Buscar

Páginas

කනත්ත ලඟදී දුටු හොල්මන (1 කොටස....)




විභාග ඉවර වුනාට මොකද මේ දවස් වල කෝඩුකාරය හරි හරියට ඉස්කෝලෙ යනව.දැන් ඉතින් කට්ටිය කියයි මූ මේ ඉස්කෝලෙ යන්නෙ මොකක් හරි කෑල්ලක්වත් සෙට් කරගෙන වෙන්න ඇති කියල.අපෝ නෑ.......මේ පරම පිවිතුරු අහිංසක (වැඩිද මන්ද...)කෝඩුකාරය හරි හරියට ඉස්කෝලෙ යන්න හේතුව තමයි  අපේ ඉස්කෝලෙ IT Day එක පෙබරවාරි 17 වෙනිදට යෙදිල තියන එක.
හරි.....දැන් අටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමු.මෙන්න කතාව.
                   ඔය IT Day එකේ වැඩ වලට සමහර දවස් වලට අපි රෑ ඉස්කෝලෙම නැවතිලා මහ රෑ එළිවෙනකම්ම වැඩ කරනවා.ඉතින් හරියටම ගිය සිකුරාදත් අපි ඉස්කෝලෙ නැවතුනා.අපිට ඉස්කෝලෙ නවතින්න දෙන්නෙ කවුරුහරි ගුරුවරයෙක් එදා රෑ නවතිනවනම් හෝ අපේ IT සොසයිටිය භාර මිස් අනුමත කරපු ලියුමක් දුන්නොත් විතරයි.ඉතින් එදා රෑත් අපි ඉස්කෝලෙ නැවතුනේ අපේ IT කරන සර් ගෙදර ගිහිල්ල ආපහු ඉස්කෝලෙට එන්නම් කියපු නිසයි.කොහොමහරි අපි IT ලැබ් එකට වෙලා රෑ 9 වෙනකම් සර් එනකම් බලාගෙන හිටිය.ඒත් සර් එන පාටක් නෑ.ඉතින් රෑ 10ට විතර අපේ ඉස්කෝලෙ මුරකරන එක්කෙනා ඇවිල්ල කියනව අපිට රෑ ඉස්කෝලෙ ඉන්න දෙන්න බෑ....මොකද අපි ඉන්නෙ ගුරුවරයෙක්ගෙ අනුමැතිය නැතුව,ඒක නිසා ඉන්න ඕන්නම් මිස්ගෙන් අවසර අරගෙන ලියුමක් අරන් එක්ක කියල.ඉතින් අපිත් ඉතින් ඒ වෙලාවෙ හිටියෙ මල අතේ තියාගෙන.
"අයි යකෝ....මේ මිනිහ මේක කියන්න මෙච්චර රෑ වෙනකම් හිටියනෙ..."
"දැන් මොකද කරන්නෙ..?"
"මේ රෑ කොහෙන්ද බන් ලියුම් හොයන්නෙ...?"
ඔන්න ඔහොම කතා ගොඩක් ඒ වෙලාවෙ එතන හිටිය කට්ටියගේ කටවල් වලින් පිටවුනා.ඇත්තටම ඉතින් කවුද බොලව් රෑ 11ට 12ට විතර ලියුම් අරන් එන්න යන එකා.අනික කෙල්ලෙක්ගෙ ලියුමක්නම් කමක් නෑ කියන්න පුළුවන්...ඒත් කවුද මේවගේ ලියුම් හොයන්න යන්නෙ....?
දැන් ඉතින් මාර ප්‍රශ්නෙ.මොනව කරන්න?ගෙදර යන්න බස් තියන එකක්යැ?ඉතින් ඔන්න අපේ මිස්ටත් කෝල් එකක් එහෙම දීල රෑ 11ට විතර මිස්ලගෙ ගෙදර යන්න පිටත් වුනා.මිස්ලගෙ ගෙදර තියෙන්නෙ අපේ ඉස්කෝලෙ ඉඳල පයින් යන්න පුළුවන් දුරක.ඉස්කෝලෙ ඉඳල කිලෝමීටර් 2ක් විතර ඇති.කෝඩුකාරය කලින් ආත්මෙක කරපු මොකක් හරි කරුමෙකට වෙන්න ඇති ඒදා රෑ මාවත් මිස්ලගෙ ගෙදර යන්න සෙට් වුනේ.දැන් ඉතින් මට බෑ කියන්නත් බෑ....මොකද එතකොට ඉතින් ඔක්කොම දැනගන්නවනෙ කෝඩුකාරය කළුවරට බයයි කියල.මටත් ඉතින් නෝන්ඩි වෙන්න බැරි නිසා වීරය වගේ තව අයිය කෙනෙක් එක්ක මිස්ලගෙ ගෙදර යන්න පිටත් වුනා.මාත් එක්ක ගිය අයියගෙ නම ගයාන් කියල කියමුකෝ....හැබැයි ඒ ඇත්ත නම නෙමෙයි හොඳේ....පාරට බැස්සත් හරි එතකොට තමයි දැක්කෙ වෙනද උදේ ඉඳල හවස් වෙනකම් පාර බෙදාගන්න බැරුව දැඟලුවට රෑ වෙනකොට පාර පුරාවට එක බල්ලෙක්වත් නෑ කියල.මොනව කරන්නද ඉතින්....දෙන්නත් එක්ක දිගටම ඇවිදගෙන ගියා.
අපේ ( අ )වාසනාවටද කොහෙද මිස්ලගෙ ගෙදරට යන්න තියෙන්නෙත් කනත්තක් අයිනෙනෙන්මයි.
දැන් ඉතින් ඔයාලට පේනව ඇතිනෙ අපි ගිය ආත්මෙ කොච්චර පින් කරල ඇතිද කියල.ඒකනෙ මේ වගේ කේස් වලටම අපිවම සෙට් වෙන්නෙ.
ඔන්න ඉතින් කොහොමහරි අපි දෙන්නත් එක්ක කනත්ත පාස් කරගෙන මිස්ලගෙ ගෙදර ගියාය කියමුකෝ.....ඊට පස්සෙ මිස්ලගෙ ගෙදරට ගිහිල්ල ලියුමත් ලියාගෙන එහෙම එහෙන් එන්න පිටත් වුනා.එහෙන් එන්න හදනකොට මිස් අපෙන් ඇහුව මිස්ගෙ කාර් එකේ අපිව ඉස්කෝලෙට ගිහිල්ල දාන්නද කියල.
මාළුව නහින්නෙත් කට නිසාය කියල කියනවනේ.අපි දෙන්න ගත්ත කටටම කියපි "අනේ ඕන්නෑ මිස්.අපිට මේ ටික දුර යන්න පුළුවන්.මිස් ආපහු අපිව ගිහිල්ල දාන්න කරදර වෙන්න එපා මිස්" කියල.ඒක කිවුව නෙමෙයි කියවුනා.....
දැන් ඉතින් ආයිත් කනත්ත මැදින් යන්න එපා‍යැ.කනත්ත ලං වෙනකොට ඉතින් කෝඩුකාරයට පොඩ්ඩක් විතර දාඩිය දානව.ඒ බයට නෙමෙයි.සීතලට......ඒ වෙනකොට මම දැනගෙන හිටිය කනත්ත ඉස්සරහින්ම නොයා කනත්ත ගාවින් හැරිල ප්‍රධාන පාරට වැටෙන පොඩි ශෝර්ට්කට් එකක්.ඉතින් මම ගයාන්ට කිවුව අපි මේ කනත්ත ඉස්සරහින් නොයා මේකෙන් යමු කියල.මූ කියනව ඒ පාරෙන් නොයා කනත්ත ඉස්සරහින් යමුලු.මමත් ඉතින් කිවුවොත් ඒකම කරන එකානෙ.ඒ නිසා උඹ ඕන මගුලක පලයන් කියල මම අර ෂෝට්කට් එකෙන් හැරුන.එතකොට අරුත් "පොඩ්ඩක් හිටපන්,පොඩ්ඩක් හිටපන්.මමත් එනව." කියාගෙන මගේ පස්සෙන්ම ආව.කොහොම හරි දැන් අපි දෙන්න මොනවදෝ කියකිය ඉස්සරහට ඇවිදගෙන යනව."(කිවුවෙ මොනවද කියලනම් හරියට මතක නෑ.)ටික දුරක් යනකොට නිකමට වගේ මට බිම බැලුන.අපි දෙන්නගෙ හෙවනැලි දෙක අපි දෙන්නට වම් පැත්තෙන් වැටිල තියනවා.වම් පැත්ත බලනකොට ඒ පැත්තෙන් තවත් හෙවනැල්ලක් තියනවා.මොකක් කිවුව???!......ඔව්මයි.....තවත් හෙවනැල්ලක් තියනවා.ඒ වෙනකොට ඒ හෙවනැල්ල දැකල තිබුනෙ මම විතරක් නෙමෙයි.ගයාන්ටත් ඒ හෙවනැල්ල පෙනිල තිබුනා.ඌ මට ඇඟිල්ලකින් ඇනල ඒක පෙන්නුවා.හැබැයි දෙන්නම කිසිම සද්දයක් කලේ නෑ.මේක දැක්කත් අපි දෙන්න නැවතුනේ නෑ.සද්ද නැතුව ඉස්සරහටම ඇවිදගෙන ගියා.එකපාරටම මාත් එක්ක හිටපු ගයාන් මාව නවත්තන ගමන් ඌත් එක තැනම නැවතුනා.ඒත් අර හෙවනැල්ල නැවතුනේ නෑ.ඒක අඩි 3ක්4ක් විතර ඉස්සරහට ගියා.ඊට පස්සෙ ඒකත් නැවතුනා.
ඒ වෙලාවෙ අපි දෙන්නට දැනුන හැඟීම වචන වලට පෙන්නන්න සිංහල භාශාවෙ වචන නැතුව ඇති.මේ පෝස්ට් එක ලියන වෙලාවෙත් මගෙ ඇඟේ හිරිගඩු පිපිල.
එකපාරටම ගයාන් කිවුව ඉක්මනට හැරිල ආපස්සට යමු කියල.ඌ ඒක කියල ඉවර කරන්නත් කලින් මම අනිත් පැත්ත හැරිල ඉවරයි.දැන් ඉතින් යන්න වෙන පාරක් තියන එකක් යෑ.....දෙන්නත් එක්ක ඉක්මනටම ආපහු කනත්ත ගාවටම ආව.


*************************************************************************
කතාව දිග වැඩිවෙයි කියල හිතෙන නිසා අදට කතාව මෙතනින් නවත්තනවා.තාම අපි හොල්මන දැක්ක විතරයි.අපි දෙන්න සෙරෙප්පු අතට අරගෙන මහපාරෙ දුවපු හැටි කියවන්න ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න කියල කට්ටියටම මම ආරාධනා කරනව.

32 comments:

දේව් ගේ අඩවිය

අෆ්ෆා.. මොකක්ද මේ වෙන්නේ... කොහොම උනත් මල්ලිලාට නුල් බදින්න නම් වෙලා නැනේ.... නැත්නම් මේවා ලියන්නේ නෑනේ.... ඉක්මනට දාන්නකෝ

සිත්රූ සිහින

අම්මෝ.. ඉතින් ඒ ඇත්තම හොලමනක්ලුද ?

කෝඩුකාරයා

දේවා ගේ අඩවිය: කෙස්ගහෙන් තමයි බේරුනේ....තව පොඩ්ඩෙන් නූල් බඳින්න වෙනවා.

කෝඩුකාරයා

සිත්රූ සිහින: ඇත්තම හොල්මනක් නේන්නම්.ඇස් දෙකෙන් දැක්කෙ නැත්නම් මමත් විශ්වාස කරන්නෙ නෑ.දැක්ක නිසා විශ්වාස කරන්නම වෙනවා.

Floor Plan for Estate Agents

hewanellak thiyana holmanak gema mama ehuwamai..

Anonymous

මල මගුලයි... ඉතුරු ටික ලියන්න බලන්න ඉක්මනට...

Raj

එලනේ යකො හොල්මනත් අරගෙන පලයන් IT day එකට ප්‍රදර්ශනේට තියන්ඩ බැරුවෑ..

කෝඩුකාරයා

Floor Plan for Estate Agents: උඹ විතරක් නෙමෙයි බං...ඔය සීන් එක වෙනකම්ම මමත් හෙවනැල්ලක් තියන හොල්මනක් ගැන අහල නෑ.දැන් ඉතින් බලාගන්නම පුළුවන් වුනානේ...

කෝඩුකාරයා

prasanna86k: මල මගුලයි නෙමෙයි....තව පොඩ්ඩෙන් මල අවමගුලයි.ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්.

කෝඩුකාරයා

Raj: අයියෝ.....ඒ වෙලාවෙ මට ඕක කම්පනාවට ආවෙ නෑනෙ බං....අපරාදෙ,උඹත් ඒ වෙලේ එතන ඉන්න තිබුනෙ.එහෙනම් උඹ ඒ වෙලාවෙ මට මතක් කරනවනෙ නේද????

කලාකාරයා

පිස්සු කතා කරන්න එපා Raj මම ඔය පරිගණක‍ සංගමේ ලේඛම් වෙලා ඉන්නකම් .ඕවටනම් නැ ඉඩ .මම හිතන්නෙ කෝඩුකාරයත් ඒකට කැමතියි

Nishan de siva

මේක කියවද්දිත් මගේ ඇගේ හිරිගඩු පිපුනා.(බයකට එහෙම නෙවේ රස්නෙට....)

කෝඩුකාරයා

janith lakshan: නැතුව නැතුව...ඒකම තමයි මමත් රාජ්ට කිවුවෙ.....

කෝඩුකාරයා

නිකමා: ඒක නේන්නම්.මටත් සමහර වෙලාවට ඔහොම වෙනව.හැබැයි රස්නෙට නෙමෙයි.සීතලට.....

ගැමියාගේ පත් ඉරුව

මම මේකට ඇහින් දුටු සාක්කි සපයනවා......එදා මමත් නයිට ගහන්න හිටියනේ.... ඉතුරු ටිකත් ලියහන්කෝ ඉක්මනට හි හි මහ රෑ ඇවිදගන්න බැරුව මටත් මගට එන්න කියලා කිව්ව එකත් ලියහන් හොඳේ අමතක නොකර.....මම මගේ පෝස්ට් එකක කොමෙන්ට් එකක් විදියටත් මේ සිද්දිය දැම්මා....මේකත් බලහන් කෝඩුවෝ

මම බයවුනු එක ලියන්න එපා හොඳේ

සයුරි

එතකොට මේ කෝඩුකාරයා, ගැමියා, මන්ඩ්පාල ඔක්කොම එක ඉස්කෝලේ කට්ටියද..

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව: මේ මොනව කියනවද..?එකෙන්ම මම හිතාගෙන හිටියෙ උඹටත් පොඩි මඩ පාරක් එහෙම ගහල ඊළඟ පෝස්ට් එකේදි උඹව මතක් කරන්න.උඹලව අමතක වෙනවද එහෙම.....බලාගෙන ඉන්නකෝ ඊළඟ පෝස්ට් එකේ දාන්නෙ මොනවද කියල.

කෝඩුකාරයා

සයුරි:නැතුව,නැතුව....ගැමියා,මණ්ඩිපාල,කෝඩුකාරයා,වාචාලයාගේ ෆැන්ටසිය ලියන වාචාලයා,හංසයාගේ විල්තෙර ලියන හංසයා....අපි ඔක්කොම එකම ඉස්කෝලෙ කොල්ලො තමයි...............

හංසයාගේ අඩවිය

මල්ලි උඹ බය වෙලා හිටපු විදිහට මේ ලියලා තියන විදිහනම් මදි.....
හොදම කෑල්ල නොලියා ඉතුරු කරලා තියෙන්නේ ඒකත් ලියන කොට දුවපු විදිහ හොදට බර සාර ඇතුව ලියන්න

හිතුවක්කාර කෙල්ල

හෆ්ෆා... මටත් බයයි අනේ.. මහ රෑ ජාමෙ කනත්තක් ලඟින්???

kitty(කිටී)

ඔයා බොරුවක් කියලා තියෙනවා කෝඩුකාරයෝ..ඉස්කෝලෙ එලිවෙනකම් වැඩ කරනවා කියන්නේ??බොරුමයි කියන්නේ....කොහොම උනත් කමක් නෑ කතාවේ ඉතුරු ටිකත් ඉක්මන්ට ලියන්න..

කෝඩුකාරයා

හංසයාගේ අඩවිය: ඒක නේන්නම්.හැබැයි ඉතින් ඕක වෙච්ච විදිහටමනම් ලියන්න වෙන එකක් නෑ.මොකද ඒ විදිහට ලියන්න ගියොත් මට මීට වඩා ගැඹුරු ශුද්ධ සිංහල වලින් තමයි ලියන්න වෙන්නෙ.එහෙම ලියන එක හොඳ නැති වෙයි කියල හිතල තමයි මම හොය පුළුවන් පුළුවන් විදිහට සංස්කරණය කරල ලිවුවෙ....කොහොම උනත් කමෙන්ට් එකත් තෑන්ක්ස් හංසයෝ.......

කෝඩුකාරයා

හිතුවක්කාරි: ඔය වචන ටික ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම මටත් හිතුන අක්කේ අර ගමන යන්න කලින්.ඒත් ඉතින් මොනව කරන්නද?යන්නම වුනානේ.......

කෝඩුකාරයා

kitty(කිටී): අනේ මේ පූස අක්කේ.....ඔයා මගේ කට අවුස්සගෙන අහගන්න තමයි යන්නෙ ඔයා බ්ලොග් එක හදන්න නම තෝරපු එක ගැන.....ඒක නිසා හොඳ පූස වගේ මගේ කට අවුස්සන්නෙ නැතුව ඉන්නකෝ......(හික්ස්....අනිත් අය වැරදියට වටහාගන්න එපා...මේ පූස අක්කත් අපේ ඉස්කෝලෙම ඉන්න පිස්සු පූසියෙක් තමයි...)

ගැමියාගේ පත් ඉරුව

@කෝඩුකාරයා:

මලයෝ උඹ ප්ලෑන් කොරලා මාව ලැබ් එකේ බය කොරන්න හැදුව කතා ලිව්වට මට මඩවදින්නේ නෑ බොල

@සයුරි:

නැතුව නැතුව එක එක කාලවල ඉස්කෝලේ වෙනුවෙන් නැහුණු උදවිය තමයි අපි.

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව: හරි හරි......කතාව දැම්මට පස්සෙ බලමුකො මොකද වෙන්නෙ කියලා......
එක එක කාලවල ඉස්කෝලෙ වෙනුවෙන් නැහුනු කට්ටිය මෙදා පාර IT DAY එකට එකතු වෙලා නැහෙනවා.......

kitty(කිටී)

ඔව්.ඔව් පිස්සු පූසියෙක් තමා..

කෝඩුකාරයා

ඒකම තමයි මමත් මේ කිවුවෙ.......

රන් සමනළියක්

හොල්මන් වල හෙවනැල්ලක් නැ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ.....ඒ වුනාට හොල්මන් කියලා දෙයක් තියනව කියලා නම් විශ්වාස කරනවා.

කෝඩුකාරයා

රන් සමනළියක්: මමනම් දැන් ඔය දෙකම විශ්වාස කරනවා.කරනවා නෙමෙයි,කරන්න වෙනවා.........

වින්චැට් කිරිල්ලි.

කෝමද මට මේ පෝස්ට් එක මිස් උනේ? හොල්මන් කතා වලට මාත් මාර ආශයි....

කෝඩුකාරයා

වින්චැට්කිරිල්ලි : කොහොම මිස් උනත් ඔයාට මිස් උනේ නම් හොඳ පෝස්ට් එකක්......