Buscar

Páginas

කෝඩුකාර ඇරඹුමකට පෙර



ඔන්න ඉතින් ආයෙත් ගොඩාක කාලෙකට පස්සෙ කෝඩුකාරයගෙ අඩවිය පැත්තට ගොඩ වැදුනෙ ලොකු වැඩකට මූලාරම්භයක් තියන්න හිතාගෙන.ඊට කලින් මේ දේත් කියන්නම ඕනෙ....පසුගිය දිනක පැවැත්වුන සිහින උළෙලට මෙදා පාරත් කෝඩුකාරයට එන්න බැරිවුනා.කට්ටියම අවුරුදු උත්සවේ ගැන දාපු පෝස්ට් ඔක්කොම වගේ මම කියෙවුවා.ඒව දැක්කම ඉතින් ආවෙ නැත්තෙ අපරාදෙ කියල හිතුනා.තවත් සුභ ආරංචියක් කලාකාරයගෙන් දැනගන්න ලැබුනා.මොකක්ද දන්නවද...?මටත් වඩා පොඩි මල්ලියෙක් බ්ලොග්කරණයට පිවිසිලා.මේ මුළු බ්ලොග් පුරවරයේ ඉන්න හැම එකාටම අයියේ...අක්කේ කිය කිය කමෙන්ට් දාපු මට දැන් මල්ලියේ කියලත් කියන්න එකෙක් ඉන්නවා.ඒ ගැනනම් මට ගොඩාක් සතුටුයි.
දැන් ඉතින් වටේ ගියා ඇතිනේ.මම ඔයාලට පටන්ගන්නකොටම කිවුවනෙ ලොකු වැඩකට අතගහන්න යනව කියල.මොකක්ද දන්නවද?"කෝඩුකාරයාගේ කුළුඳුල් නවකතාවේ පළමු කොටස" හෙට කෝඩුකාරයාගේ අඩවියේ පල කරන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.මේ කතාවෙ පොඩි විශේශත්වයක් තියනවා.මොකද කතාවෙ පළමු කොටස් කීපය ඇරුනහම අනිත් කොටස් සියල්ලම ලියන්න හිතාගෙන ඉන්නෙ ඔයාල කැමති විදිහට.ඒක නිසා මුල් කොටස් පහෙන් පස්සෙ ඔයාල දාන කමෙන්ට් වලට අනුව තමයි කතාව ලියන්න හිතාගෙන ඉන්නෙ.මම ඉතින් නවකතා රචනයට කෝඩුකාරයෙක්නේ......ඒක නිසා ඉතින් මගෙ අතින් වෙන වැරදි අඩුපාඩු එහෙම ඕන තරම් ඇති.ඔයාල ඒ අඩුපාඩු මට පෙන්නල දෙන්න.මම ඒව හදාගන්නම්.එහෙනම් ඉතින් හෙට කෝඩුකාරයාගේ කුළුඳුල් නවකතාවේ පළමු කොටසින් හම්බවෙමු........

6 comments:

Nishan de siva

ජය වේවා මල්ලිට මගෙන් සුබ පැතුම්

කෝඩුකාරයා

ඔයාට බොහෝම ස්තූතියි අයියේ.....දිගටම අපිත් එක්ක ඉන්න.

ගැමියාගේ පත් ඉරුව

උඹව අල්ලගන්න තමා හිටියේ බ්ලොග් එක වහනවා කියලා ආරංචියකුත් ආවා මොනා උනත් එනවා කියලා අවුරුදු උත්සවේට නාපු එකනම් හරිම වැරදියි මලෝ... හැබැයි උඹ එදා අවුරුදු උත්සවේට ගියානම් මම ගෙදරට වෙලා ඉන්නවා අසනීප නිසා අන්තිමේ කලාකාරයාගේ පෙරැත්ත කිරීම නිසා ජීවිතේට අත්නොවිඳි සුපිරි සිහිවටන ටිකක් එකතු කරගත්තා...

මොනා උනත් මලේ ආයේ නැගිට්ට එක ගැන සතුටුයි... බ්ලොග් එකක් මෙච්චර දුර ගෙනල්ලා මුකුත් නොලියා ඉන්න එක කොයිතරම් අමාරුද කියලා අපිටත් තේරෙනවනේ...

එහෙනම් ජයවේවා කියලා කතාව පටන් ගමුකෝ...

වින්චැට් කිරිල්ලි.

සුභ පැතුම්..!! දිගටම ලියන්න...මම නම් එනවා බලන්න නොවරදවාම හොඳේ?
හැබැයි කොමෙන්ට්ස් දාන්න ලේසි වෙන්න අර තියන වචන දෙක අහක් කරන්න...

කෝඩුකාරයා

ගැමියා : මට බ්ලොග් කරන එක එපාවෙලා හිටපු කාලෙක මාව නැගිට්ටලගත්ත ඔයාලට බොහෝම ස්තූතියි අයියේ......ඔයාල වගේ අය නැත්නම් අද මේ බ්ලොග් එක ආපහු ඇරෙන එකක් නෑ........

කෝඩුකාරයා

වින්චැට්කිරිල්ලි : ඔයාටත් බොහෝම ස්තූතියි කිරිල්ලියේ.....ඔයාගෙ ඉල්ලීම මම ඉෂ්ඨකරල දෙන්නම්.......