අද කෝඩුකාරය ඔයාලට කියන්න යන්නෙ මාරම ලස්සන සින්දුවක් ගැන.හැබැයි ඉතින් දැන් කාලෙ තියන Rap,Hip Hop වගේ සින්දු ඔළුව උඩ තියාගෙන Clasical සින්දු වලට ගරහන අයනම් මේ පෝස්ට් එක කියෙවුවෙ නැතුවට කමක් නෑ....ඔයාල අහල තියනවද අමරසිරි පීරිස්ගෙ "හන්තානෙට පායන හඳ ලස්සනයිද කියන්න"කියන සින්දුව.අහල නැත්නම් මෙතනින් ගිහින් ඒක අහලම ඉන්නකෝ....
ඉතින් මම දැන් කියන්න යන්නෙ මේ සින්දුව ලියන්න ඒ රචකයට මූලික වුන සිදුවීම මොකක්ද කියල.(මට හරියටම රචකයකයගෙ නම නම් මතක නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාල යන්නකෝ....)හැබැයි මම මේක ලියන්නෙ මම දන්න විදිහට හොඳේ....මේකෙ තේරුම වැරදිනම් ඒ ගැන හරි දෙයක් කිවුව කියල මගේ කිසිම අමනාපයක් නෑ ඕං......
මේ කතාව සිද්ධ වෙන්න්නෙ ගුරුවරයෙකුට.මම දන්න විදිහටනම් විශ්ව විද්‍යාලයක උගන්වන ගුරුවරයෙකුට.මේ ගුරුවරයගෙ ගෝලයෙක් ඉන්නව.මේ ගෝලය ගුරුවරයට ගුරුවරයගෙම දරුවෙක් විදිහට තමයි හිටියෙ.ගුරුවරයත් මේ තරුණයට සැලකුවෙ තමන්ගෙම දරුවෙකුට වඩා ආදරයෙන්.එක කාලෙකදි මේ තරුණ ශිෂ්‍යයා ගෑණු ලමයෙක් සමග ආදර සබඳතාවයක් පටන්ගන්නව.කොහොමින් කොහොම හරි මේ ගුරුවරයත් මේ සම්බන්ධය ගැන දැනගෙන ඒ දෙන්නට උදව් කරමින් ඉන්නව.කාලයක් ගතවීමෙන් පසුව මේ තරුණ යුවල එම විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරල එම ස්ථානයෙන් නික්ම යනව.
තවත් කාලෙකට පස්සෙ මේ ගුරුවරයට(රචකයට)අර තමන්ගෙ ගෝලය එක්ක යාලු වෙලා හිටිය ගෑනු ලමයව හම්බ වෙනව.හැබැයි හම්බවෙන්නෙ අර තමන්ගෙම දරුවෙක්ට වගේ සලකපු තමාගෙ ගෝලයත් එක්ක නෙමෙයි.වෙනත් පිරිමියෙක් එක්ක.මේ ගෑනු ලමයව දැක්කත් එයා එක්ක කතා කරන්න මේ ගුරුවරයට බැරි වෙනව.
මේ සිදුවීමෙන් පස්සෙ අර ගුරුවරයට ලොකු වේදනාවක් දැනෙනව.ඒ වෙන මුකුත් නිසා නෙමෙයි.....මේ ගුරුවරය දැන සිටි විදිහට තමන්ගේ ගෝලයත් මේ ගෑනු ලමයත් අතර පුදුම බැඳීමක් තිබුන.දෙන්නම බොහොම ආදරෙන් තමයි ඉඳල තියෙන්නෙ.ඉතින් මේ සිදුවීම දැක්කහ් එක්කම මේ ගුරුවරයට ලොකු දුකක් සමග මිශ්‍ර වුන ලොකු කුතුහලයක් ඇති වෙනව මේ දෙන්න වෙන් වුනේ ඇයි කියන ප්රශ්නය මත.තවත් කාලයක් ගත වෙලා යනව.පස්සෙ දවසක අර තමන් අකුරු කියාදුන් තමන්ගෙ ගෝලයව මේ ගුරුවරයට හම්බ වෙනව.ඊට පස්සෙ මේ ගුරුවරය කියනව ඔහු අර කලින් යාලු වෙලා හිටිය ගෑනු ලමයව මීට ටික දවසකට කලින් වෙනත් පිරිමියෙක් සමග දැක්ක සිදුවීම.ඒත් එක්කම ගුරුවරය අහනව ඒ සම්බන්ධෙ නැවතුනේ ඇයි කියල.
තමන්ගේ ආදරවන්තිය වෙනත් පුරුෂයෙක් සමග සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බව තමන් දැනගත් බවත්,ඉන් පසුව තමා වැඩි දුර ඒ පිළිබඳව ගැටළු ඇතිකර නොගෙන ඒ යුවලට සුභ පතා එම තැනැත්තියගෙන් ඉවත් වූ බවත් ඔහු තම ගුරුවරයට ඉතාමත් දුකින් පවසනව.ඉන් පසුව තමන් වෙනත් තැනැත්තියක සමග ආදරයක් ඇතිකර නොගත්බවත් ඔහු ඒ සමගම තම ගුරුවරයට කියනව.
අන්න ඒ වෙලාවෙ මේ ගුරුවරයට අර තරුණය ගැන ඉතාමත්ම දුකක් ඇතිවෙනව.ඒ වෙලාවෙ තමයි රචකයගෙ හිතට මේ අවිහිංසක වචන ටික එන්නෙ.........
හන්තානෙට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
ගුරුවරයා මේ පද පෙල ඉදිරියට රචනා කරගෙන යන්නෙ මේ සිදුවීම තමන් අත්විඳි සිදුවීමක් හැටියට.ඔහු අර කලින් කී පද ටික කියන්නෙ අර තරුණියගේ නව ආදරවන්තයාටය.ඉන් පසුව
මොහු අර තරුණියට කියනවා.....
අඳුරු ලලා වහිනාකල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනකල
එපා තනිය දැනෙන්න
මේ වචන ටිකෙන් රචකය කියන්න හදන්නෙ (මට දැනෙන විදිහට)තද වැස්සකදි තමන් කුඩේ යටින් තමන්ගෙ නව ආදරවන්තයත් සමග යන විටකදිවත් තමන් නොමැති තනිකම ඇයට නොදැනෙන ලෙසයි.
ඊට පස්සෙ මේ රචකය තවදුරටත් අර තරුණියට කියනව...
ලතා මඩුළු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න
මේ පද ටිකෙන් කියන විදිහට රචකය අර තරුණියට කියන්න උත්සහ කරල තියෙන්නේ ඇයගේ අනාගතයේ සාර්ථක අවස්ථාවල් වලදි ඒ දේවල් ඉවත නොදමා එම අවස්ථා හිමිකරගන්නා බවටත් තමා ගැන ඇති සියලු මතකයන් අමතක කර දමා ඉදිරි අනාගතයට මුහුණ දෙන්නටත් කියල වෙන්න ඇති.
මම මේ සින්දුවේ අදහස ලිවුවෙ මට තේරෙන විදිහට.මේකෙ ගොඩක් වැරදි අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්.මම ඔයාලගෙන් ඉල්ලලන්නෙ ඒ වැරදි පෙන්නල දීල හරි කමෙන්ට් එකක් දාල යන්න කියලයි....
එහෙනම් කෝඩුකාරයාගේ තවත් පිස්සු පෝස්ට් එකකින් හමුවෙමු........