Buscar

Páginas

නිලඹර වසන්තය.....(1 කොටස)




ඉරමල නැගෙනහිර අහසින් එබිකම් කරන්නට පටන්ගෙන දෙපැයක් ගතවන්නටත් පෙර පාසල් භූමිය අකුරු කරනට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් පිරී යන්නට විය.

පසෙකින් නැගෙන ඝෝශාව පරයා නැගෙන තම මිතුරන්ගේ උසුළු විසුළු වලින් දේවින්දට මහත් සංග්‍රහ ලැබිණි.
"දැන් ඉතින් දේවීන්දයට මේ ස්පෝට් මීට් එකක් ලොකු වෙලා අපිව මතකත් නෑ.ඕකට තමයි මචන් කියන්නෙ ඉස්සෙල්ල ආපු රැවුලට වඩා පස්සෙ ආපු කොණ්ඩෙ ලොකුවෙනවා කියල..."අමිල පැවසුවේ ඕනෑවට එපාවට මෙනි.
"ඇත්තද බන්.උඹේ කොණ්ඩෙට කලින් ආවෙ රැවුලද?මගේනම් ඉස්සෙල්ල ආවෙ කොණ්ඩෙ...පස්සෙ තමයි අනිත් තැන්වල වැවුනෙ..."කටකාරයෙකු වූ දේවින්දව මැඩවීමට ගොස් තමාට වැරදුණු බව අමිලට වැටහුනේ ටික වේලාවක් ගත වූ පසුවය.

යෞවනය මිහිරියාවක් කොටගෙන ජීවත්වූ දේවින්දට තම ජීවිතය දැණුනේ මල් ගොමුවක රොන් උරාබොමින් සිටින සමනලයෙකුවන් හැඟීමකි.නිදහසට උරුමකම් කියමින් කටකාර කෙළිලොල් මිතුරන් අතරේ ගෙවෙන මෙම දිවියට දේවින්ද ප්‍රිය කළේය.

පාසලට මේ දිනවල නව පණක් ලැබී ඇත්තාක් මෙනි.පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලට ඇත්තේ තව මසකටත් අඩු කාලයකි.ගුරුවරුන්ගෙන් සිසු සිසුවියනට තරමක නිදහසක් ලැබී ඇත්තේ ගුරුවරුන්ද හනි හනිකට ක්‍රීඩා උළෙලට ලක ලෑස්ති වන නිසා විය යුතුය.තිස්ස,විජය,පරාක්‍රම,ගැමුණු යන නිවාස හතරෙන් විජය නිවාසයේ නිවාස නායකත්වය ඉසිලූ දේවින්දට හරි හැටි කෑමක් බීමක් ගන්නටවත් කාලයක් නොමැත.ඉරමල යන්තම් අහස් ගැබට එබිකම් කරන්නට පටන් ගන්න වෙලාවේ පාසලට පැමිණෙන දේවින්ද උදේ පාන්දරින්ම තමන්ගේ නිවාසයේ සිසු සිසුවියන් හට පුහුණුවීම් සඳහා අවැසි වන ක්‍රීඩා උපකරණ සකසා දෙයි.ඉන්පසුව විවිධ වයස් මට්ටම් වලට අදාලව රැස්වීම පවත්වා තම සගයන්ව දැනුවත් කරන ඔහු ඉන්පසුව යන්නේ ශිෂ්‍යයන්ට ක්‍රීඩා සඳහා උපදෙස් ලබා දීමටය.මේ සියල්ල අවසන් කර හවස තිබෙන අවසන් දවසේ පැවැත්වීමට නියමිත සරඹ සංදර්ශනයේ පුහුණුවීම්ද නරඹා නිවසට යනවිට සඳ කුමරිය අහස් ගැබට පිවිසී හමාරය.කෙතරම් බරක් තම ඔළුව මත තිබුණද එම කිසිවක් කරදරකාරී දේවල් ලෙස දේවින්ද කිසිදු විටක නොසිතයි.ඔහු අභියෝගවලට ප්‍රිය කරයි.ඕනෑම දෙයක් අභියෝගයක් ලෙස බාරගන්නා මොහු කෙරෙහි සමස්ථ විජය නිවාසයම විශ්වාසය තබා ඇත.
                 ක්‍රීඩා උළෙල සඳහා තව කෙටි කලක් ඇති නිසාවෙන් ඉරිදා දිනවලද පුහුණුවීම් කටයුතු සිදු කළහ.දේවින්දගේ මූලිකත්වයෙන් මීළඟ ඉරුදින විජය නිවාසයේ ගැහැණු ළමුන්ගේ පැසිපන්දු පුහුණුවීම් සඳහා වෙන් කෙරුණි.

ඉරුදිනට හිමිකම් කියන ඉරමල අහසට පහන්වන විටත් දේවින්ද සිටියේ පැසිපන්දු ක්‍රීඩා භූමියේය.දේවින්ද නියමිත වේලාවට පැමිණියද කිසිවෙකු පැමිණ නැත.තමාට වේලාව වැරදුණිදැයි දේවින්දගේ හිතට සැකයක් මතුවිය.ඔහුගේ නෙත් තම අතේ බැඳි ඔරලෝසුව දෙසට යොමුවිය.නැත.තමා පැමිණ ඇත්තේ නියමිත වේලාවටය.ගැහැණු ළමුන් තබා තමාගේ සගයා වන අරවින්ද ද තවම පැමිණ නැත.තම කලිසම් සාක්කුවට අත යැවූ දේවින්ද ජංගම දුරකතනය එළියට ගෙන අරවින්දට දුරකතන ඇමතුමක් ගත්තේය.

"කොහෙද %#%&)* ඉන්නෙ?"

"අනේ දේවින්දයො...මට ඇහැරෙන්න පොඩ්ඩක් පරක්කු වුනා මචෝ...මේ දැන් එන්න ලෑස්ති වෙන ගමන්."

"හරි හරි...දැන්වත් හැඩ වැඩ වෙවී ඉන්නෙ නැතුව ඉක්මණට ඇඳුමක් දාගෙන වර."

"හැඩ වැඩ නොවී කොහොමද යකෝ...අද ප්‍රැක්ටිස් තියෙන්නෙ කෙල්ලන්ගෙ නේද?කෙල්ලො ඉන්න තැනකට හැඩ වැඩ නොදා එන්නෙ කොහොමද  &!*^#...?"

දේවින්ද දුරකතන ඇමතුම විසන්ධි කර විශාල මාර ගස යටට ගොස් වාඩිවිය.දේවින්දට නොදැනුවත්වම ඔහුගේ සිත තැන් තැන්වල සැරිසරන්නට විය.තමාට නිවාස නායකත්වය ලැබුණ මොහොතේ සිය මේ වනතෙක් සිදුකල වැඩ කටයුතු පිළිබඳවත් ඉදිරි දිනවල කරන්නට තිබෙන වැඩ කටයුතු පිළිබඳවත් ඔහුට සිහිවිය.

තාරකා ක්‍රීඩා භූමියට පැමිණෙන විට විශාල මාර ගසේ සෙවණේ පහස විඳිමින් සිටි දේවින්දව ඇයගේ නෙතට හසුවිය.ඇයගේ හිත ආගන්තුක හැඟීමකින් පිරී ගියාය.ඔහු මේ වෙලාවේ කුමක් පිළිබඳව සිතමින් සිටිනවා ඇත්ද?තාරකාට ඔහු සමවැදී සිටි දැහැන බිඳ දමන්නට ලෝබ සිතුණි.ඇය තවත් විනාඩියක් පමණ දේවින්ද දෙස නෙත් හෙලාගෙන සිටියාය.ඔහුගේ රුව මතක තබාගෙන ගොස් රස විඳීමට වටින්නේ යැයි ඇයට සිතුණි.දේවින්ද සැබැවින්ම කඩවසම් ශරීරයකට හිමිකම් කියන්නෙකි.ඔහුලේ එම කඩවසම්භාවය ඕනෑම තරුණියකගේ හිත් ඇද බැඳ ගැනීමට සමත්ය.එහෙත් මෙතුවක්කල් ඔහු යුවතියකට සමීප වී නැත්තේ ඔහු අන් අය මෙන් ආදරය යන හැඟීම විහිළුවකට නොගෙන සිටි නිසාවෙනි.

"ඇයි දේවින්ද අයියේ......තාම කවුරුත් ඇවිල්ල නැද්ද?"තාරකා සුහද අයුරින් විමසුවාය.එක්වරම ඇසුණු කටහඬින් විශ්මයට පත් දේවින්ද හිස එසවීය.


..................................................................................................................................................................

ප/ලි

ඔන්න ඉතින් මම ඊයෙ කිවුව විදිහටම කෝඩුකාරයාගේ තවත් කෝඩුකාර සිහිනයක් මේ පෝස්ට් එක තුලින් මල් පළ ගැන්වුනා.....මේ ලිපිය තුල වැරදි අඩුපාඩු බොහොමයක් ඇති.ඔයාල මට ඒ අඩුපාඩු පෙන්නල දෙන්න කියල මම ඔයාලගෙන් ඉල්ලනවා.ඔයාලගෙ යෝජනා..චෝදනා ඔක්කොම මගෙ කමෙන්ට් බොක්ස් එක ඇතුලේ ලියවෙයි කියන බලාපොරොත්තුවක් සමගම අදට මම සමුගන්නවා.......මීළඟ කොටසත් අරගෙන ඔයාලව හම්බවෙන්න එන්නම්......

16 comments:

Nilanga Sanjeewa

කතාව ලස්සනයි ..

යසිරු

පෝස්ට් එක නියමයි

සෙන්නා
This comment has been removed by the author.
කෝඩුකාරයා

Nilanga Sanjeewa : ඔයාට බොහෝම ස්තූතියි කෝඩුකාරයාගේ අඩවියට ආවට.දිගටම අපිත් එක්ක ඉන්න කියල ඉල්ලනවා.......

සෙන්නා

ඔන්න මාත් ආවා කෝඩුකාරයගේ අඩවියට.

ලස්සනට ලියලා තියනවා.. දිගටම ලියන්ඩ. දිගටම එමි කියවන්ඩ.

අපේ ඉස්කෝලෙ තිබුනෙත් ඔය නිවාස ටිකමයි.. මමත් හිටියේ විජය නිවාසෙ.. මම හිතුවා අපේ ඉස්කෝලෙ එකෙක්වත්දෝ කියලා.. ඒත් පස්සෙ කෙල්ලො ඉන්නවා කියලා තිබුන නිසා අදහස වෙනස් කරගත්තා.

ප.ලි. :

Word verification අයින් කරානම් හොඳයි.. කමෙන්ට් කරන්ඩ අමාරුයි ඒක තියනකොට.

Dashboard -- > settings --> comments -- Show word verification for comments? select NO

කෝඩුකාරයා

යසිරු : ඔයාවත් කෝඩුකාරයාගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා......

වින්චැට් කිරිල්ලි.

පටන් ගැන්ම ලස්සනයි..දිගටම ලිඅයන්න...ගුන දොස් දකින්න තව ටිකක් කල් ඕනෙ..:)

කෝඩුකාරයා

වින්චැට්කිරිල්ලි : ඔයාටත් ගොඩාක් ස්තූතියි......කැමති තරම් කාලයක් අරගෙන ගුනදොස් කියන්න.....

The තරුවා

ම්ම්ම් පටන්ගැන්ම හොදයි....

හිතුවක්කාර කෙල්ල

පටන් ගැන්ම මරු!! දැනට අඩුපාඩුවක් කියන්න අමාරුයි!! ඉස්සරහට බලමු...ලස්සනයි!!! ජය වේවා!!

අයියෝ...word verification අයින් කලානම් හොදයිනෙ..

කෝඩුකාරයා

~~තරූගේ ලෝකය~~ : පෝස්ට් එක කියවන්න මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි.දිගටම කතාව කියවල ගුනදොස් කියන්න ඕන.......

කෝඩුකාරයා

හිතුවක්කාරි : හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ......ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලාගෙන ඉන්නකෝ........මම word verification අයින් කරන්නම්.

කලාකාරයා

සුන්දර ඇරඹුමක්,දිගටම ලියන්න මල්ලියෝ.හැබැයි උඹේ කතාව දැම්මනම් මීට හොඳයි නේ ද?

කෝඩුකාරයා

කලාකාරයා : මගේ කතාව ඊළඟට දාන්නම්.දිගටම මේ කතාව කියවන්න කලාකාරයත් අපි එක්ක ඉඳියි කියල මම විශ්වාස කරනවා....

ගැමියාගේ පත් ඉරුව

අදයි මුලින්ම මේ කොටස කියෙව්වේ ලස්සනට කතාව ගෙතිලා තියෙනවා කියවන්න ආසා හිතෙන විදියට ඊළඟ කොටසත් දැන් කියවලා දැනෙන දේවල් කියන්නම්කෝ.

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව : එහෙනම් දෙවෙනි කොටසත් කියවලාම හොඳ කමෙට් එකක් දාන්නකෝ....