Buscar

Páginas

කෝඩුකාරයට සා/පෙ පලදුන්නෝ.......


            
 අද දවස කෝඩුකාරයට 20%ක් විතර දුක හිතෙන 80%ක් විතර සතුටු හිතෙන දවසක් බවට පත්වෙලා.වෙන මුකුත් හින්ද නෙමෙයි.2011දි කෝඩුකාරයෙක් විදිහට සා/පෙ ට මුහුන දුන්න මගේ සා/පෙ ප්‍රථිඵල අද නිකුත් වුනා.
                   "ලොකු පුතා....මෙන්න ඔයාට කෝල් එකක්."අද උදේ අපේ මවුතුමිය මගේ අතට පොල්මුඩ්ඩ ගෙනැල්ල දුන්න.මමත් ඉතින් නිදිමතේ වගේ පොල්මුඩ්ඩ කනේ තියාගෙන
"හෙල්.......ලෝ......."
එතකොට අනිත් පැත්තෙන්...
"අඩෝ...රිසාල්ට් බැලුවද?"
ඩෝං පටෝං....මට නිකන් හෙනයක් ගැහුව වගේ
"තොට පයිත්තයන්ද?බොරු කියන්නෙ නැතුව හිටහන් යකෝ....තාම රිසාල්ට් ඇවිල්ල නැ...."
ටිකක් බයවෙලා හිටියට ඒ බය පෙන්නන්නෙ නැතුව මම කිවුවා.
"එහෙනම් උඹ ඕන එකක් කරගනින්."
බීප් බීප්.....
කෝල් එක කට් වුනා.
කිසි සද්දයක් බද්දයක් නැතුව ඇඳෙන් නැගිටල ගිහින් ලැපියව අතට ගත්ත මම ගූගල් ක්‍රෝම් ඕපන් කරල www.doentes.lk කියල URL එකේ ටයිප් කලා.......
අප්පට හුඩු...ඒ සයිට් එකට හෙනගහල මන්ද.ඒකට යන්න දෙන්නෙම නෑ....
එතකොටම මගේ කෝඩුකාර මොලේට කිරි ටොයිය අදහසක් පහල වුනා.ඇයි හතිලව්වෙ...මගේ පොල් මුඩ්ඩෙන් රිසාල්ට් බලන්න පුලුවන්නෙ.ගත්ත මොබිටෙල් එකේ අක්කට කෝල් එකක්.
ටික වෙලාවක් අනන් මනන් සද්ද දාපු අක්ක මගෙන් ඇහුව.."මොකක්ද වෙන්න ඕනෙ" කියල.
"අක්කෙ මට මගේ සාපෙ ප්‍රථිඵල බලාගන්න පුළුවන්ද?"
"මෙහෙමයි මහත්මයා...මට ඔබගේ නම දැනගන්න පුලුවන්ද?"
ටොයිං ටොයිං.......එයා මගේ නම අහනව.
"මම තරිඳු නිර්මාල්"
"මෙහෙමයි තරිඳු මහත්මයා...ඔබගේ ප්‍රථිඵල බලාගැනීමට ඔබ **************************************************************************************************************** කරන්න.එතකොට ඔබට SMS එකකින් ඔබගේ ප්‍රථිඵල දැනගන්න ලැබෙයි."කියපු අක්ක පොල් මුඩ්ඩ කට් කලා.
ඉතින් මමත් අනිත් පැත්තට අක්ක කියපු විදිහට මැසේජ් එකක් දැම්ම.
තත්පර 10ක්වත් යන්න වුනේ නෑ.7777කියන නම්බර් එකෙන් මට මැසේජ් එකක් එනව.මැසේජ් එක ඕපන් කලා.
කීං කීං.......මගේ රිසාල්ට් ඇවිල්ලා...

සාමාන්‍යනෙන් කවුරුත් තමන්ගෙ රිසාල්ට් ප්‍රසිදිධියේ කියන්නෙ නෑ....ඒත් මමනම් කැත නැතුව ඒ වැඩේ කරනවා.ඔන්න ඉතින් පොල් මුඩ්ඩට ආව මැසේජ් එකේ මෙන්න මෙහෙම රිසාල්ට් එකක් තමයි තිබුනෙ...
සිංහල - A
බුද්ධ ධර්මය - A
ඉතිහාසය - C
තොරතුරු තාක්ශනය - C
විද්‍යාව - C
පුරවැසි අධ්‍යනය - C
ඉංග්‍රීසි - S
චිත්‍ර - S
ගණිතය - S
                      ඔන්න ප්‍රථිඵලේ........ආපෝ.....ඊට පස්සෙ ඉතින් හැමතැනින්ම කෝල් වරුසාවයි.කනක් ඇහිල ඉන්න නෑ.ඔන්න මට දැනුත් කෝල් එකක්.එහෙනම් මම කෝල් එකට ආන්ස්වර් කරන්න යනවා.තවත් පෝස්ට් එකකින් ආයිත් හමුවෙමු......

24 comments:

වින්චැට් කිරිල්ලි.

මගේ සුභ පැතුම් පිළිගන්න..!!

Unknown

එළ එළ සුභ පැතුම්..අපේ කාලේ තිබුනේ D,C,S,F මේ අළුත් ඒව නං දන්නෑ.....

අකීකරු හිත

සුබ පැතුම්

Anonymous

ade uba agamayi jathiyayi nam ihalinma goda dagena .. ela ela congratzzz machoo...

සුදා

මූ ජාතියයි ආගමයි බේරගෙන හොදා හොදා තව ඉස්සරහට තමයි වැඩ තියෙන්නේ දැන් ඉතින් ඒවට ලේස්ති වෙයන් මලේ

සිත්රූ සිහින

සුබ පැතුම් මල්ලි..උ/පෙ ටනම් ඔහොම බැහැ..තව මහන්සි වෙන්න හොඳද.. :)

unkal kala

මේකෙ බ්ලොග් එකක් ලියන්න පුලුවන් බුවාට අය් ටී වලට සී එකක් තියෙන්නෙ මොකද කියලා පැනයක් ආවා

Harshana

සුභ පැතුම් වගේම ..... උ.පෙ. හොදට කරන්න ඕන කොල්ලෝ

Anonymous

good but not enough

දුකා

දැනට ඔය මදෑ . . ලබන පාර තියෙන ලොකූ එකට ගොඩක් මහන්සි වෙන්න හොඳේ පුතේ . .

ගැමියාගේ පත් ඉරුව

මගෙන් උණුසුම් සුභ පැතුම් මලේ.... සිරාවට අමතක වුනා අහන්න... ඉතිරි වැඩ ටික ප්ලෑන් කරලා තියෙන විදියටම කරගන්න සුභ පතනවා ජය වේවා..

ගැමියාගේ පත් ඉරුව

මේ verification අයින් කරහංකෝ

කෝඩුකාරයා

වින්චැට්කිරිල්ලි :බොහෝම ස්තූතියි අක්කේ....

කෝඩුකාරයා

ඔබ නොදු‍ටු ලොවක් :ඔයාටත් බොහෝම ස්තූතියි....

කෝඩුකාරයා

අකීකරු හිත :තෑන්ක්ස්

කෝඩුකාරයා

Ano :තෑන්ක්ස් මචෝ......

කෝඩුකාරයා

සුදා :ජාතියයි ආගමයි බේරුව නිසා දැන් ඉතින් කොන්ද පන තියන එකෙක් විදිහට ඉන්න පුලුවන්.....තෑන්ක්ස් අයියේ.

කෝඩුකාරයා

සිත්රූ සිහින :ඔයාටත් බොහෝම ස්තූතියි අක්කේ....

කෝඩුකාරයා

unkal kala :IT වලට A එකක් තමයි ශුවර් කරගෙන හිටියෙ...මොනව කරන්නද ඉතින්.ආයිත් පාරක් කරල බලනවා.

කෝඩුකාරයා

Harshana :බොහෝම ස්තූතියි අයියේ...මීට වඩා ගොඩාක් හොඳට ඒලෙවල් කරන්න බලාපොරොත්තු වෙනවා...

කෝඩුකාරයා

දුකා :ඒ ලෙවල් කරන්නනම් ඉතින් ගොඩාක් මහන්සි වෙන්නම වෙනව.ඔයාටත් ගොඩාක් ස්තූතියි...

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව :ගොඩාක් ස්තූතියි අයියේ.....

See Jay

ඔන්න එහෙනම් මමත් සුභ පැතුවා...ඈ ලෙවෙල් වලට මීට වඩා සැහෙන මහන්සි වෙන්න වෙයි....

Anonymous

සුභ වේවා මචං.සංසාරේ තව මහන්සි වෙන්න එපැයි...මොනා නැතත් ඔය තීන්නෙ සිංහලටයි බුද්ධාගමටයි සැරටම.ඒ මදැයි.