Buscar

Páginas

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනල වඳින්න ගිය දේවාලෙ ඔළුවට කඩන් වැටුන වගේ...


හරියටම මීට සති දෙකකට කලින් කෝඩුකාරයට මාර අපහසුතවයකට මූණ දෙන්න වුනා.අපේ ඉස්කෝලෙ හිටිය ටිකක් කටකාර කොල්ලෙක්.නම විහඟ.ඌගෙ කෑල්ලගෙ නම ලිහිණි.කොහොමහරි දෙන්නගෙ සීන් එක ගෙදරිනුත් දැනගෙන හිටිය.මේ විහඟය ටිකක් අමුතු චරිතයක්.අඩුම තරමේ මිනිහ ෆේස්බුක් එකේවත් නෑ.
             ඉතින් ඔන්න කෝඩුකාරය සුපුරුදු පරිදිම ෆේස්බුක් එකේ කැරකි කැරකි ඉන්නකොට කෝඩුකාරයගෙ ඇස් දෙක යොමුවුනේ ෆේස්බුක් එකේ Friend Requests ඇවිල්ල තියන තැනට.ඔන්න රික්වෙස්ට් එකක් ඇවිල්ල.කාගෙන්ද...............?"ලිහිණි විහඟ"ගෙන්.ඉතින් මම ඒ ගැන වැඩි දුර හොයන්න යන්නෙ නැතුව රික්වෙස්ට් එක කන්ෆර්ම් කරල ෆේස්බුක් එකෙන් Log out වුනා.හැබැයි දැන් මට ටිකක් පුදුමයි.මොකද තනි නමකින් ෆේස්බුක් එකේ හිටපු නැති මිනිහ කෑල්ලගෙ නමත් එකතු කරගෙනම එකවුන්ට් එකක් හදල තියන එක ගැන.අනික මම කවදවත් දැකල තිබුනෙ නෑ කෙල්ලෙකුගෙ නමකුයි කොල්ලෙකුගෙ නමකුයි එකට තියල හදල තියන එකවුන් එකක්.මමත් හිතින් කුතුහලය හිතේ පුරවගෙන ඊළඟ දවසෙ විහඟයව හම්බවුනහම ඇහුව මෙන්න මෙහෙම.
"....ලැජ්ජ නැද්ද &^%#@! තොගෙයි තොගෙ කෑල්ලගෙයි නම් දෙකම දාල ෆේස්බුක් එකවුන්ට් හදන්න.එතකොට නිකන් ගෑනුන්ටයි පිරිමින්ටයි දෙකටම නෑනෙ යකො."
දැන් මිනිහ නිකන් අන්දුන් කුන්දුන් වෙලා වගේ උඩ බිම බලනව.ඊට පස්සෙ ටික වෙලාවකින් අහනව
"කවුද ^%$*&% ගෑනු පිරිමි නම් එකට දාල එකවුන්ට් හැදුවෙ.තොට මඤ්ඤංද?"
මම ඉතින් ඌට කිවුව ඊයෙ මෙන්න මෙහෙන එකක් වුනා.හැබැයි මම හිතුවෙ උඹ හදල වෙන්නැති කියල.ඒකනිසා මම ඒ ගැන වැඩි දුර හොයන්න ගියෙ නෑ කියල.
දැන් මිනිහත් ටිකක් බය වෙලා.ඇයි ඉතින් බය වෙන්නෙ නැතුවයැ....ඔය එකවුන්ට් එකට මොනවහරි අසමජ්ජාති වීඩියෝ එකක් එහෙම දැම්මොත් උන්ටනෙ නෝන්ඩිය.ඊට පස්සෙ මූ මට කිවුව අදම පොඩ්ඩක් ඒක ගැන හොයල බලපන් කියල.මමත් ඉතින් හා හියල ගෙදර ආව.ගෙදර ඇවිත් ආයිත් ෆේස්බුක් එකට ලොග් වෙලා බැලුව මොනවද මේ ලිහිණි විහඟ කියන Profile එකේ තියෙන්නෙ කියල.ඒ Profile එකෙ Capture කරපු Photo එකක් මම පහලින් දානව.

ටිකක් වෙලා ඒ නම දිහා බලාගෙන ඉන්නකොට තමයි මට වුනේ මොකක්ද කියල මීටරේට වැටුනෙ.කාල හමාරයි.......නම තියෙන්නෙ ලිහිනි විහඟ කියල නෙමෙයි."ලිහිනි විහංගා"කියල.ඉතින් ඉංග්‍රීසියෙන් නම ටයිප් කරනකොට විහඟ කියනකොටයි,විහංගා කියනකොටයි තියෙන්නෙ එකම අකුරු ටිකනෙ.
දන් ඉතින් මට මාර නෝන්ඩිය.මොනව කරන්නද?දැන් ඉතින් විහඟය හොඳටම බයවෙලා ඇතිනෙ කියල හිතල මම ඌට කෝල් එකක් ගත්ත.ඒ වෙනකොටත් ඌ ගම වනසල.මේ මිනිහ උන්ගෙ ගෙදරටයි,කෙල්ලගෙ ගෙදරටයි දෙකටම කියල කට්ටිය හොඳටම බයවෙලා.ඉතින් මම කෝල් කරල සීන් එක කිවුවට පස්සෙ මට මූ කියනව
"මචං.....උඹ ඔහොම පොඩ්ඩක් ලයින් එකේ හිටප මම ගෙයින් එළියට බහිනකම්..."මමත් ඉතින් කෝල් එක කට් කරන්නෙ නැතුව හිටිය.අපරාදෙ....ෆෝන් එක කට් කලානම් ඉවරයි කියල මට හිතුනෙ මූ ඊට පස්සෙ Phone එකෙන් මට කියපු දේවල් ඇහෙනකොට.මූ ෆෝන් එක ගත්ත ගමන්
"තෝ මොන &^%#$#% යකෝ කරන්නෙ.තොගෙ $%#*&$# වැඩ නිසා අපේ ගෙදරයි කෙල්ලගෙ ගෙදරයි ඔක්කොම එව්න් බය වෙලා.^&*&)%$ #%$&^&^&* #$^*&)*@#$#% *&%#@&*^* *^*(&^$^%$  %^$ %ර්‍.ඔන්න ඔහොම සිංහල භාෂාවෙ තියන සුන්දරතම වචන ටිකක් මට ඒ වෙලාවෙ අහගන්න ලැබුන.ඕකටද කොහෙද කියන්නෙ "වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනල ගහෙන් වැටුන මිනිහගෙ ඔළුවට කඩාගෙන වැටුන වගේ" කියල.

18 comments:

Shyamin Ayesh

ඔව ඔව ඕකට තමා එහෙම කියන්නේ .... හිකිස්‌ ...

෴෴සිහින කොදෙව්ව෴෴

ඇයි බ්න් උබ විහඟට ගොනා කිව්වේ... එක හරි නෑ නේද? හි හි හි...:D :D :D

කල්ප

හි හි උබලටත් මාර වැඩ නේද වෙන්නේ!

ගැමියාගේ පත් ඉරුව

හි හි ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇනලා වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටිලා...

කෝඩුකාරයා

shyamin ayesh : තෑන්ක්ස් මචෝ කෝඩුකාරයාගේ අඩවිය පැත්තෙ ආවට.....දිගටම කෝඩුකාර එක්ක ඉඳියි කියල විශ්වාස කරනවා.

කෝඩුකාරයා

සිහින කොදෙවුව : විහඟය මේ පෝස්ට් එක දැක්කනම් මගෙන් වහ බෝතලයක් ඉල්ලගෙන යයි.

කෝඩුකාරයා

කල්ප : මාර වැඩ නේන්නම් බන්.....මේ පැත්තෙ ආවට තෑන්ක්ස්....ආයිත් වෙලාවක ඇවිල්ල යන්න එන්න.....

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව : ඒකනේ කියන්නේ......

සිත්රූ සිහින

හි හි මාර වැඩ තමයි ඔයාටත් වෙන්නෙ..:D

කෝඩුකාරයා

මාරයි කියන්නෙ මාරම මරයි.....කෝඩුකාරයාගේ අඩවියට ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.......

සයුරි

හික් හික්...අපෝ විහඟ මාර බයයි නේ :))

කෝඩුකාරයා

ඇයි හතිලවුවේ........මෙහෙම සීනි කෝන් එකක් වුනහම බය වෙන්නෙ නැතැයි........................

Unknown

හික් හික් හික් මාර සීන් එකක් නේ ...අරූ පොලීසියට ගියේ නැති එකම ඇති......

කෝඩුකාරයා

තව ටික වෙලාවක් මම කෝල් කරන්න පරක්කු වුනානම් ඒකත් වෙනව.......

ලොකු පුතා

හික් හික්...
උඹටත් වෙන්නේ මාර සීන්කෝන්නේ

කෝඩුකාරයා

මේ මොනව කතාකරනවද බන්.මාර සීනිකෝන් තමයි මටත් සෙට් වෙන්නෙ

වින්චැට් කිරිල්ලි.

ඔය ලමයා ඉක්මනින් ඇස්කණ්නාඩි දෙකක් පාවිච්චි කල යුතුයි කියල කිරිල්ලී නිර්දේශ කරනවා..:)

කෝඩුකාරයා

එසේය කිරිල්ලිය එසේය.ඉක්මනින්ම ඇස් කණ්නාඩි භාවිතා කරමි.