Buscar

Páginas

....පට්ට පට පට....



මේ සීන් එක මට කම්පනාවට ආවෙ අද උදේ ටීවී එකේ ගිය මොකද්ද මන්ද වැඩසටහනක් දැකල.ඉතින් මට හිතුන මේක අපේ බ්ලොග් යාලුවන්ටත් කිවුවොත් හොඳයි කියල.ඔන්න ඉතින් මෙහෙමයි සීන් එක.මේ අවුරුද්දෙ පළවෙනි වාරෙ Exam එක තිබුනනෙ.අපිට තියනව නාට්‍ය හා රංග කලාව කියල විසයක්.නෑ නෑ.......විසයක් නෙමෙයි විශයක්.ඉතින් පළවෙනි වාර විභාගෙ ඔය විශය තියන දවසෙ මට උදේ ඉස්කෝලෙට එනකොට මට හම්බවුනා අපේ ක්ලාස් එකේ කොල්ලෙක්ව.මූ මට කියනව,"අඩ්ඩෝ...මචං මම අද පේපර් එක ලියන්න එන්නෙ නෑ.මම ඔය කොහෙහරි කැරකි කැරකි ඉඳල 11ට විතර ගෙදර යනව" කියල.ඉතින් මම ඇහුව "මොකෝ බං ඒ?"කියල.මූ කියනව ඌට කම්මැලියිලු.අනේ අම්මපා......මෙහෙමත් අසික්කිතයෙක් කියල හිතල ඒක නොකිය,"හරි හරි මචං"කියල මමත් ඉස්කෝලෙට ආව.කොහොම හරි දැන් විභාගෙ ඉවර වෙලා නිවාඩු දෙන්න කලින් Exam එකේ ලකුණුත් දෙනවලු.කොහොමහරි ඉතින් දැන් ලකුණුත් හම්බවෙලා.පන්තියෙ පළවෙනිය දෙවෙනිය හරි සතුටින් ඉන්න වෙලාවෙ අපි ඉතින් සුපුරුදු පරිදිම දුකෙන් තමයි.ඇයි ඉතින් අපි කෙළින පිස්සු වල හැටියට ලකුණු දැක්කහම සතුටු වෙන්න පුළුවන් යැ.?කොහොමහරි ඉතින් මම අර මුලින්ම කියපු පොරටත් ලකුණු හම්බවෙලා.බැලින්නම් ඌ අපිටත් වඩා අන්තයි.ඔය පළවෙනි වාර විභාගෙදි අපේ ලකුණු දුන්නෙ ඉලක්කම් වලින් නෙමෙයි.A,B,C,S,F වගේ අකුරු ටිකකින් තමයි අපිට ලකුණු දුන්නෙ.
ඔන්න ඉතින් දැන් නිවාඩු දෙන දවසෙ දෙමාපිය රැස්වීමක් තිබුණ.හැම වාරෙකම එපාම කරපු දවස එදා තමයි.ඇයි ඉතින් මුලු වාරෙටම ඇතිවෙන්න ගෙදරින් බැනුම් අහන්නෙ එදාටනෙ.ඔන්න ඉතින් එදා අම්මල එහෙම ඇවිල්ල අපේ රිපෝර්ට් එහෙම බලනව.

අපේ අම්ම රිපෝර්ට් බලනකම් මම ගියා පොඩ්ඩක් ඇවිදින්න.යනකොට අර නාට්‍ය විශය තිබුන දවසෙ ඉස්කෝලෙ කට් කරපු පොරගෙත් අම්ම ඇවිල්ල රිපෝර්ට් බලනව.මම අරූට පැත්තකට කතාකරල ඇහුව "උඹේ රිපෝර්ට් එකේ නාට්‍ය විශයට ab කියල දාල තිබුනම (ab කියල දාන්නෙ ඇබ්සන්ට් වෙච්ච නිසා..) උඹ මාට්ටු වෙනවනෙ...මොකෝ කරන්නෙ?" කියල.මූ මට හෙන කුප්ප හිනාවක් දාල "බලාගෙන හිටපන්කො"කියල ආයිත් උන්ගෙ අම්ම ගාවට ගියා....මටත් දැන් මාර කුතුහලයක් මූ කොහොමද අම්මට එදා ඉස්කෝලෙ ආපු නැති එක මාට්ටු කරගන්නෙ නැතුව ඉන්නෙ කියල.මමත් එතනට වෙලා බලාගෙන හිටිය මූ මොකද කරන්නෙ කියල.ඉතින් උන්ගෙ අම්ම ටික වෙලාවක් රිපෝර්ට් එක පෙරලල බලල මූගෙන් ඇහුව "ඇයි මේ නාට්‍ය විශයට විතරක් ab කියල අකුරු දෙකක් දාල තියෙන්නෙ කියල.එතකොට මූ කියනව........"අම්මේ....මට ප්‍රැක්ටිකල් වලට a...තියරි වලට b.." කියල මගෙ පැත්තට හැරිල ඇහැකුත් ගැහුව.ඔන්න ඉතින් අපේ එව්වන්ගෙ වැඩ.කොහොමද ටිකිරි මොලේ.......?පට්ට පට පට නේ........

2 comments:

දේව් ගේ අඩවිය

මොකක්ද බන් එතකොට ටිවි එකේ ගියේ.. මොකෙක් හරි අසමත්ජාතියෙක් ඔය වැඩේ විඩියෝ කරන් ටිවි චැනල් එකකටවත් දිලාද??

කෝඩුකාරයා

ඒ වගේ අවලම් වැඩක් මම කලොත් මිසක් වෙන එකෙක් කරන්නෑ.ඒක නිසා මට ශුවර් ඔය අසමජ්ජාති වැඩේ ටීවී එකේ යන්නෙ නැතිබව.මට ඕක මතක් වුනේ කතාවක හිටිය කෑල්ලක් දැකල.