Buscar

Páginas

මම මෝඩ කාලකන්ණි හරකෙක් කියල හොඳට තේරුනා


කාලෙකින් බ්ලොග් එකට ලියන්න බැරිවුන එක ගැනවත් කතාවෙ ඉතිරි ටික නොදාපු එක ගැනවත් ඔයාලගෙන් සමාව ඉල්ලන්න මේක සුදුසු වෙලාවක් නොවන නිසාදැන් මම ඒ ගැන කතා නොකර ඉන්නම්.මේ පෝස්ට් එක මම ලියන්නෙ සෑහෙන ආවේගෙකින්.ඒකට හේතුව මම කෙටියෙන් කියන්න හදන්නෙ.....
              අද උදේ අපිට වඩා අවුරුද්දකින් වැඩිමල් කොල්ලෙක් ඇවිත් මට මම ආදරය කරන කෙල්ල ගැන නරක ආරංචි වගයක් කිවුව.කොටින්ම කිවුවොත් ඌ කිවුවෙ මම ආදරේ කරන කෙල්ල හැම එකත් එක්කම යන බඩුවක් කියල.තව ඒකි ඒ කොල්ලත් එක්ක මම ගැන කියල මට නිතරම බනිනව කියලත් කිවුව.තව තව සෑහෙන කතා ගොඩක් කිවුව.ඒ ඩේවල් බ්ලොග් එකක පල කරන්න නුසුදුසු නිසා මම ඒ දේවල් ගැන කියන්න යන්නෙ නෑ.ඔය වගේ දෙයක් ඇහුවහම කොන්දක් තියන ඕනම එකෙක්ට තද වෙනව කියල දන්නෝ දනිති.ඒ වෙලේ ආව ගැම්මට මමත් අරූ කියපු දේ අහල මෝඩ හරකෙක් වගේ ගිහින් මම ලවු කරන කෙල්ලට බැන්න.ඒ බැන්න බැනිල්ලෙ අවසන් පද කිහිපය උනේ "මට හැම එකා එක්කම යන බඩු යාලු කරගන්න ඕන නැහැ" කියන එක.ඔන්න ඉතින් ඕක අහපු මේකි හොඳටම අඬන්න පටන්ගත්ත.ඇස් දෙක රතු වෙලා ඉදිමෙනකම් ඇඬුව.අඬන ගමන් මෙයා එයාගෙ යාලුවන්ට දිවුර දිවුර කියල තියනව එයා එහෙම කෙනෙක් නෙමේ කියන එක.ඔන්න ඉතින් ටික ටික තරහ අඩු වෙන්න අඩුවෙන්න මටත් සිද්ධිය පැහැදිලි වුනා.මට ඒ වෙලේ හොඳටම තේරුම් ගිය එක දෙයක් තමයි මම කිසිම දෙයක් ගැන දුර දිග හිතල නොබල හදිස්සි ආවේගෙට වැඩකරල පස්සෙ පසුතැවෙන මෝඩම මෝඩ කාලකන්ණි හරකෙක් කියන එක.දැන් මම ඒ කෙල්ලට කියපු එක වැරදි වචනයක් නිසා මම මගෙන්ම පලිගන්නව.ඒ දුක පොඩ්ඩක් හරි අඩු වෙනකම් මම මටම දඬුවම් කරගන්නව.

අද පෝස්ට් එකනම් ඔයාලට මෙලෝ වැඩකට නැතුව ඇති.ඒත් මගේ හිතේ තියන දුක පොඩ්ඩක් හරි අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ පෝස්ට් එක ලිවුවෙ.මේකෙ කිසිම වැරැද්දක් හොයන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම පෝස්ට් කරන්නෙ මගෙ අතින් වෙන්න ඕන ලොකුම වැරැද්දක් වෙලා ඉවර නිසා.

6 comments:

ප්‍රසා

මල්ලි, උඹට හිත හදා ගන්න ඕනෙනම් ගිහින් ඒ කෙල්ලත් එක්ක හිටපන්, කියපන් වෙච්ච දේ, කියපන් මේ මාතෘකාවට දාල තියන එකම. වෙනසක් කරපන්, දෙන්න වෙනදා ඇවිදින්නෙ යන්නෙ නැත්නම්, එයාගෙ අත හයියෙන් අල්ලගෙන පොඩි රවුමක් ඇවිදපන්. කෙල්ල තේරුන් ගන්නවා මල්ලි ඒකි උඹට ආදරේ නම්.

හැබැයි මම කියන්නෙ මේ පොස්ට් එක මකපන්, අනුන්ගෙ කේලමකට උඹ මේ වෙච්ච දේ සදාකාලික කරන්න එපා. අනික දන්නවානෙ ලංකාවෙ අපෙ හු... හැටි, උන්ට මේකත් ඇති කෙල්ල දිහා තව වපර ඇහෙන් බලන්න. මෙක මකල දාපන්. කෙල්ලත් එක්ක සතුටින් හිටපන් මචන්.

පුලුවන්නම් අර හු..ට, එක්කො ඕනෙ නෑ, උට එහෙමම ඉන්න දීපන්, උන් වගෙ නපුංසකයන්ට නෙලනවට වැඩිය හොඳයි උඹ උඹේ පාඩුවෙ හිටපන්.

(මම මෙහෙ ආපු ෆස්ට් ටයිම්, සිංහල බ්ලොග් කියවනේ මාතෘකාව දැක්කම හිතුනෙ මොකක් හරි පොලිටිකල් සීන් එකක් කියල, ඒකයි දුවගෙන ආවෙ බලන්න, එක්කො අරූට නෙලපන් බන්, මම උනත් කරන්නෙ එක්කම තමා බන කිව්වට )

Anonymous

උන දේට සමාව අරගන්න සහෝ..ආය කවදාවත් එහෙම හදිස්සි තීරණ ගන්න එපා..එයාට හොඳටම දුක හිතෙන්න ඇති,

ජය!

araliya

ane aththatama kisideyak gana hodata hoyala balannathuwa a lamayata baninna yanna epa........therunada....

කෝඩුකාරයා

ප්‍රසා : උඹට බොහෝම ස්තූතියි අයියෙ මේ වගේ වෙලාවක මාව දිරිමත් කරනවට......බොහෝම ස්තූතියි.ඒ වගේම තමයි ඔයාව කෝඩුකාරයාගෙ අඩවියට සාදරයෙන් පිලිගන්නව.

කෝඩුකාරයා

හිරු හිමාවී : ගත්ත අක්කේ....එක පාරක් නෙමෙයි.සිය පාරක් විතර සමාව ගත්ත.හැමෝම අපිව වට්ටන්න බලාගෙන ඉන්න වෙලාවක ඔයාල වගේ යාලුවන්ගෙන් වචනෙකින් හරි පුදුම ශක්තියක් ලැබෙනව අක්කේ...මේ වගේ වෙලාවක ඔයා ඔය වචන ටික කිවුවට පින් අක්කේ......

කෝඩුකාරයා

අරලියා : කාලෙකට පස්සෙ බ්ලොග් එකට ලියනකොට මම හිතුව කලින් යාලුවන්ට දැන් අපිව අමතක වෙලත් ඇති කියල.ඒ වුනාට හැමදාමත් මේ කෝඩුකාරයත් එක්ක ඉන්න ඔයාල වගේ යාලුවන්ට බොහෝම ස්තූතියි අරලියා.ඔයා කිවුව දේ මට හොඳට තේරුනා.ආයිත් මම කවදාවත්ම දුර දිග බලන්නෙ නැතුව වැඩ කරන්නෙ නෑ.......මේ වගේම හැමදාමත් මාත් එක්ක ඉන්න කියල මම ඔයාලගෙන් ඉල්ලනවා...