Buscar

Páginas

එක් අවුරුද්දක අවසානයක් ද සමගින් තවත් අවුරුද්දක ආරම්භයක්...


තවත් දවසක්.එක් අවුරුද්දක අවසානයක් ද සමගින් තවත් අවුරුද්දක ආරම්භයක්.ඉර පායනකොට සඳ බැසයනකොට ඉරට හොරෙන් හඳට හොරෙන් කාලය තවත් අවුරුද්දක් පැනගියා.ඇත්තටම 2011 අවුරුද්ද කෝඩුකාරයට තීරණාත්මක අවුරුද්දක් වුනා.2011 ජුලි 1දා......කෝඩුකාරයාගේ අඩවියේ සමාරම්භය සනිටුහන් වූ දවස.ඉස්සර පෑනේ මිතුරන් ගැන කතා අහල තිබුනට මොකද ඇත්තටම මමනම් විශ්වාස කලේ නෑ කවදාවත් දැකල නැති දෙන්නෙකුට හොඳ යාලුවො වෙන්න පුළුවන් ඇති කියල.හැබැයි මට හිතාගන්නවත් බැරි විදිහට කෝඩුකාරයාගේ අඩවියෙන් හොඳම හොඳ බ්ලොග් සහෝදරයො ටිකක් මට ලැබුන.ඒ ගැන මම අවංකවම සතුටු වෙනව.නමුත් තාමත් මගෙ හිතේ පුංචි දුකකට කියල තියෙන්නෙ තාමත් මට අපේ බ්ලොග් පවුලෙ කිසිම සහෝදරයෙක්,සහෝදරියක් එක්ක හැබැහින් කතා කරන්න බැරි වීම වුන එකයි.නමුත් ඒ ආශාවත් මම අනිවාර්‍යයෙන්ම 2012 වසරෙදි ඉෂ්ඨ කරගන්නවා.ඒක සහතිකයි.2011 වසරෙදි හමුවුන මේ බ්ලොග් යාලුවන්ව ජීවිත ගමනෙදි හමුවුන තවත් එක් යහළුවෙක් යෙහෙළියක් කියල අමතක කරන්නනම් මම සූදානම් නෑ.ඒත් එක්කම මේ අවුරුද්දෙදි කෝඩුකාරයට ජීවිතේ තවත් වැදගත් කඩඉමකට මුහුණ දෙන්න සිද්ද වුනා.ඕ ලෙවල් විභාගය.අම්මෝ........මතක් වෙනකොටත් ඔලුව කකියනව.ඒ දවස් වල ගෙදරින් තිබුන කරදරයක්.බ්ලොග් එක පැත්ත පලාතකටවත් එන්නෙ වෙන්නෙ බොහොම කාලාතුරකින් තමයි.නමුත් දෙවියන්ගෙ පිහිටෙන් ඒ කරදරෙත් ඉවරයි.දැන්නම් ඉතින් කෝඩුකාරය බ්ලොග් කියවන්නෙ හොය හොයා.
                කොහොම හරි ඉතින් තවත් වසරක් නිම වෙලා 2012ට පය තියන්න ඔන්න මෙන්න තියල තමයි මේ පෝස්ට් එක දාන්නෙ.2011 ලියන අන්තිම පෝස්ට් එක.කොහොම වුනත් මෙතෙක් දවස් කෝඩුකාරයත් එක්ක රැඳී සිටිය,රැඳී නොසිටිය සියලු බ්ලොග් කරුවන්ට මම සුභ පතනවා.2012 වසරේදී තවත් බ්ලොග් යහලුවන් එකතු කරගන්නටත් බලාපොරොත්තු වෙනවා.ඒත් එක්කම මෙතෙක් කල් කෝඩුකාරයාගේ අඩවියට ආව ඔයාලට දිගටම මාත් එක්ක ඉන්න කියලත්,කෝඩුකාරයාගේ අඩවිය පැත්තෙ එන්න බැරි වුන හැමෝටම මේ පැත්තෙ එන්න කියලත් සුහද ඇරයුමක් කරනවා.
ඔයාල ඔක්කොටම හිතන පතන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන,තරහ වෙලා ඉන්න සියලු දෙනා යාලු වෙන, මංගල සීනු හැඬවෙන,ප්‍රීතිමත්,සෞභග්‍යමත්,සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.!!!!
(පහල තියෙන්නෙ අද මුලු දවස පුරාවටම මහන්සි වෙලා හදාගත්ත පොඩි වීඩියෝ කෑල්ලක්.ඒකත් බලන්න කියල ඉල්ලන ගමන් කෝඩුකාරය අදට සමුගන්නවා.)
එහෙනම් 2012 නව වසරේදී නැවත හමුවෙමු.

2 comments:

ගැමියාගේ පත් ඉරුව

ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මලේ....ජය වේවා

කෝඩුකාරයා

ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන,මංගල සීනු හැඬවෙන,සතුටින් සෞභාග්‍යයෙන් සපිරුනු සුභම සුභ නව වසරක් වේවා...!!!