙන් නිදහස් වීමෙන් පසුව හිට්ලර් දේශපාලනයට වැඩි අවධානයක් යොමුකරයි.චතුර කතිකයෙකු වූ හිට්ලර් ජාතිවාදය තුලින් ජන්තාව අතර අවධානය දිනා ගනී.
      1930 ජනාධිපතිවරණයට මොහු ඉදිරිපත් වුවද ඉන් පරාජයට පත්වෙයි.1932දී දෙවන මැතිවරණ ව්‍යාපරයක් අරඹමින් "හිට්ලර් ජර්මනිය පුරා" යන පාඨය තුළින් මැතිවරණයට ඉදිරිපත් වෙයි.ඉන් ද වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට මොහු අසමත් වෙයි.එහෙත් 1933දී හිට්ලර් චාන්ස්සලර් ධූරය සඳහා තේරී පත්වෙයි.පසුව 1933 මාර්තු මස වෙනත් පක්ශ තහනම් කොට ප්‍රතිපාක්ශිකයන් විනාශ කොට මැතිවරණයක් පවත්වා ඉන් ජර්මනියේ බලය තහවුරු කොට ගනී.

ආදරේට සපෝර්ට් එකක්

          කෝඩුකාරයාට හිතුන ආදරවන්තයින්ට පොඩි සපෝර්ට් එකක් දෙන්න ඕනෙ කියල.

ඔබ කාට හෝ හදවතින්ම ආදරය කර තිබෙනවාද?සමහරවිට ඔබත් ආදරය නිසා අසරණ වූ කෙනෙක් විය හැකියි.අන්න ඒ ආදරයෙන් අසරණ වුන කට්ටියට තමයි මේ ලිපිය ලියන්නෙ.ඇත්තටම මම මේ ලිපිය මගේ ලිපියක් නෙමෙයි.මම කරන්නෙ ඔයාලව හරි තැනට යොමුකරන එක විතරයි.
       මේ ලිපි තියෙනෙ වෙන කොහෙවත් නෙමෙයි.අපේ නාරිවේදී විශේෂඥ ගෝල්ඩ් fish ගේ blog ටැංකියේ.
අපේ යාළු මාළුව මේ ලඟදි ලිවුව හිත ගිය ඇත්ති ගැන කතා පෙළක්.හිත ගිය ඇත්තිගෙන් කැමැත්ත ගන්න විදිහ ගැන ලිපි ගාණක්.මේ ලිපි කියවන එක ඔයාලට වැදගත් වෙයි කියල හිතුන නිසයි ඔයාලව මෙතනට යොමුකරන්න හිතුවෙ.මේ ලිපිය මට නම් මාර විදිහට ප්‍රයෝජනවත් වුනා.මම හිතනව ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල.ගිහිල්ලම බලන්න කොහොමද කියල..............

පුටුවෙ වෙනස


             මීට අවුරුදු 2කට විතර කලින් අපේ පාසලේ තිබුන විද්‍යා ප්‍රදර්ශනයක්.මේ ප්‍රදර්ශනය ගොඩක් ලොකුවට සංවිධානය කරල තිබුන.
         අපිත් ඉතින් පීරියඩ් තුන හතරක් කට් කරන්න කියල හිතාගෙන ගියා මේ ප්‍රදර්ශනය බලන්න.එතන හිටියෙ පුදුම සෙනගක්.අපිත් ඉතින් අමාරුවෙන් රිංග රිංග ගිහින් ප්‍රදර්ශනේ බාගයක් විතර බැලුව.අපිට ඕනකරන වගේම ඕන නොකරන ගොඩක් දේවලුත් අපි බලන්න ගියා.(කොලු වයසට හැම තනම රිංගන්වනෙ.)
          කොහොමහරි ටික දුරක් යද්දි ප්‍රදර්ශනේ එක කුටියක් තිබුන "පුදුම පුටුවෙ වෙනස අත්විඳින්න ඔබත් එන්න කියල.මේ කුටිය ගාව තමයි මට මතක විඩිහට වැඩිම සෙනගක් හිටියෙ.අපිටත් ඉතින් පුදුම කුතුහලයක් අති වුනා මොකක්ද මේපුටුව කියල.ඉතින් අපිත් විනාඩි 15ක් විතර පෝලිමේ ඉඳල මේ කුටිය ඇතුලට ආව.එලියෙ ඉඳන් බැලුවට මේක අතුලෙ තියන කිසිම දෙයක් පේන්නෙ නැ.
       ඉතින් කොහොමහරි කුටිය ඇතුලෙ තියල තිබුනෙ පුටු දෙකක් විතරයි.මේ කුටිය ඇතුලෙ හිටිය මේකෙ සංවිධායකයො දෙන්නෙක්.මුන් දෙන්න අපෙන් ඇහුව "කවුද කැමති මෙතන තියන පුටු දෙකේ වෙනස බලන්න" කියල.ඉතින් මේ පුටු දෙකේ වෙනස බලන්න ගොඩක් අය ඉදිරිපත් වුනා.ඉතින් මුන් දෙන්න එක්කෙනා ගානෙ ඇතුලට අරගෙන මුලින්ම පුටු දෙකේම වාඩි වෙන්න කිවුව.මමත් ඉතින් ගිහිල්ල මේ පුටු දෙකේම වාඩිවෙලා බැලුව.මටනම් කිසි වෙනසක් දැනුනෙ නෑ.ඊට පස්සෙ මේ දෙන්න මගෙන් ඇහුව"ඔබට දැනෙන වෙනස මොකක්ද" කියල.
"කිසි වෙනසක් දැනුනෙ නෑ.මට පේන විදිහට නම් මේ පුටු දෙකේ වෙනසකට කියල කියන්න තියෙන්නෙ එක පුටුවක් කුශන් කරල.අනිත් පුටුව කුශන් කරල නෑ."කියල මම කිවුව.
     "හරියට හරි.ඔය වෙනස තේරුනේ හොඳට"කියල මුන් දෙන්න ගත්තු කටටම කියපි.
         ඒ වෙලාවෙනම් මගෙ රතු කට්ට පනින්න ඔන්න මෙන්න තිබුනෙ.අයි ඉතින් මෙච්චර වෙලා පොරකෑවෙ මේක බලන්නයැ.වෙලාවට ඒ වෙලාවෙ මමත් එක්ක හිටපු අනිත් කොල්ල මාව එතනින් ඇදගෙන ගියෙ නැත්තං ඒ වෙලාවෙ මම මොනව කරයිද කියල මටවත් හිතාගන්න බෑ.

ඒත් ඉතින් උන් කිවුවෙ පුටුවෙ වෙනස පෙන්නනව කියල විතරයිනෙ.ඒක නිසා මුන්ගෙත් වැරැද්දක් නෑ.මෝඩකමට මේක බලන්න ආපු අපේනෙ වැරැද්ද කියල මට පස්සෙ හිතුන.