Buscar

Páginas

කනත්ත ලඟදී දුටු හොල්මන (2 කොටස......)



ඔන්න ඉතින් කෝඩුකාරය තිබුන වැඩ ඔක්කොම අහවර කොරල මේ පැත්තට ආවෙ නිදහස් හිතකින් මම කලින් කිය කිය හිටපු කතාවෙ ඉතුරු කොටස දාන්න.කලින් කොටසෙ අපි දැක්ක හොල්මන ගැන දාපු කතාව කියෙවුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ල ඒකත් කියවලම එන්නකෝ.....තවත් අටුවා ටීකා ඕන නැහැ....මෙන්න කතාව.
                කොහොමහරි ඉතින් දෙන්නම ආපහු කනත්ත ගාවටම ආව කියමුකෝ......හැබැයි ඉතින් කනත්ත ගාවටම ඇවිල්ල ආපහු පාරට වැටෙනකන්ම අපි දෙන්නගෙන් එකෙක් නෙමෙයි කතා කලේ.....පාරට ආවගමන් "අඩෝ උඹ දැක්කද බං...?"ගයානය මගෙන් අහනව.මූ මගුලක් කතා කරනව.දැක්ක නිසා නේන්නම් මෙච්චර බය වුනේ."තොට මෝල්ද යකෝ...දැක්ක නිසා නේන්නම් ආපහු හැරිල ආවෙ.."මම හිතට ආව වචන ටික ඒ විදිහටම පිටකරල දැම්ම.ඔය ටික කියනකොටත් අපි මහ පාරට වැටිල නෑ.ඒ වෙනකොට අපි හිටපු තැනේ ඉඳල මහපාරට තව කිලෝමීටර් බාගයක් විතර තිබුන.
"මචෝ....කුණුහරප කියනකොට හොල්මන් එන්නෙ නැහැල්ලු නේද?"ගයාන් මගෙන් අහනව.
"ඒකනම් මාත් අහල තියනව.ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ මට මේ වෙලාවෙ ඒව මතක් වෙන්නෙ නැහැනෙ."මමත් ගත්තු කටටම කියල දැම්ම.
"උඹ බයවෙන්න එපා.මට මතකයි."කියපු ගයාන්.....මේ කාලකන්නි මූසලයන්ගෙ අ*** *$%#$#$%^$@@ #$#$@@$#@ !E$F#ඨ්ර්‍#ඝ් #ර්‍ඨ්%^#@E @%@@#%$ #%^*^ ^^*% ^%%&%& %@$%^ __) )(*&&^ &*&^%^&* *&^%$ %^&*( *&^% $$^$ &&^*............................................"
අයියෝ....ඒ වෙලාවෙ කියපු වචන වලින් සමහර ඒව මම ඒ වෙනකොට අහලවත් තිබුනෙ නෑ.ඉතින් මොනව කරන්නද?ඌ විනාඩි පහක් විතර නවත්තන්නෙම නැතුව සිංහල භාශාවෙ තියන ලස්සනම වචන ටිකක් කියාගෙන කියාගෙන ගියා.අන්තිමට ඒව අහල එපාවුන මම"දැන් ඇති බං....උඹේ සද්දෙට නිදාගෙන ඉන්න මිනිහෙක් එහෙම ඇහැරුනොත් දවස් හතරක් පහක්ම පොලිස් මාමලගෙන් බත් කන්න පුලුවන් වෙයි,ඒක නිසා දැන් ඕක නවත්තපන්."කියල කිවුව.මේ වෙනකොට වෙලාව හරියටම 12.10ට විතර වගේ කියල තමයි මට මතක.මේ වෙනකම් අපි රෑට කාලත් නෙමෙයි හිටියෙ.ඉතින් ගයානය කිවුව අපි රෑට කාලත් නැති නිසා ඇරල තියන කඩේකින් මොනව හරි අරගෙන යමු කියල.ඉතින් කෑම ගන්න සල්ලි ගැන ගැන අපි දෙන්න ඒ පාර දිගේ තවත් මීටර් 300ක් විතර එන්න ඇති.ගයානය කිවුව "පොඩ්ඩක් හිටපන් බන්.මේ තියන කළුවරට සල්ලි පේන්නෙත් නෑ.ඔන්න ඔය ලයිට් කනුව යටට යමු" කියල.ඉතින් දෙන්නම ඒ ලඟ තිබුනු ලයිට් කනුව යටට ගිහිල්ල අපි ගාව සල්ලි කීයක් තියනවද කියල ගනින්න පටන් ගත්ත.විනාඩියක් යන්න වුනේ නෑ........එකපාරටම ගයාන් බිමට පහත් වුනේ "මේකනම් හරියන එකක් නෙමෙයි බන්....." කියල කියාඅගෙන.දැන් මටත් හිතාගන්න බෑ මූ මොනව ගැනද මේ කියන්නෙ කියල.ගයාන් බිමට පහත්වුනපාර ආපහු නැගිට්ටෙ සෙරෙප්පු දෙකත් ගලවල අතට ගන්න ගමන්මයි.එකපාරටම අපිට එහාපැත්තෙන් තිබුන බිත්තිය පෙන්නනගමන් "දුවපන් මල්ලියේ දුවපන්..." කියන සද්දයක් විතරයි මට ඇහුනේ.අනිත් පැත්ත හැරිල බලනකොට ගයානය එතන හිටියෙ නෑ.ඉස්සරහ බලනකොට ගයානට සෙරෙප්පු දෙකත් කරට අරගෙන විදුලියක් වගේ වේගෙන් ඉස්සරහට දුවගෙන යනව මට පෙණුන.මම ආයිත් අර ගයානය පෙන්නුව බිත්තිය දිහා බැලුව.ඒ වෙලාවෙ තමයි මම දැක්කෙ අර හෙවනැල්ල ආයිත් මට එහා පැත්තෙන් තියනව කියල.දැන් ගයානයත් එතන නෑ.එකපාරටම මගෙ ඇඟ හිරිවැටිල ගියා.මට ඒ වෙලාවෙ හීතුනෙම මට පාරට යනකම්වත් දුවාගන්න බැරිවෙයි කියල.කරන්න දෙයක් නැතිම තැන කකුල් වලට පිංසිද්ද වේවා කියල දුවන්න පටන් ගත්ත.මම හිතන්නෙ ඒ දුවපු දිවිල්ල මෙදා පාර ස්පෝර්ට් මීට් එකට දිවුවනම් දෙවැනියට වට දෙකක විතර ලීඩ් එකක් තියලම මට තරඟය ඉවර කරන්න තිබුන.ඒ තරම් වේගෙකින් තමයි මම දුවගෙන ආවෙ.
කොහොමහරි මම මහපාරට දුවගෙන එනකොටත් ගයානය එතන ඉඳගෙන හති දානව.එකෙක්ටවත් කතා කරගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ගයානය ඉක්මනටම එයාගෙ ෆෝන් එක අරගෙන ගැමියාගේ පත් ඉරුව ලියන ගැමියට කෝල් එකක් ගත්ත.දැන් කට්ටිය බලයි ගැමිය කොහොමද මෙතනට සම්බන්ධ වුනේ කියල.ගැමියයි මමයි එකම ඉස්කෝලෙ IT සොසයිටියේ ඉන්න එවුන් තමයි.එදා රෑ ඔය ගැමියත් අපේ IT ලැබ් එකේ අපිත් එක්කම හිටිය එකෙක් තමයි.අන්න ඒක නිසා තමයි ගයානය ඉක්මනටම ගැමියට කෝල් එකක් ගත්තෙ.කෝල් එක ගත්ත ගයානය ගොත ගගහ ගැමියට වෙච්ච දේ කියල ඉක්මනට අපි ඉන්න තැනට වරෙන් කියල කිවුව.ගැමිය එතනට එනකොටත් අපි දෙන්න කඩේක පඩිපෙලක් උඩ ඉඳගෙන හති දානව.කොහොමහරි ඉතින් අමාරුවෙන් ගැමියත් එක්ක ආපහු ලැබ් එකට යන්න අපිට පුලුවන් වුනා.

*********************************************************************************
සමහර කට්ටිය මම කියපු දේ විශ්වාස කරන්නෙ නැති වෙන්නත් පුළුවන්.එහෙම කට්ටියට පුළුවන් ගැමියාගෙන් මේ සිද්දිය ගැන අහගන්න.

11 comments:

Nishan de siva

මොකාද බං ඔය හෙවනැලි බූතයා?.ඔය ගමේ වෙන කව්රුත් ඔකාව දැකලා නැද්ද?.

වින්චැට් කිරිල්ලි.

ඔයාල දෙන්නෙක් උන්නනෙ,ඇයි ඉතින් දිව්වෙ..මම නම් නතර වෙලා මේකෙ තේරුම බලා ගන්නව...හොල්මනක්ද නැත්නම් වෙන මොකක්ද කියල.......

කෝඩුකාරයා

මඩිස්සලේ නිශාන්: ඒ පැත්තෙ අයත් ඔය හොල්මන්කාරයව දැකල තියනවලු.එ බව අපි දැනගත්තෙ පස්සෙ බං....කමෙන්ටුවට බොහෝම ස්තූතියි මචෝ...........

කෝඩුකාරයා

වින්චැට්කිරිල්ලි.:හික්ස්...ඔයා එතන හිටියනම් ඔහොම කියන්නෙ නැහැ.......මාත් එක්ක හිටපු අනිත් එකත් ඔය යන්තර මන්තර දන්න මහ රෑ වෙලා කනත්තවල් ගානෙ ගිහිල්ල හොල්මන් වල ෆොටෝ ගහගෙන එන පොරක්.ඉතින් එහෙම එකා සෙරෙප්පු දෙක අතට අරං දිවුව එකේ අනිත් අය ගැන කවර කතාද?ඔයාගෙ කමෙන්ට් එකටත් තෑන්ක්ස් හොඳේ......

dushanthi

අනේ හොල්මන් කියල දෙයක් නැහැ නිකම් මනෝ විකාර
කතා දාන්න එපා. මගේ පෝස්ට් එක බැලුවේ නැත්තම්
ගිහින් බලන්න http://aadarayadukak-dush.blogspot.com/2012/02/1.html

Unknown

කුනුහරුප වලට හොල්මනුත් බය වෙනවලු....අපේ ගැමියද එතකොට වීරයා....

කෝඩුකාරයා

dushanthi: මට ඔයාට දෙන්න තියෙන්නෙත් වින්චැට්කිරිල්ල්ලිට දීපු උත්තරේ තමයි මචෝ.......

කෝඩුකාරයා

ඔබ නොදු‍ටු ලොවක්: අපෝ නෑ......ඔය කතාව තුල වීරයො කවුරුත් නෑ.හැබැයි ඉතින් ඒ වෙලාවෙ හැටියට ගැමිය අපිත් එක්ක හිටපු එක අපිට ලොකු ශක්තියක් වුනා.......

ගැමියාගේ පත් ඉරුව

හි හි ඔ.නො.ලො අයියේ තෑන්කූ හොඳේ....ඈ බොල කෝඩුවෝ මට වීරයෙක් වෙන්න බැරිද.. ඊට පස්සේ උඹලා රෑකට දොට්ට පිලට ගියෙත් තව එකෙක් තනියට එක්කන් හි හි

මම අදාල ස්ථානයට යද්දි කට්ටියගේ මූණු රතු වෙලා ඇඟේ පත දාඩිය බිංදු දාලා හිටු කියලා වෙව්ලනවා... ගයාන් නැගිට්ටේ මම ඉස්සුවට පස්සේ... මම හොල්මන නොදැක්කත් එදා ඒ හිටිය විදිය මතක් වෙද්දි ඇඟ නිකන් හිරිවැටුනා වගේ උනා මලෝ...

ලියපු විදිය එල ආ...මේ සිද්ධියෙන් පස්සේ කෝඩු ලැබ් එකට තනියෙන් එද්දි කොහේ හරි ඉඳන් ඇඟට පැනලා බය කරපු වාර කොයි තරම් ඇතිද හි හි

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව: ඒව ගැනනම් කවර කතාද ගැමියෝ.....ඒ වුනාට ඉතින් ආයිත් ඒවගේ සොමියක් අපිට ලැබ් එක ඇතුලෙදිනම් ගන්න වෙන්නෙ නෑ මචෝ.........

Anonymous

ela ela